4 වන දිගහැරුම
මම ඔහුට රවාගෙනම අසුනෙන් වාඩි වෙද්දී ඔහු මට අනෙක් පස රියදුරු අසුනෙන් වාඩි වී මා දෙස නොබලාම වාහනය ස්ටාර්ට් කරද්දී මාත් ෆෝන් එක ඔබන්නට වුවෙමි.
කිසිදු කතාබහක් නොමැතිව වාහනය ඉදිරියට ඇදෙද්දී මට නම් දැනුනේ මහම මහා කම්මැළිකමක්…ඇයි වදේ සින්දුවක් වත් දාන්නේ නෑ…කොහොම යනවද මන්දා…
එකපාරටම ගැහුවා බ්‍ර්රේක් එකක්..මන් නැවතුනේ ඉස්සරහ ඔළුව ත් වද්දගෙන…
🌹 ” ඔයා කොහෙන්ද අප්පා ඔච්චර හොදට බ්‍රේක් එක පාගන්න ඉගෙන ගත්තේ….”?
🍁 “ඇයි මොකෝ
මන් කොහෙන් ඉගනගත්‍තත් තමුසේට මොකද…”?
🌹” නෑ මාත් ඉගනගන්න ඇහුවේ…
මොනෝ වුණත් ඒ බ්‍රේක් එකට තා චුට්ටෙන් මගේ ඔලුව ත් වැදිලා මට වෙන්නේ අංගොඩ යන්න…”
🍁 ” දැන් කියලාත් වෙනසක් නෑ හලෝ තමුසේගේ….
මන් එනකන් ඉන්නවා ඔහොම…”
ඔහු වාහනයෙන් බැස අසල තිබු කඩයක් තුළට ගොස් නැවත විත් මගේ ඔඩොක්කුව මත තැබුවේ කඩයප්පම් කීපයක් . ඒවා දැක්කම නම් මගේ බඩේ පනුවෝ හිප් හිප් හුරේ ගෑවේ මගේ රසදිවත් මට අවනත නොවෙද්දී . මම ඔහු සිටින බවවත් ගනන් නොගෙන ටිපිට්ප් පැකට් එකක් කඩලා අතට ටිකක් අහුරක් අරගෙන කටේ දාගෙන ශබ්ද නගමින් කද්දී ඔහු විටින් විට මට රැව්වා.
🍁 ” කන්නවත් දන්නේ නැද්ද ….
සද්ද නොකර කනවා…ඕක මන් උදුරගන්නේ නෑ….”
මන් ඒත් ගාණක්වත් නොමැති ව ටිපිට්ප් පැකට් එකම හිස් කරේ ශබ්ද නගාම තමා…
ටිපිට්ප් පැකට් එකම හිස් කරපු මම බෑග් එක බලලා බබල්ගම් එකක් කටට දාගෙන හපලා බෝලයක් පිම්බුවා… මට ඉස්සර ඉදන්ම මේ වගේ වැඩ හොදට පුළුවන් .
🍁 “චී තමුසේ මොකෙද්ද අප්පා..
කෙල්ලෙක්ද ….පේරේතියක් ද…මහ පෙරේත වැඩ තියෙන්නේ …..”
මන් ඔහුගේ දෙස හැරිලා බලද්දී එකපාරම චුයින්ගම් එකෙන් පිම්බුව බෝලේ පුපුරලා චුයින්ගම් එක මගේ මූණේ වැදුණේ මට ලැජ්ජා යද්දීය .
🍁 ” යස වැඩේ පෙරේත වැඩ කරනවට..
ඔහු සිනාසෙමින් පවසද්දී මන් වාහනේ ප්ලේයර් එකින් සින්දුවක් සද්දේට දාද්දී ඔහු එක ඔෆ් කරලා දැම්මා..මන් ඔහු දෙස රවා බලද්දී ඔහු ඉවත බලා ගෙන සිගරට් එකක් පත්තු කරගනිද්දී මන් ඒ සිගරට් එක ජනේලයෙන් එළියට විසි කරලා දැම්මා. ඒ කාලේ ඉදන්ම මට සිගරට් දුම ඉවසන්න අමාරුයි. ඒත් මේ වෙලාවේ නම් මන් කරේ ආපු තරහට.
ඔහු එකවරම මගේ අතක් ඔහුගේ හැඩි දැඩි අතකින් අල්ලාගෙන අනිත් පැත්තට අඹරද්දී මගේ ඇස් දෙකෙන් කදුලු පැන්නා . ඔහු අත අතාරින්නේම නැතුව
🍁 ” කවුද තමුසේ….
