නොකියූ ආදරේ 🖤~🌸 _

තුන්වැනි දිගහැරුම ©©°°

” අඩෝ මේ මොන ලෝකෙද ඉන්නේ බන් .. ගෙදර යමන් මිස් දැන් ක්ලාස් ඇරිලා පැය කාලකුත් ගියා .. “

ක්ලාස් ඇරිලා ලමයී සේරෝම යනකනුත් ඉදලා නිකී කෙල්ලට කතා කලේ අනුදී කොල්ලගේ සිහියෙන් පියවි සිහියට එද්දින් ..

හුටා …..

කොල්ලා කොහෙද බලන්න අනුදී වටපිට බලනකොට කෙල්ලගේ මූන මැලවිලා ගියේ ක්ලාස් එකේ එක ලමයෙක්වත් පේන්න නැති නිසා ..

ඒත් අනුදිට ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තේ ඊටපස්සේ නිකී කියපු දේට ..

” උබේ ක්‍රෂ් එක ගිහින් දැන් විනාඩි දහයකටත් කිට්ටුයී 🤣 .. “

” මොකාක් .. “

” ඇයි උබ හිතුවේ මම ගොනෙක් කියලද අනූ .. ආ .. උබ ඌව දැක්ක වෙලේ ඉදන් පෙරන පැනි පෙරිල්ල දිහා මම බලන් හිටියේ 🤣 .. උබට බෑ මාව තම්බන්න .. යමන් දැන් ගෙදර .. යන ගමන් අල්ලගන්නම් .. “

නිකිතා අනුදිට එහෙම කියලා ඉස්සර උනා

දැන් ගෙදර යනකන්ම කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ කියලා දන්න කෙල්ලත් දෙවියෝ සිහි කර කර ගියේ තමන්ව නිකීගෙන් බේරලා දෙන්න කියල ඉල්ලලා .

” දෙයියනේ දැන් ඉතින් මට ඔබ වහන්සේගෙම පිහිටයී .. අනේ මාව අර මලයස්සනීගෙන් බේරලා දෙන්න .. “

😒😒😒😒

” නිකී …. “

” මොකද … “

” ඒයී … “

” මොකද … “

” ඒයී මේ .. “

” මොකද භල්ලෝ .. “

” ෂ්ෂ් .. කෑ ගහන්න එපා යෝදියේ මේ පාර .. “

” හා .. “

එහෙම කියල නිකිතා ගියේ අනුදිටත් ගස්සගෙන ..

” මේකී ගස්සගෙන ගියේ නැතැයි 😒 .. දැන් ඉතින් මගෙ අතේ සතේ හිදෙනවා මේකිව යාලූ ගියොත් නම් 🙄 .. ඒ නිසා හෙටම මොනා හරි කන්න අරන් දීලා යාලු කරගන්නවා .. “

එහෙම හිතපු කෙල්ල නිකීගේ පස්සෙන් හෝල්ට් එකට ඇවිදන් ගියේ තනියෙන් කියව කියව .. ඇයි ඉතින් කතා කයිය ගහන්න කවුරුත් නෑනේ 😅

” මොකේද යන්නේ …. “

අනුදි ඇහුවේ හෝල්ට් එකට ඇවිත් ..

නිකී කෙල්ලත් එක්ක තියෙන තරහටම පෙන්නුවේ අයිනකට වෙන්න නවත්තලා තිබ්බ ලකඩම් සීටීබී බස් එකක් …

අනේ මට බෑ ඕකේ යන්න ….

අනුදි කිව්වේ මූනත් ඇඹුල් කරන්

” නැගපන් එහෙනම් උබ කැමති බස් එකකට .. “

නිකිතා හිනාව පාලනේ කරගෙන හිටියේ බොහොම අමාරුවෙන් 🤣

” මට තනියම යන්න බෑ 🙄🙄….. “

” මාත් එනවා … නැගපිය … “

” හී ආදරෙයි ඉතිම් … 😍😍 “

මම නිකීට ෆ්ලයින්ග් කිස් එකකුත් යවලා පෝලිමට තියෙන බස් වලින් හෙව්වේ මොකේද යන්නේ කියලා ..

