3 දිගහැරුම

දවස ගත වෙලා ඊළඟ දිනය උදා වුණේ වෙනදා වගේම සුපුරුදු පරිදි පස්සට ඉර වැටෙනකම්ම නිදාගෙන. කට පුරවලා ඈනුමක් යවලා අත් දෙක දෙපැත්තට විහිදලා වොශ් රූම් එකට ගියේ නිදිමතෙන්මයි. කලබලේට අහුවුණ ටී ෂර්ට් එකකට ඩෙනිමක් දාගෙන පොයින්ටල් එකක් දාගෙන අම්මාටත් කියලා ගෙදරින් එළියට එද්දීම ඊයේ නිවස අසල නවතා තිබු නන්නාඳුනන වාහනය අදත් නවතා තබා මා නිවසින් එළියට බසිද්දීම ස්ටාර්ට් කරගෙන ගියේ මගේ සිත ප්‍රශ්නයකට ඇද දමාය.

ඒ කවුරුන් දැයි සිතා මම ඉදිරියට යද්දී නිකමට වගේ දුරකථන ය ගෙන ඔබමින් යද්දී එක්වරම හඩක් නංවාගෙන මා අසල නැවැත්තුවේ ජේඩි ගේ වාහනය යි. ජේඩි ත් , අර ආඩම්බරකාරයා ත් වාහනය තුළ විය.

🌹 ” අම්මෝ මන් බය වුණ තරමක්…මේ මෙයාලා නේ….

ඔහොමත් වාහන නවත්වන සිරිතක් තියේනවද අයියෝ …..”

🎭 ” වෙරි සොරි වෙන්ඩ ඕනා මයි මැණිකේ..”

🌹” අප්පට බොල මේ යකා කිව්වේ මයි මැණික කියලා නේ ….

නැත්නම් මට ඇහුණ විදියද…

මූ මොකාට ද මේ එන්නේ….”

🍁 ” මේ මිස් ඔයාට ඇහුණ දේ තමා අයියා කිව්වේ….”

🎭 “යන් මන් දාන්නම් …

නගින්න වාහනේට…”

🎭” රොකි දන්නවනේ තැන…”?

🌹” රොකීද මුගේ නම….

යකෝ බල්ලෙක් ගේ නමක් නේ මූට දාලා තියෙන්නේ ..

අප්පා අබුද්දස්ස කාලේනේ….”

මන් එහෙම හිතාගෙන ජේඩි ගේ වාහනේ පිටිපස්ස අසුනෙන් වාඩි වෙලා සිටිද්දී ජේඩි නම් විටින් විට මගේ දිහා අමුතු හිනාවකින් බලද්දී ඔහුගේ හිනාව නම් මට ඒ ඇල්ලුවේ නැහැ.

🌹 ” මේ නාකියාගේ තෙලේ බලාපල්ලකෝ…

අරුණි හරි වගේ…මූ මට ලයින් පාර දානවද කොහේද..

මන් වගේ කෙනෙක්ට මේ වගේ නාකියෙක් අයියෝ මැච් වෙන්නේම නෑ ….

චා වගේ …”

මන් එහෙම හිතාගෙන ඉද්දී අර ආඩම්බරකාරයා , රොකී කන්නාඩියේන් විටින් විට මගේ දිහා බලන බව මා දැක්කෙමි. මා ඔහු දෙස බලද්දී ඔහු වාහනේ වේගය වැඩි කර යන්නේ මා දෙස බලා රවන ගමන්මය.

🎭 ” රොකී හදිසියක් නෑ…

හෙමීට යන්….”

🌹 ” ආ ඔව් ….

ඒක ඇත්ත…මේ මට දැම්ම මැරෙන්න බෑ..

