2 වන දිගහැරුම

අරූනි මගේ අතකින් ඇදගෙන දුවද්දී මන් එකපාරම ඇයගේ අත ගසා අපිට පිටුපසින් එන වාහනය ඉදිරියට දුව ගොස් අත් දෙක දෙපසට විහිදුවා සිට ගනිද්දී ඒ වෙහිකල් එක හඩ නංවා තිරිංග තද කර ජේඩි ත් , ඔහුගේ ගෝලයෙක් යැයි සිතිය හැකි කඩවසම් තරුණයා ද බැස මගේ ළගට ආව විදියට නම් මේ පුංචි හිත පොඩ්ඩක් විතර ගැස්සුණා…

අරූණි නම් හිටියේ හොදටම බය වෙලා ඒ මදිවට ඒකීට දාඩියත් දාලා. හිත ඇතුළේ හීනීයට වගේ බයක් ආවත් එළියට පෙන්නනේ නැතුව හිටියා. ජේඩි ත් අනිත් කෙනාත් මගේ ලගට එද්දී මම

🌹 ” අනේ සර් මේ තරහ ගන්න නම් ඔට්ටු නෑ ඔන්න…

මගේ අතින් වුණ වැරැද්දට සෝ සෝරි. .”

මන් මගේ අත් දෙකින් කන් දෙක අල්ලාගෙන පහත් වෙන ගමන් පවසද්දී ජේඩී නම් රැවුල කරකව කව හිනා වෙද්දී අනිත් කෙනා නම් දැක්ක නොදැක්කා සේ ඉවත බලා ගත්තේ

🌹 ” ඇයි යකූ මූගේ ගනකම බලාහල්ලකෝ …

හරියට මන් මූව බදින්න ආවා වගේ නේ…

මහ හිපාටුවෙක් ….”

මන් එහෙම හිතලා ඒ මනුස්සයා දිහා බලලා ඒ කෙනාව තල්ලු කරලා ජේඩි ළගට ගොස්

🌹 “සර් මන් මේ ඔයාගේ සුදු අම්මියා එක්ක සෙල්ෆියක් ගහන්නද…..

එෆ් බී දාන්නම් බලන්න..”

ජේඩි කිසිවක් නොපවසා මගේ දිහා ම බලන් ඉද්දී මන් ඉක්මනින් එක එක ඉරියව් වලින් සෙල්ෆි ගහලා ඔවුන්ට බායි කියා ආවේ හිර කරගෙන හිටී බය පිට කරමින්‍ ය

🍊”මොකද්ද බන් උඹ මේ කරන්න යන්නේ….”

🌹” ඔන්න අද මන් මගේ ආටිකල් එක සක්සස් කර ගන්න පළවෙනි අඩිය තිබ්බා…..

ඒ බන් ඔක්කෝමත් හරි අර අරූගේ නම් මහ හෙන ලයින් නේ බන් ….ඒකට අර ජේඩි කාරයා එක වචනයක් වත් කියන්නේ නැතුව මගේ දිහා බලන් හිටියා…

🍊” මන් නම් දැක්කේ ඌ උඹ ට පැණි හලනවා වගේ නේ….”

🌹 “චී බන් අර නාකීයා ….

කොණ්ඩේත් සුදු වෙලා…..ඕ …

පත්තු වුණා …..වැඩේ ගොඩ ගියා වගේ තමා…මට ආව නියම එළකිරි අයිඩියා එකක්…”

🍊”මොකද්ද ….”

🌹” ඒක සික්‍රට් එකක්….’

🤔🤔🤔🤔🤔🤔

මන් අරූණිටත් සමු දී ගෙදරට එද්දී අම්මාත් තාත්තාත් බරටම සාකච්ඡාවක. දෙන්නම මම එනවා දැකලා කතාව නැවැත්තුවා. මන් ඒ ගැන සිත සිතාම පාඩුවේ කාමරේට ගොස් වොශ් එකක් දාගෙන කුස්සියට ගියේ ෆ්‍රිජ් එකේ තියෙන මොනවා හරි දෙයක් කටට දාගන්න කියලා…

🌹 ” අපෝ මේක නිකන් රජයේ භාණ්ඩාගාරය වගේ නේ…හිස් නේ අප්පා….කන්න මොකුත්ම නෑ….”

හිත කියන්නේම මොනවා හරි කන්න කියලා …ඒත් කන්න කිසිම දෙයක් නෑ….

