සංසාර සිත්තම ❤️
තුන් වන කොටස

✍️භාශි💘

ඊලග සෙනසුරාද හිරූ යාලුවෝ එක්ක පංති ඇරිල ඊලග පංතිය ලගට එනකොට දිල්කි තනියම ඉන්නව. හිරූ දිල්කි ලගට ගියා.

“ගුඩ් මෝනින්”

“ආ හිරූ ගුඩ්මෝනින්.ලගට එනකම් දැක්කෙ නෑ.”

“කෝ යාලුවෝ?”

“එයාලට මේ වෙලාවට වෙන ක්ලාස් එකක්ලු. එන්න වෙන්නෙ නෑ මේකට…”

“එතකොට ඔයා තනියමද ඉන්නෙ…?”

“ඔව් බං මොනා කරන්නද….. “

“තනියම ඉන්නෙ ඇයි මාත් එක්ක ඉමු. අහල පහල උන් රැවටෙයිනෙ ට්වින්ස්ල කියලත්..”

“කමක් නැද්ද බං………ඔයාගෙ යාලුවෝ කැමති වෙයිද?”

“උන් මොකටද අකමැති වෙන්නෙ? මෙන්න මෙහෙ එනව යන්න..”

හිරූ දිල්කිවත් ඇදගෙන එයාගෙ යාලුවෝ ඉන්න තැනට ගියා.

මේ විදියට හිරූගෙයි දිල්කිගෙයි යාලුකම එන්න එන්නම වැඩි උනා. අන්තිමට දෙන්නම හොදම යාලුවෝ උනා වගේම දෙන්නට දෙන්න නැතුවම බැරි උනා.මාස හයක් හතක් විතර යද්දි ඒ දෙන්නගෙ යාලුකම සහෝදර බැදීමක් තරම්ම ලං උනා.

දැං පංතියේදි හිරුයි දිල්කි වාඩිවෙන්නෙ එකට . ඒ දෙන්න ඉන්න තැන වෙනා කාටවත් දෙන්නෙ නෑ.

පුදුම දේ කියන්නෙ ඒ දෙන්නම හිතන විදිය එක වගේ. දෙන්නගෙම හීන එකයි. දෙන්නම ආස එකම දේවල් වලට. ඒ විතරක් නෙවේ මේ දෙන්නගෙ පහ වසරෙ ශිෂ්‍යත්ව විබහගෙ ලකුණුත් එකමයි.ගෙවල් වලින් පවා පුදුම වෙනව මේ දෙන්නත් එක වගේ වෙලා හිතන පතන විදියත් එක වගේ උනේ කොහොමද කියල.

හැබැයි මේ දෙන්නම පරිස්සම් උනා කොල්ල ගැන එක වචනයක්වත් නොකිය ඉන්න. මෙහෙම කාලය ගෙවිල ගියා. එක දවසක් පංතියේදි ආශු හිරූට කතා කරා….

“උබේ ෆෝන් එක වැඩ නැද්ද?”

“වැඩ…. ඇයි!?”

“එහෙනම් දැං උබේ සැමිය ඇයි මට කතා කරේ?”

“මගෙ මොකා?”

“සැමිය”

“සැමිය කියන්නෙ මොකද්ද?”

“හෑයිය… සිංහලත් කරනව නේද? ඉද……….කින් සැමිය කියන එක දන්නෙ නැද්ද?”

“නෑ බං .. සිරාවටම මොකද්ද සැමිය කියන්නෙ?”

“සැමිය නෙවේ යකෝ සැමියා…ඊය යකෝ”

“ආ………………… සැමියා…එහෙම කියන්න එපැයි. කවුද සිතිජද?”

“ඇයි උබට තව උන් ඉන්නවද?”
“නෑ………”

“එහෙනම් ඌ තමා”

“ආ මං ක්ලාස් එකේදි ෆෝන් ඕෆ් කරනව බං. නැත්තම් කරදරයි.”

“හප්පට………… එහෙමත් එකක්ද?”

