එකක් දා ගෙන යන්න වස්තුලා❤️❤️

😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින 🌹🌹

තිස් හතර වන චන්ඩිකම 🙅🙅 •

අඩල අඩලම හෙම්බත් වුණු කෙල්ල මගෙ උකුල උඩ ඔළුව තියා ගෙන හොදටම නිදි.ඇස් දෙක බර වෙලා නිදි මත වැක්කෙරෙන්න වුණු නිසාම මාත් එහෙම්ම ශීට් එකට ඔළුව තද කර ගෙන ඇස් දෙක පියා ගත්තෙ.කොච්චර වෙලා නිදා ගත්තද? මතකයක් නෑ.කව්රු හරි අතට තට්ටු කරනව දැනිල ඇස් ඇරියෙ.අභිරූ සර් එළියෙන් ඇවිත් මං උන්නු පැත්තෙ දොරත් ඇරන් බලන් ඉන්නව.

” ආ….දෙන්නත් එක්ක කනව”

එහෙම කියන ගමන් පාර්සල් එකක් ශීට් එක උඩින් තියල දොර වහල අනිත් පැත්තෙන් ඇවිත් සර් ඩ්‍රයිවින් ශීට් එකෙන් වාඩි වුණේ.මං සර් දීපු පාර්සල් එක ඇරල බැලුවෙ.ශෝටීස් දෙක තුනකුත් එක්ක කිරි පැකට් දෙකක්.සර් කාලද?දන්නෙ නෑ ඇහුවොත් බනීද? කියලත් හිතෙනව.ඕන දෙයක් වෙන්න කියල සර්ගෙන් අහනව.

” සර් කෑවද?”

” ඔව් ඔයාල කන්ඩ “

ඩෑෂ් බෝඩ් එකත් එක්කම උඩින් වෙන්න ගහල තිබුණු කණ්නාඩියෙන් මං දිහා බලන ගමන් සර් එහෙම කිව්වෙ.සෙනුරි නම් තාමත් නිදි ඇහැරවන්න ලෝභකමින් උනත් කෙල්ලවත් ඇහැරවල දෙන්නත් එක්ක ශෝටීස් කාල කිරි පැකට් එක බිව්වෙ.

පොළොන්නරුවට ආපු අපි සෙනුරිගෙන් පාර අහ ගෙන එයාලගෙ ගෙදරට එනකොට රෑ 8.00ට විතර ඇති.එච්චර ලොකු ගෙදරක් නොවුණත් සාමාන්‍ය විදිහට හදල තිබුණු ගෙදරක් එක්ක චූටි මිදුලක් තමයි එයාලට තිබුණෙ.ඒ ගෙදරට එහායින් අත්තිවාරම විතරක් දාපු තවත් ගෙයක්.

ඒ ගෙදර හදන්න තමයි සෙනුරි මේ දවස්වල දුක්මහන්සියෙන් සල්ලි හෙව්වෙ.තාමත් හදා ගෙන එමින් තිබුණු ගෙදර මල්ලිට කියලයි සෙනුරි කිව්වෙ.

මල්ලි තාම A/L පන්තියෙලු.ලබන අවුරුද්දෙ A/L කරන්න ඉන්නෙ.නංගි නම් තාම හත වසරෙ කියලයි සෙනුරි මට කියල තිබුණෙ.

” යමු මැඩම්.එන්න සර් ඇතුළට “

එහෙම කියන ගමන් සෙනුරි එයාගෙ රෙදි බෑග් එකත් අරන් ඉස්සර වුණේ.මාත් සෙනුරි පස්සෙන්ම ගියේ.මගෙ පිටිපස්සෙන් ඇවිත් අභිරූ සර් ගෙට ගොඩ වුණේ.

එච්චර ලොකු නැති චූටි සාලයක් තිබුණු ගෙදර පිටිපස්සෙ බිත්තිය අයිනට වෙන්න පොඩි කැබිනට් එකක්.තාම මිණිය ගෙනත් තිබුණෙ නෑ.සාලෙ තිබුණු පුටුවක් පෙන්නල සර්ට වාඩි වෙන්න කිව්ව සෙනුරි මගෙ අතේ තිබුණු බෑග් එකතතට අරන් මටත් වාඩි වෙන්න කියල ළගම තිබුණු කාමරේකට ගියේ.

