කිඳුරංගනා Facebook novel 🌷🌷

❌❌⁣කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්❌❌

4_කොටස

” උඹලා මොනවද තවත් මෙතන කරන්නේ..මං එන්නම්..යන්න..”

ධීර් කෙල්ල ළඟට යන්න හදද්දිම දැක්කේ තාමත් එහා පැත්තට වෙලා කියව කියව ඉන්න කොල්ලෝ දෙන්නව. කොල්ලට ඕනි වුනේ කෙල්ලව තනි කරගන්න.

” ඒ මොකටද, වෙනදත් අපි තුන්දෙනා එකටනේ යන්නේ..🙄” හශේන් කිව්වේ ධීර්ගේ කේන්තිය ටිකක් අවුස්සන ගමන්.

” පලයන්කෝ..මට අරකි එක්ක කතාවක් තියෙනවා..” ධීර් කිව්වේ බිම බලාගෙන් ඈඟිලි ටිකත් මිරිකන් ඉන්න කෙල්ලව පෙන්නලා.

” ඒ මොකටද 🙄” හශේන් කොහොමත් මෙන්ටල් අවුට් නිසා වැඩිය හිතන්නෑ කිසි දෙයක්.

” ඇයි බූරුවෝ..එතකොට මුගේ බොස් පාට් එක ඇක්ට් කරලා අර කෙල්ලව බය කරගන්න පුළුවන් නේ..අනේ මන්දා බං උඹේ මොන්ටිසොරි වැඩ..” කියලා සහිරු යන්න ගියේ මොකුත් හිතාගන්න බැරුව හිටපු හශේන්වත් ඇදන්.

කෙල්ලට දැනුනා මොකක් නමුත් නරකක් වෙන්න යන්නේ කියලා. හදවත ඩග් ඩග් ගාලා ගැහෙද්දි හොඳටම දාඩියත් දාලා ඉන්න කෙල්ල දැන්නම් හොඳටම බය වෙලා කියලා ධීර්ටත් දැනුනා. කොල්ලා කෙල්ල ඉඳගෙන ඉන්න තැනට ගිහින් ඇඳන් හිපු බ්ලේසර් එක ගලවලා ලඟ තිබ්බ පුටුව උඩද දාද්දිම කෙල්ල එකපාරටම නැගිට්ටේ කොල්ලත් ගැස්සිලා යද්දි.

” සර්, මට රිසයින්ග් වෙන්න ඕනි…” ඇස් දෙකත් තද කරලි පියාගෙන් හිතට උපරිම ධෛර්යය අරන් කෙල්ල කියලා දැම්මා. තප්පර ගානක් යනකනුත් කොල්ලා මොකුත් නොකියපු නිසා කෙල්ල හිමීට ඇස් දෙක ඇරලා බැලුවා. ඉස්සහරට වෙලා කට කොනකින් හිනාවෙලා කෙල්ල දිහා බලන් ඉන්න ධීර්ව දැක්කම කෙල්ලට කෙල ගිලෙන්නෙත් නෑ දැන්නම්.

” ආයේ කියනවා බලන්න..” කොල්ලා කියද්දි කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ බයවෙලා.

” ආයේ කියනවා ඉතින්..😡” ඒ පාර කොල්ලා ටිකක් සද්දෙන් අහුවේ.

” ම-ම-මට…රි-රිසයින්ග් වෙන්න ඕනි ස- සර්…” කෙල්ල වෙව්ලන කට හඬින් කියලා දැම්මා.

” ඇයි, කෝ තමුසෙගේ අර ලොකු ලොකු පාට් දැමිල්ල..හරකා බූරුවා වුන මාව එක පාරට සර් වුනේ කොහොමද? ” එහෙම අහන ගමන් කොල්ලා අඩියෙන් අඩිය ආවේ කෙල්ල ගාවට..කොල්ලගේ කේන්තියට රතු වුන ඇස් දෙක දකිද්දි කෙල්ලට වචන එන්නෙත් නෑ කතා කරන්න. සහිරු කිව්වා හරි. කෙල්ල කෑ ගහගෙන ආවට කෙල්ල ටිකක් අහින්සකයිදෝ කියලාත් කොල්ලට හිතුනා.

කෙල පිඬක් ගිලින ගමන් කෙල්ල උත්සහ කලේ කියන්න දෙයක් මතක් කරගන්න.

