සංසාර සිත්තම ❤️

✍️භාශි💘

දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්. අපට දෛවයෙන්ම ලැබෙන වාසනාවල් වගේම අවාසානවන්ත දේවලුත් තියනව.ඒ වගේම සමහර බැදීමුත් අපට සංසාරගත පුරුද්දකට වගේ හමු වෙනව. මගේ මේ කතාවත් අන්න ඒ වගේ කතාවක්.

දිල්කි සහ හිරුන්‍යා කියන්නෙ හොදම යාලුවෝ. මේ යාලුකම ඇති උන විදිය නම් ටිකක් වෙනස්. හැමෝම රන්ඩුවක් පටන් ගනී කියල හිතුව තැනකින් ආරම්භ උන මේ මිතුදම හරිම ශක්තිමත් වගේම ලස්සන එකක් විදියට මේ වෙද්දි හැමෝම දන්නව.

උසස් පෙළ සිංහල පංති ඇරිල හිරුන්‍ය යාලුවෝ එක්ක ඊළග පංතියට යන්න පයින් එනගමන් හිටියෙ.

එක පාරටම හිරුන්‍යගෙ යාලුවෙක්…

“හිරූ.. අර බලපන්කො, අර කෙල්ල තමා උබේ කොල්ලගෙ කලින් කෑල්ල.” කියල කඩයක් පැත්තට අත දික් කරා..

“කවුද බං?”…

“අර ඉන්නෙ බං ඩෙනිමක් ඇදන්…. රතු ටීශර්ට් එකක් ඇදන් උබේ වගේද මංද ඒ ටීශර්ට් එකත්…”

“කෝ?…”

“අර ඉන්නෙ….”

“ආ හරි හරි…”

මේ දිහා මේ වෙද්දි ඒ කෙල්ලත් බලන් හිටියෙ… මොකද මේ සෙට් එකේ කටවල් ඒ තරම් සද්දයි… ඒ ගෑනු ලමය ගස්සල අහක බලාගත්ත…

“පුහ් බලපන්කො හිරූ… හිතන් ඉන්නෙ ලෝක රූ රැජිණ කියල… ලොකු කම … හහ්…”

“ඔව්මයි ආශු…. අර බලනවකො හිරුවො ඒකි උබ දිහා කන්න වගේ බලන්නෙ…”

“අනේ නිකන් හිටපං හිමාය … ඒ කෙල්ල මට රැව්වෙ නෑ…මෙන්න මෙහෙ වරෙන් ක්ලාස් එකට යන්න….”

හිරූ යාලුවෝ ටිකත් ඇදගෙන ක්ලාස් එකට ගියා.

හිරූ කියන්නෙ ඒ සෙට් එකේ කටකාරම කෙල්ල වගේම නපුරුම කෙල්ල.

“අම්මේ බං අරූගෙ පරන කෙල්ලගෙ හැටි… ඌ අන්ධ වෙලාද ඉදල තියෙනේ… “ආශු ඇහුවෙ මූනත් දෙක කරගෙන….

“අනේ ඒකි කැත නැ බං.. ලස්සනයි… උබලට මොකද්ද ඒ කෙල්ල කරපු වරද? අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව අර සර් කියන දේ අහගනින්…”

“ලස්ස්නයි?.. කොහෙද දන්නෙ නෑ ලස්සන .. උබට පිස්සු.”

“කමක් නෑ මටනෙ පිස්සු උබ අරක අහගනින්කො”

පංතියේ ලමයි දාහක් විතර ඉන්නව. ඉඩත් මදි. හිරූගෙ යාලුවෝ හතර දෙනාම එකම ඩෙස්ක් එකේ ඉන්නෙ.

“අනේ ඉඩ නෑ නිමෝ එහාට පලයන්කො.”

“කොහාට යන්නද බං”

“එහාට..”

“බිමට තමා යන්න වෙන්නෙ නටන්නැතුව ඉදපංකො ආශු”

කොහොම හරි ආශු දගලලා දගලලා වැට්ටුවා හිරූගෙ පර්ස් එක… ඒකේ තිබ්බ පෑන් සේරම සද්දෙකුත් දාගෙනම විසිරිලා ගියා. වැඩේට හිරූට කේන්ති ගියා…

“තොපි දෙන්න පාඩුවේ ඉන්නවද ?නැද්ද?”

