නිසල සද මඩල 🌬

☁️ 22 වන කොටස ☁️

වෙනදා වගේම උදේම එයා එක්ක ඇවිත් මන් ස්කෝලේ ගාවින් මන් බැස්සේ මාමා වැඩට යද්දි.ගේට් එකෙන් ඇතුලට ඇවිත් පන්තිය ගාවට ඇවිදන් යන මන් දිහා ලමයි අමුතු විදිහට බලද්දි මන් ව් ඇයි කියලා හිතන ගමන් පන්තියට ගියත් මන් වෙනදා වාඩි වෙන තැන මේසෙයි පුටුවයි දෙක එතනින් අයින් කරලා. පන්තියේ ලමයි උනත් වෙනදා වගේම මාත් එක්ක කතා නොකර එක් කෙනා දෙන්නා කසු කුසු ගෑවේ.මගේ හිතෙ අමුතු බයක් අරක් ගනිද්දි…….

” ආරෝහි ඔයාට මැඩම් ඔෆිස් එකට එන්න කිව්වා ..ආ බෑග් එකත් අරන් යන්න..

සමහරවිට ආයි ස්කෝලේ එන්න වෙන් එකක් නෑ…..

පව් ඉතිං හිතන් හිටියේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නනේ.ස්කොලේ බෙස්ට්ම රිසාල්ට් අරන්.මන් එක තමයි තමුසෙට කලින්ම කිව්වේ ..වැඩිය උඩ පනින්න එපා කියලා තමුන් එක ඇහුවේ නෑනේ. දැන් ඉතිං විදවහන්…..”

ටනාෂා පන්තියට ඇවිත් මහ සද්දෙට එහෙම කිව්වේ .මුලු පන්තියේම ලමයින් මට හිනා වෙද්දි..එදා ඉදල හැමදාමත් මට කැපිලි කෙටිලි කරපු ටනාෂාම ඇවිත් එක කිව්වේ සමච්චල් හිනාවක් මුව රදවන්…

කාගෙන්වත් මුණ නොබලා මන් හෙමින් සැරේ ඔෆිස් එකට ගියේ .හිතින් දෙවියෝ සිහි කරන්…

” එක්ස්කියුස්මි මැඩම්…….”

“ආ.තමුන් ආවද.තෑනක් නොතැනක් නැතුව මගුල් නටන්න තමුන් හිතුවේ මේක අම්බලම්ක් කියලද ආරෝහි ..ආ..මන් හිතන් හිටියේ තමුන් හරි අහිසංක ලමයෙක් කියලා බලන් ගියාහම රට කපටි අම්මණ්ඩියක්නේ.

තමුසෙට ඔච්චරම මගුල් විසේ නම් එක්කෝ ස්කොලේ නෑවිත් කසාදයක් බැදගන්නවා..

තැනක් නොතැනක් නැතුව ස්කුල් යුනිෆෝම් එකත් ඇදන්.අනික තමන්ගේ වයසට ගැලපෙන් එකෙක්ද කියලා බලනවා තමුන් සම්බන්දේ තියන් ඉන්නේ . මේ තමුන්ගේ තාත්තා වගේ මනුස්සයෙක් එක්ක නටන්නේ ලැජ්ජාවක් කියලා එකක් නැද්ද..

ඔච්චර අමාරුවක් තියනම පලයන් ## වගේ ඇග විකුණන්..එතකොටව්ත් ඔය අමාරුව සනිප වෙයි නේ…..”

කිසිම හිතක් පපුවක් නැති විදිහට මැඩම් මට බැනගෙන බෑන ගෙන ගියේ මාව # දාලා..අඩන්න නැතුව ඉන්න කොච්චර උත්සහ කලත් මැඩම් අන්තිමට කිව්ව වචන නම් මට ඉවසන් ඉන්න පුලුවන් උනේ නෑ..

” මෑ..මෑ..මැඩම් මො..මොනවද මේ කියන්නේ මන් කවද්ද ඔය කියනවා වගේ දෙයක් කරේ…..”

