කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌
5_කොටස
“කිඳුරංගනා……බියගම ෆැක්ට්‍රි එකේ නෙක්ස්ට් ඕඩර් එකේ ඩීටෙයිල්ස් ටික ගත්තද ? ” ඒ සහිරු. වැඩ ගොඩක හිරවෙලා ඉන්න ගමන් ඇහුවේ කෙල්ලගෙන්.
” ඔව් සර්…මිස්ටර් ආකාශ් මට කෝල් බැක් කලා..ඊ මේල් කලා කිව්වා.. හාඩ් කොපි එකක් ඕනිද සර්…”
” හ්ම්…මට නැතත් ඒක ඔයාට ඕනි වෙයි..ධීර්ගෙ හැටි දන්නවනේ..අහන වෙලාවට ගෙඩි පිටින් උත්තර දෙන්න බලන් ඉන්න…😁” කොල්ලා කිව්වේ විහිළුවටත් එක්ක.
“හම්මෝ..මම ඒක කරන්නම් සර්..😒” කෙල්ල කිව්වේ ඇස් දෙක නලලේ තියන්. කෙල්ල ධීර් එක්ක වැඩ කරන්න අකමැත් වුනාට සහිරු නිසා කෙල්ල ඉන්නේ පහසුවෙන්. කරන්න ඕනි හැම දෙයක්ම එකක් ගානේ කියලා දෙන කොල්ලා වැරදි අඩුපාඩුත් හදනවා. ඒ වගේම ධීරුත් මේ ටිකේ ඔෆිස් එකේ රැඳුනේ හරිම අඩුවෙන්. ඒ කොල්ලගේ හීනයක් වුන SunShine complex එකට මුල් ගල් තිබ්බේ ඊයේ නිසා. කොල්ලා මේ ටිකේම හිටියේ ඒ වැඩ වලට හිරවෙලා. ඒ නිසා කෙල්ල ටිකක් සැනසීමෙන් වැඩ ටික කරගත්තා.
” අද ශෙඩියුල් එකේ විශේෂ දෙයක් තියෙයිද කිඳු ” කිඳුරංගනා කියන නම දිග වැඩි නිසා සහිරු වගේම ඔෆිස් එකේ කෙල්ලත් එක්ක හිතවත් හැමෝම කෙල්ලට කතා කලේ කිඳු කියලා.
” නැහැ සර්..මිස්ට ගජනායකගේ මීටින් එක පොස්ට්පෝන්ඩ් වුනා අර ගල් ඉබ්බා නැති නිසා..” කෙල්ල ඉතින් ගානක් නැතුව ඔහේ කියලා දානවා. සහිරුටත් ඉතින් හිනා කෙල්ලගේ මේ වැඩ වලට.
” අනේ අම්මපා උඹ ඕවා මට කිව්වට කමක් නෑ..මේකේ අනිත් උන්ටයි, ඔය කියන ගල් ඉබ්බටයි ඇහෙන්නනම් කියන්න එපා හොඳේ..අරූ මෙතන මාවත් කයි…” කොල්ලා කිව්වේ ටිකක් සීරියස් මූඩ් එකකින්. මොකද ධීර් ගැන වෙන කාටවත් වඩා තමන් දන්න නිසා.
කෙල්ල ආවේ කෙල්ල ඉන්න කැබින් එකට. අර කලින් කියපු හාඩ් කොපි එකත් ප්‍රිනට් අවුට් අරන් ආශාත් එක්ක වචනයක් කතා කර කර ඉද්දි තමා කැබින් එකේ ලෑන්ඩ් ලයින් එක රින්ග් වුනේ.
“හෙලෝ…” පෝන් එක ආන්ස්වර් කරපු කෙල්ල උඩ විසි වුනේ එහා පැත්තෙන් ඇහුන කෑ ගැහිල්ලට.
” මොකද? තමුසේ බාප්පගේ පෝන් එකද ආන්ස්වර් කරේ ..ඒ පාර කෝල් ආන්ස්වර් කරන විදිහත් මට කියලා දෙන්න වෙලාද?? ” වෙන කවුද ඉතින්..මේ ටින් කිරි වොයිස් එක ධීර්ගේ කියලා කෙල්ලට හඳුන ගන්න වැඩි වෙලා ගියේ නැත්තේ කෑ ගහපු කෑ ගැහිල්ලට.
” යකෝ මුගේ ආමාශේ තියෙන ඒවත් පෝන් එක අස්සෙන් මගේ කනට යයි වගේ..😒” කෙල්ල හිතුවා.
