නොකියූ ආදරේ 🖤~🌸 _
හයවැනි දිගහැරුම ©©°°
අනුදී ………………….
ඔව් මම දැනගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා … මම බෝඩ් එක දිහා බලනවත් එක්කම මම දැක්කේ මිස් මන් දිහා අත් දෙකත් බැදන් බලන් ඉන්නවා .
මාව නම් දැන් ගැහෙනවා එකසිය ගානට .. අනේ දෙවියනේ නෝන්ඩි වෙන්න නම් එපා අරයා ඉස්සරහ .. වහ කන්න තමා වෙන්නේ බැරිවෙලාවත් නෝන්ඩි උනොත් ඒම 😥
හරිනේ උබට .. ඕකනේ කරගන්න ඕනේ උනේ න්ර්හ් ..
මිස් ලගට එනකොට නිකීත් මාව සූර සූර කුටු කුටු ගගා බනිනවා දාගෙන
නිකී කෑගහන්න එපා ඕයී මිස් එනවා ..
තමුන් කොහෙද බලන් හිටියේ පාඩම කියල දෙන වෙලාවේ .. දෙමව්පියෝ දුක්මහන්සියෙන් හම්බකරලා ක්ලාස් එවන්නේ තමුසෙලට විකාර නටන්නද ආ … අනික මම තමුන්ලා දෙන්නටම කියල තියෙනව මගෙ ක්ලාස් එකේ ඉස්සරහටම ගිහින් ඉදගන්න කියල ..
සොරි මිස් …… ආයේ ඒම වෙන්නෑ ……
මම කිව්වේ බිම බලාන
ඕකනේ හැමදාම කියන්නේ . ඒත් ආයේ විනාඩි දෙකක් යන්න කලින් ආයෙත් අර මනෝ ලෝකෙටම වැටෙනවා .. අද සමාව දෙන්නෑ අනුදී .. ආ මේක අරන් ගිහින් බෝඩ් එකේ අදිනවා logic gate ටිකේ main gate තුනයී Nand … NoR .. x-oR … X-NoR ගේට් ටිකයී ඒවාට අදාල Truth Table ටිකයී Circuit ටිකයී ……………….
මිස් එහෙම කියලා මාර්කර්පෙන් එක මගෙ අතට දුන්නේ මාව කරකලා අතෑරියා වගේ ෆීලින්ග් එකක් එද්දින්
දෙයියනේ මෙචිචර සෙනගක් ඉස්සරහට ගිහින් ස්ටේජ් එකට නගිනවා කියන්නේ කරන්න බැරි වැඩක් .. මොකද මම දන්නවා ඊට කලින් මාව බයටම ඇදගෙන වැටෙනවා කියලා 😥
ආ ගන්නවා ඉතින් …. එකක්හරි වැරැද්දුවොත් ඒවටත් දඩුවම් විදින්න බලාගෙන ඉන්න ඕනේ හොදේ .. කෝ කෝ නැගිටිනවා ………….
හම්මෝ … මිස් මෙචිචර සැරද අප්පා ..
මම නිකී දිහා බලනකොට ඒකී රවනවා
කාගෙන් කියල බේරෙන්නද ඉතින් …..
මොනා උනත් දැන් මට යන්නම වෙනවා බෝඩ් එක ගාවට …
හිතත් එක්ක පොර බැදලා පොර බැදලා සිංහ සෙයියාවෙන් නැගිට්ටා මාර්ක පෙන් එකත් දෑතබදලා අරගෙන … නැගිට්ටා වගේ නෙවේ අනේ දෙවියනේ මට බෝඩ් එක ලගට හරි යන්න ශක්තිය ලැබේවා ..
දෙවියන්ට කන්නලව් කර කර මම ක්ලාස් එක මැදින් ආවේ නිකන් කාන්තාරයක් මැදින් එනවා වගේ ෆීලින්ග් එකක් දැනෙද්දී .. දාඩිය වලින් තෙත් වෙලා හිටියේ මාව බයටම .. ඇයි ඉතින් කවදා කාපු කටුද යකෝ මේවා …. වෙනද දඩිබිඩි ගාලා ඇවිදන් යන කකුල් දෙකත් අද වෙව්ලනවා 😥 …
කෝමින් කෝමහරි මම බෝඩ් එක ලගටම ගියා . ගිහින් ස්ටේජ් එකට පින් දිදී නැග්ගේ දඩිං බිඩිං ඩෝං වෙන්න එපා කියලා හිත හිත
දෙයියනේ … ස්ටේජ් එක ඉස්සරහට ගියා විතරයී මාව නිකන් කරකලා අතෑරියා වගේ දැනුනේ .. යකෝ ලමයී සේරමලම මගෙ දිහා බලාන ඉන්නව … අම්මෝ මට බෑ දෙයියෝ …
කෝ අදින්න පටන් ගන්න ………..
මාව උඩ විසික්වෙලා ගියේ මගේ එහාපැත්තෙන් ඇහුන කටහඩෙන් .. මම බලනකොට මිසුත් මාත් එක්කම ඇවිත් .. හම්මෝ තව ටිකෙන් මගෙ හුස්මත් හිරවෙනවා ..
මිස් ඔහොමත් බය කරනවද අප්පා 😥……..
විකාර නොකර මම කියපු දේවල් අදිනවා ලමයෝ .. ආ තව දෙයක් වරදින ගානක් ගානේ ටොක්කක් කන්න බලන් අදිනවා ..
