කිඳුරංගනා Facebook novel 🌷🌷

❌❌⁣කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌

6_කොටස #බෝනස් 😁

පෙර කොටස-

“මන් තමුසෙට සැරයක් කිව්වා..තමුසේ මට කරපුවට මම තමුසෙට යහතින් ඉන්න දෙන්නෑ..මේ ධීර් කියපු දෙයක් වෙනස් කරන මනුස්සයෙක් නෙවෙයි..ගෑණියෙක් හින්දා මෙහෙම හරි ඉන්නේ..තමුසේ ඔහොම නෙවෙයි, පොලොවේ පස් කකා ඇඬුවත් මගෙන් තමුසෙට බේරුමක් නෑ…” කොල්ලා කෙල්ල දිහා නොබලමයි කිවවේ.

කෙල්ලත් ගොඩක් ඉවසුවා. තරහින් රණ්ඩු වුනා…බැනුම් ඇහුවා..හොඳින් කිව්වා..අඬ අඬා බැගෑපත් වුණා..එච්චර කරලත් තාමත් පලි ගැනීමක් ගැන හිතන කොල්ලව මරාගෙන මැරෙන්න තරම් තරහක් ආපු කෙල්ල නොසිතපු ලෙස කරපු දේ නිසා කොල්ලවත් පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටමයි.

කොල්ලගේ මේසේට අතකුත් තියාගේ ගිනි පිටවෙන දෑසින් බලන් කොල්ලා කතා කරපු දිහා බලන් හිටපු කෙල්ලට දැන්නම් ඕනි වුනේ කොල්ලට හොඳවයින් දෙකක් අනින්න. ඒත් අර සද්ධන්ත ශරීරෙත් කෙල්ලට හැප්පෙනවා තියා හිතන්නවත් බෑ. තරහ පිට කරගන්න විදිහක් නැතිම තැන් කෙල්ල කලේ අත ළඟම මේසේ උඩ තිබුන කොල හුළඟේ නොයන්න භාවිතාකර වීදුරු බොලය තදින් අල්ලන් හිටපු එක. ආපු ආවේගෙට කෙල්ල කලේ ඒක පොලොවේ ගහපු එක. මහ සද්දෙකුත් එක්ක වීදුරුව බිඳිලා යද්දි කොල්ලත් ඒක පාරටම බයවෙලා පුටුවෙන් නැගිට්ටේ.

” තමුසෙට පිසුසුද ඕයි…” තත්ත්පර ගනාන් ගිහින් කොල්ලා ඒපාර කෙල්ලට කෑගැහුවා.

” පිස්සු තමුසෙට..තමුසෙට මම..😠” කියලා කෙල්ල උත්සහ කලේ අදනම් කොල්ලගේ කණ රත් වෙන්න හොඳ පාරක් ගහන්න.

” ඒයි එන්න එපා…” කොල්ලා කෑ ගහගෙන ඉස්සරහට පැන්නත් කෙල්ල ඒ වෙනකොටත් ඉස්සරහට අඩි දෙකක් තියලා ඉවරයි.

” ආව් අම්මා…” යටි පතුලට දැනුන ඒ වේදනවත් එක්ක කෙල්ල දෙකට නැවුනේ කකුල අල්ලන්න හිතන්. කෙල්ලට අමතක වුනා කෙල්ල ධීර්ගේ ඔෆිස් එකට ආපු හේතුව මොකද්ද කියලවත් මේ වුන දේ නිසා. කෙල්ල ගලවපු සෙරෙප්පු දෙක තාමත් මේස යට තියෙද්දි සෙරෙප්පු නැතුව හිටපු කෙල්ලගේ යටි පතුල පසාරු කැගෙන ගියේ කෙල්ලම කලින් පොලොවේ ගහපු වීදුරුබෝලේ කටු කෑලි. කොල්ලා මේක දැකපු නිසයි කෙල්ලව නවත්තන්න හිතන් කෑ ගැහුවේ. ඒත් පරක්කු වැඩියි.

” මටද පිස්සු බලනවා දැන්..😠” ගිනි පිටවෙන තරහන් කෙල්ල ළඟට ආපු කොල්ලා හැදුවේ කෙල්ලගේ අතින් අල්ලන්න.