හම්මෝ හිතාගන්න බෑ මොකේද යන්නේ කියලා .. බස් සේරෝම ටික දිව්‍යලෝකවල් වගේ ෆට්ට ලස්සනයි …. ඒත් ඉතින් ලග බහින අපි වගෙ අසරන පුරවැසියොන්ට කැමති එහෙක යන්න වාසනාව නෑනී …

ඔයාලගෙත් එහෙමද යාලුවනේ .. ප්‍රයිවට් බස්වල කොන්දෝ ලගින් බහින අයව ගන්නේ නැද්ද බස් එකට .. අපේ නම් එහ්‍ර්මයි .. 😒😒…

වෙනදා යන ලකඩමට බායී කියලා අද මට නගින්න හිතුනේ මේ බස් සෙට් එකෙන් එකක යන්නමයී ..

නැගලා ආයේ බැස්සුවත් කමක් නෑ කියලා හිතන් මම ඒ බස් එකකට නැංගේ ආයේ බස්සවන එපා කියලා දෙවියන්ට පිං දීදී .. මොනා උනත් නැග්ගට පස්සේ බස් එකෙන් බස්සන එක හෙන චාටර් සීන් එකක් නී …

” තෝ මේකට නැංගා වගේ නෙවේ කොන්දා ආවට පස්සේ ආයේ බහින්නත් ලෑස්ති වෙලා ඉදපන් … “

එහෙම කියලා නිකී බස් එකට් නගින්න යද්දින් මම එයාව නවත්තලා ඉස්සෙලාම නැග්ගේ මේකේ යන පලවෙනි අවස්තාව හා අන්තිම අවස්තාව මේක වෙයි කියලා හිතුන නිසා …

” දෙයියනේ … “

නැග්ගට වඩා ඉක්මනින් මගේ හාට් එක කීං ගෑවේ බස් එකේ පිටිපස්සේ ෂීට් එකේ හිටිය රූපේ දැකලා …

” නැගපිය ඉක්මනට කොන්දා එනවා .. “

නිකී එහෙම මට කෑගහපු හින්දා මම ටිකක් ඉස්සරහට ඇවිත් බලන් හිටියේ මගේ ප්‍රින්ස් දිහා … ප්‍රින්ස් කෙනෙක්ම තමා දෙයියනේ එයා …

” අනූ මෙතනට එනවා වාඩිවෙන්න .. “

නිකී දෙකේ ෂීට් එකක් අල්ලන් මට කිව්වේ ජනේලේ අයින පෙන්නලා ..

වෙනදා උඩපැනගෙන ගිහින් ජනේලේ අයින ෂීට් එකක් අල්ලගන්න හදන මට .. අද ඒ ආසවත් මගහැරුනා නපුරව දකිද්දීන් ..
හිතෙන්නෙම මට ඒ එහා පැත්තට ගිහින් වාඩි වෙන්න .. ඒත් ඉතින් එයා ඉස්සරහ එච්චර චාටර් වෙන්න බෑනී .. මගෙත් ලොකු සීන් නේ ..

” මොකද උබට වෙලා තියෙන්නේ .. කනමදයා ඔලුවට ගහලද .. මෙන්න මෙහෙ වරෙන් .. “

එහෙම කියල නිකී මාව ඇදලා ඉන්දෙව්වේ මට රව රව ..

” මොකද අප්පා රවන්නේ .. “

” තමුසේ උට කැමති ද .. “

” කෝ කව්ද … “

” ඔය බස් එකේ පිටිපස්සේ ඉන්න එකාට .. “

” අර .. අර .. “

” ඔව් එයා තමා .. කැමති ද ඌට .. “

” පිස්සුද නිකී .. එහෙම දෙයක් නෑ මගෙ හිතකවත් ..
එයා ලස්සනයි .. මගෙ හිතට වැදුනා හුගක් ඒ රූපේ … එච්චරයි ..
ඊට එහායින් වෙන මොකුත් නෑ .. දන්නවනේ මම ඔය සබ්ජෙක්ට් එකේ නෑ කියල .. ඒක ආකර්ෂණයක් විතරයී … “

” හ්ම් .. “

නිකී ඒක විතරක් කියල ෆෝන් එක දිහා බලා ගත්තා ..

