” ආ…එන්න මේ ළමයානේ…”
අම්මා එහෙම කියද්දි මන් ඔලුව උස්සලා බැලුවේ ආවේ කවුද කියලා.මේන් ඇවිත් තියෙන්නේ අර නපුරු රොකියා..ඒත් එක්කම පිටිපස්සෙන් ජේඩීත් ආවා …මගේ ඇස් දෙකත් උඩ ගියා මේ මුන් මෙහෙම ගෙදරට එද්දී…ඒ මදිවට බොඩ්ගාඩ්ලාත් ඇවිත්…අම්මා මගේ දිහා බලාගෙන මන් කටත් ඇරගෙන බලාගෙන ඉද්දී
🎭 ” ආ …මගේ මැණික ගේ කෑම එකත් වැටුණානව….”
අප්පට සිරි මූ මේ කතා කරන විදිය මන් විතරයි නම් අවුලකුත් නෑ…අම්මාට නම් කිසි දෙයක් තේරේන්නේ නැතුව මූණ දෙක කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.
🎶 “කවුද ආවේ….”
🎭 ” ආ….මේ තාත්තා වෙන්න ඇති…. නේ …”
🎶” ජේඩී …”
🎭” ඔව් තාත්තා …
මැණික තාත්තා නම් මාව අදුනගත්තා….”
තාත්තා මගේ දිහා බලද්දී මන් බිම බලාගත්තා. අපේ අවසරයකින් තොරව ජේඩි යි , රොකීයි ගෙයි ඇතුළට ගිහින් වාඩි වෙලා
🎭 ” අම්මා , තාත්තා එන්න වාඩිවෙන්න ….
බබී ඔයත් එන්න..”
මේ මොන නාඩගමක්ද නටන්න හදන්නේ ….මැණික ලු , බබීලු…ඒ මදිවට මේ මිනිහට වඩා අවුරුදු තුන හතරකින් වගේ වැඩිමල් අම්මටයි තාත්තා ටයි ,, අම්මලු , තාත්තෙලු…
අම්මයි තාත්තා යි නම් වාඩි වුණා . තාත්තා යි , අම්මයි ජේඩි කියන්නේ මැරයෙක් බව දන්නවා වගේ…ඒ දෙන්නාගේ මූණූ බයෙන් බිරාන්ත වෙලා …..
මන් අම්මගේ ලගට ගිහින් ලගින් හිටගෙන ඉද්දී එකපාරම අර පිස්සු රොකියා මට ඉස්සරහින් ඉදගෙන ඇස් වලින් මොනවදෝ ඉගි කර කර කිව්වා. මන් දැක්කේ නෑ වගේ ඉද්දී එකපාරම අර නපුරු රොකියා මගේ අතකින් අල්ලලා මාව වාඩි කෙරෙව්වේ අම්මාත් පුදුම වෙලා බලන් ඉද්දී.
🎭 ” කෙලින්ම ආපු කාරණාවට බහින්නම්කෝ….
මන් මේ අබිලාෂා ට කැමතියි …මට එයාව බදින්න වුණත් ලෑස්තියි …
ඔයාලා එහෙනම් තව මාසෙකින් ලෑස්ති වෙන්න කසාදේ ට…..”
🎶 “කසාදෙට…”
🎭 ” ඔව් ..ලොක්කා … ඕ සො සොරි මේ…තාත්තා …කසාදේට …”
🏵️ ” ඒත් අපේ දූ කැමතිද දන්නේ නෑ…”
🎭 ” මගේ මැණික මට කැමතියි …
රොකී ඔය මැණික ගේ අර මොකද්ද එෆ් බීද මොකද්ද එක බලලා මෙයාලට අර ෆොටෝ එක පෙන්නන්න….”
🌹” හප්පොච්ච්යේ ඉවරයි …
මුන් නම් මොක්කුද මන්දා…”
ඒත් එක්කම අර මෝඩයාත් ෆෝන් එකෙන් අම්මටයි , තාත්තාටයි ෆොටෝ එක පෙන්නද්දී ඒ දෙන්නගේ ඇස් තිබුණේ නලලේ ….අම්මෝ අපේ අම්මා රැව්වා රැවිල්ලක් මට උන් හිටි තැන් දාලා දුවන්න හිතෙන…
🎭 ” හරි නේ එහෙනම් …
අපි යන්නම් …
ආයි දවසක එන්න බැරියැ ….”
