නොකියූ ආදරේ 🖤~🌸 _
හතර වැනි දිගහැරුම ©©°°
“නිකිගෙන් අත මුදවගෙන මම ඇහුවේ ඇයි කියල .. ඒ අහනකොට නිකි මට පෙන්නපු දෙයින් මාව ගල් ගැහුනා වගේ උනා ” …..
නිකිතා අනුදිට පෙන්නුවේ එදා ක්ලාස් ආව කොල්ලාව .. ඒ කොල්ලා හිටියේ තව ගෑනු ලමයෙක් ලග හෝල්ට් එකේ බිත්තියකට හේත්තු වෙලා .. හැබැයී ඒ කෙල්ල එක්ක කොල්ලා කතා කරන්නේ නම් නෑ .. දෙන්නම ෆෝන්ස් වල සිහියෙන් හිටියේ ..
” ඒ එයාගේ ගර්ල්ද බන් “
මම නිකීගෙන් ඇහුවේ දුකෙන් .. ඒ වෙලේ මගේ හිත රිදිලා තිබ්බේ අහේතුකවම … ඇයි කියන්න මං දන්නෑ .. මම දන්නෙ මෙචිචර එයා වෙන අයට ලං වෙනවා මට බලන් ඉන්න බෑ ..
” නැතුව ඇති නේද බන් .. අර පේන්නැද්ද දෙන්නම ඉන්නේ ෆෝන්ස් වල සිහියෙන් ..
නිකිතා අනුදිගේ හිත කඩන්න බැරි නිසා එහෙම කිව්වත් ඇයටත් ඒ පිලිබඳ සැකයක් මතු වෙලා තිබ්බේ ..
” ඒත් බන් .. එක ලගනේ ඉන්නේ ඒ දෙන්නා “
” ඈ යකෝ දෙන්නෙක් එක ලග ඉන්නකොට උන් දෙන්නා කොල්ලයී කෙල්ලයිද .. අනේ මේ විකාර නොහිතා ඉදින් බන් .. හරි වරෙන්කෝ මමත් උබව ඌ ගාවින් ගිහින් හිට්ටවන්න …. එතකොට උබේ කොල්ලා ඌ තමා .. “
නිකී එහෙම කිව්වේ මගේ අතින් තදින් අල්ලගෙන නපුරු ගාවට ඇදගෙන යන ගමන්
” අයියෝ පිස්සුද .. නිකී ..යකෝ .. අතෑරපන් මාව .. මට බෑ එතනට යන්න ..”
අනුදි නිකිතත් එක්ක ඔට්ටු වෙලා කෝමහරි අත ගලවගෙන නිකීගෙනුත් ඇදන් අනුදි බස් එක ලගට ඇවිදන් ගියා … ගිහින් ඩබල් ෂීට් එකක අයිනක් අල්ලගෙන ඉදගෙන ජනේලෙන් එහාපැත්තේ පේන ඒ රුව දෙසම බලන් උන්නේ හොරයක් අල්ලන්න වගෙ ..
අනූ ..
ම්ම්ම්ම්ම් ..
නිකී කතා කරේ මම ඒ නපුරා අර කෙල්ල එක්ක කතා කරනවද කියල බලාගෙන ඉද්දී .. ඇත්තටම මට දැනගන්න ඕනේ මේ කෙල්ලගෙයී එයාගෙයි අතර එෆ්ෆෙයාර් එකක් තියෙනවද කියල .. ඒත් නිකී එක්ක බෑනේ මොකුත් කරන්න .. එයාට මගෙ හිතේ තියෙන දේවල් ගැන කියන්නත් බෑ බනින නිසා ..
අනූ ..
ම්ම්ම් ..
අනූ … බලපන් මගෙ දිහා ..
හ්ම් කියන්න ..
නිකිතගෙන් බේරෙන්න බැරිම තැන කෙල්ල නිකී දිහාවට හැරුනා
මම දෙයක් අහන්නම් ඇත්තම කියනවද?
හ්ම් .. අහන්නකෝ බලන්න ..
ඔයාගේ හිතේ ඒ කොල්ලා ගැන තියෙන්නේ ආකර්ෂණයක් නේද ?
“ඔව් බන් .. ඇයි මම එදා උබට කිව්වේ පැහැදිලි කරලම … “
මේ නිකීනම් මොනවා අහනවද මන්දා .. මම මටම කියාගත්තේ මගෙ නපුරා දිහා බලාන …..
“හ්ම් .. කිව්ව නම් තමයී .. ඒත් උබ මට මේක කියපන්කෝ .. “
හ්ම් .. අහපන් ඉතින් ඉක්මනට ..