” ස-සර්…මම සර්⁣ට බැන්නේ සර් වැරැද්දක් කරපු නිසානේ සර්….මම දැනන් හිටියෙ නෑ මේ කම්පැනි එක සර්ගේ කියලා…ඒක නිසා සර් ඒ දේට මට සමා වෙන්න..” කෙල්ල කියද්දි කොල්ලා කලේ සමච්චලයට හිනාවුන එක. කෙල්ල වෙවුල වෙවුල කතා කලාට හිත යටින් මල යකා.

” එතකොට එදා මට කරපු දේට?😏 ” කොල්ලා අහද්දි කෙල්ල ඇස් හීන් කරලා බැලුවේ. ටික වෙලාවක් සද්ද නැතුව හිටපු කෙල්ල,

” ඒකට මම සමාව ගන්නේ නෑ සර්…එදා වැරැද්ද කලේ සර්..සර් තමා හරිනම් සමාව ගන්න ඕනි..එහෙම කලානම් මේ කිසිදෙයක් නෑනේ..අනික අද වුනත් මේ දේ මෙහෙම වුනේ සර් නිසා.. සර්නේ හැන්ගුවේ මේක සර්ගේ කම්පැනි එක කියලා..මොකද මම දැනගෙන ආවෙ නෑනේ..මම වැරදි වැටහීමක හිටියනම් සර්ට තිබ්බා ඒක හදන්න, ඒත් සර් කලේ හශේන් සර් ගැන බොරු කියපු එකනේ…සර්ම වැරැද්ද කරලා ඇයි මම නිකන් දඬුවම් විඳින්නේ…” කෙල්ල එක දිගටම කියාගෙන ගියේ බලාගෙන ඉද්දිම කොල්ලගේ ඇස් කේන්තියෙන් රතු වෙද්දි.

” මොකද්ද තමුසේ කිවුවේ…මමද දැන් වැරදි..🤬” කොල්ලා ඉස්සරහට අඩිය තිබ්බේ කේන්තියෙන් අත් මිට මොලවන ගමන්. කෙල්ලත් තිබිච්ච බය පැත්තක දාලා කෙලින් කතා කලේ ඕනි දෙයක් වෙන්න කියලා. මොකද වැරැද්දක් නොකර තමන් බැනුම් අහන්න ඕනි නෑ කියන තැන කෙල්ල හිටියේ.

” වැරදිද නැද්ද කියලා සර්ගේ හිත දන්නවනේ…😏” කෙල්ලත් අත අරින්නෑ. රස්සාව තිබ්බත් එකයි නැතත් එකයි වගේ දැන්.

” ආහ් එහෙමද? තමුසේ කාටද ඔය කට ගහන් එන්නේ කියලා දන්නවද? තමුසේ තාම මේ ධීර්ගේ හැටි දන්නෑ…” එසේ කියමින් කොල්ලා කෙල්ල ගාවට ලං වුනේ කෙල්ලත් පස්සෙන් පස්සට යද්දි.

” හැටි නම් දැන ගත්තා මේ ටිකට…ගොනා ගොනාම තමා…තමුසෙගේ කට විතරයි..ගල් ඉබ්බෙක් වගේ ඇඟ තිබ්බට මොලේ නෑ..මී හරකා..😡” කිසිම බයක් නැතුව තමන් එක්ක කටගහන් එන කෙල්ල දිහා කොල්ලා බලන් හිටිය් මරන් කන සයිස් එකට. පස්සෙන් පස්සට ගියපු කෙල්ල නතර වුනේ මග හරස් වුන බිත්තියට හේත්තුවෙලා.

” කරුණාකරලා මට යන්න දෙනවා…මට තමුසෙගේ ජොබ් එකත් එපා සමාවත් එපා…මට අප්පිරියයි තමුසෙව දකිද්දිත්…සල්ලිකාර මානසිකයෝ..😡” කෙල්ල කියද්දිම කොල්ලගේ අත නතරවුනේ සාරියෙන් එහා මෙහා වෙච්ච කෙල්ලගේ බඳේ. කොච්චර තදින් ඇල්ලුවද කිව්වොත් කෙල්ලට කෑගැස්සුනා.

” ආව්….අතඅරිනවා…තමුසෙට පිස්සුද මිනිහෝ…” කෙල්ල කෑ ගැහුවේ වේදනාව මුසු වුන තරහකින්.

