බැඳීමක් නැති මුදුවක් 💔
39 වන කොටස (අවසන් කොටස )
මගේ ජීවිතය..මගේ පවුල් ජීවිතය විනාශ වෙන්න බලපාපු ඒ හේතුව මොකක්ද කියලා දැනගන්න මගේ හිතේ නොඉවසිල්ලක් ඇති වුණා…
“ඒ මොකක්ද ?..”
මම එහෙම ඇහුවේ ලොකු කුතුහලයකින්….
“ඔයාගේ තාත්තා මට අයුතු යෝජනා කළා..බලපෑම් කළා…”
“මොනවා…”
උ ඹ එහෙම කියද්දි මම තුෂ්නිම්බූත වෙලා එහෙම ඇහුවේ හුස්මක් ගන්න පවා අමතක වෙලා…
“ඔව්..ඔයාගේ තාත්තා මට මහ නරක යෝජනා ගෙනාවා..”
මගේ තාත්තා හොඳ මනුස්සයෙක් නෙමෙයි කියලා මම කොහොමත් දන්නවා.ඒත් තමුන්ගේ පුතා ගේ බිරිඳ ට මේ විදිහට අයුතු යෝජනා ගෙනාවා කියලා මම කොහොමද විශ්වාස කරන්නේ .මම එහෙම කල්පනා කළේ බිත්තිය දිගේ ඉහළට බඩ ගාගෙන ගන හුනා දිහා බලාගෙන ..
“නරක යෝජනාවක්…ඒත් සුදූ එයා ඔයාට ආදරේ කලේ තමන්ගේම දුවෙක්ට වගේ නේ…මතක නේ ඔයා එක්ක රණඩු වෙද්දි මාත් එක්ක රණඩු කරපු හැටි…”
කොයි වෙලාවෙත් උ ඹේ පැත්ත අරන් මා එක්ක රණඩු කරපු තාත්තා උ ඹේ දිහා නරක විදිහට බැලුවා කියලා වත් මම කොහොමද හිතන්නේ….
ඇරත් ඒ දේවල් ඇත්තක් නම් ඇයි උ ඹ මේ දේවල් ගැන මට කියන්න මේ තරම් කාලයක් ගත්තේ ..දැන් ඉතින් මේ දේවල් වල ඇත්ත නැත්ත හොයාගන්නේ කොහොමද ?..
මම එහෙම කල්පනා කළේ අහස පොළව ගැට ගහන්න වගේ…
“ඇයි සුදු මේ දේවල් කියන්න මේ තරම් කාලයක් ගත්තේ ..ඔයාට තිබ්බා මේ දේවල් මට කලින් කියන්න..ඇයි මේ දේවල් මීට කලින් මට නොකිව්වේ ?..”
“මම කොහොමද මේ දේවල් ඔයාට කියන්නේ ..ඔයාලා කව්රුත් මාව විශ්වාස කරන එකක් නැහැ…මම බොරු කියනවා කියලා ඔයාලා හිතයි ..ඒකයි මම මේ දේවල් මොකවත් නොකියා හිටියේ…”
උ ඹ එහෙම කිව්වේ ලොකු හුස්මක් පිට කරන ගමන්.මට මොබයිල් එකෙන් පවා ඒ සුසුම් හඬ පැහැදිලිව ඇහුණා..
“ඔයාට ඇත්‍තම කියන්න තිබ්බා.එහෙනම් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ.
මේවායින් අන්තිමට අසරණ වුණේ අර අහිංසක දරුවා …”
මම එහෙම කිව්වේ ලොකු ආවේගයකින්..
“මම කොහොමද කියන්නේ .ඔයාලා ඔයාලගේ තාත්තා ව විශ්වාස කරලා මාව බොරුකාරියෙක් කරයි..”
උ ඹ එහෙම කිව්වේ ඉකිබිඳිමින් …
“අපේ තාත්තා මොනවගේ කෙනෙක්ද කියලා අපි දන්නවා..ඔයාට මේ දේවල් මට කියන්න තිබ්බා.කාට නැති වුණත් මට.මම ඔයාගේ කසාද මි නිහා..ඔයාට කාට කියන්න බැරිවුණත් මට කියන්න තිබ්බා…මොනවාද සිද්ධ වුණේ කියලා මට දැන්වත් කියන්න…”
මම එහෙම කිව්වේ මේ දේවල්වල සුලමුල මට දැන්වත් දැනගන්න උවමනා වුණ නිසා..