අනුදි කිව්වේ නැවත වතාවක් ජනේලයෙන් එපිට බලලා
උබේ හිතේ උබ කියන විදියට ඒ කොල්ලා ගැන තියෙන්නේ ආකර්ෂණයක් ..
හ්ම් ඔව් ඔව් බන් .. ඌ ලස්සනයි … ඒ බෝල නපුරු ඇස් .. ඒ රැවුල .. මම ආසයී. ඒ හැසිරීම මාව පිස්සු වට්ටලා තියෙන්නේ
හ්ම් … ඌ ලස්සනයි ..
ඉතින් ..
ඌට උබ ආදරේ නෑ …
නෑ …
ඌ ගැන උබට වැඩක් නෑ ? ..
නෑ …
ඒනම් ඇයි උබ ඌ ගැන මේ තරමටම උනන්දු .. ඇයි ඌට කෙල්ලෙක් ඇති කියල බයවුනේ … ඇයී ඌ ගැන හැමතිස්සෙම අවදානෙන් ඉන්නේ .. මේ දැන් උබ ඔය ජනේලෙන් ඌ අර කෙල්ල එක්ක කතා කරනවද කියලා බලන් ඉන්නවා වගේ ….
නිකිතගෙ ඒ ප්රශ්න හමුවේ අනුදි මදක් ගොලු වුනා .. මොකද ඇයට නිකිතගෙ ප්රශ්න වලට දෙන්න පිලිතුරු නෑ .. නමුත් ඇය දන්නවා එක දෙයක් .. ඒ ආදරයක් නොවන වග …
දන්නෑ නිකී .. හැබැයි ඒ ආදරේ නෙවේ ..
අනුදි එහෙම කියලා මදක් ඒ රුව දෙස බලා හිද ජනේලය වසා දැමුවේ නිකිතා මදක් ඇය දෙසට නෙත් යොමා සිටින විට…
“උබ ආදරේ කරනවා බන් ඒ කොල්ලට .. ඒත් මට තියෙන බය උබ ඌ නිසා මොන කරදරෙක පැටලෙයිද කියලා .. “
නිකිතා යටි සිතුන් සිතුවා පමනී ..
…………………………………………………….
අම්මීයෝ….
අම්මී…
අම්මෝ…. අම්මා …. අම්මේ … අම්මූවෝ… අම්මාආආආආආආආ …
” මොකද දෝනි මේ උදේම බෙරිහන් දෙන්නේ.. තාත්තී තාම නිදි කෑගහන්න එපා ඇහැරෙයී .. “
මම උදේ පාන්දරම නැගිට්ටේ it ක්ලාස් එකේ මිස් දුන්න html … css .. python .. ලෙසන් ටික බලාගන්න .. මොකද අද මන්ත්ලි ටෙස්ට් එකනේ … නැත්තම් ඉතින් මම උදේ පාන්දර නැගිටින්නේ කන්න දෙයක් ඕනී උනාම තමයී 🙈 ..
” දෝනී “
” ඕඕඕඕඕඔඉ … ගුම්මෝනින්ග් අම්මා ..”
මම කිව්වේ බෙඩ් එකේ ඉදගෙන උනාට ඇස් දෙක පියාන ..
ගුඩ්මෝර්නින්ග් ගුඩ්මෝර්නින්ග් .. මොකෝ මේ උදේ පාන්දර නැගිටින්න හිතිලා කෙල්ලට … අද මොකක්හරි ටෙස්ට් එකක් තියෙනවද අයි ටී ක්ලාස් එකේ … නැත්තම් තමුන් මේ ටයිම් හොදට නිදිනේ ගොරව ගොරව ..
සැක් … අයියෝ අම්මා .. නෝන්ඩි කරනවා කියල ඔහොමත් කරනවද ..මම තරාහයී .. ..
මම කිව්වේ බොරු තරහක් මවාන කට ඇද කරන ගමන් ..
හා හා .. ඔය කෝලම් කරා ඇති.. නැගිට්ටා වගේ නෙවේ දැන් පාඩම් කරනවා ..
හා ඉතිම් .. 😏
දෝනී ඉස්සෙල්ලා මට කතා කලේ ඇයි ..
මම නැගිට්ටා කියල අගවන්න අනේ 🙈 ..
ඇත්තමයි මට දෙන්න පුලුවන් හොද දෙකක් .. යනවා ගිහින් මූන සෝදන් පාඩම් කරන්න ගන්නවා
දෙහි ගෙඩි දෙක තුනක් කපලා අම්මා ගියායින් පස්සේ මම වැනි වැනි වොෂ් රූම් එකට ගිහින් පාන්දර කියල නොබලා නාගත්තේ ඇගට ෆිට් එකක් එද්දීන් ..
