21 වන කොටස ☁️
මන් ටික වෙලාවක් එයා දිහා බලන් හිටියේ .මන් මේ දකින්නේ හිනයකද කියලා හිතන ගමන්..මට එ ඇහුනේ එයා ආදරේයි කිව්වා කියලද නැත්නම් මට මේ හිතේ තියන දෙයක්ද…මන් මගේ අත ලාවට කොනිත්ත ගත්තේ මේ හිනයක් කියලා දැන ගන්න..
” ආව්ස්…….”
“මොකෝ ම්..මන් දිහා ඔහම බලන් ඉන්නේ.
හිනයක් නෙවෙයි දරුවෝ ඔයා මේදකින්නේ .
මන් කිව්ව දේ ඔයාට විස්වාස නැද්ද දෝණී ..”
තමා දෙස මද වේලාවක් දෑස් විසල් කරන් බලන් හිදි ඈ ඇගේ අත ලාවට කොනහවා දුටු ඔහුට ඈ පිලිබද දැනුනේ වේදානවකි..
ඇය මෙය සප්නයක් යැයි සිතා අදහා ගත නොහැකි හැසිරෙන තරමට ඈ තමාට ආදරේ කර තිබෙනවා නොවේදැයි සිතන විට ඔහු ඔහු පිලිබද විසල් පශ්චාත්තාපයල් දැනෙන්නට විය…..
” කෝ..හොදට මන් කියන දේ අහගන්න..
මේක හීනයක් නෙවෙයි ..මන් මේ මගේ පපුවට ගුලි වේලා ඉන්න හා පැටියට මගේ පණටත් වඩා ආදරේයි …ආදරේයි ආදරේයි .
ඇහුනද ම්…දැන්වත් විශ්වාසද දරුවෝ …”
ඈ සිය නිරුවත් ලයට තදින් තුරුල් කරගෙන ඇගේ හිස් මුදුන මත දෙතොල් ඇතිරු ඔහු ..
එලෙස පවසන්න වුයේ ..ඇගේ මුවෙහි සිනාහවක් සිත්තම් වෙද්දිය …..
මට දැනුනේ මොහොතකට මගේ හදවත නතර උනා වගේ..මන් අවුරුදු ගානක් තිස්සේ එයාගේන් අහන්න හීන දැක්ක ඒ අකුරු හතර මට හිතුවටත් වඩා හරිම හැගිම් බරව එයා කිව්වේ .මට මුලු ලෝකයක් ලැබුනා වගේ හැගිමක් දැනෙද්දී…
” ඔය ඉතිං දැන් දවසම මෙහෙම ඉන්නද කල්පනාව .කන්න බොන්න අදහසක් නැද්ද..ආ මට අමතක උනානේ..මේ ලමයාට බඩගිනි කියලා එකක් දැනෙන්නෙ නෑනේ නේද..කෝ අද නම් එවා හරියන්නේ නෑ දෝණී කෑවේ නැත්නම් මන් බලාගන්නම් කො…
කෝ ගිහින් වොශ් එකක් දාන් එනවා..දැන් උය උය ඉන්න වේලාවක් නැනේ අපි එලියට ගිහින් කාල එමු ….”
” මේ.ම..මම..”
” ශ්………කතා පස්සේ ..ඉස්සෙලා මන් කිව්ව දේ කරලා ඉන්නකෝ..”
” දෝණී මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි..අපි බිච් එකට යන්ද නැත්නම් ගෙදර ගිහින් කතා කරමුද…”
ඇය සමග මදක් නිදහසේ කතා බස් කර විසදාගත යුතු ගැටලු කිහිපයක්ම තිබ්බේ නිසාවෙන් යුරාග් ඇගෙන් විමසන්න වුයේ .
ආහාර ගෙන අවහලෙන් ඉවතට පැමිණෙන අතරවාරයේය ……
” අපි ගෙදර ගිහින් කතා කරමුද..මන් බීච් එකට යන්න කැමති නෑ ….” පොඩි කාලේ ඉදන් මුහුද කිව්වත් සතුටු උන මන් මුහුදු දැන් මේ තරම් වෛර කරන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ..ඉස්සර හැම ඉරිදාම අම්මා මොන වැඩේ තිබ්බත් මාව බිච් අරන් ගියා ..එදාට අපි දෙන්නා රැල්ල පාගලා වඩේ අයිස් එහෙම කන ගමන් කයියක් ගහලා රෑ වේලා තමයි ගෙදර එන්නේ….
