සංසාර සිත්තම ❤️

දෙවන කොටස

✍️භාශි💘

“මේ ඔයාගෙ කකුල යට මගෙ පෑනක් තියනව අරන් දෙන්නකො.”

ඒ කෙල්ලත් හරි ලස්සනට හිනාවෙලා පෑන අරන් දුන්න.

“තැන්ක්‍යූ.” හිරූත් ලස්සනට හිනා වෙලා කිව්වා.

“යූ ආර් වෙල්කම්”

“ඈ බං ඒ බැන්නද?”

ආශු ක්ලාස් ඇරිල ගෙදර යන ගමන් අහන්නෙ හිරූගෙන්.

“කාටද?”

“අර කෙල්ලට”

“මොකටද?”

“ඇයි උබට කීවෙ මං අපට බැන්නෙව්ව කියල”

“ආය බැන්නොත් බලමුකො”

කට්ටියම කතා කර කර ගෙවල් වලට යන්න බස් එක ලගට ගියා. එතකොටම තිබුන බස් එකේ නැගල ගෙවල් වලට ගියා.

පුරුදු විදියටම ඊලග සතියෙත් හිරූ පංති යන්න පිටත් උනා. ඒත් වැඩේ කියන්න අද යාලුවෝ තුන් දෙනාම නෑ. හිරූට තනී වගේ. ඒත් මොනව කරන්නද හෙමින් හෙමින් සිංහල පංති ඉවර වෙලා ඉලග පංතියට ආව. කාඩ් එකත් ලකුනු කරගෙන හෙමින් හෙමින් ආව.

අද ඉතින් මොකාට ඉඩ අල්ලන්නද… හ්ම්ම්ම්… මුං ටික දහම්පාසල් යන බොදු ලමයිනෙ. ශික් සෙනසුරාදම එක්ක ගියානෙ මේ දහම්පාසලෙත් ට්‍රිප් එක. දැං ඉතින් උන් ජොලියෙ ඇති. මට තමා අවුල.ඔන්න ඔහෙ අහුවෙච්ච තැනක ඉදගන්නව. එක්කො මෙහෙම තනියම ඉන්න එක හොදයි. නැත්තම් අර ගංපාලුවො තුන්දෙනා එක්ක ඉගන ගන්නත් බෑනෙ.

ඔහොම විකාර හිත හිත හිරූ ගිහින් එක ලමයෙක් විතරක් හිටපු ඩෙස්ක් එකක දාඩි උනා. අද හිරූ ලස්සන මල් වැටිච්ච ගවුමක් ඇදන් ආවෙ. ඒ ගෑනු ලමයත් ඇදන් ඇවිත් තිබ්බෙ ඒ ඩිසයින් එකේ ගවුමක් හැබැයි ටෙඩියො ඉන්න. හිරූ එතනින් වාෆි වෙනකොටම ඒ කෙල්ල හිරූ දිහාවට හැරුන

අඩේ මේ අර කෙල්ල නේද. එක්කො අවුලක් නෑ ඒකි මොනව කරන්නද නේද…

එහෙම හිතල හිරූ එතනින් වාඩි උනා.

“ගුඩ් මොනින්. අද යාලුවෝ නැද්ද?”

ඒ කෙල්ල ඇහුවෙ හරි හිතවත් පාටට. ඉතින් මං මොකටද එක එක ලොකුකම් පෙන්නන්නෙ කියල හිතල හිරුත්

“ඔව් අනේ අද එයාල නෑ.. එයාල ට්‍රිප් එකක් ගිහින්. කෝ ඔයාගෙ යාලුවෝ නැද්ද?”

කියල ඇහුව.

“නෑ අනේ එයාලට අද වෙන ක්ලාස් එකක් වැටිල. මං තනියම… මං දිල්කි… එතකොට ඔයා?”

“මම හිරුන්‍ය… හිරූ කියන්නකෝ…”

කිසි තරහක් නැතුව ලස්සනට හිනාවෙලා දෙන්නම කතා කර කර හිටිය. ඒත් කිසිම වෙලාවක කොල්ල ගැන අහන්නෙ නැතිව ඉන්න දෙන්නම පරිස්සම් උනා.

පංතියේ අන්තිම වෙලාවෙ සර් තැනින් තැන ප්‍රශ්න අහන්න ගත්ත…

“ම්ම්ම්ම්ම්… ඔය ට්වින්ස්ල දෙන්නගෙ මල් මල් ගවුමක් ඇදන් ඉන්න දුව කියන්න බලන්න පලවෙනි පරම්පරාවෙ කම්පියුටරයක ලක්ශන්…..”

එක පාරටම සර් හිරු ලගට ඇවිත් ඇහුව… දෙන්නම ගැස්සිලා ගියා.

“කවුද සර් මමද?”

“ඔව් ඔයා තමයි..”

“සර් අපි ට්වින්ස්ල නෙවෙයි.. හොදම යාලුවෝ…” හිරූ හිනාවෙල කිව.

“ඈ.. ඇත්තටම එක වගේ දරුවො.. පොඩි වෙනසයි තියෙන්නෙ. “

හිරූ වගේම දිල්කිත් හිනා උනා ඇරෙන්න මොකුත්ම කීවෙ නෑ. හිරූ උත්තරෙත් දීල වාඩි වෙලා ආයම පාරක් දිල්කි දිහා ආයම පාරක් හොදට බැලුව.

ඇත්තටම මං වගේද බොලේ …. ඒකත් මරු ..

කෙල්ල තනියම හිතනව. පංති ඇරිල යද්දි දෙන්න හොද යාලුවෝ. නම්බර්ස් දෙකත් මාරු කරගත්ත.

“එහෙනම් දිල් මං යනව… පරිස්සමෙන් යන්න.”

“ඔයත් හිරුවෝ”

“ගිහින් මැසේජ් එකක් දාහන් ආ… ලබන සතියෙ හම්බ වෙමු”
“හරී.. බායි”

“බායි