💔💔💔💔💔💔💔
පුංචි පුතා නිදි නිසා පුතා ඇහැරුනොත් දිලංක ගේ අම්මට පොඩ්ඩක් බලන්න කියලා මම ලිඳ ලඟට ආවේ නාලා රෙදි ටික සෝදාගන්න කියලා හිතාගෙන..
ළිං පඩිය උඩ තියාගෙන මම මගේ රෙදි ටික සෝදලා දැම්මා..පුංචි පුතාගේ ඇඳුම් ටික නම්
අතේම තියාගෙන හේදුවා…
රෙදි ටික හෝදලා මිරිකලා බේසමට දාලා
නොතෙමෙන විදිහට පැත්තකින් තියපු මම
දිය රෙද්ද ඇද ගත්තේ නාන්න කියලා හිතාගෙන…
ළිඳෙන් වතුර ඇඳලා මම හිතේ හැටියට නාගත්තේ පහුගිය දවස් ටිකේම පුන්චි පුතා දවාලේ නිදා ගත්තෙ නැති නිසා..
චීත්තය එහාට මෙහාට කරලා සබන් ගගා හිටපු මම එකපාරටම තිගැස්සිලා ගියේ අසලකින් කිසිවකු ෂ්…ෂ්…යනුවෙන් ශබ්ද කිරීම නිසා…
මම ක්ෂණිකයෙන් ඈත් මෑත් වෙලා තිබ්බ දිය රෙද්ද හදාගෙන වට පිට විපරම් කරලා බැලුවේ ඒ කවුද කියලා..
මගේ ඇස් දෙක පුදුමයෙන් ලොකු වුණේ පිළිකන්නේ පැත්තේ ඉඳලා මගේ දිහා බලාගෙන උන්නු දිලංකගේ තාත්තා දැකලා…
මගේ මාමණ්ඩි මගේ දිහා බලාගෙන උන්නේ මත් වෙච්ච ඇස් දෙකෙන්..ඒ මත් දෑස් කාලයක් තිස්සේ මාව ලුහු බැඳ ගෙන ආවත්
මෑතක ඉඳලා මට දැනිලා තිබුනෙ මට ඇල්ම බැල්ම දානවා වැඩියි කියලා..
මේ මනුස්සයා කොයිතරම් වෙලාවක් මගේ දිහා බලාගෙන හිටියාද කවුද දන්නේ ..මම ඇදුම් මාරු කරන කොටත් බලාගෙන ඉන්න ඇති..මේ වගේ මිනිසුන්ට තමයි කියන්නේ නා/කි විසේ ගෙටත් උසේ කියලා මම එහෙම හිතුවේ මාමන්ඩි දිහා රවා ගෙන බලලා…
“ලැජ්ජ නැද්ද ගෑ නු නානවා දිහා බලාගෙන ඉන්න..”
මම එහෙම ඇහුවේ තරහා වැඩිකමට …
“ගෙදර වත්තේ පිපිලා තියෙන මල් දිහා බලන්න කවුරු තහනම් කරන්න ද කෙ ල්ලේ…”
“අනේ මේ තාත්තේ…මම කාලයක් තිස්සේ බලාගෙන හිටියේ තමුන් එනපොට හොඳ නෑ කියලා..ලැජ්ජ නැද්ද තමන්ගේ පුතාගේ නෝනා නානවා දිහා බලාගෙන ඉන්න….”
“ලස්සන දේවල් දකිද්දී කොයි කාගෙ උනත් ඇස් යනවනේ කෙ ල්ලේ..මොකෝ අපි රහත් වෙලා යැයි..ඉස්සර ඇටකිච්චන් සයිස් එකට හිටියට දැන්නම් උ ඹ හරි ලස්සනට පිරිලා …දැක්කාම ආසාවේ බෑ..”
මාමන්ඩි එහෙම කිව්වම මගේ හිතේ ඇති වුණේ ලොකු හිරිකිතයක්…තාත්තා කෙනෙක්ට ලැජ්ජ නැතුව තමන්ගේ පුතාගේ බිරිඳට මෙහෙම කියන්න පුළුවන්ද?..