එ දේවල් මට එකපෙලට මතක් වේද්දි.
මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු ඇවිත් කියලා මට තේරෙන්නේ එයා මගේ ඇස් දෙකයි කමුලයි පිහිදාලා මව තුරුල් කරගද්දී……
” සොරි දෝණී මට ඔයාව අඩවන්න ඕනි උනේ නෑ..ඔයා දැන් මාස ගානක් තිස්සේ ස්කුල් කාල්ස් යන්න ඇරෙන්න එලියට ගියේ නැති හින්දායි මන් එහෙම ඇහුවේ ..කමක් නෑ අපි වෙන දවසක යන්කෝ කොහෙ හරි ඇවිදන්න ම්..දැන් අපි ගෙදර යන්…”
දුරදිග නොබලා තමා විමසු දෙයින් ඇගෙ සිත රිදුනු බව වැටෙහි..ඔහු ඇගේ හිස පිරිමදිමින වුයේ තමාටම සිතින් දොස්පවරන අතරවාරයේය …
මන් කිසිම දෙයක් නොකියා එයාගේ උරහිසට ඔලුව තියන් ඇස් දෙක පියාගත්තේ .මගේ හිත සන්සුන් කරගන්න..
” දෝණී ..කෝ ඔය ඇති නිදා ගත්තා …ඔච්චර නින්ද යනවද මන් අහන්නේ .කෝ..මන් ආයි කියන්නේ නෑ..නැගිටින්න ..කෝ මුණ හෝදන් එන්න මන් බැල්කණියේ ඉන්නවා..”
මන් හෙමින් සැරේ බාත්රූම් එකට ගිහින් මුණ හෝදන් ..බැල්කණිය එකට ගියේ .මොකක්ද මේයාව මාත් එක්ක මෙච්චර කතා කරන්න තියෙන්නේ කියලා හිතන ගමන්….
” දෝණී එන්න මන් ගාවට..”
සෙමෙන් සෙමෙන් බැල්කණිය වෙත ආ ඇයට ඔහු තමා අසලට කතා කරන්න වුයේ .ඈ බියෙන් බව වටහා ගත් නිසාවෙනි .
” නෑ..ම..මන් මෙ..මෙහෙම ඉන්නම්..
ඇ..ඇ..ඇයි මා එක්ක කතා කරන්න ඕනි කිව්වේ..”
” කතා නෙවෙයි ..කන පලන්න වටින්නේ.කරන ගොන් වැඩ වලට මෙහෙ “
ඇගේ අතින් ඇද සිය උකුලි ඈ වාඩිකරවගෙන් ඔහු ඇගේ කන් පෙත්තක් දැගිලි වලින් තද කරන්න වුයේ .ඇගේ මුවින් සිහින් කෙදිරියල් පිට වෙද්දිය….
” අ..අ..ආව්..ආව්..ආව්..කන..කන…”
මගේ කන නිකන් නෑ වගේ..මේ මුකලන් බස්සා හරියට නිකන් එයාගේ කන වගේ තද කරන්නේ .මන් එයාගේ අතට ගහන ගමන් ගලවන්න හැදුවත් එයා තව ටිකක් තද කරා මිසක් ටිකක්වත් බුරුල් කරේ නම් නෑ…..
” මට දැන් ඔය නෝනා ඊයේ රෑ කරන්න ගිය ගොන් වැඩේ පොඩි පැහැදිලි කරන්න පුලුවන් ද..ඇත්තමයි දෝණී මට මතක් වෙනකොටත් තරහයි ……..”
“අනේ මන් ඊයේම එකට සොරි කිව්වානේ..මට මේ දේවල් දරාගන්න බෑ..
ඇයි ඔයාවත් මාව තේරුම් ගන්නේ නැත්තේ .”
” අනේ..අනේ ඔය ඉතිං පොඩ්ඩ ඇත්තන් ටැප් එක ඇරගන්නවානේ…ඉතිං කොහොමද ප්රශ්නයක් කතා කරන්නේ ..ඔයා ගැනු ලමයෙක් නේද .ඔයා ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕනි දෝණී .හරි මේ අහන්නකෝ..”
ඔහු මදක් කල්පනා කර කතා බහට මුල පුරන්න වුයේ ..ඇයව මීට වඩා ශක්තිමත් කල යුතු බව සිතමින් ය…
මතුසම්බන්ධයි