” අල්ලන්න එපා මාව..යනවා යන්න..” වේදනාවෙන් හිටියා වුනත් කෙල්ල ඉන්නේ අමතක කරන්න පුළුවන් තරහකින් නෙවෙයි. පය උස්සලා එතනින් ඉවත් වෙන්න හැදුවත් ඒකෙන් වුනේ තවත් වීදුරු කටු ඇනෙන එක විතරයි..

“අනේහ්…😥” කෙල්ලට කෙඳිරි ගෑවුණා. කොල්ලටත් දැන් නම් මල යකා ආවේස වෙලා ඉන්නේ. කෙල්ලගේ පණ්ඩිත කම නිසා. ⁣හෙලවෙන්නවත් බැරුව හිටපු කෙල්ලව හිතන්නත් කලින් ධීර් උස්සලා අත් දෙකට ගත්තේ කෙල්ල කෑ ගහද්දිමයි.

” අත අරිනවා මාව..මට තමුසෙගේ උදව් ඕන්නෑ..අප්පිරියයි මට තමුසෙව….අමනුස්සයා…😠” කෙල්ල ගිරියටියෙන් කෑ ගහද්දි කොල්ලා තමන්ගේ කේන්තියත් මැඩලගෙන ගිහින් කෙල්ලව තිබ්බේ කැබින් එකෙම විසිටර්ස්ලට වාඩිවෙන්න තිබුන සෝෆා එකෙන්. ශර්ට් එකේ අත් දෙකත් වැලමිට ළගට වෙන්න ඇදගත්ත ධීර් ඊළඟට කලේ සෝෆා එකෙන්ම වාඩිවෙලා කෙල්ලගේ විරුද්ධත්වය මැද්දෙම කෙල්ලගේ කකුල අරන් තමන්ගේ උකුල උඩින් තියාගෙන තුවල බලපු එක.

” තමුසෙට සිංහල තේරෙන්නැද්ද මිනිහෝ….මම මැරුණත් තමුසෙගේ උදව් ඔනිනෑ මට…මට යන්න දෙනවා..” කෙල්ලටත් මැරෙන්න ගියත් දැන්නම් කොල්ලා ගැන තියෙන තරහා ලොකුයි. දඟලලා කකුල ඇදලා ගන්න හැදුවත් ධීර් හයියෙන් අල්ලන් ඉන්න නිසා කකුල හොලවන්නවත් බෑ. යකඩෙකට අහුවෙලා වගේ. කෙල්ලගේ කෑගැල්ල නවතින්නැති තැන ධීර් කලේ කෙල්ලගේ අතකින් ඇදලා කෙල්ලව ලඟට කරගත්ත එක්ක. බයවුන පාර කෙල්ලගේ ඇස් දෙකත් ලොකුවුනා. වේදනාව නිසා උනපු කඳුළු ඒ බෝල ඇස්වලින් තාමත් ගලන් යනවා කොල්ලත් දැක්කා. වේදනාවෙන් ඇඹරෙන කෙල්ලව දැක්කම වුනේ නොල්ලගේ තරහා තවත් ඇවිස්සුන එකයි.

” තමුසේගේ ලොකුකම පැත්තක දාලා කට වහන් ඉන්නවද? මෙතන තකතීරු වැඩ කරලා දැන් කෑගහන් එනවා..” කොල්ලා කිව්වේ තරහෙන් වුනත් ඒ ඇස් වල ඊට වඩා යමක් තිබුණා කිඳුරංගනාට නොතේරුනාට.

” මට…” කෙල්ල ආයෙත් කට අරින්න හදද්දිම කොල්ලා,

” ආයේ එක වචනයක් කිව්වොත් කට කඩනවා මම..” කියලා කියපු කොල්ලා අහපවු නැගිටලා කෙල්ලව දෝතට ගත්තේ කෙල්ල බය මුසු වේදනාවෙන් ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි. අමාරුවෙන් කැබින් එකේ දොරත් අැරන් කොල්ලා එලියට යද්දි කෙල්ලට තරු වීසිවුනා. ඔෆිස් එකේ වැඩ කරන ගොඩක් දෙනෙක් මේ දර්ශනය දැකලා ඉවරයි දැනටමත්. ධීර් නම් ගානක්වත් නැතුව පුළුන් රොදක් වගේ කෙල්ලව උස්සගෙන ඇවිදන් යනවා. කකුලේ කැක්කුමට වඩා කෙල්ලට දැන් ලැජ්ජයි. ආශත් බලන් ඉන්නවා දැක්කා කෙල්ල. නයාට මුගටියා වගේ පෙන්නන්න බැරුව හිටපු කොල්ලගේ අත් දෙකේම මෙහෙම යන්න වුණ නිසා කෙල්ල හිටියේ කර කියාගන්න දෙයක් නැතුව.