මම කොහොමත් නැගිටින්නේ කීයටද .. ඒ වෙලාවට නාලා තමා දවස පටන් ගන්නේ .. කවුරු කෝම බැන්නත් මම ඒ දේ කරලම තමා පස්ස බලන්නේ . හී ….
පැය බාගෙකින් විතර බාත්රූම් එකෙන් මම එලියට ආවේ සිංදුවකුත් මුමුන මුමුන ..
කෝමත් ඉතින් මගෙ කටේ සිංදුවක කෑල්ලක් වරදින්නෑ .. හැමතිස්සෙම සිංදුවෙන්මයි ඉන්නේ මන් .. ඉන්න ටිකේ ඉන්න ඕනී ආතල් එකේ .. අන්න ඒකයී මගේ තියරිය … සලල ලලා 🙈
ඇරබික් එකට ටී එකක් දාගෙන .. පවුසර් ටිකකුත් මූනේ උලන් ෆෝන් එකත් අරන් ගිහින් ටේබල් එක ගාවට ගිහින් ඉදගත්තා …
ඉදගෙන විනාඩි දහයක් විතර කල්පනා කලේ පාඩම් කරන්න පටන් ගන්නේ කොහින්ද කියල .. පොත් ගොඩ දකිද්දින් පිස්සු වගේ 😥 ..
පොත් ගොඩ දිහා බලාගෙන ඉන්න ඇති පැය කාලක් විතර .. ඊටපස්සේ මම ෆෝන් එක අරන් වට්සැප් පැත්තේ ගියේ නිකියා ඔන්ලයින් ද කියල බලන්න ..
නිකී නම් ඔන්ලයින් හිටියේ නෑ ඒත් අයිටී ක්ලාස් එකේ ලමයී හුගක් අය ඔන්ලයින් .. ඒ කියන්නේ අපි විතරයී මේ මහ දවල් වෙනකන් නිදාගන්නේ .. මුන් උදේ පාන්දර නැගිටලා පාඩම් කරනෝ .. සැක් ඇයි අපිට බැරි මුන් වගේ හොද ලමයි වෙන්න 🤔🤔🤔 …
නිකියා මොකද දන්නෑ කරන්නේ .. මොනා කරන්නද ඉතින් ඇති ගොරව ගොරව .. ඒකිවත් ඇහැරවගෙන පොඩි පාඩම් පාරක් දාන්න ඕනී …
හරියටම කෝල් තිස් ගානකින් තිස් හයවෙනි කෝල් එකෙන් නිකීවත් නැගිට්ටවගත්තා .. යකෝ මම හොදයීනේ මේකිට වඩා 👋
ඊටපස්සේ ක්ලාස් එකේ පොත් ටික සේරම මගෙ ලගට ගත්තේ නිකීටත් ඒ දේම කරන්න කියල වීඩියෝ කෝල් එකෙන් අතින් සන් කරන ගමන් .. ඒ පිස්සු මගුල ඈනුම් ඇර ඇර පොත් හොයනවා .. හිනාත් යනවා ඒ ඇක්ෂන් දැකලා ..
අපි පාඩම් කරනවනම් පාඩම් කරන්නේ මෙහෙම වීඩියෝ කෝල් වලින් තෙ..මොකද එතකොට දෙන්නා වෙන වෙන වැඩ වලට අවදානය යොමු වෙන එක අඩුයිනේ ..
පොත අතට ගන්නත් කලින් නිදිමත හැදෙනවා .. නැත්තම් පොත යට ෆෝන් එක තියන් ඔබනවා .. ඒ වගේ දේවල් වෙනවනේ ..ඒත් මෙහෙම කරනකොට කම්මැලිකම නෑ .. ෆෝන් එක ඔබන්න ඕනිත් නෑ ෆෝන් එකේ කොල් එකනේ ..
ඉතින් දෙන්නම සද්ද නැතුව පාඩම් කරනවා .. හැබැයි ඉතින් සමහර දවස් වල වෙන්නෙම දවසම කයිය ගහන එක .. 🙈🙈
ඒ කොහොම උනත් කෝමද අපේ ටිකිරි මොලේ .. සලල ලලා .. 🙈
ඩයලොග් වලට පිංසිද්ද වෙන්න 107 වට්සැප් .. එෆ් බී මාසේ පැක් එකයී .. යූ ටියුබ් මාසේ පැක් එකයී දාගෙන ඉන්න නිසා තාමත් ගෙදර යහතින් ඉන්න පුලුවන් නැත්තම් මාව අපේ අම්මා ගෙදරින් පිටුවහල් කරනවා තාත්තා ජනාධිපති කියලද හිතන් ඉන්නේ කියල අහලා 😅..
°••|🖤 මම හංසි