“හරි හරි බං ඉඩ මදි මට”

“ඒව අදාල නෑ.. මගෙ පෑන් ටික අහුලලා දීපන්”

“හා බන් හා..”

ඔහොම කියව කියව ඉද්දි එක පාරටම සර් ස්ටේජ් එක උඩ ඉදන්

“මේ ගෑනු ලමයින්ගෙ පැත්තෙ දෙවනි ඩෙස්ක් සෙට් එකේ අන්තිම හරියෙ ඔය රතු පාට ටීශර්ට් දෙකක් ඇදන් ඉන්න නිමුන්නු දෙන්න ඉන්න ඩෙස්ක් දෙකේ ඉස්සර ඉන්න දරුව ඉන්න පෝලිම කෑ ගහන්න එපා..” කියල කෑ ගැහුව…

කාටවත් ගානක් ගියෙ නෑ මේක කාටද කීවෙ කියල. මොකද හිරූගෙ යාලුවෝ හතර දෙනාටම නිමුන්නු නෑ. ඒ නිසා ඒ සෙට් එක දිගටම රන්ඩු වෙවී හිටිය.

“ආය කියන්නෙ නෑ දරුවෝ.. ඔය කන්නාඩි දාන දරුව ඉන්න පෝලිම.. කොහෙද පස්ස බලන්නෙ ඔයාලට තමා කියන්නෙ.. කෙල්ලො කියල බලන්නෙ නෑ ගන්නව ඉස්සරහට.” එතකොට තමා හිරූට තේරුනේ රතු ටීශර්ට් එක හිරූ කියල…

“හපොයි ලැජ්ජාවෙ බෑ.. කට වහපන් යකෝ අපට කියන්නෙ.. “

“අපේ නිමුන්නු නෑනෙ බන්…”

” ඒ උනාට රතු ටී ශර්ට් එක මං. කට වහපන්”

කට්ටිය සද්ද නෑ ඒත් දගලන එකේ ඉවරක් නෑ… එක පාරටම

“මේ එක්ස්ක්‍යුස් මී… නටන්නෙ නැතුව ඉන්නවද.. අපට බෝඩ් එක පේන්නෙ නෑ… ” ආශුට උරිස්සට තට්ටුවක් දාල පිටි පස්සෙ පෝලිමේ කෙල්ලක් කීව.

“අහ් සොරි..”

ඒ පාර නම් කට්ටියම තැන්පත් උනා…

“😂හරිනෙ ඕකටනෙ නැටුවෙ…” හිරූ හිනා වෙවී කීව…

“අනේ නිකම් හිටපන් ඒකි උබේ යාලුවෙක්ගෙ රැස් අරන් ඒ කෑ ගහන්නෙ.”

“මොන යාලුවෙක්ද?”

“බලපන්කො පිටිපස්ස. තේරෙයි… ඒකි තමා කීවෙ රන්ඩු කරන්න කියල අපට. ඒකිට ඊරිසිය ඇති උබ ගැන ..”

“කවුද බං…”

බලපන්කො හැරිල.”

හිරූ හැරිල බැලුව.. දෙයියනේ මේකිත් මේ ක්ලාස් එකට එනවද… හපොයි…. හිරූ ඉක්මනට ඉස්සර හැරුන .

“දැක්කද..”

“හ්ම්ම්”

“කාවද?”

“සිතිජගෙ කලින් කෙල්ල”

“ඒකි තමා අපිට බැනල රන්ඩු වෙන්න කීවෙ. උබට බනින්න ඕනෙ කියලත් කීව”

“කොයි වෙලේද?”

“දැං .. උබෙ කන් ඇහෙන්නෙ නැද්ද?”

“ඇහුනෙ නෑ..”

“මං නම් කියන්නෙ බැනපන්”

“ඉදාම් බලන්න”

හිරූ එහෙම ආශුට කියාගෙනම හැරුන අර කෙල්ලට බනින්න. හැරිල රැව්ව හිරූ ඒ කෙල්ලට.. ඒ කෙල්ලත් රැව්ව.

ඒ එක්කම හිරූ ඒ කෙල්ලට,

“මේ ඔයා…..

දෙවනි කොටසින් හමු වෙමු ලමායි🌝 බෝරින්ග් මුල ටික තුම් වෙනි කොටසට විතර යද්දි ඕක හරියයි… ආ තව දෙයක් 🙈ඕක ඇත්ත කතාවක්… ලියන්න ඕනෙ නිසා ටිකක් වෙනස් කරා