කොල්ලා එහෙම්ම ලිෆ්ට් එකෙන් පහලට ආවේ කා(ර්) පාක් එකට. කොල්ලාගේ කා(ර්) එකේ පසුපස දොර ඇරලා කෙල්ලව හිමින් සීට් එකෙන් තිබ්බේ කකුල පෑරෙන්නැති වෙන්න. මේ වෙද්දිත් කොල්ලාගේ කරවටේ අත් දෙකම දාගෙන ⁣කිඳුරංගනා කොල්ලව හයියෙන් අල්ලන් හිටියේ, තියෙන තරහට බිමට අත අරියි කියලා..ඒත් එ්කෙන් වුනේ හිතපු නැති විදිහට කෙල්ලව සීට් එකෙන් තියන්න කා(ර්) එක අතුලට නැවුන කොල්ලව ඕනවටත් වඩා කෙල්ලගේ ඇඟට තද වුණ එකයි. කොල්ලටනම් ගානක්වත් නෑ. ඒත් කෙල්ලගෙනම් ඇස් දෙක එළියට පනින තරම් සයිස් එකට ලොකුවුනේ හුස්ම ගන්නත් අමතක වෙලා. පුන්චි කාලේ ඉඳලාම කෙල්ල මේ විදිහට ළං වුනානම් ළං වුනේ කෙල්ලගේ තාත්තාටයි මල්ලිටයි විතරයි. ජීවිතේ පළමු වතාවටයි කෙල්ල මේ නුපුරුදු පපුවකට මෙච්චර ළං වුනේ. කොල්ලගේ ළඟින් ආපු ඒ අමුතුම සුවඳ කෙල්ලව මොහොතකට අතරමං කලා. කෙල්ලගේ මුහුණ තද වෙලා තිබුබේ කොල්ලගේ පපුව මැද්දට. හදවතේ ගැස්ම ඇයට හොඳින්ම ඇහෙද්දි හිතට දැනුන අමුත්තන් එක්කම තරහා මරහා ඔක්කෝම අමතක වෙලා ගියා. වෙනම කල්පනාවක හිටපු කෙල්ල පියවි සිහියට ආවේ කොල්ලගේ කෑ ගැහිල්ලට.

” කිරි බොන්නද තවත් තමුසේ මගේ ඇඟේ එල්ලිලා ඉන්නේ…” දඩ බඩ ගාලා අත් දෙක අහකට ගත්ත කෙල්ල අනිත් පැත්ත හැරුනේ දැනුන වස ලැජ්ජාව නිසා. කෙල්ලගේ කකුල් දෙක කොල්ලා සීට් එක උඩින් තිබ්බත් කෙල්ල හැදුවේ අමාරුවෙන් වුනත් බිමට දාන්න. ඒ ලේ ගෑවෙයි කියලා. ඊට පස්සේ ඒකටත් ගෙවන්න කියලා පලී ගනියි කියලා.

” ඔහොම ඉන්නවා..ඒකට කමක් නෑ..” කියලා ටිකක් සැරෙන් කියපු කොල්ලා හැදුවේ බෙහෙත් දාන්න කෙල්ලව හොස්පිටල් එකකට අරන් යන්න. මගදිම වෛද්‍යවරයකු වුන කොල්ලග යාළුවෙක්ට කතා කරපු නිසා වඩේ ලේසි වුනා. කෙල්ලව අරන් ආවේ පෞද්ගලික රෝහලකට කියලා දැක්කම වේදනාවත් අමතක වුන කෙල්ලට තරු විසිවුනේ බිල් එක මතක් වෙලා.

වයසින් ධීර් හා සමානම පෙනුමක් තිබ්බ තරුණ වෛද්‍යවරයා කෙල්ලට බෙහෙත් දාන්න පටන් ගත්තේ හිනා වෙවීමයි.

” මචන් ධීර්..කවුද බං මේ බොනික්කි..බෙහෙත් දාන්න කලින්ම බලපන්කෝ මූනේ හැටි..” තාරුක, කොල්ලගේ යාළුවා පවසද්දි කෙල්ලගේ මූණ නම් තවත් හතරැස් වුනේ ධීර් කිසිම හිනාවක් නැතුව කෙල්ල දිහාම බලන් ඉද්දි.