අනේ මේ නිකියටත් විකාර .. මම ඌට ආදරේ කරන්නේ පිස්සුවටැයී 🤣🤣 … එෆ් බී එකේ කපල් විරෝධී සංගමය ගෲප් එකේ ඇඩ්මින් මන් .. ඉතින් මට මොන ලව්ද … ගන්න ඕනී ගේමක්වත් ගහන්න .

ඒම හිතලා මම මගෙ ආසම කැන්ඩි ක්‍රෂ් ගේම් එක ප්ලේ කරන්න ගත්තා ..

වෙලාව යනවා දැනුනෙවත් නෑ ගෙවල් ලගටත් ඇවිත් .. මම යී නිකීයී බස් එකේ කොන්දටත් මල් හිනාවක් දාලා බැස්සේ ඊලග දවසෙත් ඒකෙම එන්න ඕන නිසා .. 🙈🙈 …

පුදුමයි හැබැයි බැස්සුවේ නෑ අපිව කොන්දා .. 😅😅 හරි හරි කෝමහරි මම එයාව දැක්කනේ බස් එකේදිත් ..

ඒ කියන්නෙ මගෙ නපුරා ඉන්නෙත් මේ පැත්තෙමයී .. 😋

” ඉදා .. “

” මොනවද බන් මේ .. “

” වඩයක් භල්ලෝ .. “

” ආ .. වඩයක් .. දීපන් දීපම් .. “

කෝමින් කෝමහරි අපි දෙන්න ගෙවල් වලට ගිහින් වොශ් එකකුත් දාගෙන පාඩම් පොඩි ඇලට් එකක් දාන්න කියලා ඇදට ආවා …

ඇදේ පෙරලිලා ඇස් පියාන විනාඩියක් ගියේ නෑ මැවිලා පෙනුනේ එයාව .. 😏

සැවුලෝ ඔයා මට ගෙදර ඇවිල්ලවත් සැනසීමෙ ඉන්න දෙන්නෙම නැද්ද අප්පා 😒 ..

විනාඩි දහයක් ඇදේ පෙරලී පෙරලී ඉදලා නැගිටල ගියේ නිකියලගේ ගෙවල් පැත්තේ පොඩි රෝන්දයක් දාලා එන්න කියලා ..

……………………………………………………

පහුවෙනිදා සිංහල ක්ලාස් ගිය අනුදී නිකීට කෝල් එකක් ගත්තේ කොහෙද ඉන්නේ කියල බලන්න . ඇයි ඉතින් එහෙම කෝල් එකක්වත් දුන්නේ නැත්තම් නිකී ක්ලාස් එකට එන්නේ ඉන්ටවල් එක වෙලාවටනේ ..

” නිකී ……… “

” ඕ කියහන් මැනික . මම නම් මේ ලෑස්ති වෙන ගමන් .. විනාඩි දහයක් දියම්කෝ ඈ .. “

” යකෝ මම ක්ලාස් එකේ .. තෝ ලෑස්ති වෙන්නේ දැන්ද .. මරන්නනේ වටින්නේ “

” හරි හරි සුඩූ විනාඩියක් ඉවසහන් .. මේ අපේ පිනා සර් ඇවිත්ද . “

” ඕ ඇවිත් ඉන්නේ .. එනකොට ගිය සතියේ දීපු සන්ධි ටියුට් එක අරම් වරෙන් .. මෙහෙ නෙලනවා හම්බානෙක ගෙනාපු නැති උන්ට… “

” අප්පටසිරි ඒමද .. උබ ගාව තියෙනවා නෙහ් .. “

” ඔව් ඔව් මන් ගෙනාව .. උබත් ගෙනෙම් මතක් කරලා …. “

” හ්ම් හරි හරි මම එන්නන් .. තිබ්බා ඒනම් බායී . .. බුදුසරණයී .. “

” හ්ම් .. පරිස්සමෙන් වරෙන් .. බුදුසරණයී .. “

නිකිතා එනකන් කියලා අනුදී ටියුට් එක පෙරගෙන පොඩි නින්දක් දැම්මේ පාලූ හින්දා .. ඇයි ඉතින් නිකිතා හිටියනම් කොච්චරවත් කයිය ගහන එකනේ කරන්නේ දෙන්නත් එක්ක ..