බලන් යද්දි දිලංක මෙච්චර කාලයක් තාත්තා ගැන කියලා තියෙනවා ඇත්ත..ඒත් මම දිලංක විශ්වාස කරන් නැතුව මේ මනුස්සයගෙ පැත්ත ගත්තේ ඇත්තටම හොඳ මනුස්සයෙක් කියලා හිතලා…
“අනේ මේ මට පව් දෙන්නේ නැතුව මෙතනින් යනවද?මේක හරි වදයක් උනානේ ..මට නිදහසේ නාගන්නවත් විදිහක් නැහැ..මම ගිහින් අම්මට කියන එක කියනවා…”
“ඉතින් ගිහින් කියප න්..මම බය වෙයි ඔය ගෑ නිට..ඔය ගෑ නි නිසා තමයි මේ සේරම.. මම ළඟටවත් එනවට කැමති නෑ..ඒකට මොකද මට ඇහෙනවා දිලංක ගෙදර ආවාම එක එක සද්ද බද්ද ඇහෙන හැටි..ඊයේ රෑත් ඇහුණා…අපිට කොයින්ද මාළු අපි යනවද මුහුදු..”
ලැජ්ජාවක් නැතුව කටේ දිවේ නොගෑවී මේ මනුස්සයා කු ණුහරුප කතා කරන ලස්සන..
මම මාමන්ඩි දිහා රවාගෙන බැලුවේ එහෙම හිතන ගමන්..
මදැයි ඉඳල ඉඳලා නාන්න ආවා..දැන් ඉතින් නාලත් ඉවරයි..මම තෙත දිය රෙද්ද පිටින් ම ගේ ඇතුලට යන්න සූදානම් වුණේ තවත් නම් මේ ලැජ්ජ නැති කතා අහගෙන ඉන්න අමාරු නිසා..
“මෙතනින් එහාට යනවා මට ගෙට යන්න දීලා…”
මම මාමණ්ඩිට රවාගෙන ගස්සගෙන එතනින් පිට වෙන්න හැදුවා..
“අනේ අම්මේ ඔය තරම් ගස්සන්න එපා කෙ ල්ලේ.අ පිට පිස්සු හැදෙනවා..අම්මත් මගේ ළඟට එන්නේ නැති එකේ මට පුලුවන්නම් එක චාන්ස් එකක් දෙන්න.එකම එක පාරක්.පින් සිද්දවෙයි කෙ ල්ලේ..”
මාමණ්ඩි එහෙම කිව්වේ මගේ දිහා කෑදර ඇස්වලින් බලන ගමන්..මම තරහ ඉවසන්න බැරිකමට එතනින් පිට වුණේ මාමන්ඩිට කම්මුල් පාරක් ගහගෙන..
“අනේ අම්මේ..උ ඹේ අතින් කම්මුල් පාරක් කෑවත් සැපයි..”
මාමන්ඩි එහෙම කිව්වේ ඒ කම්මුල අතගාන ගමන්..
මම තෙත දිය රෙද්ද පිටින්ම කාමරේට ඇතුල් උනේ ලොකු කල්පනාවකට වැටිලා වෙනම ලෝකෙක ඉඳන් ආවා වගේ…
“මොකෝ සුදු මේ…තෙත දිය රෙද්ද පිටින්ම ගෙට ආවේ …”
මම එකපාරටම තිගැස්සුනේ නැන්දම්මගේ වදන් වලට..
“ඔ..ව් අ..ම්..මේ ඇඳුමක් ගෙනියන්න අමතක උනා..”
මම එහෙම බොරුව කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා..
“අනේ හැබෑවට මේ ලමයත්..මට කතා කරා නම් මම ඇදුමක් ගෙනත් දෙනවා නේ..”
