කතාව කියවන වස්තුල like එකක් දා ගෙන යන්න ❤️❤️
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
තිස් පස් වන චන්ඩිකම
” බුදු අම්මෝ යකෙක්”
බය වෙච්ච පාරට කෑ ගැස්සුණේ.විසි වෙච්ච පාර වැටෙන්න ගියපු මාව කව්රු හරි අල්ල ගන්නව දැනුණ.ආයෙමත් කෑ ගහන්න හැදුවත් කාගෙ හරි ශක්තිමත් අතකින් මගෙ කට හිර වෙලා ගියේ.
” ඇයි නිශාදි අක්කෙ මොකද? උණේ “
එහෙම අහන ගමන් ඉස්සරහින් ගියපු මලිති නංගි අතේ තිබුණු ටෝච් එක එමගෙ දිහාවට ඇල්ලුවෙ.ලා සුදු පාට ටෝච් එළියෙන් ඒ නපුරු ඇස් දෙක දිළිසෙනව.බඩ වටේ අත දා ගෙන උන්නු නිසා මාව ඒ පපුවටම තෙරපිලා වගේ.එහෙම්ම මොහොතක් උන්නු මං කරන්ට් වැදිල වගේ ඒ පපුවෙන් ඈත් වුණේ.
” කොහෙ යනවද? අයිසේ කළුවරේ”
මූණත් එහෙක් කරන් අභිරූ සර් කෑ ගහන්න ගත්තෙ. ඇයි යකෝ 😏මමද, කළුවරේ ආවෙ.කළු කුමාරය වගේ මෙතන ඇවිල්ල දැන් මට කෑ ගහනව.ගඩොල් භාගයක් වගේ ෆෝන් එකක් තියෙනව.ඕක පත්තු කරන් ආවොත් නරක් වෙයි.තව ටිකක් වෙලා හිටියනම් එහෙම මගෙ හාට් එක එළියට පැනලයි නතර වෙන්නෙ. කියන්න ගියෙ නෑ ඉතින් හිතුව විතරයි හී හී 😁😁
” ආ..මහත්තයනෙ.මං ඒත් බැලුව නිශාදි අක්ක යකෙක් කිව්වම කව්ද ?කියල”
” වොශ් රූම් එක කොහෙද?තියෙන්නෙ නංගි “
සර් අහපු විදිහට හිනා යන්න ආවත් අමාරුවෙන් හිනාව තද කරන් උන්නෙ.නැත්තං ඒකටත් බැණුම් අහ ගන්න වෙන නිසා.තව පොඩ්ඩෙන් මට තමයි මෙතන වොශ් රූම් යන්න වෙන්නෙ.එහෙම හිතන ගමන් මං අඩියට දෙකට ගේ ඇතුළට ආවෙ මලිති නංගි එතන ඉදන් අභිරූ සර්ට වොශ් රූම් එක පෙන්නන අතරෙම.කාමරේට ඇවිත් කොණ්ඩෙට තියල තිබුණු තුවාය ගලවල ආයෙමත් කොණ්ඩෙ පිහදාල බිත්තියෙ එල්ලල තිබුණු චූටි කණ්නාඩියෙන් බලල කොණ්ඩෙ පීරල කටුවක් ගැහුවෙ තාම කොණ්ඩෙ තෙට නිසා.හරියට පේන්නෙත් නෑ ඒ කණ්නාඩියෙන්.කකුල් දෙක ගාවටම නම් කොහොමත් පේන්නෙ නෑ.මූණත් බලා ගත්තෙ හරි අමාරුවෙන්.
කොණ්ඩෙත් පීර ගෙන පනාව බෑග් එකේ පිට පැත්තෙ සාක්කුවට දාල ෆෝන් එක අතට ගත්තෙ.දෙවියනේ රශීගෙන් මිස් කෝල් පහකටත් වැඩිය ඇවිත්.මැසේජ් දෙකකුත් ඇවිත්.මැසේජ් බලන්නෙ නැතුව එහෙම්ම රශීගෙ නම්බර් එක ඩයල් කරල ෆෝන් එක කනට කර ගත්තෙ ලග තිබුණු පුටුවකින් වාඩි වෙන ගමන්ම.