” තමුසෙගේ කටනම් තියෙනවා වක්කඩ වගේ..දැන් බේරෙනවකෝ බලන්න..😏” කොල්ලා තරහමුසු සමච්චලයකින් කියද්දි කෙල්ලට තමන් ගැනම දුක හිතුනා. තාත්තා කිව්වා වගේ ගෙදරට වෙලා හිටියනම් මේ මොකුත් නෑනේ..”ආපස්සට යන්න පුළුවන් නම් අත පයක් කැඩුනත් මේ මිනිහට වචනයක් නොකිය යනවා මං..නයෙක් මේකනම්” කෙල්ල හිතුවා.

” මේක හොඳට මතක තියාගන්නවා..තමුසේ වැඩ කරන්නේ මේ මගේ යටතේ..මේ #ධීරකදෙව්සන්වංශනායක ගේ යටතේ..මගේ යටතේ වැඩ කරන වුන් ඉන්නේ මට ඕනි විදිහට..විශේෂයෙන් තමුසේ…ඒක නිසා අද ඉඳලා විඳවන්න බලාගෙන ඉන්නවා..මොකද මෙච්චර කාලෙකට කිසි එකෙක් මාත් එක්ක කට ගහන් ඇවිත් නෑ, අපහස කරලා නෑ…ඒ වගේම මට එහෙම කරපු එකෙක්, යහතින් ඉඳලත් නෑ…ගෑණියෙක්ට කොහොමත් බෑ මාත් එක්ක නටන්න..Lets play..the game is on…😡” කියලා කියපු කොල්ලා කෙල්ලව අත ඇරලා යන්න ගියේ අර ගත්ත හුස්ම පහතට දාගන්න බැරුව කෙල්ල බලන් ඉද්දි.

” මෙච්චර වෛරයක්, මෙච්චර තරහක්..අර පොඩි දේට…අමනුස්සයෙක් මේ මිනිහානම්..” කෙල්ල තමන්ටම මුමුණන ගත්තේ ඇස්වලින් කඳුළු වැටෙද්දි.


කෙල්ල තව ටිකක් එහෙම්ම ඉඳලා තීරණයක් ගත්තා.

” ආශා…මට බෑ බං..මම රිසයින්ග් වෙනවා…” කෙල්ල ගිහින් කිව්වේ ආශාට.

” මේ අහපන්..මට කියපන් ඉස්සෙල්ලා මොකද්ද වුනේ කියලා..සරුයි උඹයි අතර තියෙන ප්‍රශ්නෙ මොකද්ද? ” ආශා ඇහුවේ ඇත්තටම මේ වෙන දේ අගක් මුලක් තේරුම් ගන්න බැරිම තැන. කෙල්ල ඉතින් උඩින් පල්ලෙන් විස්තරේ කිව්වා. අර කොල්ලට පයින් ගහපු ටික නැතුව. මොනවා වුනත් ඒ මේ ආයතනයේ ලොක්කනේ කියලා හිතලයි කෙල්ල එහෙම කලේ.

” අම්මෝ බං…සර් කේන්ති කාරයා කියලා දන්නවා..ඒත් මෙච්චර..උඹටත් හොඳ වැඩේ කොල්ලො එක්ක පැටලෙන්න යනවට..” ආශා කියද්දි කෙල්ල හොඳට රැව්වා.

” අනේ මට වෙන වැඩ නෑනේ ඔය ගල් උලමා එක්ක පැටලෙන්න..මම එහෙම කලේ එයා වැරැද්දක් කරපු නිසා..අනික…” කෙල්ල මේ ආයෙත් ධීර්ට දෙස් දෙවොල් තියන්න හදන්නේ කියලා දන්න නිසාම ආශා කතා කරන්න ගත්තේ.

” මේක අහපන්…උඹ ඇග්‍රිමන්ට් සයින් කලා නේද? මතක නැද්ද මැට්ටියේ..දැන් ඉතින් අයින් වෙන්න ඕන්නම් අවුරුද්දක් වැඩ කරන්න ඕනි.. එහෙම නැත්තම් කම්පැනි එකට වුන පාඩුවක් විදිහට ලක්ශ 5ක් ගෙවලා අයින් වෙන්න ඕනි..පුළුවන්ද දැන් සල්ලි ගෙවන්න..බෑනේ…ඒක නිසා ඔන්න ඕක අත ඇරලා සර් එක්ක හොඳින් වැඩ කරහන්..අනික උඹට තියෙන්නේ හිරූ සර් එක්ක වැඩ කරන්නනේ..ධීර් සර් නෙවෙයිනේ…”

ආශා කියපු දේ අහන් ඉඳපු කෙල්ල හොඳට හිතලා බලලා තීරණයක් ගත්තා. A4 ශීට් එකක් අරන් ලියුමක් ලියන්න ගත්තා.