ගෙදර කට්ටිය පිරිල.සමහරු හට් හදනව.තවසමහරු කොඩි අදිනව හරි කලබලෙන් වගේ.මාත් වටපිට බල බල උන්නෙ.අභිරූ සර් නම් ආව වෙලාවෙ ඉදන් ෆෝන් එකේ.කාගෙන්ද දන්නෙ නෑ ඔච්චර මැසේජ් එන්නෙ.gf වෙන්න ඇති.පුදුමයි ඒ කෙල්ල මේ වගේ කේන්තිකාරයෙක් එක්ක ඉන්නව.

සමහරවිට සර් එයාට එහෙම නැතුව ඇති.එහෙම හිත හිත උන්නු අතරෙ මගෙ ඉස්සරහට ආවෙ චූටි ගෑනු ළමයෙක් ට්‍රේ එකකුත් අතේ තියා ගෙන.

මාත් හිනා වෙලා තේ එකක් අතට ගත්තෙ.සර්ටත් තේ එකක් දීල ඒ ගෑනු ළමය ආයෙමත් ගේ ඇතුළට ගියේ.දණිස්ස ගාවට දිග තනි සුදු පාට ගවුමට බෝරිච්චි අත් අල්ලල.සෙනුරිගෙ මුහුණුවර වගේමයි.සෙනුරිගෙ නංගි වෙන්න ඇති.එහෙම හිතන ගමන් මං තේ එක තොල ගෑවෙ.

ටික වෙලාවකින් සෙනුරි සාලෙට ආවෙ තවත් ගෑණු කෙනෙක් එක්ක.කෙල්ල ආයෙමත් අඩල වගේ.සුදු පාට දිග ස්කට් එකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇදල.

” සර් මේ මගෙ ලොකු අම්ම.අම්මගෙ අක්ක.”

ළග උන්නු ගෑණු කෙනාව පෙන්නන ගමන් සෙනුරි සර් එක්ක එහෙම කිව්වෙ.තරමක් වයස උස ටිකක් විතර මහත ගෑණු කෙනෙක් වෙච්ච සෙනුරිගෙ ලොකු අම්ම ඇදන් උන්නෙ චීත්තයක් එක්ක හැට්ටයක්.

” අනේ සර්ට හුගක් පින්.මේ වෙලාවෙ අපේ ලොක්කිව එක්ක ආවට.සුළු පටු දුරකුත් නෙවෙයිනෙ “

” අනේ ඒ ගැන හිතන්න එපා අම්ම වැඩ ටික කර ගෙන යන්නකො.සෙනුරි සල්ලි උවමනාවක් උනොත් කියන්න.”

සෙනුරි දිහාත් බලල සර් එහෙම කියනව.සෙනුරිගෙ ලොකු අම්නට නම් සර් අම්ම කියලයි ක්තා කලේ.ඒ නපුරු මුූණට කරුණාව නම් ගැලපෙන්නෙ නෑ කියලයි මට හිතුණෙ.

” ලොකු අම්මෙ,එතකොට මේ අපේ…..”

ටික වෙලාවක් සර් එක්ක කතා කර කර උන්නු ලොකු අම්මට සෙනුරි මාව අදුන්වල දෙන්න වුණේ.ඒත් සෙනුරි කතා කරල ඉවර කරන්නත් කලින් ලොකු අම්ම කතා කරන්න වුණේ ම්ගෙ මූණ දිහා බලා ගෙනම.

” අනේ මේ මහත්තයගෙ නෝනද? ඇස් වහක් කට වහක් නෑ ඕං සීදේවි නෝන”

දෙයියනේ මේ ගෑණු කෙනා මොණව කියනවද?මන්ද දැන් සර් මොණ නාඩගමක් නටයිද දන්නෙ නෑ.එහෙම හිතන ගමන් මං සර්ගෙ මූණ දිහා බැලුවෙ.

සර් දොරෙන් එළිය බලා ගෙනම ඉන්නව.දැන් නම් කේන්ති ගිහින් ඇති හොදටම.සෙනුරිගෙ ලිකු අම්ම නම් ටිකක් විතර පණ්ඩිත ගෑණුු කෙනෙක්.කියවන්න ගත්තම ඉවරයක් නෑ.සර් ගැනයි මං ගැනයි දිග වර්ණනාවක් කරන්න ගත්තෙ.

සෙනුරිටත් කර ගන්න දෙයක් නෑ අසරණ විදිහට මගෙ මූණ දිහාම බලන් ඉන්නව.ඊටත් වඩා මං අසරණ වෙලා.දැන් කට්ටියම නැති තැන මට හොදට අහ ගන්න වෙයි.ඒ කතාව නතර වෙන්නෙම නැති තැන සර් පර්ස් එකෙන් සල්ලි ටිකක් අරන් සෙනුරිගෙ අතට දුන්නෙ.ඒකෙන් මළ ගෙදර වැඩ ටික කර ගන්න කියල.මදි වුණොත් පස්සෙ ඉල්ල ගන්න කියල සර් එළියට යන්න ගියේ.