” සොරි සර්..” හිතකින් නොවුනත් ඉතින් සොරි කියලා කිව්වේ මොනවා වුනත් මේකත් එක්ක වැඩ කරන්න ඕනිනේ කියලා හිතලා.
” ශශී ඉන්නවද ඔතන..”
” නෑ සර්…”
” එනවා මගේ කැබින් එකට ” කියපු කොල්ලා ලයින් එක කට් කලා.
” අර්…ශශී ඉන්නවද..එනවා මගේ කැබින් එකට😝 ” කට හඬත් අමුතු කරලා කොල්ලා කියපු විදිහට කට ඇද කරලා මුමුණපු කෙල්ල යන්න ගියේ කොල්ලගේ කැබින් එකට.
දොරටත් තට්ටුවක් දාලා ‘ එක්සකියුස්මී සර් ‘ කියලා ටිකක් උස් හඬකින් කියලයි කෙල්ල ඇතුලට ගියේ.
” ඇතුලට ආවට පස්සේ එක්සකියුස්මී කියලා වැඩක් තියෙනවද ඕයි?? මෙලෝ මැන(ර්) එකක් නෑ…” කොල්ලා කියද්දි කෙල්ල අහක බලා ගත්තේ රණ්ඩුවක් පටන් අරන් දවසම ඉවර කරගන්න ඕනි නැති නිසා. ‘ ශික්, මොකට අහපවු ආවද මන්දා ගල් උලමා…සතියක් විතර කනක් ඇහිලා පාඩුවේ හිටියා ‘ කෙල්ල මේ හැමදේම හිතුවට කට හොල්ලන්න යන්නෑ.
” ශශී කෝ…? ” කොල්ලා ආයෙත් ඇහුවේ පෝන් එකත් ඔබන ගමන්.
” දන්නෑ සර්..” කෙල්ල කිව්වේ ගානක් නැතුව.
” තමුසෙත් මේ ඔෆිස් එකේ නේද වැඩ කරන්නේ..දන්නෑ කියන්නේ මොකද්ද? ” කොල්ලා ඔළුවත් උස්සලා සැරෙන් ඇහුවේ කෙල්ල කොල්ලට රවද්දි.
” ඉතින් සරුත් ඉන්නේ මේ ඔෆිස් එකේනේ..එයා සර්ගේ ඇසිස්ටන් නේ..සර් දන්නැත්තම් කොහොමද මම දන්නේ..” කෙල්ල දමලා ගහලා වගේ කියද්දි කොල්ලට මල පැන්නා ඉතින්. මොනවා වුනත් කෙල්ල කියන්නේ ඇත්තනේ.ඒවුනාට කෙල්ලගේ කට කියවිල්ල නිසා තමා ධීර්ට හැම වෙලේම තරහා යන්නේ.
“තමුසේ…” කියලා කොල්ලා පටන් ගන්න හදද්දිම කෙල්ල කතා කලා.
” ඇයි සර් මට එන්න කිව්වේ..? ” කෙල්ලගේ කටේ සද්දෙනම් පොඩ්ඩක්වත් අඩු නෑ. කොල්ලා කියන්න ගියපු එකත් නවත්තලා කෙල්ල දිහා තත්ත්පර ගානක් බලන් හිටියෙ අහි බැමිදෙකත් උස්සන්.
” ටිකක් ඉන්නවා ඔහොම ” කියපු කොල්ලා ලැප් එක දිග ඇරන් මොනවද ටයිප් කරන්න පටන් ගත්තා.
විනාඩි පහක් , දහයක් ගියා කෙල්ල තාමත් එහෙම්මයි. කොල්ලත් එයාගේ වැඩ..
” මොන රෙද්දක් කරවද මූ, මම පැයක් විතර මෙතන… සෙද්ද, කකුල් දෙකත් රිදෙනවා..” කෙල්ල හිටියේ කොල්ලට හිතින් බැන බැන.
” මෙච්චර පුටු තියෙනවා..මේ යකාට මට ඉඳගන්න කියන්නවත් බැරිද..ගල් ඉබ්බා..🤬 වැටියන් ඕකව පුටුව පල්ලෙ..”