” ඒ පාර මොකද්ද කරන්න හදන්නේ? ” ආශා ඇහුවෙ කෙල්ල මොකුත් නොකියන නිසා.

” ලක්ශශ පහනේ..මම කොහොම හරි ගෙවනවා..හිඟා කාලා හරි කමක් නෑ..අනික අපිට කාලයක් දෙනවාන් ඕක ගෙවන්න..මට ⁣බෑ මෙතන ඉඳලා මුගෙන් බැනුම් අහන්න..මරන් කන්න බලාගෙන ඉන්නේ..Game is on ගගා මොනවද ටිකක් කියෙව්වේ..ගල් ඉබ්බා..මන් වැඩකරයි ඔය ගස් නරියත් එක්ක..ඒවා කොහෙද..😏”

කෙල්ල කියවන් ගියේ ලියුමත් ලියන ගමන්. කෙල්ල ඉන්නේ ධීර් එක්ක පුදුම තරම් තරහකින්..ඒ නැතත් කෙල්ලට දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා. ප්‍රශ්නෙකුත් නොවන පොඩි දේකට මෙහෙම හැසිරෙන නිසයි කෙල්ලට තවත් තරහා.

⁣ලියුමත් අරන් ධීර්ගේ කැබින් එකට යන්න ආපු කෙල්ලට හම්බ වුනේ හශේන්ව.

“කොහෙද මේ කඩාගෙන දුවන්නේ..😁” හශේන් ඇහුවේ විහිළුවෙන් වුනත් කෙල්ල කලේ රවපු එක.

” ඒ පාර මට රවන්නේ මොකද? අර ඇතුලේ ඉන්න එකාටත් ඔහොම රවලා කාපන්කො නංගි ඈ…” හශේන් කියද්දි කෙල්ල ආයෙත් රැව්වා.

” අනේ යන්න සර්..මම හිතුවේ සර්ට හිතක් පපුවක් ඇති කියලා..වෙනසක් නෑ..ඔක්කොම එකතුවෙලා බොරු කරලා අන්තිමට අර ගල් ඉබ්බා මාව කන්න හදනවා…මම තවත් ඉන්නෑ මෙතන..” කියලා හශේන්ට බැනලා යන්න ගියපු කෙල්ලව හශේන් ආයෙත් ඇදලා පස්සට ගත්තා.

” මුලින්ම සොරි වෙන්න ඕනි අරූගේ මොන්ටිසොරි වැඩේට හවුල් වුනාට..අනික..අපේ එකා වැරදී තමා…ඒ වුනාට ඔයත් දැන ගන්න ඕනි ගැණු ළමෙක් වගේ හැසිරෙන්න..” කොල්ලා කියද්දි කෙල්ල ආයෙත් රවලා බලලා,

” හරි සර්..මම තමා වැරදි..සල්ලි කාරයෝ ඉතින් හරිනේ..ඕක ඔයා⁣ලගේ ගතිය..කොහොමත් මම තව දුරටත් මෙහේ ඉන්නෑ..සල්ලි ගෙවලා හරි අයින් වෙනවා..” කියපු කෙල්ල ධීර්ගේ කැබින් එක පැත්තට යන්න ගියා. හශේන් සුසුමක් හෙලලා යන්න ආපු ගමන ගියා. කොල්ලා දන්නවා කෙල්ල මේ යන ගමනෙන් පලක් නැති බව.

දොරටවත් තට්ටු නොකර ඇතුලට ආපු කේල්ලව දැක්කම ධීර්ට ඉතින් ආයෙත් යකා. කතා කර කර හිපු කෝල් එකත් කට් කරලා කොල්ලා මුලින්ම කලේ කෙල්ලට බැනපු එක.

” තමුසෙට මැනස් නැද්ද..දොරට තට්ටු කරලා එන්න…ලෙක්කගේ කැබින් එකට ඔහොම කඩාගෙන බිඳගෙන එන්න බෑ කියලා තමුසෙ දන්නැද්ද? ” කෙල්ල දිහා රතු වුන ඇස් වලින් බලාගෙන කියද්දි කෙල්ල කොල්ලලේ ටේබල් එක ගාවට ඇවිත් අතේ තිබුණු ලෙටර් එක කොල්ලගේ පැත්තට දික් කලා.

