මන් අම්මගේ ඔඩොක්කුවට වෙලා ඇස් පියාගනිද්දීම එකපාරම අම්මා…

🏵️ ” දෝණි ..කවුද අර ආපු ළමයා…

ඔයාලා ඔෆිස් එකේ එක්කෙනෙක් ද…”?

🌹” හරි ඔන්න පටන් ගත්තා…

අර දුෂ්ට බලු තඩියා තමා එහෙනම් මාව ගෙදරට එක්කන් ඇවිත් තියෙන්නේ …

අබිලාෂා හිතලා උත්තර දීපන්….”

🏵️ ” මොකෝ ගොලු වෙලා…

දෙයක් ඇහුවම උත්තර දෙන්න පුරුදු වෙනවා…”

🌹 ” ආ.. මේ..කවුරු ගැනද දැන් මේ අහන්නේ ඔබතුමිය….”

🏵️ ” අහන්නේද….අහන්නේ

අර අද උඹ ව දෝතට අරගෙන ගෙයි ඇතුළට ම ඇව්ල්ලා හරියටම තමුන්ගේ කාමරේන්ම තියපු කෙනා ගැන….

මට ඇත්ත කියාපන් දෝණි …

ඒ ළමයා හරියටම කොහොමද දන්නේ ඔයැයිගේ කාමරේ…?”

🌹 ” ඈ යකෝ ඌ මාව කාලානේ ….”

මන් එකපාරම අම්මගේ උකුලෙන් මිදිලා නැගිටලා

🌹 ” ආ අම්මා එයා…මේ මගේ ඔෆිස් එකේ ට්‍රාන්ස්පෝට් එකේ අයියා…

අද මේ …..මගේ ඇගට ටිකක් අප්සට් ගතියක් දැනුන නිසා මන් ට්‍රාන්ස්පෝට් එකෙන් ආවේ..එද්දී නින්ද ගිහින් නේ ……”

🏵️ ” ඒත් ඒ ළමයා හරියට දෝණි කාමරේ දැනගත්තේ කොහොමද….”?

🌹” ඒකනම් අම්මා දැවෙන ප්‍රශ්න යක් තමා…..”

🏵️” මොකක් …”?

🌹 ” ආ ඒකද …..

අපේ ඔෆිස් එකේ හැමෝම වගේ දන්නවා මගේ රූම් එක මන් එයාලට පෝටෝස් පෙන්නලා තියෙන්නේ …..”

🏵️ “හා ඒ වුණා ට වත්තේ හැම එකාම වගේ බලන් හිටියා ඇස් උඩ තියාගෙන..

ලැජ්ජාවේ බෑ….”

🌹 ” අප්පට බොල….මුන්ටත් ඕනනැති කෙහෙල් මලක් නෑ. .

අර නපුරු ගෝතයා මාව කාලා අහුවෙයිනේ මට…”

🌹 ” වත්තේ එවුන්ට බයේද අපි ඉන්න ඕන …මන් දිව්වත් වැරදියි…නිදාගත්තාත් වැරදි යි…මේක යකාගේ වැඩක් නේ ….

අනික ලැජ්ජ වෙන්න මන් මොනො කරලද…මේ වත්තේ ඉන්න ඔය වට්ටි අම්මලාගේ දුලා වගේ මන් අයාලේ යන්නේ නෑනි….”

🏵️ “ඒක නම් ඇත්ත …ඌන්ට කොහොමත් අපි ගැන හරි අමාරුවක් තියෙන්නේ ….

අර ළමයා තේ එකක් වත් නොබී ගියේ….”

🌹 “තේ නෙවී ඕකට දෙන්න ඕන…”

🏵️” මොකද්ද ….”

🌹”නෑ …වැඩ නේ එයා ඒක නිසා වෙන්න ඇති….”

මන් දඩිබිඩි ගාලා එතනින් පැනගෙන වොශ් රූම් එකට ගිහිල්ලා කල්පනා කරේ අරූ කොහොමද මගේ කාමරේ දැන ගත්තේ කියලා …

🌹 ” අර දුෂ්ට නපුරා ට හොද වැඩක් කරන්න ඕන …..”

🤣🤣🤣🤣🤣

🎶 ” නෝනේ….දෝණි එන්නේ නැද්ද කන්න..”

🏵️ “ඔය එන්නේ..”

🌹 ” මන් නැතුව කෑම මේසේ වැඩක් තියේද තාත්තා….

අම්මා ඔයා මරු ඈ…අද මගේ ෆෙවරිට් ඩයට් එක හදලා….

ඉදිආප්ප එක්ක කිරි මාළුවක් හදලා පොල්සම්බෝලයක් එක්ක…

අම්මෝ කටට කෙලත් උනනවා..”

🏵️ ” පේනවද මහත්තයා මෙයාගේ කෑදර කම ….

ගෙදර කිසිම වැඩක් කරන්නේ නෑ

අඩුම තරමේ බතක් වත් උයාගන්න දන්නේ නෑ…

හෙට අනිද්දා දීග ගියාම තේරේවී….”

🌹 ” අම්මාට ඕන මාව යවන්නමයි….

බය වෙන්න එපා මම ඉතින් ඔයාල දෙන්නගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර් නේ…

ඉතින් කවදා හරි මේවා මට නේ …ඉතින් මාව බදින කෙනාට වෙන්නේ බින්න බහින කසාදයක් තමා ….”

🏵️ ” ඉතින් …”

🌹 “ඉතින් කියන්නේ අම්මා …මන් මෙහෙන් යන්නේ නැත්නම් ඔයා ඉන්නවනේ උයලා දෙන්න…”

මන් ඉදිආප්ප තැටියත් අතට අරගෙන දුවන ගමන් පවසද්දී අම්මා මගේ පස්සෙන්ම දුවගෙන ආවා ..තාත්තා නම් හිනා වෙවී බලන් හිටියා. මන් පිගානත් අරගෙන ඉස්සරහට දිව්වේ ආච් එකේ ඉදන් කන්න කියලා …අම්මා පස්සෙන් එනවද බල බල දුවගෙන ගිය මම හැප්පුණා කාගේද පත ඇගක වැදිලා දඩාස් ගාලා පිගානත් බිම වැටුණා.

මන් මූණත් ඇඹුල් කරන් බැලුවේ මගේ ඇගේ වැදුණු ඒ සද්දන්තයව නෙවී ආසාවෙන් බෙදා ගෙන කටට දාගන්න පින නැති වුණු කෑම එක දිහා…

🤣🤣🤣🤣

කවුද ආවේ…..

වෙනදා වගේම කතාව කියවලා දැනෙනෙ දේ කියන්න .

ලයික් කමෙන්ට් දාන ඔයාලට ගොඩාක් ආදරෙයි …

හොර පාරෙන් යන්න එපා හොදේ කමෙන්ට් එකක් දෙන්න..