කොහොම හරි කෙල්ල දැන් විනාඩි විස්සක් විතර හිටගෙන. කොල්ලා හොරෙන් හොරෙන් කෙල්ල දිහා බැලුවට කෙල්ල හිටියේ හිතින් ධීර්ට බැන බැන නිසා ඒක දැක්කේ නෑ. කට කොනකින් හිනා වුන කොල්ලා කෙල්ලට කතා කලා.
” බියගම ෆැක්ට්‍රි එකට ආපු ඕඩර් එකේ ඩීටෙයිල්ස් ටික ගත්තද? ” කොල්ලා අහද්දි කෙල්ලට ඉතින් මල. ඇයි යකෝ ආපු ගමන් ඕක අහන්න තිබ්බනේ.
” ගල් උලමා..මූට මාව මෙච්චර වෙලා හිටවලා තියන්න ඕනි වුනාද ඕක අහන්න..😡” එහෙම මුමුණපු කෙල්ල..
” ඔව් සර්..”
” ඩිසයිනර්ස්ලට යවලා ෆයිනල් ඩිසයින්ස් ටික ඇරෙන්ජ් කරගන්න..ආෆ්ටර් ටූ ඩේස්, මිස්ටර් ගජනායකගේ මීටින් එක ඇරේනජ් කරන්න..”
” ඇයි යකෝ..අර පිට්ටු බම්බුව වගේ ඉන්න ශශීට කිහාන්කෝ ඔය ටික..මන්ද මේකගේ ඇසිස්ටන් දැන්..😒” ආයෙත් ඉතින් කෙල්ල හිත යටින් බනිනවා.
” හා සර්..” කටත් ඇද කරන් කෙල්ල උත්තර දුන්නේ.
” තමුසෙගේ රැවිල්ල ඉවරනම් මේ ෆයිල් එක චෙක් කරලා සමරි එක හදනවා..” කොල්ලා මේස උඩට අත ඇරියේ තඩි සයිස් ෆයිල් එකක්. කෙල්ලගේ මූන ඇද වෙලා යනවා දැක්ක කොල්ලා කට කොනින් හිනා ගියා.
” හා සර්…” කියපු කෙල්ල අඩි දෙකට මේසේ ගාවට ගිහින් ෆයිල් එකත් අරන් යන්න හැරුනේ.
” කොහෙද යන්නේ…මෙතෙන්ට වෙලා කරනවා..” කොල්ලා කිව්වේ රවලා බලලා.
” සර් මං…” කෙල්ල කියන්න හදද්දිම,
” තමුසෙට කියන සිංහල තේරෙන්නැද්ද ඕයි…😠” ඒ පාර කොල්ලා කෑ ගහපු කෑගැහිල්ලට නම් කෙල්ල ටිකක් ගැස්සුනා. හිමීට ඇවිත් කොල්ලගේ මේසෙම කොල්ලට ඉස්සරහා පුටුවත් ඇදන් වාඩි වුන කෙල්ල වැඩේ කරන්න පටන් ගත්තා.
” විනාඩි 15ක් දෙන්නම්..” කියපු කොල්ලා ආයෙත් කොල්ලගේ වැඩේ කරන්න පටන් ගත්තේ කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි.
“ඇයි යකෝ..මූ හිතන් ඉන්නේ මං මැෂින් එකක් කියලද…ගල් ඉබ්බා..😒” ආයත් පාරක් කොල්ලා දිහා රවලා බලපු කෙල්ල වැඩේ කරන්න පටන් ගත්තා. හිටගෙන ඉඳලම කෙල්ලගේ කකුල් දෙකත් රිදෙනවා. ඒ මදිවට අඩියක් විතර හීල්ස් දෙක නිසා කකුලත් ටිකක් කැපිලා. කෙල්ල එහෙමම සෙරෙප්පු දෙකත් ගලවා දාලාම ආයේ වැඩේ කරන්න පටන් ගත්තා.
දන්නෙම නැතුව විනාඩි 15 ගියේ කෙල්ල යන්තම් ෆියිල් එක චෙක් කරලා ඉවර වෙද්දි.
” ඉවරද? ” කොල්ලා අහද්දි කෙල්ල කට ඇද කරලා කිව්වේ නැහැ කියලා.
” තමුසෙගේ කට තිබ්බට වැඩ නෑනේ ඕයි..🤣” කියලා සමච්චලේට කියපු කොල්ලා
” ඉක්මනට ඉවර කරනවා ඕක මෙතන මගේ මූණ දිහා බලන් ඉන්නැතුව ” කිවේවේ ඇස් දෙකෙන්ම තර්ජන එල්ල කරමින්. කෙල්ල ඉතින් ආයේ කියවන්න නොගිහින් වැඩේ කරන්න ගත්තේ පරක්කු වුනොත් ආයෙත් ධීර්ගේ ගෙරවුම අහන්න වෙන නිසා.