” මොකද්ද මේ..?😑”

” මගේ රිසයින්ග් ලෙටර් එක..ඕක බාර ගන්න.. මට බෑ තවදුරටත් මෙ⁣⁣තන මේ විදිහට වැඩ කරන්න” කෙල්ල කිව්වේ කොල්ලාදිහා ඍජුවම බලාගෙනයි. ටික වෙලාවක් යනකම් කෙල්ලවත් කොල්ලවත් කතා කලේ නෑ. කෙල්ල තාමත් කොල්ලා දිහාවට ලෙටර් එක දික් කරන් ඉන්නවා.

” හොඳයි…වාඩි වෙන්නකෝ එහෙනම්..” එසේ කියමින් කොල්ලා අතට ගත්තේ තරමක් ලොකු ෆයිල් එකක්.

” නෝ තෑන්ක්ස්..මේක භාරගත්තනම් ඇති..මට ඉක්මනට යන්න ඕනි..” කෙල්ල ගස්සලා දාලා කිව්වේ අහක බලාගෙන්. මේ හැම වෙලේම කොල්ලාගේ මුව අග දිබුණු සරදම් සිනහවනම් පොඩ්ඩක්වත් අඩු වුණේ නෑ.

” නෑ..මම කෝකටත් කියලා කිව්වේ..මොකද මේක දැක්කට පස්සේ තමුසෙ මෙතන කලාන්තේ දාලා වැටුනොත් එහෙම මට බෑ ඕවට වග කියන්න…” කොල්ලගේ මේ සරදම් වචන කෙල්ලට ඇල්ලුවේ නෑ.

” තමුසේ ඉස්සරහා කලාන්තේ දාන්න මට පිස්සු නෑ..අනික මොකද්ද ඕක..මට මොකුත් බලන්න ඕනි නෑ..”

” එහෙම බෑනේ මිස් කිඳුරංගනා විජේමාන්න..රිසයින්ග් එක ගැන කතා කරන්න කලින් මේක ටිකක් බලලා ඉන්නකෝ..😏” කොල්ලගේ මේ කියවිල්ලෙන් ඉක්මනට බේරේන්න ඕනි නිසාම කෙල්ල ෆයිල් එක අතට අරන් පෙරලා බැලුවා.

තප්පර ගානයි ගතවෙද්දි කෙල්ලගේ බෝල ඇස්දෙක තවත් විශාල වුනේ දන්නෙම නැතුව.

” නෑ නෑ…මෙක වෙන්න බෑ..මේ මොන විකාරයක්ද..මම මෙහෙම එකකට සයින් කලේ නෑ…” එසේ කියමින් කෙල්ල ෆයිල් එක අත ඇරියේ මේසේ උඩට. කොල්ලා හිටියේ අත් දෙකත් බැඳගෙන සුපුරුදු සමච්චල්සහගත සිනහවත් මුව රඳවන්.

” එතකොට…ඔය ලාස්ට් පේජ් එකේ තියෙන ඔරිජිනල් සිග්නේචර් එක මගෙද ඕයි….” මුල ටික හෙමින් කියපු ධීර් වාක්‍ය අවසන් කලේ සුපුරුදු කෝපාවිශ්ඨ ස්වරයෙන්.

” මේකත් මගෙන් පලිගන්න කරපු තමුසෙගේ ප්ලෑන් එකේ කොටසක්ද…” කිඳුරංගනත් ඇහුවේ ධීර්ට නොදෙවෙනි කෝපාන්විත ස්වරයකින්. මොකද කෙල්ලට මේ වෙද්දි තේරුම් ගිහින් තියෙන්නේ තමන් ආයෙත් ධීර්ගේ ගැටේකට අහුවෙලා ඉවරයි කියලා.

” හෝව් හෝව් මිස් කිඳුරංගනා..අපි මේ ඇග්‍රිමන්ට් එක තමුන්ට කියලා බලෙන් සයින්ග් කරගත්තෙ නෑනේ..තමුසෙගේ තියෙන නොසැලකිල්ලට කියවන්නේ,නැතුව සයින්ග් කරාට මට දොස් කියන්නෙපා..” කොල්ලා කිව්වේ ඇයට කට උත්තර නැති කරලා. ඇත්තනේ. තියෙන හදිස්සියට සයින්ග් කලා මිස කෙල්ල කිසිදෙයක් හොයලා බැලුවෙ නෑනේ.