” එච්චර ගැඹුරට ඇනිලානම් නෑ..චූටි චූටි කටු පෑගිලා තියෙන නිසා ටිකක් වෙලා යයි..හොඳට සුද්ද කලේ නැත්තම් පැසවන්න පුළුවන්..” කෙල්ලගේ කකුල් දෙකම පරික්ෂා කරපු තාරුක එහෙම කිවුවම කෙල්ල හොදටම බයවෙලා දාඩියත් දැම්මා. බෙහෙත් බොන්න නම් කෙල්ලගේ ලොකු අකමැත්තක් නෑ. ඒක් තුවාල වලට බෙහෙත් දාන තරම් බය දෙයක් තවත් නෑ කෙල්ලට. රිදෙනවනේ ඉතින්. ඇත්තටම ධීර් මුලින්ම කෙල්ලගේ කකුල් දෙක පරික්ෂා කරලා බැලුවෙත් ඒකයි. වැඩේ අමාරු නිසා තමා තාරුකට කතා කරලා හොස්පිටල් අරන් ආවේ. ධීර් කියන්නේ ඒ අතින් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් හිතලා බලලා වැඩ කරන කෙනෙක්.

තාරුක සේලයින් වතුර කකුලට හලද්දි කෙල්ල කෑ ගැහුවේ මරන්න හදනවා වගේ. ළඟ හිටපු හෙදියක් ඇවිත් කෙල්ලගේ කකුල් දෙකෙන් අල්ල ගත්තේ කෙල්ල කකුල් දෙක ඇද ඇද දඟලන නිසා.

” තාරුකයා…හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් දීලාම ඕක කරන්න බැරිද බං ” ධීර් ඇහුවේ බලන් ඉන්න බැරිම තැන.

තාරුක කලේ හිනාවුන එක.

” හ්ම්..උඹ කියන නිසා..දකුණු කකුලේ තමා ට්කක් ලොකුවට ඩැමේජ් එක තියෙන්නේ..ඒකට දෙන්නම්..ගව(ර්)මන්ට් හොස්පිටල් අරන් යන්න තිබ්බේ උඹට මේ පොඩි බබාව..නලවයි එහෙනම්..🤭” තාරුක කියද්දි කොල්ලා කලේ හෙම්බත් වෙලා වගේ කොල්ලා දිහා බලන් ඉන්න කෙල්ලට රවපු එක. ‘හපෝ තමුසේ’ වගේ බලලා.

කොහොමින් හරි බොහෙත් දාලා ඉවර වෙලා කෙල්ලව දැම්මේ ප්‍රයිවට් රූම් එකකට.

” මේ යකාට පිස්සුද? ප්‍රයිවට් හොස්පිටල් එකක්ට උස්සන් ආවා මදිවට රූම් එකකටත් දාලා..කොහේ තියෙන සල්ලියක්ද යකෝ මේවට ගෙවන්න..පඩිත් නෑ තාම..😒😒” කෙල්ල මුමුණන හිටියේ තාරුක කෙල්ලව ඩිස්චාජ් කරන්න එද්දි. කෙල්ල දැක්කේ නෑ පිටිපස්සෙන් ආපු ධීර්ව.

” ඩොක්ටර්…මේ…මේ….” කෙල්ලට ඕනි වුනේ අදම යාගන්න..එතකොට බිල අඩු වෙයි කියලා හිතලා.

” ඔව්..මොකද්ද මේ…😁” තාරුක හිනාවෙලා ඇහුවේ.

“මට අදම යන්න පුළුවන් නේද?මේ රූම් එකේ හිටපු වෙලාවටත් චාජර්ස් ගෙවන්න ඕනිද එතකොට..” කෙල්ල ඇසුත් ලොකු කරන් ආහපු පාර තාරුක හිනා වුනේ ඒ එක්කම ආපු ධීර් එක්ක.

කොල්ලනම් කෙල්ලට දාහට රැවුවා.

” නෑ නෑ..එ්වා ඔක්කොම ෆ්රී ඔෆ් චාජ්..😁” තාරුක කිවුවේ හිනා වෙවීමයි. කෙල්ලත් ඉතින් මෝඩ කමට පිලිගත්තේ මූනේ ඇඳුන හිනාවකුත් එක්කමයි. ඇත්තටම ධීර් මේ වෙද්දි ඔක්කොම හොස්පිටල් චාජර්ස් ගෙවලා ඉවරයි.