හායී බේබී … ගුඩ්මෝර්නින්ග් …

පැය බාගෙකින් විතර ක්ලාස් එක ඇතුලට ආව නිකිතා අනුදිට ඔලුවට එකක් ගැහුවේ අනුදී කම්මැලීකමේ ඈනුමකුත් ඇරලා ඔලුව උස්සද්දී ..

” හපෝ … මූසලකම බලහන්කෝ .. 😒”

නිකිතා කිව්වේ කටත් ඇද කරගෙන

” මෙව්වට වග කියන්න ඕනී උබ තමා .. කලින් ක්ලාස් එකට ආවනම් මම දොයියන්නේ නෑනී … හුම්ම් .. “

” හා හරි හරු .. මම දැන් ආවනේ ක්ලාස් එකට .. මේ ඒක නෙවේ කෝ අපේ පිනා සර් … “

” එයා ප්ලේන්ටියක් ගහන්න යන්න ඇති .. “

අනුදි කිව්වේ ආයේ පාරක් ඩෙස් එකට ඔලුව තියාගන්න ගමන් .. නිකිතා එනකන් කියල පැය බාගයක් විතර ඔලුව තියන් හිටියට කෙල්ලට ඒ වෙලාවේ හොදටම නිදිමත වෙලයි තිබුනේඑ ..

” අනුදී නැගිටපන්කෝ .. “

” මට නිදිමතයි බන් .. නිදාගන්න දියම්කෝ ටිකක් … “

” ඔව් ඉතින් මහ රෑ වෙනකන් කැන්ඩි ක්‍රෂ් ගහලා .. උදේ පාන්දර වෙනකන් මටත් නිදාගන්න නොදී වීඩියෝ කෝල්ස් ගනිද්දී නිදිමත හැදෙනවා තමා … අනුදී මේ ඔය විකාර නවත්තලා පාඩම් කරන්න පටන් ගනින් ඈ .. මොනා කරන්නත් තව මාස පහයී … “

” හ්ම් … “

ඇස් පියාගෙනම අනුදී හූ මිටි තියද්දින් නිකිතා කෙල්ලට කුචි කැව්වේ කෙල්ල ඩෙස් ටිකත් පෙරලන් දඩිබිඩි ගාලා නැගිටිද්දී …

” කෑ ගහන්න එපා ගෑනියේ .. අර කොල්ලෝ ත් බැලුවා .. උන් හිතුවද දන්නෑ මම උබට අතවර කරනවා කියල 😒”

” හිතන්න දෙයක් නෑනේ උබ මට හැමදාම කරන්නේ ඒකනේ …… “

“පල යන්න “

😏😏😏😏😏 …

කෝමින් කෝම හරි දෙන්නත් එක්ක ක්ලාස් එක ඉවර වෙනකන්ම වලි ඇද ඇද ඉදලා ගෙදර යන්න ලෑස්ති උනෙත් දෙන්නට දෙන්නා ඔරව ඔරව …

” අනූ … “

හෝල්ට් එකට යන අතරමග නිකිතා අනුදිට කතා කලේ කෙල්ලගෙ අතකිනුත් ඇදලා .

” ආව් නිකී .. රිදෙනව … අතෑරපන්කෝ “

නිකිතගෙන් අත මුදවගෙන කෙල්ල ඇහුවේ ඇයි කියල .. ඒ අහනකොට නිකිතා අනුදිට පෙන්නපු දෙයින් කෙල්ලව ගල් ගැහුනා වගේ උනා ………………….

°••|🖤 මම හංසි