” සර් දැන්ම යනවද?”

එළියට යන්න ගියපු සර්ගෙන් සෙනුරි ආයෙමත් එහෙම ඇහුවෙ.

” නෑ සෙනුරි මළ ගෙදර ඉවර වෙලාම යනව.මෙයත් තනියමනෙ.”

දොර ගාව ඉදන්ම එහෙම කියපු සර් එළියට යන්න ගියේ මං දිහාත් හොරහින් බ්ලන ගමන්.මං තාමත් කට ඇරන් බලන් උන්නෙ එළියට යන සර් දිහාම.මේ නපුරට සැරෙන් සැරේට මොණව වෙනවද? මන්ද,මගෙ තනියට මොකටද? එයා ඉන්නෙ.හිතුවද දන්නෙ නෑ මට තනිකන්දෝසෙ කියල.😏සමහර විට සෙනුරිගෙ ලොකු අම්ම ළෆ හිටපු නිසා වෙන්න ඇති.

” සර් නෝනට හරි ආදරෙයි වගේ එහෙම මහත්තයෙක් ලබන්න පිං කරන්න ඕන “

තවත් දාහක් ජාති කියල ලොකු අම්න එතනින් යාන ගියේ.

” අනේ සොරි මැඩම්.අපේ ලොකු අම්නටත් කට වහ ගෙන ඉන්න බෑනෙ.සර් මොණව හිතුවද? දන්නෙ නෑ නේද?”

” ඒකට කමක් නෑ සෙනුරි.සර් ඕනි දෙයක් හිතා ගත්තුදෙන්.”

එහෙම කියන ගමන් මං සෙනුරිත් එක්ක කාමරේට ගියේ ඇදුමක් මාරු කර ගන්න.

“මැඩම් ඔහොම්ම ගිහින් නා ගන්න පිටිපස්සෙ ළිද ඇති.”

සෙනුරිගෙ නංගිත් එක්කම ගිහින් නා ගත්තෙ.හරි සනීපයි වතුර ටික සීතලට ඇගට වැටෙන කොට කොච්චර නෑවත් එපා වෙන්නෙ නෑ.

” නිශාදි අක්ක ළිදේ වතුර නාන්න හරි ආසයි වගේ”

” ඔව් නංගි අපේ ගෙදර ඉතින් ළිදක් නෑනෙ”

සෙනුරිගෙ නංගිගෙ නම මලිති.ඒ ටික වෙලාවට මලිති නංගි මාත් එක්ක ගොඩාක් හිතවත් වුණා.නාල ඉදර වෙලා ඇදුමකුත් ඇද ගෙන දිය රෙද්ද මිරිකල එතනම තිබුණ වැලට දැම්මෙ.

රෑ කළුවර නිසාම එතනත් ටිකක් කළුවරයි.අනික ගේ පිටිපස්සෙම නිසාත් මිනිස්සු වැඩිය එන්නෙත් නෑ.ඒ නිසා ඇදුමක් මාරු කර ගන්න අමාරු උණෙත් නෑ.තුවාය අරන් තෙත කොණ්ඩෙට තියල බැඳ ගෙන කාමරේට යන්න ආවෙ.

ළිද ළග ඉදන් ටික දුරක් යන්න ඕනෙ පිටිපස්සෙ දොර ගාවට යන්න.අඩි දෙක තුනක් ඉස්සරහට යනකොට මං කාගෙදෝ මන්ද,ඇගක හැප්පිලා විසි වෙලා ගියේ.

” බුදු අම්මෝ යකෙක්” 😱

බය වෙච්ච පාරට කෑ ගැස්සුණේ.විසි වෙච්ච පාර වැටෙන්න ගියපු මාව කව්රු හරි අල්ල ගන්නව දැනුණෙ.ආයෙමත් කෑ ගහන්න හැදුවත් කාගෙ හරි ශක්තිමත් අතකින් මගෙ කට හිර වෙලා ගියේ…..

නැවත හමුවෙමු.👋👋

  • කතාවෙ තේරුමක් නෑ කියල හිතෙනවද? වස්තුලා.නෑ තේරුමක් තියෙනව හැබැයි ඔයාල හිතනවට වඩා වෙනස්ම තේරුමක්.
  • #චන්ඩි #රැජින කව්ද කියල කොහොමත් එළි වෙන්නෙ අවසානයට.එතකන් ඉවසල ඉන්න වස්තුලා