එකඟත්වය පල කලපසු කුමන හේතුවක් මත හෝ වසරක් යන තුරු ආයතනයෙන් ඉවත් විය නොහැකිය.

ඉවත් විය හැක්කේ වසර තුනක තම සේවා කාලය පූර්ණ කල පසු පමනි.

වසරකට පසුව ඉවත් වන්නේ නම්, එය සලකා බැලිය හැකි හේතුවක් සහිතවිය යුතුය.

තවද එසේ ඉවත් වන්නේ නම්, පුහුණුව ඇතුලුව ලබාදුන් අනෙකුත් වරප්‍රසාද නිසා ආයතනය ලබන පාඩුව සලකා බලා ආයතනය විසින් ඉල්ලාසිටින වන්දිමුදල ගෙවිය යුතුය.

යමෙකු එය ගෙවීමට අපොහොසත් වන්නේ නම්, ආයතනය විසින් ඔහු හෝ ඇයට විරුද්ධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

මේ තියෙන විදිහට මොන දේ වුනත් කෙල්ලට අවුරුද්දක් අනිවාර්යයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. කෙල්ලට දැනුනේ දරාගන්න බැරි තරම් තරහක්. තමන්ගේ ඇග්‍රිමනටි,එක විතරක් වෙනස් වුන එකයි ලොකුම තරහා.

” අනිත් අයට එක විදිහකුයි මට තව විදිහකුයි වෙන්න බෑනේ…එක නිසා මිස්ටර් ධීරක වංශනායක…කරුණාකරලා මේ පිස්සුව නවත්තනවද??🤬” කෙල්ල වැඩිපුරත් එක්ක සද්දෙට කෑගැහුවේ ධීර් ගැන වර්ධනය වෙන නොඅඩු කේන්තිය නිසා.

” මයි කම්පැනි, මයි රූල්ස්..තමුසෙ එන්න එපා මට ඒවා උගන්නන්න..දැන් ඔය මඟුලත් අරන් ගිහින් වැඩක් බලා ගන්නවා…😏” කොල්ලා කිව්වේ සමච්චලේටමයි. කෙල්ලට දැන් හිතන දේවල් වල හැටියට අතට අහුවෙන එකකින් ධීර්ට ගහන්න වුනත් බැරිනෑ.

ඒත් එක්කම වලියට විරාමයක් තබමින් කොල්ලගේ ලෑන්ඩ් ලයින් එක රිනග් වුනේ.

” හ්ම්…” කෝල් එකට උත්තර දුන්න ධීර් ආයෙත් හරුනේ කෙල්ලගේ පැත්තට.

” මොකද තමුසෙ රවන්නේ..රැවිලි ගෙරවිලි තියාගන්න එපා මාත් එක්ක..අන්න තමුසෙගේ සර් තමුසෙට එන්න කිවුවා..අපිට මෙතන බබ්බු නලවන්න බෑ..යනවා තවත් මගේ වැඩ පාඩු නොකර..” තවමත් කොල්ලාව මරන් කන සයිස් එකට තරහින් බලන් ඉන්න කෙල්ලට කිව්ව කොල්ලා අහපවු ලැප් එකට මූණ ඔබාගෙන වැඩ කරන්න පටන් ගත්තා.

තවත් තප්පර ගානක් හිටපු කෙල්ල කතාකරන්න ගත්තා.

” හොඳයි මිස්ට ධීරක වංශනායක, තමුසෙගේ රෑල්ස් වලට මම අවුරුද්දක් වැඩ කරන්නම්⁣. හැබැයි පලිගන්න හිතාගෙන තමුසෙ මට අනවශ්‍ය දේවල් කරන්න ආවොත් මම පොලීසි යනවා..” එහෙම කියපු කෙල්ල අහපවු යන්න ගියා. කෙල්ල දිහා නොබලම කෙල්ල කියපුවා අහන් හිටපු ධීර්ගේ මුහුණේ ඇඳුනේ හරිම අමුතු හිනාවක්.

හවස වැඩ ඇරිලා ගෙදර ගියපු කෙල්ලට ගෙට ගොඩ වෙන්න වුනේ නෑ එක පාරටම දුවගෙන ආපු කෙනෙක් කෙල්ලගේ ඇඟට පැන්නේ කෙල්ලව තදින් බදාගෙනමයි.