” දෙනවා ඕක..” ධීර් ෆයිල් එක ඉල්ලුවේ කෙල්ල වැඩේ කරලා ඉවර වෙනවත් එක්කම වගේ.
ධීර් ෆයිල් එක ආයෙත් චෙක් කරනකන් කෙල්ල වාඩි වෙලාම බලන් හිටියා. විනාඩියක් දෙකක් ගෙවෙන්න ඇති, කෙල්ල ඉඳන් හිටපු පුටුවෙන් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටුනේ කොල්ලා ෆයිල් එක දඩස් ගාලා මේස උඩට දමලා ගහපු පාරට.
” ස-සර්..” කෙල්ල බය වුන පාර වචන ආවෙත් නෑ. ධීර්ගේ අැස් දෙක තරහෙන් පිරිලා. කෙල්ලට සහිරු මීට කලින් කියලා තියෙනවා ඔෆිස් එකේදි ධීර්ගේ වැඩ පිළිවෙල ගැන. ධීර් කියන්නේ වෙලාවට වගේම හරිම පිළිවෙලට වැඩ කරන කෙනෙක්. ඒක නිසාම ඔෆිස් එකේ කෙරෙන හැම වැඩක්ම කොල්ලට අඩු පාඩුවක් නැතුව පිළිවෙලට වෙන්න ඕනි. සහිරු වගේම හශේන්ට වුනත් වැරැද්දක් වුනොත් ධිර්ගෙන් ලැබෙන්නේ ආයතනයේ අනිත් සේවකයන්ට ලැබෙන ඇනුම් බැනුම්මයි.
“සර් තමා…😠 තමුසෙට ෆයිල් එකක් හරියට චෙක් කර ගන්න බැරිද ඕයි…බලනවා මේ හදලා තියෙන්නේ සමරි එකක්ද තමුසේ..මොන්ටිසෝරි ළමක් කරලා වගේ…” කොල්ලා කෑ ගැහුවේ කෙල්ල බයටම අඩි දෙකක් විතර පස්සට යද්දි. කෙල්ලට හොඳටම විශ්වාසයි හරියටම වැඩේ කලා කියලා. මොකද සහිරු කියලා දුන්න විදිහට කෙල්ල කලින් දෙතුන් පාරක්ම මේ වැඩේ කරලා තියෙන නිසා.
” සර්..මොකක් හරි අඩු පාඩුවක් තියේ නම් මං,ආයේ හදලා දෙන්නම්…” කෙල්ල කතා කරද්දි ධීර් ආයෙම කලේ කෙල්ලට බැන වැදුන එක.
” දෙතුන් පාර මේවා කරන්න නම් මම තමුසෙලට පඩි ගෙවලා මෙතන වැඩට ගන්නේ නෑනේ ඕයි…මගුලක් කියවනවා මෙතන…යනවා යන්න මගේ දෑහට නොපෙනි…” කොල්ලා කෑ ගහන් සැරයක් ගානේ කෙල්ලව ගැස්සෙනවා කොල්ලත් දැක්කා. ඒත් කොල්ලා නෙවෙයි වෙනස් වෙන්නේ. ඒත් ඇයි ඒ..? ධීර් ඇත්තටම මේ කරන්නේ පලිගන්න එකද? කෙල්ලටත් හිතුන එකම දේ ඒකම තමා.
” සොරි සර්…😞” කෙල්ල ඇහෙන නෑහෙන ගානින් කිවුවේ නෙත් අගින් වැටෙන්නට දඟලන කඳුළු බිඳුවත් ගිලිහීමට නොදී දරාගෙනයි.
” තවත් මොනවද අයිසෙ බලන් ඉන්නේ…යනවා යන්න..” කොල්ලත් ආයෙත් ගිරි යටියෙන් කෑ ගහද්දි කෙල්ල කැබින් එකෙන් එලියට දුවන් ආවේ ඇතුලට එන්න ආව හශේන්ගෙත් ඇඟේ හැප්පීගෙනමයි.
” මොන හු&$&* ” කියාගෙන බලපු ශේන් දැක්කේ සෙරෙප්පු දෙකවත් නැතුව දුවන් යන කෙල්ලව.