“මම හිතුවේ මෙලහකටත් පුතා අහැරිලා කියලා …”
“හරි එහෙනම් මම යන්නම් දුවේ..තවම දවල්ට මුකුත් උයා ගන්න බැරි වුණා..දැන් තව ටිකකින් තාත්තත් කෑගහාවී බඩගිනියි කියලා…”
නැන්දම්මා කාමරයෙන් පිට වෙලා ගියේ එහෙම කියාගෙන..මම ඇඳගෙන උන්නු දිය රෙද්ද මාරු කරගෙන ගෙදරට අඳින ගවුමක් ඇඳ ගත්තේ දිලංක ගේ තාත්තගේ මේ පිළිකුල් සහගත හැසිරීම ගැන පුදුමයෙන් කල්පනා කරන ගමන්…
මේ ගැන දිලංක ට කියනවා ද නැද්ද කියලා මම මොහොතක් කල්පනා කලා.දිලංක තමන්ගේ තාත්තව සැක කරන එකක් නෑ..
අනිවාර්යයෙන්ම මම බොරු කියනවා කියලා හිතාවී කියලා මම තීරණය කළේ මේ දේවල් ගැන දිලංක ට නොකියා ඉන්න..
නෙහාරා කියපු ඒ දේවල් මම අහගෙන උන්නේ තුෂ්නිම්භූත වෙලා වගේ..අනේ දෙවියනේ මම ගෙදර නැති අතරේ සිද්ද වෙලා තියෙන දේවල්..මම මේ කිසිම දෙයක් දන්නේ නෑනේ ..මට මම ගැන මගේ තාත්තා ගැන ඇති වුනේ ලොකු ලැජ්ජාවක්..
“ඒ කරදර එතනින් නතර වුණේ නැහැ
දවසෙන් දවස ඒ කරදර වැඩි වුණා.
මට ඒ ගෙදර නිදහසේ ඉන්න බැරි වුන නිසයි මම මෙහෙන් යන්න ඕනේ කිව්වේ..ඔයා ඒත් මම කියන කිසිම දෙයක් ඇහුවේ නෑ..වැරදි මම නෙමෙයි ඔයාලා..”
මගේ පපුවත් එක්ක රිදුම් කන්න ගත්තේ උ ඹ එහෙම කිව්වම ..උ ඹ මේ දේවල් හිතේ හංගගෙන හිටියට මම මොනව කරන්නද?.
උ ඹ මට මේ දේවල් ගැන කිව්වා නම් මම උ ඹ කියන දේවල් අහලා උ ඹත් එක්ක කොහොමහරි ගෙයක් හොයාගෙන යන්න එනවා…මම එහෙම හිතුවේ ලොකු පසුතැවිල්ලකින්…
“මගේ තාත්තගේ අතින් ඔයාට එහෙම වැරැද්දක් වුනා නම් ඒකට මට සමාව දෙන්න..ඒත් ඔයාට මට මේ දේවල් කියන්න තිබ්බා..එහෙනම් මම ඔයා කියන දේ අහලා කුලී ගෙයකට යන්න එනවා…ඔයා මට කිසිදෙයක් කියන්නැතුව හිතේ හංගගෙන ඉන්න කොට අද ඒ දේවල් දැනගන්නේ නෙහාරා …”
“මම දන්නේ නෑ..තවත් ගිය දේවල් ගැන කතා කරල වැඩක් නෑ..මට ඉක්මනට ඩිවෝස් එක ඕනේ….”
උ ඹ එහෙම කිව්වම වගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තා..
උ ඹ අඬන්න ගත්තේ ඉකිබිඳිමින් …පිරිමි අපි හැමදාමත් ගැහැනුන්ගෙ කඳුළු ඉස්සරහා රැවටෙන්නේ අසරණ වෙන්නේ මහ පුදුම විදිහට..
උ ඹ කියන්නේ ඇත්තක් නම් මේ හැම හැමදේකටම වගකියන්න ඕනේ මගේ තාත්තා…තාත්තගේ පහත් ආ ශාවන් නිසා මගේ පවුල මගේ ජීවිතය විනාශ වෙලා ගියා…අර අහිංසක දරුවා අසරණ වුනා…
ඇයි අපිට අපේ දරුවා වෙනුවෙන් වත් දැන්වත් සමාදාන වෙන්න බැරි…මම එහෙම කල්පනා කරා…
“ගිය දේවල් ගියා..අපිට අපිට බැරිද ඔය දේවල් අමතක කරලා ජීවිතය අලුතින් පටන් ගන්න..අඩුම ගානේ පුතා වෙනුවෙන් වත්..”
මම අවසාන වතාවටත් මගේ පවුල රැකගන්න උත්සාහ කළා..
