කතාව කියවන හැමෝම Like එකක් දා ගෙන යන්නෝ ❤️❤️
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
තිස් හත් වන චන්ඩිකම 🙅🙅
ටික ටික මුළු කොණ්ඩෙම ඒ විශාල අතට හිර වෙනකොට පිටිපස්සට ඇදිල යන කෙස්ගස් නිසා ඔළු කට්ට පුපුරන්න තරම් වේදනාවක් ඇති උණේ මගෙ කොණ්ඩෙන් අල්ල ගෙනම මූණට එබිල හිටපු අභිරූ සර්ගෙ කම්මුල් නලියන්න වුණේ ඒ මූණට ආයෙමත් නපුරුකම ආරූඪ වෙද්දි.ඒත් එක වචනයක්වත් නොකියම මගෙ ඇස් දිහාම බලන් ඉන්න ඒ ඇස් කේන්තියටම දිළිසෙනව.
” ආ ආ ව් රිදෙනව “
ඒ ශක්තිමත් අත්වලට හිර වෙන මගෙ කෙස් ගස් අතරින් දැනෙන වේදනාව දරාගන්නම බැරිම තැන මට කෑ ගැස්සුනේ.එහෙම්ම මගෙ කටට අත තියල තද කරපු අභිරූ සර් මාව පිටිපස්සෙ තිබුණු කළුවර ගහේ කදට තද කර ගත්තෙ මගෙ ඇස්වලින් කදුළු පන්න ඔන්න මෙන්න වෙද්දි .
” රිදෙනවද? උඹට ආ… මට්ත් රිදෙනව යකෝ”
ටිකක් සද්දෙන් එහෙම කියපු අභිරූ සර් මගෙ කොණ්ඩෙ අත අරල දාල කළුවර ගහේ කදට ගහ ගෙන ගියේ අත මිටි කරල.වේදනාවෙන් පුපුරු ගහන ඔළුව අත් දෙකෙන්ම අල්ලන් මං සර්ගෙ මූණ දිහාම බලන් උන්නෙ ඇස් දෙකත් ලොකු කර ගෙන.
නොනවත්වාම කළුවර ගහේ කදට ගහ ගෙන යන සර්ගෙ මැණික් කටුව දිගේ ලේ බිංදු දෙක තුනක් පේලියට ගලන් යනව.ඒත් සර්ට කිසිම ගානක් නෑ.
මුළු මූණම අදුරු කරන් කදට ගහනව.හරියට ලොකු වරදකට තමන්ගෙන්ම පලි ගන්නව වගේ.මැණික් කටුව දිගේ අත පහළට පෙරන ලේ බිංදු වැලමිට ගාවින් බිමට පෙරනව.ඒත් එක්කම මගෙ ඇස් දෙක පියවිලා ගියේ කව්රුහරි මාව තදටම අල්ල ගන්නව දැනෙද්දිම.
යාන්තමට වතුර බිංදු දෙක තුනක් මූණට වැටෙනකොට මං ඇස් දෙක ඇරියෙ.මං උන්නෙ සර්ගෙ කාර් එකේ ඩ්‍රයිවින් ශීට් එකට මෙහා පැත්තෙ ශීට් එකේ.
ඩ්‍රයිවින් ශීට් එකේ ඉදන් උන්නු අභිරූ සර් මගෙ මූණටම එබිල බලන් ඉන්නව.කලින් තිබුණු නපුරුකම දැන් ඒ මූණෙ නෑ.මං ඒත් එක්කම බැලුවෙ සර්ගෙ අත දිහා වම් අතේ මැණික් කටුව හරියට එන්න ලොකු ලේන්සුවක් බැඳල.
” මොකද? උණේ “
මගෙ මූණට එබිල උන්නු අභිරූ සර් මූණ දිහාම බලා ගෙන එහෙම ඇහුවෙ.මං ඒ මූණ දිහාම බලා ගෙන ඔළුව දෙපැත්තට වැනුව විතරයි.