” ඔය අටමගල වලක් කපල වල දාපං.ඕන වෙලාවට නැත්තං වැඩක් තියේද?”
දෙපාරයි රින්ග්ස් ගියේ.රශී ෆෝන් එක ආන්සර් කලේ බැන ගෙනම.ඒකිට හොදටම කේන්ති ගිහින්ද කොහෙද
” සොරි බංමං නාල දැන් ගෙට ආවෙ”
” ඈ යකෝ 😯 උඹ ගියේ මළ ගෙදරකටද? නැත්තං ෆැෂන් ශෝ එකකටද?”
” අනේ බං.එනකොට හොදටම දාඩිය දාල ඒකයි නා ගත්තෙ”
” හරි හරි මේ මං උඹට කතා කලේ අද එන්න වෙන්නෙ නෑ කියන්න.වැඩ ඉවර වෙලා ගෙදර එනකොට 6.00යි බන්.එහෙම්ම ගෙදර ඇවිත් ඇදුම් ටිකකුත් අරන් විනෝද්ලගෙ ගෙදර ආව.හෙට උදේම විනෝදුයි මායි මෙහෙන් එනව.කමක් නෑ නේද? කෙල්ලෙ”
රශී එක දිගටම එහෙම කියා ගෙන ගියේ.
” කමක් නෑ රශී.ඔයා අම්මට කිව්වද?”
” ආ..ඔව් බන්.අම්මත් එන්න හදනව.මං කිව්ව ඕනෙ නෑ කියල.මේ ඒක නෙවෙයි කෝ අර අර්ශෂ්කාරයත් ඉන්නවද?”
” හ්ම්ම්ම් අර ඉන්නෙ “
” හරි හරි හෙට බලා ගම්මුකො.මං ඕකව මැල්ලුං හදන්නෙ හෙට තමයි.උඹත් පරිස්සං වෙලාහිටහං”
” අනේ මේකට වහ ගෙන හිටපං.හැම වෙලේම එල්ලෙන්න හදන්නෙ නැතුව “
” මමද, යකෝ එල්ලුනේ.ඌනෙ මාත් එක්ක එල්ලෙන්න ආවෙ”
” ඔව් ඔව් උඹ නල්ල මලේ බඩුවනෙ අවිත් එල්ලෙන්න.”
ටික වෙලාවක් රශී එක්ක කතා කරල ෆෝන් එක බෑග් එකට දැම්මෙ.මිනිය ගේනකොට 10.00ට විතර ඇති.සෙනුරි නම් හෝ ගාල අඩනව.හිට ගෙන ඉන්නවත් කෙල්ලට පණ නෑ.
ලොකු අම්ම වත්තන් කර ගෙන උන්නෙ.මලිති නංගිත් අඩනව. කෙල්ල පෙට්ටිය ගාවටවත් උස නෑ බටු ඇටේ වගේ.ඒ නිසාම සෙනුරිගෙ මල්ලි වඩාන් උන්නෙ. හැමෝම කෑ ගහල අඩනව.කව්රු හරි කෙනෙක් රෝද පුටුවක තියන් අරන් ආවෙ සෙනුරිගෙ තාත්ත.
මිනිය දිහා බලා ගෙන ඔළුවත් ඇල කරන් හූල්ලන ඒ මනුස්සය දිහා බලන්නත් දුකයි.කදුළු වැක්කෙරෙනව.මව් සෙනෙහසට දෙවනි නෑ පිය සෙනෙහස.මටත් තාත්තෙක් උන්න නම් කියල හිතුනු වාර අනන්තයි.තවත් ඒ ඇඩීම් දිහා බලන් ඉන්න බැරිම තැන මං එළියට ආවෙ.