“දැන් අපි හොඳටම පරක්කු වැඩියි..දැන් කරන්න පුළුවන් එකම දේ ඉක්මනින් අපි වෙන්වෙන එක විතරයි..
උ ඹ මහා මුරණ්ඩු ගුප්ත ගැහැනියෙක්.
උ ඹ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ..
කමක් නැහැ මම අන්තිම වතාවටත් උත්සාහ කළේ පුතා වෙනුවෙන් අපේ පවුල ආරක්ෂා කර ගන්න ..මම ලොකු හුස්මක් පිටකරලා මගේ හිත නිදහස් කර ගත්තේ එහෙම…
“නඩුව තියෙන්නෙ සැප්තැම්බර් 25.ඔයාට නඩුවට එන්න කියලා ලියුමක් හම්බවෙයි..
එදාට එන්න…”
උ ඹ ඇමතුම විසන්ධි කරේ එහෙම කියලා..
මම මගේ ඇඳේ වාඩිවෙලා කල්පනා කරන්නේ ගත්තේ පහුගිය අතීතය ගැන…
උඹ තාත්තා ගැන කියපු වදන් තවමත් මට දෝංකාර දීලා වගේ ඇහෙනවා…
තාත්තා හැමදාම අපේ හැම ප්‍රශ්නෙකටම මැද්දට පැනලා උ ඹව බේරගන්න එද්දි ..
උඹට හරිම ආදරෙන් සුදු නෝනා කියලා කතා කරද්දි ..
ගමේ කො ල්ලෙක් එක්ක ,අයියත් එක්ක
උ ඹ කතා කරද්දි
ඒ ගැන මට තරහින් ගතු කියපු හැටි …
ගාමන්ට් එකේ වැඩට යද්දී ඒකට විරුද්ධ වෙලා රස්සාවෙන් අස්වෙන්න කියලා උ ඹත් එක්ක රණ්ඩු වුණ හැටි…
මම රස්සාවට යන්න එපා කියලා කොයිතරම් රණ්ඩු කරත් අහපු නැති උ ඹ
තාත්තා එපා කියලා රණ්ඩු කරපු හැටියේ
රස්සාවෙන් අස් වෙච්ච හැටි..
මම උ ඹව ලෙඩ කරා කියලා උ ඹ අපේ අම්මට නොකියා තාත්තට කියපු හැටි..
මේ දේවල් එකින් එක මතක් වෙද්දි හිතට දැනෙන්නේ මහා ජුජුප්සා සහගත හැඟීමක්…
උ ඹ කියන දේවල් වල ඇත්ත නැත්ත හරියටම කවුද දන්නේ…
ඇයි ඒ දේවල් සම්පූර්ණයෙන්ම ඇත්ත නම්
තාත්තා ජීවතුන් අතර ඉන්නකම් උ ඹ ඒ දේවල් ගැන මට කිව්වේ නැත්තේ…
මගේ තෙවැනි ඇස අවදි වෙලා හඬ නගන්න ගත්තේ එහෙම…
පහුවෙනිද වැඩට ගිහිල්ලත් මට වැඩක් කරගන්න හිතට නිදහසක් තිබුනේ නැත්තේ
උ ඹ කියපු දේවල් සිහිපත් වෙලා..
මම නිවාඩු වක් දාගෙන ගෙදර යන්න සූදානම් වුණේ ගෙදර ගිහින් අම්මා ගේ ළඟට වෙලා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න…
බස් එකේ යන අතරතුරත් මට සිහිපත් වුණේ උඹට තාත්තා ගැන කියපු දේවල්…
මගේම තාත්තා මගේ ජීවිතය විනාශ කරන්න පාර කැපුවා කියලා හිතෙනකොට
හිතට දැනෙන්නෙ දරාගන්න බැරි ලොකු දුකක්..
ගෙදර යනකොට හවස් වෙලා ..
පලාතම වැහි අඳුර නිසා කළුවර වෙලා…
බස් එකෙන් බැහැලා පයින් ඇවිදගෙන යනකොට ඇදගෙන හැලුණු පොද වැස්සේ තෙමි තෙමි ම මම ගියේ අතේ කුඩයක් තිබුනෙ නැති නිසා…
මම ගේ කඩුල්ල ලඟට එනකොටම දැක්කේ අම්මා මම එනකම් මිදුලේ පොද වැස්සේ තෙමි තෙමි බලාගෙන හිටපු හැටි…
අම්මා හැමදාමත් එහෙමයි …
මම එනවා කිව්වම වරු ගානක් ගේදොර කොඩට වෙලා බලාගෙන ඉන්නවා..