” අදම යන්න පුළුවන්..මැරෙන්න යනවා වගේ දැඟලුවට ලොකු අවුලක් නෑ…සතියක් විතර කෝකටත් රෙස්ට් කරන්නනකෝ අවිදින්නැතුව..දවසක් ඇර දවසක් ඇවිත් බෙහෙත් දාගන්න..”

එහෙම කියපු තාරුක ආවේ දොර ලඟට වෙලා බලන් ඉන්න ධීර් ගාවට.

” ඇත්තටම කවුද බං අර බෝනික්කි..උඹේ කෑල්ලද?😁” තාරුක ඇහුවේ ඇස් වලින් කිඳුරංගනාව පෙන්නලා.

” අපෝ මට පිස්සුනෑ ඔය වගේ වහන්තරාවක් කරගහන්න…⁣කොචිචිකරලක් ඕකි..🤣” ධීර් ටිකක් හයියෙන් කිවුවේ කෙල්ලටත් ඇහෙන්නත් එක්ක.

” හහ්..හිතන් ඉන්නේ ප්‍රින්ස් චාමින් කියලා වෙන්නැති…ගල් ඉබ්බා..උදවු කරපු නිසා පාඩුවෙ ඉන්න හැදුවමත් මූ මාව අවුස්සනවනේ..😠” කෙල්ල ධීර්ට රව රව මිමිනුවා.

තාරුක හිනා වෙලා ධීර්ගේ පිටටටත් තට්ටුවක් දාන් යන්න ගියා.

” මොකද?? ” කෙල්ල හයියෙන් ඇහුවේ ටික වෙලාවක ඉඳලා ධීර් කෙල්ල දිහා බලන් ඉන්න නිසා.

” තමුසෙගේ ගෙදර මිනිස්සුන්ට කිව්වද? ” කොල්ලා ඇහුවම කෙල්ලට තරහා ගියා.

” නෑ..තමුසේ මාව මොකුත් නොකියනේ උස්සන් ආවේ..පෝන් එකත් ඔෆිස් එකේ..” කෙල්ල කතා කරන්නේ ගස්ස ගස්සා.

” එනවා..මං ගෙදර ගිහින් දාන්නම්..” කොල්ලා අහපවු කෙල්ල ලගට එන්න හදද්දිමයි කෙල්ල කෑ ගැහුවේ.

” හෝව් හෝව්..ඕනි නෑ…මට ඔයාගේ පෝන් එක දෙන්න..මම තාත්තව ගෙන්න ගන්නම්..” කෙල්ල කිව්වේ ධීර් කෙල්ලගේ නිවස තියෙන් තැන දැන ගන්නවට තියෙන අකමැත්ත නිසා. ඒ ඇරත් කෙල්ලගේ තරහා තාමත් එහෙම්මයි.

” හ්ම්..” කොල්ලගේ ඇපල් වර්ගයේ පෝන් එක අන්ලොක් කරලා කෙල්ලට දුන්නා.


කෙල්ල දැන් දවස් දෙකක් තිස්සේ ගෙදර. වෙනදට අම්මයි තාත්තායි දෙන්නම ෂොප් එකට ගියාට කෙල්ලගේ අම්මා මේ ටිකේ ගෙදර නැවතුනේ කෙල්ල අසනීපෙන් නිසා. මල්ලිටත් විභාගය ලඟ නිසා ක්ලාස් කට් කරන් ගෙදර ඉන්න පුළුවන් කමක් නැහැ. සිද්ධිය දැන ගත්තවෙලේ අම්මයි තාත්තායි ගොඩක් බය වුනා. ඒත් කෙල්ල ඇත්තටම වුන දේ කිව්වේ නෑ. බොරුවක් කියලා කොහොම හරි බේරුනා. කෙල්ලගේ අම්මයි තාත්තායි ඔෆිස් එකේ කෙල්ලට තියෙන් කිසිම ප්‍රශ්නයක් නොදන්නේ කෙල්ල නොකියන නිසා.

” මැණික….” හවස කෙල්ලව බලන්න ඇාවේ තාරා. පසු දින නිවාඩු දිනයක් නිසයි කෙල්ලට එන්න පුළුවන්කම ලැබුනේ. කෙල්ලගේ කාමරේට එබුන තාරා ගෙනාපු කෑම මළු ඔක්කෝම මේසේ උඩින් තියලා කිඳුරංගනා ගාවින් වාඩිවුනා. කෙල්ලනම් දවසම කලේ පෝන් එක ඔබ ඔබ හිටපු එක තමා. තාරාව දැක්කා විතරයි කෙල්ලට නිකන් දෙයියෝ දැක්කා වගේ.