එළියෙ තිබුණු හට් එකක් යටින් ඉද ගත්තෙ.කොච්චර වෙලා උන්නද? මන්ද, සෙනුරි ඇවිත් කතා කරේ කන්න යන්න කියල.සෙනුරිලගෙ ගෙදරට එහා ගෙදර තමයි රෑට කන්න දුන්නෙ.
එහෙට ගිහින් කාල ඇවිත් ආයෙමත් වාඩි වෙලා උන්නෙ කරන්න තරම් දෙයකුත් නැති නිසා.බත් කාපු ගෙදර නංගිත් මාත් එක්ක හිතවත් වුණෙ නිසා තනියක් වුණේ නෑ.දෙන්නත් එක්කම කතා කර කර ඉදන් හිටිය.ටික ටික රෑ වෙනකොට කට්ටියත් එන එක අඩු නිසා බීම අල්ලන්න යන්න ඕනෙත් නෑ.
අභිරූ සර්ව නම් හවස දැක්කට පස්සෙ දැක්කෙම නෑ.සමහරවිට කා එකේ නිදි ඇති.මට මොකද? එයා කොහෙ හිටියත් ඒ නපුරව නම් දකින්න ඕනකමක් තිබුණෙම නෑ මට.සෙනුරි ඇවිත් නිදා ගන්න කියල කිව්වත් එළියටම වෙලා උන්නෙ එච්චර නිදි මතක් වුණේ නැති නිසා.
පාන්දර වෙනකොට නම් ඇස් දෙක ඇරන් ඉන්නම බැරි තරම්.නිකන්ම ඇස් දෙක පිය වෙනව.බැරිම තැන කාමරේට ඇවිත් නිදා ගත්තෙ.තදටම නින්ද ගිහින් ඇහැරෙන කොට උදේ 10.00ට විතර ඇති.
ඒකත් සෙනුරි කතා කරනකොටයි ඇහැරුණේ.දැන් නම් රශී එන්න පිටත් වෙලා ඇති.එහෙම හිතන ගමන් ළිද ළගට ගිහින් මූණ සෝදන් ඇවිත් ඉස්සරහ හ්ට් එක යටින් ඉද ගත්තෙ සෙනුරි ගෙනත් දීපු තේ එකත් බීලම.
ටික වෙලාවකින් ධනුක අයිය,ඇසල අයිය තව ශොප් එකේ කට්ටියත් එක්ක් වෑන් එකකින් ආවෙ.
මාත් එක්ක කතා කරපු ධනුක අයියත් ඇසල අයියත් ඇතුළට ගියේ සෙනුරිට කතා කරන්න කියල.ඒත් එක්කම රනුක අයිය ඇවිත් මා ගාවින්ම වාඩි වුණේ.
මං එහෙම්ම වටපිට බැලුවෙ අභිරූ සර් කොහෙද?කියල.මට රනුක අයිය එක්ක කතා කරන්න තහනම් කරලනෙ තියෙන්නෙ.නැත්තං කියයි මං රනුක අයියව දැලේ දා ගන්න හදනව කියල.අභිරූ සර් පේන මානෙකවත් නෑ.ඒ කොයික වෙතත් රනුක එක්ක කතා කරන්න මගෙ හිතේ ආසාවකුත් නෑ.එයා මට ආදරෙයි කියපු ද ඉදන්ම මට එයාව වහ කදුරු වගේ තිත්තයි.
” කාවද? හොයන්නෙ අභිරූ සර්වද?”
රනුක අයිය ඇහුවෙ මගෙ මූණ දිහාම බලා ගෙන.රනුක අයිය කොහොමද?ඒක දන්නෙ එහෙම හිතන ගමන් අපහසුවෙන් මූණට ගත්තු හිනාවත් එක්ක රනුක අයිය දිහා බැලුවෙ.
” බය වෙන්න එපා මං ආයෙ කරදර කරන්නෙ නෑ.අනික දැන් මට එහෙම කරන්න අයිතියකුත් නෑනෙ”
නැවත හමුවෙමු