“ඔව් බං මොනාද කීවෙ”

“අන්න අර එනව කීවෙ පේපර් වගයක් දෙන්න තියනව කියල ක්ලාස් එක ලගට”

“ආ ඔව් ඔව්. මගෙ පේපර් වගයක් අරන් ගියා කාටද ඕනෙ කියල.”

“අන්න බස් ස්ටෑන්ඩ් එක ලග ඉන්න කීව.අද අපි කලින් යනව. උබට තනියම ඉන්න වෙන්නෙ.”

“කමක් නෑ..දිල් ඉන්නවනෙ”

“හ්ම්ම් හ්ම්ම්”

පංති ඉවර වෙලා දෙන්නම සිතිජ එනව කිව්ව නිසා බස් හෝල්ට් එකේ නතර උනා. ඇත්තටම සිතිජ කියන්නෙ ලස්සන කොල්ලෙක්. හිරූගෙ පංතියේමයි.හැබැයි නපුරුයි.ඉක්මනට කේන්ති යනව. ඒකෙ ප්‍රතිඵලයක් තමයි දිල්කිගෙ බූට් එක. මොනවා උනත් දිල්කි හරි ආදරෙයි සිතිජට. ඒත් දැං එයාගෙ හොදම යාලුවා තමයි ස්තිජගෙ පෙම්වතිය. මොකුත් කියන්නත් බෑ. දුකින් කියල පෙන්නන්නත් බෑ. ඒ නිසා දිල්කි හිනා වෙලාම හිරූ එක්ක ඉස්සරහට ගියා.යනකොට සිතිජ ඇවිත් ඉන්නව.

“දැං අනේ ක්ලාස් ඇරුනෙ. ගොඩක් වෙලාද සිතිජ ඔයා ඇවිත්?”

“නෑ විනාඩි පහක් විතර ඇති.ආ ඔයාගෙ පේපර් ටික. ඊලග සතියෙ නෝට් එකත් එවන්න කීව අරූ.”

“ඇයි ඌට එන්න බැරිද ක්ලාස්?”

“ඒක මං දන්නවද බං? හැම රෙද්දම මගෙන් අහන්නෙ.”

“මොකද දැං තරහ ගිහින්?”

“තමුසෙ ගෙදර ගිහින් මැසේජ් එකක් දානවකො මං කියන්නම්”

සිතිජ ඒක නම් කීවෙ දිල්කිගෙ දිහා කන්න වගේ බලාගෙන.

“මං යනව යන්න.”

සිතිජ එහෙම කීවම නම් හිරූට ටිකක් කේන්ති ගියා.

“ඉතිං මං අල්ලන් නෙවේනෙ ඉන්නෙ යන්න ඉතින්. මං යනව යන්න. වරෙන් දිල්.. පරිස්සමෙන් ගෙදර යනව.”

හිරූ එහෙම කියාගෙනම දිල්වත් අතින් ඇදගෙන බස් එකට නැග්ග.

“ඇයි බං උබ එහෙම සිතිජට කෑ ගැහුවෙ?”

“ඇයි එයත් මට කෑගැහුවෙ,”

“ඒ උනාට ඌ වැරදි නෑනෙ බං මාව දැක්කම කේන්ති යන්න ඇති.”

“අනේ ඉටිගෙඩිය”

බස් එකෙන් බහිනකම්ම ආය දෙන්නම කතා කරන්න ගියෙ නෑ.

“පරිස්සමෙන් පලයන් හිරූ. මං මෙතනින් බහිනවනෙ.”

“උබත් පරිස්සමෙන් ආ”

“හ්ම්ම්ම්…. ගෙදර ගිහින් මැසේජ් එකක් දාපන්.”

“හා. බායි.”

“බායි.”

හිරූත් ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් ෆෝන් එක ඔන් කරා. මැසේජ් දෙකයි. මිස්කෝල් අසූවයි.

සිතිජගෙන්……………

හිරූ ඉක්මනට මැසේජ් ටික බැලුව.

💌තමුසෙ…………………………….