😥😥😥 …. ටොකු …
මම නිකී දිහා බලනකොට ඒකී මිස්ට වඩා හපන් .. ඊටපස්සේ මම බැලුවේ අර බෝයී දිහා .. එයා මොකුත් සිද්ද නොවුන ගානට පාඩම පෙරලන් පොත දිහා බලන් ඉන්නවා .. මට වෙලාවකට මෙයාගෙ හැසිරීම ගැන හරි පුදුමයී .. ඇයි ඉතින් ලමයී සේරම මන් දිහා බලන් ඉද්දී මේ මෝඩයා විතරක් පොත දිහා බලන් ඉන්නවා .. 😏
ඒකත් හොදයි හැබැයී .. මම නෝන්ඩි උනත් පොර දන්නේ නෑනේ .. ඔහෙ ඕනෙ දෙයක් කියලා හිතලා ලොකූ හුස්මක් අරගෙන පල්ලෙහාට දාලා And .. OR .. Not GATES ටික ඇන්දේ thruth tables .. circuits එක්කමයී … ඒ ඇදලා මන් මිස් දිහා බැලුවේ මට මාව ෂුවර් නැති නිසා .. හී ….
හරී හරී .. අනිත් ටිකත් අදින්න බලන්න ..
මම මිස් දිහා බලන් ඉද්දී මිස් එහෙම කියද්දීනුයි හිතට පොඩි සහනයක් ආවේ .. මම නිකී දිහා බලනකොට ඒකිත් කියන්වා ඇදපන් ඇදපන් කියලා ..
ඊටපස්සේ මම ඊලග ගේට්ස් ටිකත් ඇන්දා ඒත් X-OR එකේ Circuit එක අමතකයී … මට හිතුන සිතිවිල්ලකට බැලුවේ අර බෝයී දිහා … මම බලද්දීන් එයා මගෙ දිහා බලාන ඉන්නවා පේපර් එකකුත් අතේ තියන් උඩට කරගෙන ..
දෙයියනේ මතක නෑනේ X-OR එකේ සර්කිට් එක … අනේ ඇයි දෙයියනේ මටම මේම කරන්නේ . දැන් නෝන්ඩි වෙන්න වෙන්නේ අප්පා ….
මම නිකී දිහා හොරෙන් බලලා කිව්වා මතක නෑ කියලා … හොරෙන් කිව්වට ලමයී සේරමලා දකිනවා මිස් ඇරෙන්න ..
මම ඒම කියනකොට නිකී ඔලුවට අත ගහගත්තා …
මොකද මම කරන්නේ නිකී ..
ගොලු භාෂාවෙන් අහනකොට නිකී පොත් පෙරල පෙරල සර්කිට් එක හොයනවා .. මම අර බෝයී දිහා බලද්දින් එයා මන් දිහාම බලන් ඉන්නවා පේපර් එකක් අතෙ උඩට කරන් …
මේ භූතයෝ මට හෙල්ප් කරනවකෝ .. තවුසේ හින්දා තමා මම අද මේ වෙලාවේ මෙචිචර කට්ටක් කන්නේ .. හුම් ..
මම එයා දිහා බලන් හිතුවා විතරයී .. කියන්න ගියේ නෑ ..
” අනුදී .. ඇදලා ඉවරනම් බෝඩ් එක ලගින් අයින් වෙන්න මට බලන්න .. “
මම මේ අසරණ වෙලා ඉන්නව .. ඒ අස්සේ මිසුත් කෑගහනවා ..
මම මූනත් ඇඹුල් කරන් නිකී දිහ බලනකොට ඒකි තවම සර්කිට් එක හොයනවා ලෝකේ පෙරලන්න වගේ .. කමක් නෑ රත්තරන් ඔච්වර මහන්සි වෙන්න එපා එක ටොක්කයිනේ … ඒක කනවා …
හිත හදාගෙන මම මිස් දිහාට හැරෙන්න යද්දින් මොකෙද්ද මන්දා දාගෙන කහිනවා .. ඈ යකෝ මූට කොරෝනද දන්නෑ .. මාස්ක් එක ගෙදර කන්නාඩි මේසේ උඩ .. ඒක ගේන්නත් අමතක උනා ..
මම ඒ කහින්නේ මොකාද කියලා බැලුවේ ඌ ලගින් නොයා ඉන්නවා කියල හිතන් … අවදානමක් ගන්න බෑනේ … ඒත් එ කහින්නේ වෙන කවුරුත් නෙවේ මගේ සං කැටේනේ .. අනේ මම කෝමද එයාව ඈත් කරන්නේ මගෙන් .. කමක් නෑ මැනික උබට කොරෝනා උනත් මම උබව දාලා යන්නේ නෑ සත්තයී ..
මම නපුරා දිහා බලාන් විකාර හිත හිත ඉන්නකොට ඌ මට ඇහැක් ගැහුවා ..
දෙයියනේ මට දැනුනේ නිකන් අකුනු දෙක තුනක් වැදුනා වගේ .. මම නිකී දිහා බලද්දින් ඒකී ඔරෝනවා .. 🙈
මම ඊටපස්සේ ආයී සං දිහා බැලුවේ මට මාව සුවර් නැති නිසා .. ඒත් එයාගේ කිසි වෙනසක් නෑ …. අනේ මට පිස්සු හැදේගෙන එනවාවත්ද … 😥😥
” අනුදී .. ඔතනින් අයින් වෙනවා ලමයෝ මට බලන්න ඇදපු සර්කිට් ටික … “
|🖤 මම හංසි