“තමුසෙට ලේ දැක්කම කලන්තෙ හැදෙනවද?”
අභිරූ සර් ආයෙමත් අහනව.මං ඔව් කියන්න ඔළුව වැනුවෙ.උකුලෙ තිබුනු ෆෝන් එකත් අතට අරන් කාර් එකෙන් බහින්න ගියපු මාව ආයෙමත් අභිරූ සර් අතින් අල්ලල නතර කලේ.ඇයි අහන්න වගේ මාත් සර්ගෙ මූණ දිහා බැලුවෙ.
” කොහෙද? යන්නෙ මං තාම කියන්න ඕන දේ කිව්වෙ නෑ “
ම්ංඇස්දෙකථීනි කරන් අභිරූ සර්ගෙ මූණ දිහාම බලන් උන්නෙ ඒ පාර මොකක්ද? කියන්න හදන්නෙ කියල හිතන ගමන්.
” මං තමුසෙට එක පාරක් කිව්ව රනුක එක්ක කතා කරන්න බෑ කියල.ඒත් තමුසෙ අද මොකක්ද? කලේ”
මගෙ ඇස් දිහාම බලාගෙන සර් එහෙම අහනව.මං බිම බලා ගත්තෙ වරදක් කරලාහු වුණු පුංචි ළදැරියක් වගේ.
” මං මේ තමුන්ට දෙන අන්තිම චාන්ස් එක.ඊලග සැරේ තමුසෙ රනුක දිහා බලන වාරයක් ගානෙ මං තමුසෙව රිද්දනව.”
ඇගිල්ලත් උලුප්පන් සර් එහෙම කිව්වෙ.ඒත් කේන්තියකින් නෙවෙයි.අවවාදයක් දෙනව වගේ.ඒ නිසාම මං මගෙ හිතටම පොරොන්දුවක් උණේ ආයෙ රනුක අයිය දිහා නොබල ඉන්නව කියල.ඒත් මට එහෙම කියන්න සර්ට කොහෙන් ආව අයිතියක්ද?
” අයිතිය,අයිතියක් තියෙනව.ඒක තමුසෙට ඉස්සරහට දැන ගන්න පුළුවන් වෙයි “
අභිරූ සර් ටිකක් සද්දෙන්ම එහෙම කියනකොට කල්පනාවෙ උන්නු මං ගැස්සිලා ගියේ.මං හිතුවෙ ඒක මං හිතපු දෙයක් විතරයි කියල.මට නොදැනීම මගෙ කටින් එහෙම කියවෙල.
නිශා උඹට නම් හොද වැඩේ එක එක මගුල් කියවන්න යනවට.එහෙම හිතන ගමන් මං කාර් එකෙන් බැහැල ගේ දිහාවට ඇවිදන් ගියේ.
ආයෙමත් කාමරේට ගිහින් සර් ඇදල අවුස්සල දාපු කොණ්ඩෙ පීරල ගෙඩියක් වෙන්න බැඳල කාමරෙන් එළියට ආවෙ ඇදුමතතින් පිළිවෙලක් කරන ගමන්.සෙනුරි නම් සාලෙ මිනිය ගාව ඉදන් මළ ගෙදරට ආපු අයත් එක්ක කතාවක.මං එහෙම්ම කුස්සිය දිහාවට ආවෙ.කට්ටිය බීම හදනව.
” අක්කෙ මාත් උදව් වෙන්නද?”
ළග උන්නු අක්ක කෙනෙක්ගෙන් මං එහෙම ඇහුවෙ.අදමළ ගෙදර දෙවනි දවස.කට්ටිය එනව ටිකක් වැඩියි.ඒ නිසා බීම ගොඩක් හදන්න වෙනව.