මේ රොකී ගේ දෙයක් විසි කරන්න.
..පාඩුවේ ඉදපන් …අයියට උඹ ලොකූ වුණාට මට නෑ..
අයියා කිව්ව නිසා මිසක් නැත්නම් මට අමාරුවක් නෑ මේ එක එක බැ##යෝන්ට ….’
ඔහු කියන්න ආ දේ නොකියා මගේ අත ගසා දමා වාහනේ ස්ටාර්ට් කරගෙන යද්දී කදුලු පිරූ දෑසින් මා බැලුවේ රතු වෙලා තිබුණු මගේ අත.
කොච්චර මුරණ්ඩු දග වැඩ කරත් මෙතෙක් කාලේකට මගේ තාත්තා වත් මට අත උස්සලා වත් ඒ විදියට කතා කරලාවත් නෑ…
කොච්චර දගකාර වුවත් අද නම් මට ඇඩුණේ වේදනාවටමයි. මගේ දෑසින් ගිලිහෙන කදුලු පේළි කොපුල් දිගේ බේරී වැටෙද්දී මා ඒවා අතින් පිසලන්න වුවෙමි. මගේ හැඩුම් සිහින් ඉකියක් බවට පත් වෙද්දී මා නොදැනුවත්වම මගේ දෑස් පිය වුණි.
😭😭😭😭😭😭
🎭 “රොකී වැඩේ හරිද . .. ..අර බඩු ටික යැව්වනේ වෙලාවට…”
🍁’ ඔව් අයියා ඔක්කොම හරි….”
🎭” රොකී මගේ කෙල්ල තනිකර පිස්සියෙක් නේ…ඒකී මාව පිස්සු වට්ටනෝ බන්…”
🍁 ” හ්ම්….”.
🎭 ” මොකෝ යකෝ ඔය මූණේ හැටි ….”?
🍁” නෑ….මේ අයියේ ඒකී පත්තරකාරී යක් ….අපේ වැඩ වලට අවුලක් වෙයිද ..”?
🎭 ” ඒක මන් හොයලා තියෙන්නේ ..ඒ කෙල්ලා රස්සාවට ගියාට මෙච්චර කාලේකට මොකුත් කරලා නෑ…ඒකී සෙල්ලක්කාරයි නේ රොකියෝ…බයවෙන්න දෙයක් නෑ…ඒකී ගැන මන් බලාගන්නම්…උඹ බය නැතුව ඉදපන්…”
🍁 ” හා මට නම් ඔය කෙල්ලා ෂුවර් නෑ….
බලමු බලමු….”
💖💖💖💖
තද නින්දකින් පසුව මන් සෙමෙන් සෙමෙන් ඇස් අරිද්දි මන් හිටියේ මගේ කාමරේ ඇද උඩ. හත්තලාමේ වෙච්ච දේ කියලා කල්පනා කරද්දී යි මතක් වුණේ අර බලු තඩියා රොකී මගේ අත රිද්දලා මන් අඩලා මට එහෙමම නින්ද ගියා නේ..එතකොටත් මන් ගෙදර ආවේ කොහොමද ….මල ඉලව්වයි ….අර යකා මාව ගෙදරට දාලා නේ….ඉවරයි ගෙදරින් දෙන බත් කාඩ් එකත් කැපෙන ලකුණු තමා ඉතින් …
මන් හෙමීට ඇදෙන් බැහැලා යද්දී අම්මා සාලේ කම්මුලට අතක් ගහගෙනකල්පනාවක වැටිලා ….තාත්තා නම් නෑ වගේ….ෂුවර් එකටම අම්මා ඇත්තේ දුම්මල වරම අතට අරන් ….ඒත් ඕන දෙයක් වෙච්චාවෙ කියලා මන් ගිහින් අම්මාගේ ළගින් වාඩිවෙලා අම්මාගේ උකුලේ ඔලුව තියා ගත්තා…
💖💖💖💖💖
ගොඩාක් දවසකින් කතාව ගේනාවේ.. බීසී මේ ටිකේම තාම ඉවර නෑ…මේ දහසක් වැඩ එක්ක ලිව්වේ …..
මහන්සියට කතාව කියවලා අදහසක් දාන්න. හොර පාරෙන් යන්න එපා …ආදරෙයි හැමෝටම