” ඒ පාර මේ යකා මොන නාඩගමක් නටලද දන්නෑ 😒 ” කියලා තමාටම කියාගත්ත හශේන් ආවේ ධීර්ගෙ කැබින් එකට.
•
කෙල්ල එහෙමම දුවන් ආවේ ආශව හොයාගෙන. කඳුළු පෙරාගෙන කැබින් එකට ආපු කෙල්ලව දැකපු ගමන් ආශා වගේම හිමාලි, කෙල්ලත් එක්කම වැඩ කරන අනෙක් කෙනත් දුවන් ආව් බය වෙලා.
” කිඳූ ඇයි මේ…” ආශා අහුවේ කෙල්ලගේ මූණම දෝතට අරන්.
ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු කෙල්ල ගලාගෙන කියපු කඳුලත් පිහදාගෙන හිනා වෙලා බැලුවේ කෙල්ලෝ දෙන්නා දිහා. මෙන්න බොලේ අඬාගෙන ආපු එකී හිනා වෙනවා දැන්. කෙල්ලො දෙන්නත් ඩිම් වෙලා ගියා.
” ඔයාලගේ ධීර් සර්ට යකා ආරූඪ වුනානේ බං…ඒකයි..😄” කෙල්ල කිවුවේ මවා ගත්ත හිනාවකින්.
” මොකද බං වුනේ…උඹ ආයෙත් සර් එක්ක පැටලෙන්න ගියාද?මං කිව්වා උඹට..” ආශා කියද්දි කෙල්ල නැහැයි කියන්න හිස වැනුවා.
” ෆයිල් එකක් චෙක් කරලා සමරි එක හදන්න කිව්වා බං…ඒක මං කරලා වැරදිලු..මොන්ටිසෝරි ළමෙක් කරලා වගේලු…” කෙල්ල කියද්දි ආශා ඇස් දෙකත් උඩ තියන් අහන් හිටියේ.
” ඉතින්? “
” ඉතින්..? 😄 වෙන මොනවා වෙන්නද බං..කන් දෙක පිරෙන්න අහගෙන ආවා මං..”අන්තිම ටික කියද්දි කෙල්ල ඇස් හීන් කරලා හිනා වුනා. කෙල්ල දැනන් හිටියා මේ දේවල් සිදුවෙයි කියලා. ඒ වගේම ඉදිරියටත් වෙනවා කියලා. පුංචි වැරැද්දත් ලොකු කරගෙන ධීර් තමන්ගෙන් පලි ගනී කියලා කෙල්ල දැනන් හිටියා. ඒකයි කෙල්ල හිත හදාගනෙ හැම දේටම මුහුණ දෙන්න තීරණය කලේ.
” ඉතින් බං උඹ තාම ට්‍රේ(යි)න් වෙනවනේ..වැරදි වෙන්න පුළුවන් තාම ඉගෙන ගන්න නිසා…අපිත් ටේනින් වෙන කාලේ ඔහොම තමා..සර් අපිටනම් එක්ස්කියුස් එකක් දුන්නා…” හිමාලි කිව්වේ පුදුම සහගතව. කෙල්ල කලේ හිනා වෙන එක විතරයි. ආශානම් දැන ගත්තා ඉතින් ධීර් මේ කරන්න හදන්නේ කෙල්ලගෙන් පලිගන්න එක කියලා.
” හුම්..දැන් ඉතින් ඒක වැඩක් නෑ…එයා මොකක් හරි ලොකු වැරැද්දක් දකින්න ඇති..කොහොමත් එයාට හෙන පිළිවෙලට වැඩ කෙරෙන්න ඕනිළුනේ..” කියමින් කෙල්ල නැගිට්ටා. අඩි දෙකක් තුනක් යද්දි කකුලට සීතලක් දැනුන නිසයි කෙල්ල බිම බැලුවේ.
” අයියෝ…සෙරෙප්පු දෙක අර යක්ශයාගේ විමානේ ගලවපු ගමන්නේ…😒” ඔළුවෙත් අතගහන් කෙල්ල කිවුවේ සසරම කලකිරිලා වගේ. දැන් ඉතින් ආයෙත් ඒක ගන්න යන්න එපැයි.
” මං යනවා බං ” කියමින් සාරියත් උස්සන් කෙල්ල යන්න ගියේ කොල්ලගේ කැබින් එකට. කෑගැහුවා කියලා සෙරෙප්පු නැතුව ඉන්නයැ ඉතින්. ආයෙ ඕන්නම් කෑගන්නැතෑ කියලා කෙල්ලත් ගියේ.