” අනේ තාරා…” කෙල්ල මූණත් හකුලන් කෙඳිරි ගෑවේ

” මොකද්ද තෝ ඒ පාර මේ කර ගත්තේ කියහන්..ආන්ටිනම් කිව්වේ අගක් මුලක් තේරෙන්නැති කතාවක්..” තාරා සම්පූර්ණ මූඩ් එක වෙනස් කරන් කෙල්ලගෙන් ඇහුවේ තරහෙන්. කෙල්ලත් දන්නවා මැන්ටලේ වගේ හිටියට යාළුවා හරි වසයි කියලා. ඒක නිසාම කෙල්ල හැදුවේ තාරාටත් ⁣බොරුවක් කියලා ෂේප් වෙන්න.

” ම්…මේ..මේකයි බං ” තාරා ඉතින් දන්නවා කිඳුරංගනා මේ පටල පටල කියන්⁣න හදන්නේ ටොම් පචයක් කියලා.

“අනේ මේ..තෝ දැන් මෙතන මටත් කොලේ වහන්න හදන්නෙපා. ඇත්ත කියපන්..මං මේ එක්සෑම් එකත් ළඟ තියෙද්දි තකහනියක් දුවන් ආවේ උඹේ බොරු අහන්න නෙවෙයි..”

තාරා තව ටිකක් තරහින් අහද්දි කෙල්ල ඇත්තම කිව්වා.

” කිඳුරි…උඹට ඔල්මාදෙද කියපන් ඉස්සෙල්ලා..” තාරා ඇහුවේ කටත් ඇද කරන්.

” ඇයි ඉතින්..🙁” කෙල්ලත් මූණ දෙකක් කරන් ඇහුවේ.

” මං උඹට හැමදාම කියනවා උඹේ ඔය මඟුල් කේන්තිය අඩු කරන් ඉවසීමෙන් හිටපන් කියලා..උඹටත් අරුත් එක්ක පැටලෙන්නැතුව ඉන්නම බෑනේ..මොකද ඌ උඹව මරන්නද..බැන්නෝත් බැන ගනින් කියලා ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරලා ඉන්න එපැයි පැටලෙන්න යන්නැතුව..” තාරා ඉතින් සුපුරුදු පරිදී ලෙක්චර් එක පටන් ගත්තා. මොනවා වුනත් කෙල්ල කියන ගොඩක් දේවල් ඇත්ත. ඒකයි කිඳුරංගනාත් කට වහන් අහන් හිටියේ.

” ඒ වුනාට බං, ඒකා හැම වෙලේම වැරැද්දක් නැතුව බයිනවානේ බං..උඹ දන්නවානේ..මං ආස නෑ කියලා..😒”

” උඹ විතරක් නෙවෙයි, කවුරුත් ආස නෑ එහෙම..ඒ වුනාට උඹ මිනිහගේ හැටි දැන දැනම වලේ වැටෙන්න යනවානේ..ඌට නටා ගන්න කියලා කට වහන් හිටපන්කෝ..අනික ඌ කොල්ලෙක්..උඹ කෙල්ලලෙක්..මොනවා හරි නරකක් වුනොත් උඹටනේ..ඌට මොකද ඉතින්..” තාරා මේ හදන්නේ කෙල්ලට දේවල් පහදලා දෙන්න. හැමදාම වගේ කෙල්ල ගාවින් ඉඳලා හිත හදන තාරුණී කෙල්ලට ගොඩක් ආදරේ කලා. තමන්ගේ සහෝදරියකට වගේ. කෙල්ල ⁣කැමති නෑ ඒ නිසා කිඳුරංගනාට නරකක් වෙනවට. කෙල්ලට දැන් දැන් ධීර්ගේ මේ හැසීමත් එක්ක කිඳුරංගනා ගැන ටිකක් බයත් හිතුනා.

” හ්ම්…බලමුකෝ..🙁” කෙල්ල එහෙම කියලා දැම්මා.

” මතක තියාගනින් ඌ කොල්ලෙක්..කොල්ලෝ කැමති නෑ කෙල්ලන්ට සෙකන්ඩ් වෙන්න..”