“මගේ වස්තු කැටේ…උම්මාහ්…😘” කියමින් ඒ කෑ ගැහුවේ වෙන කවුරුත් නෙවෙයි, කිඳුරංගනාගේ බෙස්ටි. තාරුණී…කෙල්ල ඉතින් ආදරේට කියන්නේ තාරා කියලා.

” මොන මගුලක් කරනවද යකෝ…තව ටිකෙන් මගේ කොන්දත් කැඩෙනවා..⁣බොට හැමදාම කියනවා මං යක්ෂනී වගේ ඇඟට කඩන් පනින්න එපා කියලා..” එහෙම කියපු කෙල්ල බොහොම අමාරුවෙන් ගෙට ගිහින් සැටිය උඩට වැටුනා. බාගෙට පණ ගිහින් ඉන්න කෙල්ලව දැක්කම තාරාට දුකත් හිතුනා. පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් වුන තාරුණී ධනවත් පවුලක එකම දුව. දුකක් කරදරයක් නැතුව හැදුනු කෙල්ලෙක් වුනාට ඇය දන්නවා කඳුරංගනා හැදී වැඩුණු විදිහ. මොන දේ වුනත් කෙල්ලෝ දෙන්නගේ මේ යාළුකම නම් හරිම ශක්තිමත් එකක් වුනා. එකට ඉගෙන ගත්තට යාළුවෝ දෙන්නාගෙම හීනයක් වුන සරසවිය කිඳුරංගනාට අහිමි වුනේ ඒ දිනවල කෙල්ලට තිබුණු කරදර කම්කටොලු නිසාමයි. ඒ මොනවා වුනත් කිඳුරංගනා කියන්නේ ලේසියෙන් හීන අත හරින කෙනෙක් නෙවෙයි. වෛද්‍ය වරියක් වීමෙට වුවමනාවක් තිබුනත් කෙල්ල හැමදාම ආසවුනේ ෆැෂන් ඩිසයිනින් වලට. ඒක නිසාමයි කෙල්ල ඒහා සම්බන්ද රැකියාවක් කිරීමට තීරනය කලේ යම් දිනෙක තමන්ගේ හැකියාවටත් ඉඩකඩක් හිමිවේයැයි සිතමින්.

” මහන්සිද මැණික..” හුඟක් වෙලා යනකනුත් කතා නොකර බර කල්පනාවක් හිටපු කෙල්ල දිහා බලන් උන්න තාරා ඇහුවේ ⁣හිතට දැනුන දුක යටපත් කරන්.

” හ්ම්…” දිගු සුසුමක් හෙලපු කෙල්ල ප්‍රශ්න සියල්ලම යාළුවාට පවසා හිත නිදහස් කරගන්න අදහසින් කිව්වේ,
“යමන්කෝ රූම් එකට ” කියලා. තාරා ⁣දන්නවා කෙල්ල ඉන්නේ මොකක් නමුත් යම් ප්‍රශ්නෙක කියලා. පුංචි කාලේ ඉඳන් එකට ඉන්න යාළුවා ගේ චූටි වෙනසක් වුනත් මේ දෙන්නටම දැනෙනවා.

” අම්මෝ යකෝ..ඌනම් එසේ මෙසේ පුතෙක් නෙවෙයි..කෝකටත් ටිකක් පරිස්සමෙන් හිටපන්..ඌ ගහලා තියෙන ගේමේ හැටියට උඹව මරලා හංගන්න වුනත් බැරි නෑ…😒” තාරා කිව්වේ ඇස් දෙකත් ලොකුකරන්. මොනවා වුනත් යාළුවා ගැන කෙල්ලට බයක් දැණුනා. මොකද කිඳුරංගනාත් ලේසියෙන් මනුස්සයෙක්ට යටත් වෙන විදිහේ කෙනෙක් නෙවෙයි කියලා තාරා දන්නවා.

” හ්ම්…මාත් ලේසියෙන් අරින්නෑ..මූ මේ පොඩි දේටනේ වැළලෙන්න හදන්නේ ගල් ඉබ්බා..” කෙල්ල කියද්දි තාරා හයියෙන් හිනාවුනා. හිතුවා වගේම කෙල්ලත් අතහරින්නෑ කියලා දන්න නිසාම.