” මේ ආරෝහි වැරදි කරලා තමුන් තවත් කට ගහන් එන්න නැතුව ඉන්නවා.ආ බලනවා හොදට ඇස් ඇරලා මේ ෆොටොස් ටික ශික් මට නම් බලන්නත් අප්පිරියයි .තව කොයි කොයි තැන් වල මේ ෆොටෝස් ගිහින්ද දන්නේ නෑ ..තමුන් මේ ස්කෝලේ ඉන්න එක්ක අපි හැමොටම ලැජ්ජාවක් ..මේ දැන්ම කොල් එකක් අරන් අම්මාටයි තාත්තාටයි එන්න කියනවා.මහලොකු දෝණී නැන්දාගේ කෙරුවාවල් මන් එ දෙන්නාටත් කියලා දෙන්නම්කෝ..හොද වෙලාවට අර ටනාෂා මේ ෆොටෝ ටික මගේ අතටම ගෙනත් දුන්නේ..

තවත් මොනාද බලන් ඉන්නේ කොල් කරනවා කිව්වහම්..මට වෙන වැඩ නෑ කියලා හිතුවද තමුන්ගේ කුණු හොදන්නවා ඇරෙන්න..”

මන් මගේ දිහාවට මැඩම් විසි කල ෆෝටෝ වෙව්ලන දැගිලි වලින් .එ..එත් එ ෆෝටෝස් මගේ අතින් අතැරුණේ මාව අඩි ගානක් පිටි පස්සට විසි වෙද්දි …….

ඇගේ දුරකථන ඇමැතිතුම ලැබුන සැනින්ඔ යුරාග් පාසල වෙත ලා වුයේ කෙසේ දැයි කියා ඔහුටවත් මතක නැත…කාර්යාලය සොයා පැමිණි ඔහු දුටුවේ .කාර්යාලය ඉදියේ පිටුවකට වී හිස දණ හිස් මත හොවාගෙන හිදින ඇයයි ..

” දෝණී ඇයි දරුවෝ මේ…..”

ඇය ලග දණ නවාගෙන හිද ගත් ඔහු ඇගේ හිස පිරිමදිමින් එසේ විමසනවාත් සමග ඈ ඔහු ගෙල බදාගෙන හඩා වැටෙන්න වුයේ ඔහු බිය කරමින් ය..

” අනේ දෝණී ඇයි දරුවෝ මේ..මාව බය නොකර කියන්නකෝ ඇයි හදිස්සියේම මට එන්න කිව්වේ ….”

” එ..ඒ..එ ම..මම එ..මම එ මම නෙවෙයි …අනේ ඔයා කියන්නකෝ එ මම නෙවෙයි කියලා අනේ මන් එහෙම නෑ කියන්නකෝ…..”

” ශ්…ශ් මොකක් ගැනද දෝණී ඔයා මේ කියන්නේ. හරි මේ අහන්නකෝ ඔයා ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ මන් මැඩම් හම්බවෙලා එන්නම්..”

” අනේ එ..එපා එපා අනේ .එවා බලන්න එපා එ..එ මම නෙවෙයි .”

” හරි හරි දෝණී ඔයා ඔහොම ඉන්නකෝ මන් කතා කරලා එනකන්…”

ඇය කුමකට හෝ බිය වී ඇති බව වැටහුණ නිසාවෙන් යුරාග් ඈ ඉවත තබා කාර්යාලයට පිවිසිය…..

” එක්ස්කියුස්මි ……”

” ඕ..මිස්ටර් සේනානායක ..සර් ඇයි මේ වෙලාවේ..එන්න සර් ඉදගන්න..”

” ඔකේ..තැන්කිව් සෝ මච්..මිස් වික්‍රමසිංහ .මන් මේ ආවේ මට එන්න කියලා කොල් එකක් ආවා එකයි….”

” මන් හිතන්නේ සර්ට වැරදිලා .අපි සර්ට කෝල් කරේ නම් නෑ…”

” නෑ..මිස් මන් ආරෝහිගේ ගාර්ඩියන්….”

“.වට්…..”