අවසානයට එහෙමත් කියපු තාරා හැදුවේ කෙල්ලගේ කකුලට බොහෙත් දාන්න. වෛද්‍යවරියක වීමේ සිහිනයට වෙර දරන නිසා කෙල්ලට පුළුවන් ඒ දෙවල් කරන්න. කෙල්ලගේ පියාත් වෛද්‍ය ක්ෂෙත්‍රයේම නිසා පුංචි කාල් ඉඳලම තාරා මේ දෙවල් වලට දක්ශයි.

” මොනවා වුනත් කොල්ලා උඹ ගැන හිතවත් එක්ක නේහ්? 😁 ඒකනේ ⁣බොහත් දාන්නත් වඩාගෙන අරන් ගියේ 🤣” බොහෙත් දාන ගමන් තාරා කියද්දි කෙල්ල තාරාගේ ඔළුවට ඇන්නේ හොඳ පොල් ටොක්කක්.

” අනේ හිටපන්..තෝ කටින්ද කතා කරන්නේ දැන් අච්චර කියවලා..ඌ නිසානේ මට මෙහෙම වුනේ..😠” කෙල්ල කියන්නේ තරහෙන් මූණත් රතු කරන්. කලින් තරම් වෙදනාවක් නොදැනුන නිසා කෙල්ලට ලොකු අපහසුවක් දැනුනේ නෑ දැන් කකුලෙන්.

” හ්ම් හ්ම්..බලමුකෝ..” තාරා කිවුවේ හිනා වෙන ගමන්.


දවස් හතරකට විතර පස්සේ තමා හශේන්, සහිරු වගේම ධීරුත් ආයේ එකට එකතු වුනේ. ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වුන නිසා යාළුවෝ තුන් දෙනාට සෙට් වෙන්නත් බැරිවුනා ඉතින්.

තුන් දෙනාම හිටියේ ධීර්ගේ ඔෆිස් රූම් එකේ කෝපි බොන ගමන්.

” මේහ්..අරකිට කොහොමද දැන්..” හශේන් ඇහුවේ ධීර් ගෙන්.

” කවුද? ” ධීර් දන්නෑ වගේ ඇහුවා.

” ඇයි යකෝ..තෝ අර හරහට වඩාගේන උස්සන්ගි⁣යා කියලා මුළු ඔෆිස් එකම කතා වෙන්නේ..අන්න ඒකි..😁” හශේන් කිවුවේ කින්ඩියටත් එක්ක සහිරුගෙත් හිනා හඬ මැද්දේ.

“අනේ හු$%&* තමා..අර හිච්චන් වීදුරු කට්ට ඇනිලා එකි හරියට කෑ ගැහුවේ පොරොවකින් කොටලා වගේ…පව් කියලා මං අරන් ගිහින් බොහෙත් දැම්මෙව්වේ” ධීර් කිව්වේ කොල්ලෝ දෙන්නටම රවන ගමන් තරහෙන්.

” අනේ පව්…..එයාට ගොඩක් ඌයියා වුනාද??🤭 ” ඒ පාර හශේන් ධීර්ව විහිළුට ගත්තේ මහ හයියෙන් හිනා වෙවී.

” තෝ මගෙන් කනවා දැන් හොඳේ..” ඇඟිල්ලකුත් දික් කරන් ධීර් මහ හයියෙන් කිව්වේ හශේන්ට.

” ඕක නවත්තපන් බං..” සහිරු කිව්වේ තව ටික වෙලාවක් ගියොත් ඇත්තටම ධීර් හශේන්ට එකක් අනියි කියලා හිතුන නිසා.

” මං ඒකිට කතා කලා..දැන් අඩුයි කිව්වේ…මං කිව්වා තව සතියක් විතර ඉඳලම එන්න කියලා 😏 ” සහිරු ඒක කිව්වේ ඇස් වලින් හශේන්ට ධීර්ව පෙන්නන ගමන්.

” තොට පිස්සුද බූරුවෝ..ඕකුන්ට පිනට පඩි දෙන්න මට පිස්සු නෑ..හෙට ඉඳන් වැඩට එන්න කියපන් ඒකිට..” ධීර් කිව්වේ අනවශ්‍ය කෝපයකින් කියලා කොල්ලෝ දෙන්නටම තේරුනා. ඒකමයි සහිරු අලි පචයක් අත ඇරියේ කොල්ලගේ රිඇක්ශන් එක බලාගන්නත් එක්කම.