” හා හා නංගි ඔයා මේ බීමවලට අයිස් දාන්නකො”
එහෙම කියල ඒ අම්ම මට අයිස් කැට භාජනයක් පෙන්නුවෙ.මං එතනට ගිහින් අයිස් කැට අහුරක් ගන්න කොටම මට මතක් උණේ අභිරූ සර්ගෙ තුවාල වෙච්ච අතින් අයිස් කැටයක් තිබුණ නම් අඩු වෙයි කියල.
එහෙම්ම අතට ගත්තු අයිස් කැට දෙක තුනත් අරන් කුස්සියෙන් එළියට ආවෙ ඉක්මනට එන්නම් කියන ගමන්.කාමරේට ගිහින් රෙදි බෑග් එක අවුස්සල ලේන්සුවක් අරන් ඒ ලේන්සුවට අයිස් කැට ටික ඔතා ගෙන අඩියට දෙකට එළියට දුවන් ආවෙ.අභිරූ සර් තාමත් කාර් එකට හේත්තු වෙලා ෆෝන් එක ඔබනව.
තාමත් අත ලේන්සුවෙන් බැදල.තාම ලේ එනව ඇති.එහෙම හිතන ගමන් මං එතනට දුවල ගිහින් අයිස් කැට ඔතල තිබුණු ලේන්සුව අභිරූ සර්ට දික් කලේ. ඇස් දෙක හීනි කරල ලේන්සුව දිහා බලපු අභිරූ සර් මගෙ මූණ දිහා බලල ඔළුවෙන් සන් කරල ඇහුවෙ මොකක්ද?කියල.
” අයිස් කැට “
” මොකටද? “
” තුවාලෙට තියන්න “
” කව්ද ? ගේන්න කිව්වෙ “
දැන් ඉතින් දීපංකො උත්තර.නිශා උඹට නම් හොදම වැඩේ.හොදක් කරන්න ගියාමත් ඇගට ගොඩ වෙනවනෙ හුම්.අපරාදෙ අරන් ආවෙ.
සර් මගෙ පිටි අල්ලට ගැහුවෙ අයිස් කැට දාල තිබුණ ලේන්සුව තණකොළ බිස්සට වැටෙද්දිම මං ආපස්ස හැරිල එන්න ආවෙ සර්ට කේන්ති ගිහින් ඇති කියල ඒ මූණ දිහා නොබලම.ඒත් එක්කම වගේ කාර් එකක් ඇවිත් නතර කළේ.’රශී’ මං හෙමින් මුමුණ ගන්න ගමන් කාර් එක ළගට දුවල ගියේ.
” ටිකක් පරක්කු වුණා කෙල්ලෙ.උදේ ඉදන්ම එනවනෙ ඉතින් කඩේකින් නවත්තල තේත් බීලමයි ආවෙ”
එහෙම කියන ගමන් රශී කාර් එකෙන් බැහැල දොර වැහුවෙ.
” ඒකට කමක් නෑ බං.යමු ඇතුළට.එන්න අයියෙ”
විනෝද් අයියයි රශීයි එක්ක ගේ දිහාවට යන ගමන් මට නිකමට වගේ අභිරූ සර්ගෙ කාර් එක දිහා බැලවුණේ.මෙන්න බොලේ සර් මං ගෙනත් දීපු අයිස් කැටවලින් අතේ තුවාලෙ තවනව.
හිතාස්සෙන් හීනියට සතුටක් ගලාන එද්දි ලාවට මූණට හිනාවක් ආවෙ.සර්ගෙ අතේ තුවාලෙට වඩා මගෙ හිතේ තිබුණු තුවාලෙට බෙහෙත් දැම්ම වගේ සැනසීමක් දැනුණෙ.මොකක්දෝ නුහුරු හැඟීම් සමුදායක් එක්ක මුළු හිතම සුවපත් වෙනව…
නැවත හමුවෙමු.👋👋
- ඊයෙ කතාව දෙන්න බැරි වුණා.බලාගෙන හිටියනම් සමා වෙන්න යාළුවනේ