සෙරෙප්පු දෙකේ සිහියෙන් ආපු කෙල්ලට දොරට තට්ටු කරන්නත් අමතක වුනා. පස්සේ මතක් වෙලා එක්ස්කියුස් කරන්න හදද්දිම කෙල්ලට ඇහුණේ ධීර්ගේ වගේම හශේනගේ කටහඬ.
” තොට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියපන්කෝ මඟුල..මෙච්චර හොඳට අර කෙල්ල මේක හදලා තියෙද්දී තෝ අහවල් එකකටද අරකිව මරන් කන්න හැදුවේ..? ” කෙල්ලට ඒ ඇහුනේ හශේන්ගේ කට හඬ.ඇයට හොඳටම විශ්වාසයි ඔවුන් මේ කතා කරන්නේ කෙල්ල හදපු ෆයිල් එක ගැන කියලා. ඒක නිසාමයි කෙල්ල ඇතුලට නොයා ශේප් එකේ කතාව අහන් හිටියේ. හශේන් එකපාරට කියපු දේ නිසා කෙල්ලගේ කෝපය ඇවිස්සෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඒක තවත් දෙගුණ තෙගුණ වෙලා ධීර්ව මරන් කන්න තරම් තරහක් ආවේ ධීර් ඊට පස්සේ කියපු කතාව නිසා.
” ෆයිල් එකේ නම් කිසිම වැරැද්දක් නෑ..වැරැද්ද තියෙන්නේ ඒක හදපු එකීගේ..” කොල්ලා ඒ කියපු දෙයින් කෙල්ල තහවුරු කරගත්තේ ධීර් පලිගැනීමේ අදහසින් බොරුවට බැනවැදුනේ කියලා. අත් දෙකත් මිට මෙළවුනේ කෝපය පාලනය කරගන්න බැරිවෙනකොට. කෙල්ල එහෙම්ම ඇරපු දොර වහලා, කොරිඩෝව දිගේ අඩි දෙක තුනක් ඉදිරියට ඇවිදන් ගියේ තව තවත් ඇවිලෙන කෝපයෙන්. කතාවක හිටපු නිසා කොල්ලො දෙන්නටම කෙල්ලව නෝට් වුනේ නෑ.
” අනේ..ඕනි හු*%#$ ක් කරගනින්..තොට කවද හරි තේරෙයි මේ කරන දේවල් වල බරපතල කම..” කියපු හශේන් අාපු වැඩෙත් පැත්තක දාලා ගියේ තරහින්. හශේන්ටත් තේරුම් ගන්න බැරිවුනා ධීර් මේ කරන දේ. ඇත්තටම ධීර් ඇයි එහෙම කරන්නේ..ඇයි මේච්චර කෙල්ලට වද දෙන්න හදන්නේ..ඒක දන්නෙත් ඉතින් ධීර්ම තමා..(මමත් දන්නෑ ළමයි 🤭 ධීර්ගෙන් අහලා බලන්න ඕනි 😁)
ධීර් කියන්නේ අනිත් අය හිතනවට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. අඩු ගානේ අවුරුදු ගානක් ධීර්ව ආශ්‍රය කරපු යාළුවෝ දෙන්නටවත් කොල්ලව හරියට තේරුම් ගන්න බෑ තාම. හිතේ මහ ගොඩක් දේවල් හිර කරන් ජීවත් වෙන කෙනෙක් වුන ධීර් මේ කරන්නෙත් මොකද්ද කියලා, එයාම තමා දන්නේ..(මටවත් මේකා කියන්නෑනේ ඉතින්..🤭)
සුසුමක් හෙලපු ධීර් ආයමත් අතට ගත්තේ කෙල්ල ෆික්ස් කරපු ෆයිල් එක. විනාඩියක් දෙකක් යන්න ඇති දොරත් ඇරගෙන ඇතුලට ආපු කෙල්ල කෑගහන්න ගත්තේ දරාගත නොහැකි කේන්තියෙන්.
” තමුසෙනම් මහ අමනුස්සයෙක්..යකෙක්…” කෙල්ල කිව්වේ කොල්ලා දිහා මරන් කන සයිස් එකට බලාගෙන. කොල්ලා ඇස් හීන් කරන් බැලුවේ ‘ මේකි මොකද්ද මේ කියන්නේ ‘වගේ.