🌹 ” අම්මා පොඩි බඩගින්නක් ආවා …කන්න මොකුත් නෑනේ…”

🏵️” බත් කන්න ඉතිං …”

🌹 ” අනේ ඇත්තමයි..අම්මා ඔයා නම්…

අනේ අපේ තාත්තා ට බැරි වුණා වෙන කෙනෙක් බදින්න…”

🏵️ “ආ….පෙනේද..මෙකීගේ කතාව..මන් අම්මා බන් ….”

🌹 ” දන්නවා රත්තරනේ …

චුටි විහිළුවක් කරේ….”

මන් එහෙම කියලා අම්මගේ කර වටේ අත දාගෙම අම්මට හාදුවක් දෙද්ද්ම ඇහුණේ පාරේ සින්දුවක් දාගෙන යන ශෝටීස් විකුණන ත්‍රිවීල් එකේ සද්දේ…මන් හිමීට නැගිටලා තාත්තා ගාවට ගිහින් තාත්තා ගේ සාක්කුවෙන් සල්ලි අරගෙන දුවලා යද්දීත් ඒ වාහනේ ගොඩාක් දුර ගිහින්…මන් පස්සෙන් දුවගෙන ගියේ හෝව් කිය කිය සද්දෙත් දාගෙන.පාරේ යන අපේ ගෙවල් අසල නැනදලා නම් කුටු කුටු ගගා මොනවදෝ කිව්වත් මන් දිව්වේ ඇර සෝලෝ කියලා….කවදාවත් ඉස්කෝලේ රේස් එකකටවත් දුවලා නැති මන් මේ වාහනයක් පස්සේ දිව්වේ හරියට සොනික් වගේ…

දුවලා දුවලා හති වැටෙද්දී එකපාරම අර වාහනේ කවුද කෙනෙක් නැවැත්තුවා ..මන් දුවගෙන ගිහින් බලද්දී ඒ නවත්තපු කෙනාත් එතන හිටියා…ඒ වෙන කවුරුත් නෙවී ජේඩි එක්ක හිටිය අර ආඩම්බරකාරයා.

🍁 ” තමුසේට ඕකේ සයිඩ් කණ්නාඩියක් එහෙම නැද්ද….

දැක්ක නැද්ද මේ කෙල්ලෙක් දුවන් එනව….”

🤵” නෑ සර්…

අනේ මැඩම් සොරි…”

🌹 “ආ ඒකට කමක් නෑ…”

මම කෑම අරගෙන හැරුණේ ඔහුට ස්තුති කිරීමට වුවද ඔහු මා හැරෙනවා දුටුවිගසම කලූ පැහැති ජීප් එකට නැගලා ගියේය.

🌹 ” ඒ තරම්ම නපුරෙක් නෙවෙයි වගේ …

හිතුවට වඩා හොදයි වගේ..”

මන් කෑම ටිකත් අරගෙන ගෙදරට එද්දී නන්නාඳුනන වාහනයක් අපේ ගෙදර අසල නතර කර තිබුණි.

මම ගෙදරට ඇතුල් වී

🌹 ” අම්මා…..කවුද ආවේ…”

🏵️ ” කවුරුත් නෑ…ඇයි…”

🌹 ” නෑ මේ නිකම් ඇහුවේ…

මන් ඉතිං පත්තරකාරී යෙක් නේ ඉතින් විමසිලිමත් නේ අම්මා…”

🎶 ” අනේ නෝනේ

අද නේ දන්නේ මගේ කෙල්ලට දුවන්නත් පුළුවන් කියලා…

අර වටේ ගෑණු ටික කතා වෙන්නේ අපේ කෙලීගේ දිවිල්ල ගැන නේ…

කොච්චර දුවලාද කිව්වෝත් හන්දිය ළගට ගිහින් තමා ඔය කෑම ටික අරගෙන තියෙන්නේ …”

🏵️” ඇත්තමයි දෝණි ලැජ්ජාවක් නැද්ද..?

ලමිස්සියෙක් නේ..

හෙට අනිද්දා දීග යන ගෑණු ළමයෙක්

ටිකක් සංවර වෙන්න….”

මම ඔළුව කස කස බිම බලාගෙන කුස්සියට ගියෙමි .

😁😁😁😁

සොරි කට්ටියටම ඊයේ දෙන්න බැරි වුණා .අදත් ගොඩාක් බීසී ඒත් කොහොම හරි ලිව්වා..හෙට දිග කොටසක් දෙන්නම් බබාලා…

අමන්දා වගේම රැදෙන්න කතාව එක්ක…

මහන්සියෙන් ලියන කතාවට කමෙන්ට් එකක් දෙන්න.

Advertisment