කතාව share කරන් යන්න ❤️❤️
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි රැජින🌹🌹
තිස් හය වන චන්ඩිකම 🙅
” කාවද? හොයන්නෙ අභිරූ සර්වද? “
රනුක අයිය ඇහුවෙ මගෙ මූණ දිහා බලා ගෙනම.රනුක අයිය කොහොමද? ඒක දන්නෙ එහෙම හිතන ගමන් අපහසුවෙන් මූණට ගත්තු හිනාවත් එක්ක මං රනුක අයිය දිහා බැලුවෙ.
” බය වෙන්න එපා මං ආයෙ කරදර කරන්නෙ නෑ.අනික දැන් මට එහෙම අයිතියකුත් නෑනෙ.”
ධනුක අයියත්, ඇසල අයියත්,මට හංගන රහස රනුකත් දන්නව කියල නම් දැන් මට සහතිකයි.ඒ දේ දැන ගන්න ඕන නිසාම අකමැත්තෙන් උනත් මං ධනුක අයියා එක්ක කතා කරන්න හිතුවෙ.
” ඒ මොකක්ද? රනුක ඒ කතාවෙ තේරුම “
එයාගෙ මූණ දිහාම බලා ගෙන මං එහෙම ඇහුවෙ.
” ඉස්සර නම් කට පුරා අයිය කියපු නිශාදිට දැන් මං නිකන්ම රනුක වෙලා නේද? ඒකත් හරි මමයි හරි නම් මැඩම් කියල කතා කරන්න ඕනෙ.”
රනුක අයියගෙ හැම වචනෙකම මොකක්දෝ රහසක් හැංගිලා තියෙනව.ඒත් ඒක දැන ගන්න පුළුවන් නම්.එහෙම හිතන ගමන් මං ආයෙත් කතා කරන්න වුණේ එයා කියපු දේවල් ගානකටවත් නොගෙන.
” ඔයා සතුටින් ඉන්න නිශා.කොහොමත් මං වගේ කෙනෙක් ගැලපෙන්නෙ නෑ ඔයාට.මගෙ හිතට දැණුනු පළවෙනිම කෙල්ල ඔයා.මේ තරම් ආදරේ හිතුණෙ නෑ වෙන කිසිම කෙනෙක්ට.ඒත් මං ආදරේ කරල තියෙන්නෙ අයිති නැති මලකට.නෑ නෑ වෙන කෙනෙක්ට අයිති මලකට. මොණව කරන්නද? ඉතින් ඔයා එයා එක්ක සතුටින් ඉන්න.”
එක දිගටම එහෙම කියා ගෙන ගියපු රනුක අයිය ඉස්සරහ බලා ගෙන හයියෙන් හුස්මක් දැම්මෙ. එයා එක්ක,වෙන කෙනෙක්ට මොණ අපබ්‍රංශයක් කියනවද? මන්ද මේ.දැන් දැන් මටත් එයා හංගන රහස දැන ගන්න තිබුණෙ පුදුම උවමනාවක්.
” අනේ රනුක අයිය,කියන දෙයක් තේරෙන්න කියන්නකො.ඔයා මට මොණව හරි හංගනවද?”
” මං ඔයාට මොණව හංගන්නද? නංගි මෙච්චර දවසක් හිතේ හිර කරන් හිටපු දේ තමයි ඔයාට කිව්වෙ.ඒත්…..”
” ඒත්,ඒත් මොකක්ද?”
” මොකුත් නෑ නිශා.මං ආයෙ මේ දේවල් ඔයත් එක්ක කතා කරන්නෙ නෑ සොරි”
” අනේ රනුක අයියෙ ප්ලීස් මට කියන්න “
මං දෙපාරක් තුන් පාරක්ම එහෙම කියපු නිසාම රනුක අයිය කතා කරන්න වුණේ මගෙ මූණ දිහාම බලා ගෙන.
” මට අභිරූ සර් හැමදේම කිව්ව් නංගි.අභිරූ සර් කිව්ව එයා…..”
රනුක අයියට කියා ගන්න වුණේ එච්චරයි.ඒත් එක්කම කොහෙදෝ ඉදන් අභිරූ සර් අපි ගාවට ඇවිදන් ආවෙ.ඊයෙ හවස දැක්කට පස්සෙ දැන් තමයි අභිරූ සර්ව දැක්කෙ.කළු පාට ශෝට එකට සුදු පාට ටී ශර්ට් එකක් ඇදල හිටපු අභිරූ සර් වෙනදටත් වඩා කඩවසම් කියලයි මට හිතුණෙ.
ජෙල් ගාපු කොණ්ඩෙ උඩ වෙන්න උස්සල ඒ නිසා අමුතුම හැන්ඩ්සම් ලුක් එකක් ඇවිත්.අත් කොට ටී ශර්ට් එකක් ඇදල උන්නු නිසා අත්වල පිරුණු මස් ගොබ ඕනවටත් වඩා පේනව.
” රනුක කොහොමද? ඉතින් “
මං දිහා නොබලම රනුක අයිය ගාවට ආපු අභිරූ සර් පුටුවක් ඇදල අරන් වාඩි වෙලා රනුක අයිය එක්ක කතා කරන්න වුණේ.ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග් වෙන්න වුණු නිසා මං එතනින් නැගිටල ටිකක් එහාට ගියේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන ගමන්.රශීගෙන් කෝල් එක.