” යස් මිස් වික්‍රමසිංහ මන් තමයි එයාගේ ගාර්ඩ්යන්…..”

” ඕ අයිම් රියලි සර්..මේ ආරෝහිගේ පේරන්ස්ලාට තමයි මට කතා කරන්නම් ඕනි”

” එයාගේ පේරන්ස්ලා නම් නෑ මැඩම් ..ඔනි දෙයක් මා එක්ක කතා කරන්න පුලුවන් ..”

” ඔකේ සර් මන් එහෙනම් ප්‍රශ්නේට එන්නම්.ඇත්තම කියනවනම් මේක අපේ ස්කුල් එකට ලොකු අපකිර්තියක්..මන් කවදාවත්ම නෑ ආරෝහි කියන්නේ මේ තරම් ජරා කෙල්ලෙක් කියලා .මන් කලින් නම් ඩිසයිඩ් කරේ එයාව ස්කුල් අයින් කරනවා කියලා .එත් එයා සර්ගේ ගාර්ඩ්න් නිසා……”

” ඔකේ මැඩම් කිසිම ප්‍රශ්නයක් නෑ මාත් කොහොමත් දෝණීව තව තත්ත්පරයක් මේ ස්කුල් එකේ තියෙන්නේ නෑ කියලා හිතන් ආවේ..”

” සර්..එත් ඇයි එ..අපි ආරෝහිට පොඩ්ඩක් ඇඩ්වයිස් කරලා තියා ගමු..”

” අර කෙල්ල අරෙහම එලියට වෙලා වැලහින්නියක් වගේ අඩන්නේ මැඩම් එ දරුවට වැරද්ද තේරුම් කරපු හිනදා වෙන්නැති නේද. කෝ අර හම්බුනා කිව්ව ෆොටොස් ටික…”

” ස..සර්.”

” මන් මෙච්චර ඉවසීමෙන් කතා කරන්නේ තමුන් ගැනියෙක් නිසා..නැත්නම් තමුන් අර කෙල්ලට කතා කරපු විදිහට මේ වෙලාවේ ඉන්නේ හොස්පිටල් එකේ..මට මේ දැන්ම එ ෆෝටෝ ටිකයි .දෝණීගේ අස්වීමයි දෙන්න..

මට ලංකාවේ ඕනිම් ස්කුල් ඒහෙකට මේ දරුවව දාන්න පුලුවන් කියලා මැඩම් දන්නාඅ ඇතිනේ..හැබැයි ඔයා වගේ කිසිම හිතක් පුපුවක් නැති ලමයෙක්ට කතා කරන්නවත් දන්නේ නැති ගැනියෙක් ඉන්න ස්කුල් එක්ක මන් මේ ලමයාව එක තත්ත්පරයක්වත් තියෙන්නේ නෑ..අනික මේ පුටුවට තමුන් සුදුසුදු කියලත් දෙපාරක් හිතන්න වෙයි..”

” ස…සර්……..”

” තමුන්ට තියන ප්‍රශ්නේ මන් මේක දැන ගත්ත විදිහනම්.මන් මේ කෙල්ලව නිකන්ම මේ ස්කුල් එකට එව්වා කියලා හිතන්න එපා..”

” දෝණී එන්න අපි යමු..”

යුරාග් ඇගේ හිස පිරිමදිමින් ඇගේ බෑගය එක අතකට ගනිමින් ඈ සිය සිරුරට වාරුකරන ගන්නට විය………

” මො..මොකක්ද උනේ.”

” ම්..අපි ගෙදර ගිහින් කතා කරමු.හොදද..”

ඇගේ සිත බොහෝ සෙයින් රිදි ඇති නිසාවෙන් ඔහු කිසිවක් නොපවසා ඈ මෝටරථයෙන් ඉන්දවා ඔහු නිහඬව රිය දාවනය කරවන්න වුයේ ..ඈ සුපුරුදු ලෙස ඔහුගේ බාහුවකට හිස තබා ගෙන දෑස් පියා ගනිද්දිය …….

මතුසම්බන්ධයි