” මොකද? තමුසේ දන්නෙම නැද්ද මොකක් ගැනද මං කතා කරන්නේ කියලා..අච්චර පිළවෙලට හදපු ෆයිල් එක් වැරදී කියලා තමුසේම මාව මරන් කන්න හදලා, හශේන් සර් කිව්වට පස්සේ, කටින් ද කිවවේ ෆයිල් එකේ වැරැද්දක් නෑ කියලා තමුසේ…?? 😠”
කොල්ලට තේරුනා වඩේ වරදුනා කියලා. එහෙමයි කියලා ධීර් සෙකන්ඩ් වෙනද? නෑනේ නෑනේ 😁
” ඔව් කටින් තමා කිවවේ..ඇයි තමුසෙට ඇහුන්නැද්ද ඊට පස්සේ කියපු එක…ෆයිල් එකේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ ඒක හදපු එකීගේ කියලා…😏” කොල්ලා නක්කලේට වගේ හිනා වෙලා කියද්දි කෙල්ලට ඉතින් මාරයා ආවේස වුනා.
” මං හිතුවේ නෑ තමුසේ මගෙන් පලිගන්න කියලා මෙච්චර චීප් වැඩ කරයි කියලා…” එහෙම කියපු කෙල්ලත් කොල්ලා කලා වගේම නක්කලේට හිනාවුනා.
“මොකද්ද තමුසේ කියන්නේ දැන්…” කියපු කොල්ලා අඩියට දෙකට ආවේ කෙල්ල ගාවට.
” මට අස් වෙන්න ඕනි..මට බෑ තමුසෙත් එක්ක වැඩ කරන්න..” කෙල්ල කෑ ගැහුවේ මහා හයියෙන්.
කෙල්ලගේ මුළු මූණම තරහෙන් රතු වෙලා. කොල්ලා ඒ දිහා බලන් ඉඳලා කිව්වේ,
” තමුසෙට බැහැ කම්පැනි රූල්ස් වලට පිටින් යන්න..”
” මට වැඩක් නෑ තමුසෙගේ රූල්ස්..මම දැන්…මේ දැන්මම අයින් වෙනවා…තමුසෙට ඕන්නම් නඩු දාගන්නවා…මට කමක් නෑ…හිරේ යන එක සැපයි තමුසේ වගේ නයෙක් එක්න වැඩ කරනවට වඩා..කොයි වෙලේ දෂ්ට කරයිද දන්නෑ..” කෙල්ල කියද්දි කොල්ලගේ මුවේ ඇඳි තිබ්බ හිනාව මැකිලා ගියේ ක්ශනිකව. ඇවිලෙන කේන්තියෙන් ඇසුත් රතුවෙද්දි කොල්ලා කෙල්ලගේ මූණට එබුනේ
” තමුසේ දැන් මොකද්ද කිවුවේ…ආයෙත් කියනවා බලන්න😠” කියලා කියාගෙන. කෙල්ල හිත යටින් ටිකක් බය වුනත් මූණෙන් පෙන්නුවේ නෑ.
” මං අයින් වෙනවා.. තමුසෙට නඩු දාන්න බැරිනම් නටා ගන්නවා..” කියපු කෙල්ල හැරිලා යන්න හදද්දි ගියාට වඩා වේගයෙන් අහපවු ඇදිලා ඇවිත් නතරවුනේ කොල්ලගේ පපුවේ වැදිලා.
” මොන විකාරයක්ද..අත අරිනවා මාව…” කෙල්ල දඟලමින් පැවසුවේ.
” තමුසෙට මගෙන් බේරෙන්න ඕන්නම් ඉතින් මැරිලා තමා කරන්න වෙන්නේ..තමුසේ උඩ දාගන කියෙවුවට තමුසෙට අයින් වෙන්න බෑ කියලා හොඳටම දන්නවා..නිකන් බොරුවට දඟලන්නැතුව ඉන්නවා..”
කොල්ලා කිව්වේ කෙල්ලගේ මුහුන අද්දරටම ලංවෙලා ඒ ඇස් දිහාම බලාගෙන. කොල්ලගේ ඇස්වල කෝපය, සරදම…සියල්ලම පිරිලා..
කෙල්ලට දැනුනේ හරිම අසරණ කමක්. ඇත්ත..කෙල්ල කියෙව්වට කෙල්ලට බෑ එහෙම කරන්න. කොහේ තියෙන සල්ලියක්ද වන්දි ගෙවන්න තරම්. කෙල්ලගේ අසරණ කමෙන් ඕනවාටත් වඩා ප්‍රයෝජන ගන්න කොල්ලා ගැන කෙල්ලට තියෙන අප්‍රසාදය තව තවත් වැඩිවුණා.