මං මිදුලෙ කෙලවරටම වෙන්න තිබුණු කළුවර ගහ යටට ගියේ කෝල් එක ආන්සර් කරල කණේ තියා ගන්න් ගමන්ම.රශී කෝල් කරල තියෙන්නෙ පාර අහ ගන්න.
එයාල පොළොන්නරුවට ආවලු.දැන් තනියක් නෑ.එහෙම හිතන ගමන් මං රශීට පාරත් කියල ෆෝන් එකත් ඕෆ් කරල අනිත් පැත්ත හැරුණෙ.එහෙම්ම අඩියක් පස්සට විසි වෙලා ගියේ දැකපු දෙයින්.
අභිරූ සර් කාර් එකට හේත්තු වෙලා අත් දෙකත් බැඳ ගෙන මං දිහාම බලන් ඉන්නව.සර්ව දකින හැම මොහොතකම මේ හිත ගැස්සිලා යනව. ඇයි ද? කියන්න මටම තේරෙන්නෙ නෑ.
මං එනකොටත් සර් රනුක අයිය එක්ක ලොකු කතාවක.මෙච්චර ඉකමනට කොහොම ආවද? මන්ද එහෙම හිතන ගමන් මං අඩියට දෙකට එතනින් යන්න ගියේ.මං ඉතින් සර් එක්ක මොණව කතා කරන්නද? අනික සර්ට මගෙ මූණ දකින එකත් පිළිකුළක්නෙ.ඒත් යන්න වුණේ අඩි දෙකක් විතර.
සර් මාව ඇදල ගත්තු පාරට මාව එහෙම්ම විසි වෙලා ගිහින් නතර වුණේ ඒ පපුවෙ.මුළු ඇගම හිරි වැටිලා ගියා.හරියට කරන්ට් එකක් වැදුණ වගේ.තාත්තගෙ සෙනෙහසවත් නොලැබුණු මං කවදාවත්ම මෙහෙම පිරිමියෙක්ගෙ ළගින් ඉදලම නෑ.
ඒ පපුවෙ උණුහුම ඕනවටත් වඩා දැනෙනව. එහෙම්ම සර් මගෙ බඩ වටේ අත දාල මාව තව තවත් මේ පපුවටම තද කර ගත්තෙ.මටත් ඒ උණුහුමෙන් මිදිල යන්න මොකක්දෝ අමුතුම ලෝභකමක් දැනුණු නිසාම මාත් හෙලවෙන්නෙ නැතුව එහෙම්ම උන්න.සර්ගෙ කාර් එක දාල තිබුණෙ කලුවර ගහ ගාවම.
කළුවර ගහේ විශාල කදටත් කාර් එකටත් සෙනුරිලගෙ ගෙදර වැහිල.ඒ නිසා කාටවත්ම අපිව පේන්නෙ නෑ.ඊටත් කළුවර ගහෙන් වැටිල තියෙන අදුරත් එක්ක බැලූ බැල්මට කෙනෙක්ට හිතා ගන්න බෑ එතන කව්රුත් ඉන්නව කියල.තත්පර ගානක්ම මං වෙ නපුරු ඇස් දිහා බලන් උන්නෙ.
සර්ටත් වගක් නෑ මගෙ ඇස් දිහාම බලන් ඉන්නව.ජීවිතේ පළවෙනි පාරට ඒ නපුරු ඇස් අස්සෙ මොකක්දොක් ලෙන්ගතුකමක් මට දැනෙනව.හරියට කල්ප කාලයක්ම මං වෙනුවෙන් බලන් ඉන්නව වගේ.
වෙනදට අභිරූ සර්ව ද්ස්කිද්දිත් බයේ ගැහෙන මං අද ඒ උණුහුමට මහ ගොඩාක් ආස කරන අපූරුව.ඒ උණුහුම අස්සෙන් තාත්තෙක්ගෙ සෙනෙහසට නොදෙවෙනි රැකවරණයක් දැනෙන්නෙ උණේ අමුතුම හැඟීමක් මුළු පපුවම හීනියට කිති කවද්දි.
ඒ නපුරුකමට මේ හිත ආස කරනවද මන්ද ඒ නපුරු ඇස් දිහා බලන් ඉන්න යටි හිත කෑ ගහද්දි එහෙම්ම මූණ බිමට නැඹුරු කර ගත්තෙ උඩු හිත මට මගෙ සීමාව මතක් කරල දෙන්න උණු නිසා.
ඒත් අභිරූ සර් නම් මාව ඒ උණුහුමෙන් මුදවන්න අකමැති ගානයි.එතනින් ගැලවිලා යන්න හදපු මාව තව තවත් ඒ පපුවටම තද කර ගත්තෙ මගෙ නිකටට ඇගිලි තුඩු තියල ආයෙමත් ඒ ඇස් දිහාවට හරව ගන්න ගමන්.
එහෙම්ම ඉණ වටේ දාන් උන්නු අත අහක් කරලමගෙ කෙස් වැටියෙන් අල්ල ගත්තෙ මට හිතන්නවත් කාලයක් නැති වෙද්දි.ටික ටික මුළු කොණ්ඩෙම ඒ විශාල අතට හිර වෙනකොට පිටි පස්සට ඇදිල යන කෙස් ගස් නිසා ඔළු කට්ට පුපුරන්න තරම් වේදනාවක් ඇති වුණේ.
මගෙ කොණ්ඩෙන් අල්ල ගෙන මගෙ මූණට එබිල හිටපු අභිරූ සර්ගෙ කම්මුල් නලියන්න වුණේ ඒ මූණට ආයෙමත් නපුරුකම ආරූඪ වෙද්දි……
නැවත හමුවෙමු