මගේ හිතේ මෙතෙක් තිබුණු දුක පහ වෙලා ගියේ අම්මගේ ඒ කරුණාබර මුහුණ දැකලා…
“පුතේ…වැස්සේ තෙමි තෙමී ආවද?..”
අම්මා මගේ ලඟට ආවේ එහෙම අහගෙන..
“අම්මා මොකද මම එනකම් මේ වැස්සේ තෙමි තෙමි හිටියේ..”
“නෑ පුතේ මම වැස්සට තෙමුනේ නෑ..පුතා එහෙ ඉඳන් මෙහෙට එන්න යන වෙලාව මම ගණන් බැලුවා ..බස් එක එන සද්දෙ ඇහුණා..මේ පාරේ ඉතින් බස් පේන්නෙ පැයකට වතාවයි නේ..මම හිතුවා පුතා මේ බස් එකේ ඇති කියලා…”
මම අම්මගේ මූණ දිහා බැලුවා..ඒ ඇස් දෙකේ උතුරාගෙන ගලාගෙන යන්න තරම් ආදරය ,කරුණාව තිබුණා..
උ ඹ කොහොම මොනවා කිව්වත් උ ඹටත්
උ ඹේ ගෙදර උදවියටත් මාව රුස්සන්නේ නැතිව ගියේ මගේ රස්සාව නැතිවෙලා මම දුප්පත් උනාට පස්සේ….
මිනිස්සු එහෙම තමයි..
සල්ලි තියෙන කාලේ යාලුවෝ,ආදරය ඕනතරම් ලැබේවි…
ඒ වුණත් සල්ලි නැති කාලෙක අපි හැමෝටම ඉතිරි වෙන්නේ අපේ අම්මා විතරයි…
උ ඹ මට කොයිතරම් ද්‍රෝහිකම් කරත්..
මගේ තාත්තා මට කොයිතරම් ද්‍රෝහිකම් කලත්…
මගේ පුතා මාව ප්‍රතික්ෂේප කළත්…
මොකටද මම දුක් වෙන්නේ…
මගේ රත්තරන් අම්මා මගේ ලග ඉන්නකන් …
මට ඒත් එක්කම දොස්තරගේ අවවාද සිහිපත් වුණා…
දොස්තර කිව්වා හරි…
මම කොහොම හරි මගේ ජීවිතේ හදා ගන්නවා…
මගේ අම්මා වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ එච්චරයි…
මම එහෙම හිතුවේ අම්මාව තුරුල් කරගන්න ගමන්….
මට ඒත් එක්කම සිහිපත් වුණේ ගුණදාස කපුගේ ගායන ශිල්පියාගේ ගීතයක්..
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ…
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ…
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ..
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ….
ඒ ගීතය මට දැනුණේ මටම ලියුව එකක් වගේ…
හැමෝටම හොඳ අම්මලා නෑ….
මේ ලෝකයේ හැමෝම හොඳ අම්මලා නම්
මේ තරම් ළමා නිවාස ඉදි වේවිද?.
මේ තරම් ළමයි පාරේ මහමග දාල යාවිද?..
සමාජයේ මේ තරම් අනාත ළමයි බිහිවෙලා ඉන්නේ හැම අම්මා කෙනෙක්ම හොඳ අම්මා කෙනෙක් නොවෙන නිසා…
ඒ අතින් මම ගොඩක් වාසනාවන්තයි.
මගේ තාත්තා මාවයි අම්මවයි එපා කියලා ගියාට අම්මා අපිව ලස්සනට හැදුවා උස්මහත් කළා..
මට ඉන්නේ වගේ දිරිය අම්මා කෙනෙක්..
මට කවුරු නොහිටියත් කමක් නෑ..මගේ රත්තරන් අම්මා මම ලග ඉන්නකම්..අම්මගේ ආදරේ ඉස්සරහා හැම ආදරයක් ම පරාදයි…මම ආයෙමත් මගේ දෙපා වල වීරියෙන් නැගිටිනවා අම්මේ…
මම මටම එහෙම පොරොන්දු වුණේ අම්මගේ මුහුණ දිහා බලාගෙන …
“ඇයි පුතේ මේ?..”