කෙල්ලගේ අල්ලන් හිටපු අතත් අත හැරලා කොල්ලා අහපව් කොල්ලගේ සීට් එකට ගියා. කෙල්ල කොල්ලා දිහා බලන් හිටියේ හරිම හිස් බැල්මකින්.
” ඇයි මෙහෙම කරන්නේ..?? මේ මම එදා ඔයාට පාර මැද බැනපු එකට නම්, ගහපු එකටනම්..මට සමා වෙන්න..මගේ වැරැද්ද..මනුස්සයා කවුද දන්නැතුව එහෙම කරපු එක..ඒත් ඒ ඔයාගේ වැරැද්ද නිසා..
මට ඔයාගේ සමාවක් ඕනි නෑ…ඒ වෙනුවට මට සමා වෙන්න..ආයේ ඔයාට කරදරයක් වෙන්න මං එන්නෑ..ඒක නිසා වැඳලා ඉල්ලන්නම්..මට යන්න දෙන්න..
මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සර්…මට අස් වෙන්න ඕනි…” තරහෙන් කියලා රණ්ඩුවෙලා කොල්ලට මේ දේ තේරුම් කරන්න බැරිම තැන කෙල්ල හැම දේම අතහැරියා.
අත් එක එකතු කරලා බැගෑපත්ව කෙල්ල මේ වචන ටික කිව්වේ. මේ ටිකට ධීර්ගේ හැටි දැන ගත්ත නිසා කෙල්ලට තේරුනා කෙල්ලට ධීර් එක්ක හැරෙන්නවත් බෑ කියලා.
කෙල්ල හෙමීට ධීර්ගේ මේසේ ළඟටම ඇවිදන් ගියේ මේ ටික කියාගෙනමයි. තරහට වඩා දුක මුසුවූ අසරණකමක් කෙල්ලට තිබුනේ. කවදාවත් නැතුව ඇස් වලින් කඳුළු කැට කඩන් හලෙනවා. ඒත් කොල්ලා නෙවෙයි කෙල්ල දිහා බැලුවේ.
“මන් තමුසෙට සැරයක් කිව්වා..තමුසේ මට කරපුවට මම තමුසෙට යහතින් ඉන්න දෙන්නෑ..මේ ධීර් කියපු දෙයක් වෙනස් කරන මනුස්සයෙක් නෙවෙයි..ගෑණියෙක් හින්දා මෙහෙම හරි ඉන්නේ..
තමුසේ ඔහොම නෙවෙයි, පොලොවේ පස් කකා ඇඬුවත් මගෙන් තමුසෙට බේරුමක් නෑ…” කොල්ලා කෙල්ල දිහා නොබලමයි කිවවේ.
කෙල්ලත් ගොඩක් ඉවසුවා. තරහින් රණ්ඩු වුනා…බැනුම් ඇහුවා..හොඳින් කිව්වා..අඬ අඬා බැගෑපත් වුණා..එච්චර කරලත් තාමත් පලි ගැනීමක් ගැන හිතන කොල්ලව මරාගෙන මැරෙන්න තරම් තරහක් ආපු කෙල්ල නොසිතපු ලෙස කරපු දේ නිසා කොල්ලවත් පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටමයි.
කෙල්ල ඇත්තටම මොකක් කරන්න අත්ද??🙄
ඉවරායි….😁😁
ඉදිරියට🌷🌷🌷
බෝනස් එකක් ඕනිදෝ 😁 ඕනි නම් ටිකක් දිග කමෙන්ට් එකක් ඕනිලු ඈ 😁
••••🌷🌷🌷🌷••••
කතාව ඇදෙනවා වගේද? 🙄 ගහෙන් ගෙඩි එනවා වගේ ලියන්නම් වාලේ ලියනවානම් වැඩක් නේද? මම ආසත් නෑ එහෙම ලියලා ඔයාලගේ රස වින්දනය විනාස කරන්න. ඔයාලම කියන්නකෝ හොඳ නරක. කතාව ටිකක් දිග වෙයි.. ඔයාලා හැමෝම දිගටම කතාවත් එක්ක ඉඳියි කියලා හිතනවා. ලයික් එකක් දාලා අදහසුත් කියමු