අපේ අම්මටයි තාත්තටයි ඉන්නේ මේ මන් විතරයි …

තාම මන් ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි …

අඩුම තරමේ කොල්ලෙක් වත් සෙට් කර ගත්තේ නෑ…”

මගේ කොතනටත් පුදපු ගමන් කාපි යකා වගේ පනින මේ වාචාල කට නිසා ජේඩි ට හිනා යද්දී අර බලු තඩියා රොකී නම් අහක බලාගෙනම සිටියා…

ඔවුන් එක්වරම අපේ පත්තර කන්තෝරුව ගාවින් මාව බැස්සුවේ මන් පුදුම වී බලා සිටිද්දී. ඇයි මේ මිනිස්සු මන් වැඩ කරන තැන කොහොම දැනගත්තද….

🎭 ” පුදුම වෙන්න දෙයක් නෑ මැණිකේ….

මන් හැමදේම දන්නවා…

මගේ කොල්ලෝ ටික ඔක්කෝම හොයන් ඉවරයි ….”

මන් ලාවට හිනාවක් දැම්මා පමණි .

🌹 ” ඈ බන් මූ මොකෝ මගේ ගැන හොයලේ..

දෙයියනේ දන්නවද දන්නේ නෑ මගේ ආටිකල් එක ගැනත්…”

🍁 ” මේ ….මෙන්න ඔහේගේ ෆෝන් එක ….

අපිට ඕක ඕන නෑ…අරන් යනව….”

මන් ඔහුගේ අතින් ෆෝන් එක උදුරලා අරගෙන ඇතුළට ගියා. යද්දී බොසා ඇවිත් නෑ තාම …කවුරුත් රතු ඉර ගහලා නෑ…මන් ආටිකල් එක ගැන හිත හිත ඉදලා ආවේ මහ කම්මැළි කමක් ..මන් හෙඩ් ෆෝන් දෙක කනේ ගහගෙන සින්දුවක් අහගෙන ඉද්දී එකපාරම ආවේ බොසා. මන් දඩිබිඩි ගාලා පුටුවෙන් නැගිටලා

🌹 ” ආ සර් ගුඩ් මෝර්නින්

මන් මේ බැලුවේ තා ටිකක් බලලා සර්ටත් රතු ඉර ගහන්න කියලා….

අද මන් කලින්… සර් පරක්කු වෙලා නේ..”

මන් කියපු කතාවට ස්ටාෆ් එකේ අයටත් හිනා සර් නම් මට ලාවට හිනාවක් දාගෙන ඇතුළට ගියේය.

🤣🤣🤣🤣🤣🤣🤣

හවස වැඩ අවසන් කර මන් අරුණි එක්ක ඔෆිස් එකෙන් එළියට එද්දී ජේඩී හේ වාහනේ පාරේ අයිනේ නවත්තලා….

🍊 ” අන්න උඹේ නාකි මනමාලයා ඇවිත් ද කොහේද අදත්..

මෙන්න වැන්දා මන් යනෝ ඕන මගුලක් කරගන්න තනියම…”

අරුණි මාත් දාලා තනියම යද්දී මන් පාඩුවේ වාහනේ දැක්ක නෑ වගේ යද්දී එකපාරම අර බලූ තඩියා රොකී වාහනේ දොර ඇරලා පාර හරස් කලේය.

🍁 ” නගිනවා ….”

🌹 “ඇයි ඒ මොකටද….”?

🍁” කට පොඩ්ඩක් වහාගෙන ඉන්නවද කච කචේ වගේ කියවන්නේ නැතුව නගිනවා….”

ඔහු මගේ අතින් ඇදගෙන වාහනේ ඉදිරි අසුනෙන් වාඩි කරවගත්තා.

💖💖💖💖💖

සමාවෙන්න ඕන කතාව පරක්කු වුණාට …

කියවලා දැනෙනෙ දේ කියන්න .ලයික් කමෙන්ට් තමා ලියන අපේ හයිය…හොර පාරෙන් යන්න එපා බබාලා …
හෙට හමුවෙමු