ජේඩි මගේ දෙසට විත් යන බවට අතින් සන් කරමින් යද්දී අර ආඩම්බරකාරයා නම් චුට්ටක් වත් බැලුවේ නෑ….
ඒගොල්ලෝ ගිය ගමන්ම අම්මා දොර වහලා ආවේ මූණ දෙක කරගෙන .
🏵️” අනේ බලන්න මහත්තයා …
මොකද්ද කරන්නේ අපි දැන්….
අර නාකියෙක්ට අපේ කෙල්ලව දෙන්න….තව ඒකා මැරයෙක්….”
🎶 ” මගේ වරද…..ඔයා හැමදාම කිව්වා මෙයාට තදින් ඉන්න කියලා…එහෙම හිටියනම් මේ මොකුත් නෑ….”
🏵️” ඇයි මන් බැන්නත් අප්පොච්චිට දරා ගන්න බැරුව කෑ ගැහුවේ මට….
මේකී අද මට බොරුත් කිව්වා …
අර ජේඩි එක්ක ආව අර අනිත් එක්කෙනා ඔෆිස් එකේ ට්‍රාන්ස්පෝට් එකේ එක්කෙනා කිව්වා. දන්නවද මෙකී අපිව රැවැට්ටුවා …..”
අම්මා හඩ හඩ නලලේ ඔලුව අත ගහගෙන කියද්දී තාත්තා කවදාවත් නැතුව මට රවනවා….
🌹 ” අයියෝ නැට්ට පාගගෙන බොරුවට බනින්න එපා අනේ…
මන් ඒ නාකියා එක්ක එෆෙයාර් එකක් නෑ….
මන් ඔෆිස් යද්දී ඒ මනුස්සයා ගේ කාර් එකට මන් පාරේ තිබ්බ ටින් එකකින් ගහද්දී ඩැමේජ් වුණා…
එතනදී තමා ඒ යකා කැමති වෙලේ ඒ දවසේ ගත්ත ෆොටෝස් තමා ඔය දැන් පෙන්නුවේ….
ඊට පස්සේ හැමදාම මාව ඩ්‍රොප් කරන්න ආවා….”
🏵️ ” ඔච්චර දෙයක් වෙලත් කියන්න බැරි වුණා ද ළමයෝ….”
🌹 ” මන් එච්චර හිතුවේ නෑ…”
🎶 ” ඇත්තමයි දෝණි දෙන්න හිතනවා එකක්…”
🏵️” දැන් මොකද මේකට කරන්නේ…”
🌹” ඔයාල වෙඩිමට ලෑස්ති වෙන්න ඉතින් …එකම දුව නේ ඉතින් …”.
මන් එහෙම කියාගෙන කාමරේට යද්දී
🏵️ ” පෙනේද මහත්තයා මෙකීගේ කට…
මාලුවත් නහින්නේ කට නිසාලූ දෝණි …”
🌹 ” ඒ මාලුව නේ අම්මාඅ……”
මන් කාමරේ ඇතුළේ ඉදන් කිව්වේමි.
වොශ් එකක් දාගෙන නයිට් ඩ්ර්ස් එක ඇදගෙන ෆොන් එක අතට ගත්තා විතරයි කෝල් එකක් දන්නේ නැති නම්බර් එකකින්. ඕන දෙයක් කියලා ආන්සර් කරා….
🎭 “සුදු බෝලේ..
හෙට ලෑස්ති වෙලා ඉන්න ඔයා …
මට ඔයාට ඔයාගේ අනාගත මාලිගාව පෙන්නන්න ඕන…”
🌹 ” හ්ම්…”
මන් ෆොන් එක කටි කරලා කල්පනා කරා ආයිත් කෝල්ස් නම් නෑ මැසේජ් එකක් ආවා..
” මේ තමුසේ අයියාව බදින්න බෑ කියනවා මෝඩ පත්තරකාරී ..
ආ…දැන් කල්පනා කරනවද කවුද කියලා….මන් රොකී….”
🌹 ” මහ පිස්සෙක්…මේ අයියායි මල්ලීටයි නම් පිස්සු ..මාව කන්නම ඇවිත් ….
මොනවා උනත් අර නාකියාට වඩා රොකීයා නම් හැන්ඩ්සම්…
💖💖💖💖💖💖
එහෙනම් කට්ටියම ලෑස්ති වෙන්නකෝ වෙඩිමට. …
හොර පාරෙන් යන්න එපා කමෙන්ට් එකක් දාන්න