” මොකද උඹ හිනාවෙන්නේ..” කෙල්ල අහුවේ කුතුහලයෙන්.

” නෑ ඉතින්, උඹේ හැටිත් මන් දන්නවනේ..කොච්චි කරල වගේ ඌත් එක්න එල්ලෙනවා ඇති..🤣” තාරා කිව්වේ හිනා වෙවීමයි.

” අනේ පලයන්..නෑ බං ඌ තරහා මරහා පලිගැනීම් අමතක කරලා සලකනවනම් මාත් බොස් විදිහට ⁣සලකලා මගේ පාඩුවේ වැඩ ටික කරන් ඉන්නවා..ඒත් මේ යකා මාව කන්න බලාගෙනමන ඉන්නේ…” කෙල්ල අතපයත් විසි කර කර ධීර්ට බනින දිහා තාරා බලන් හිටියේ ඔහොම යන්කෝ කියන්න වගේ.

” මේහ්…ඒක නෙවෙයි..කොල්ලා හැන්ඩියද? 😍” ඇහි බැමකුත් උස්සලා මනමාල බැල්මෙන් තාරා අහපු ප්‍රශ්නෙට කෙල්ල කල්පනා කරන්න ගත්තා.

” අනේ…ගල් ඉබ්බෙක් වගේ මටනම් පේන්නේ..පුම්බගත්ත තඩි ඇඟක් නම් තියෙනවා…” කෙල්ලට ධීර්ව මතක් කලත් තරහයි.

” මොකද්ද කියහන්කෝ නම..ඌ FB ඇතිනේ..” තාරා පෝන් එක අතට ගමින් ඇහුවෙ කෙල්ලගෙන්.

” අනේ..ඕකගේ මොනවා බලන්නද, නිකන් හිටපන්..” කෙල්ල අදිමදි කරමින් කිවුවට තාරාගේ පෙරැත්තය නිසාම නම කිව්වා.

ධීරකදෙව්සන්වංශනායක

උඩිම්ම ආවේ කොල්ලගේ අකවුන්ට් එක තමා. තාරාටත් ඉතින් හැන්ඩි කොල්ලෙක් කිව්වොත් ඊට වඩා දෙයක් නෑ.

” අම්මෝ යකෝ..මූට⁣ද තෝ ගල් ඉබ්බා කිවවේ…😍 අනේ අම්මෝ සූකිරි කැටේ…මේ මූණ දිහා බලාගෙන කොහොමද බං උඹ උට පයින් ගැහුවේ…😒” දැන් ඉතින් හරි. තාරාටත් ඊට වඩා දෙයක් නෑ. කොල්ලගේ පොටෝ එකකුත් ගැලරි එකට ඩවුන් ලෝඩ් කරන ගමන් කෙල්ලට කෑ ගහනවා.

” අනේ..ගල් ඉබ්බට ගල් ඉබ්බා නොකිය වෙන මොකක් කියන්නද, උඹ මිනිස්සුනගේ පුම්බපු ඇඟවල් පස්සේ ගියාට මටනම් පේනන බෑ..මොනවා තිබ්බත් ගති ගුණ නැත්තම් ඕකුන්ගෙන් වැඩත් තියෙනවද බං..” කියපු කෙල්ල තුවායත් අරන් ගියේ ගෙදර තියෙන පුංචි බාත්රූම් එකට නාගන්න.

කෙල්ල අහපවු එනකනුත් තාරානම් කලේ ධීර්ගේ පොටෝ එක කෙස් ගහේ ඉඳන් සූම් කර කර බලපු එක තමා. කෙල්ල මේ දිහා බලන් හිටියේ කටත් ඇද කරන්.

ඉදිරියට 🌷🌷🌷

•••🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷•••

කොටස් හතරක් ඉවරයි..කතාව කියවන යාළුවන්ට ගොඩක් ස්තූතියි! හැමෝම අදහසක් කියන් යමුද..මම සාමාන්‍යයෙන් උඩින් පල්ලෙන් ලියන් යන්න කැමති නෑ. දෙබස් ටිකක් දිගට ලියන්නේ ඒ වෙන සිද්ධිය කියවන ඔයාලට හොඳට දැනෙන්න ඕනි නිසා. හැමෝම like එකක් comment එකක් දාලා මගේ උත්සහයට උදව්වක් දෙන්න..😁 බුදුසරණයි හැමෝටම!