” ඇයි..උඹට නිකන් පාළුයි වගේද ඒකි නැතුව..?😁” හශේන් අහුවේ ඇසකුත් ඉඟි මරමින්.

” අනේ ඔව්…මට හරි……..පාළුයි..ඕකි ගෙදර ඉන්නකොට කොහොමද මං මගේ පලිය ගන්නේ..” හශේන් තමන්ව විහිළුවට අරන් කියලා දන්න නිසාම කොල්ලා එහෙම කිව්වා.

” අනේ උඹයි උඹේ පලිගැනිල්ලයි..මට පේන්නේ උඹ මේ අර අදින්නේ වෙන මොකකට හරි කියලා..” සහිරු කිව්වේ ගොඩක් සීරියස් වෙලා. ධීර්ගේ මූණ ටිකක් වෙනස් වෙනවා කොල්ලෝ දෙන්නම දැක්කත් මොකුත් කියන්න ගියේ නෑ.

” අනේ..මඟුලක් කියවන්නැතුව හිටපන්..” ධීර් කියනකොටම දොරට තට්ටු කරලා රූම් එකට ආවේ ශශී.

” සර්…”

” කියන්න ශශී..”

” සර්..ම්..මේ..මේ…” ශශී රූම් එකට ආවේ මොකක් නමුත් කලබලේකින්.. කොල්ලෝ තුන් දෙනාටම තේරුනා.

” කියන්න..” ධීර්ට වෙන වෙලාවකනම් ගොඩක් තරහා යන්න තිබ්බා..ඒත් ශශී ඉන්න තත්ත්වය ගැන හිතලා කොල්ලා කතා කලේ ඉවසීමෙන්. ඔව්..අපේ ශශී කෙල්ල ප්‍රෙග්නන්ට් නිසයි කිඳුරංගනා ට ධීර්ගේ වැඩ ගොඩක් කරන්න වුනේ. තාම එච්චර පේන්නැති චූටි බන්ඩියක් නිසා කෙල්ල ඉතින් ඒක දන්නේ නෑ.

” ස-ර්…. මේ..මේ..” ශශී ආයේ ගොත ගහද්දි ඒ පාර සහිරු කතා කරේ ධීර් කෑ ගහයි කියලා හිතලා.

” මොකද්ද ශශී..ගොතගහන්නැතුව කියපන්කෝ..” කොල්ලා ධීර් වගේ පුප්පන්නෑ කියලා දන්න නිසා ශශීගේ බය ටිකක් අඩු වුනේ.

” සර්..මේ මේ…නේ..නේහා මැඩම්…” ඒ නම ඇහෙනකොටම කොල්ලෝ දෙන්නා ටිකක් බය වුනෙත් ධීර්ගේ අත මිට මෙලවුනෙත් එක පාරමයි.

” මැඩම් …මේ…කොල් කලා සර්..මැඩම් නෙකස්ට් මන්ත් අහපවු ලංකාවට එනවලු…ඉ- ඉතින්…ධීර්..සර්ට..ම් -මේ..කියන්න කි-කිව්වා..මැඩම්ගේ..පෝස්ට් එක…අහපවු රෙඩි කරලා..තියන්න කියලා…” ශශී බොහොම අමාරුවෙන් කියලා දැම්මේ ධීර් දිහාවත් හරියට නොබලා. කොල්ලගේ මිට මෙලවුන අත් දෙකයි කෝ⁣පයෙන් ගිනිගන් මුහුණයි දකිද්දි සහිරුටයි හශේන්ටයි එලොව පොල් පේන්න වැඩි වෙලාවක් ගියේ නෑ…..

ඉවරා…යි…😁

ඉදිරියට 🌷🌷

•••🌷🌷🌷🌷🌷•••

කිව්වා වගේම බෝනස් දුන්නා ඈ..😁ගොඩක් සතුටුයි ඔයාලගේ ආදරේට..❤️ Like comment කරන්න ඕනි ඉතින් යාළුවෝ ටික.හැමදාම like comment කරන සෙට් එක වෙනුවෙන් හැමදාම කොටසක් දෙන්න බලනවා කොහොම හරි..වැඩත් එක්ක ටිකක් අමාරුයි ඇත්තටම.. කතාව කොහොමද? කවුද මේ නේහා..🙄 මන් දන්නෑලු ඉතින් ඈ 🤭 තවත් කොටසකින් හමුවෙමු 😁 කතාව කියවන හැමොටම ස්තුතියි