මම අම්මට තාත්තා ගැන හැම විස්තරයක්ම කිව්වා..අම්මා කම්මුලකට අත තියා ගත්තේ
පුදුමයෙන් වගේ…..
“මේ ළමයා නම් මහ පුදුම ළමයෙක්..මෙච්චර දවස් මේ දේවල් හිතේ තියාගෙන හිටියා…පුතාට කියන්න බැරි නම් අඩුම තරමේ මට වත් කියන්න තිබ්බා..”
“දැන් ඒ දේවල් ගැන කතා කරල වැඩක් නෑ අම්මේ..මම ඒ හැමදෙයක්ම අමතක කරලා ඉන්නේ ..එයාට මාව එපානම් මම මොකටද අම්මේ තවත් එයාගේ පස්සෙන් යන්නේ..මම කවදාවත් එයාට වැරැද්දක් කරලා නෑනේ..”
අම්මා කල්පනා කරන්න ගත්තෙ මම එහෙම කිව්වම..
මගේ ඇස් දෙක මගේ අතේ පළදලා තිබුණු රන් මුදුවට ගියේ ඒත් එක්කම..
කිසිම බැඳීමක් නැති මේ මුදුවෙන් වැඩක් තියෙනවද?..
බැඳීමක් නැති මුදුවක්…
මේක අතේ තියෙනකම් හිතට බරක් විතරයි..
මම මගේ අතේ තියෙන මුදුව ගලවලා අම්මගේ අතේ තිබ්බේ එහෙම හිතලා…
“ඇයි පුතේ මේ?..”
අම්මා එහෙම ඇහුවේ මාව තේරුම් ගන්න බැරිව වගේ…
“එයාලා ඩිවෝස් කේස් එක ෆයිල් කරලා තියෙන්නේ…මේ මුද්ද දැන් නිකන් දාලා වැඩක් නෑ..මේක අම්මා ළඟ තියාගන්න..”
අම්මා ලොකු හුස්මක් පිට කළේ මුදුව දිහා බලාගෙන..
“මගේ පුතේ.. උඹ ඉක්මනටම ගොඩ යන්න ඕනේ..උ න්ගේ ඇස් කන ඇරෙන්න ම.”
“ඔව් අම්මේ…මම ජීවිතේ හදාගන්නවා.
අම්මා මම ළඟ ඉන්නකම් කාටවත් මාව වට්ටන්න බෑ…”
මම එහෙම කිව්වා විතරයි ඒ ඇස් දෙක සතුටින් පිරුනා..හැමදාමත් මම මගේ අම්මගේ ඇස් දෙකට සතුට අරගෙන එනවා ..ආයෙමත් ඔය ඇස් වලට කඳුළු දෙන්නෙ නෑ…මම එහෙම හිතුවේ අම්මා දිහා බලාගෙන…
💔💔සමාප්තයි..💔💔
කතාව කියවන ඔයාලා තව කෙනෙක්ගේ බිරිඳක් වෙන්න පුළුවන් සැමියෙක් වෙන්න පුළුවන්..ඒත් තමන්ගේ සැමියාගේ බිරිදගේ කඩාවැටීම් වලදී ,ප්‍රශ්නවලදී ඔහුට හෝ ඇයට ශක්තියක් වන්න..ඒ කඩා වැටීම් වලදී හැර යන්න එපා..ජීවිතය කියන්නේ රෝස මල් අතුරපු යහනාවක් නෙමෙයි..ප්‍රශ්න කරදර බාධා මේ හැම දෙයකටම ඊට මුහුණ දෙන්න වෙනවා කියලා අමතක කරන්න එපා…තමන්ගේ සහකාරයාගේ සහකාරියගේ පරාජය ,බිඳ වැටීම් හමුවේ හැර යන එක නෙමෙයි මනුෂ්‍යත්වය..
කොටස් තිස් නවයක් පුරාවට කතාව එක්ක සිටි ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි..
මේ ඔයාලා පතපු අවසානය නෙමෙයි වෙන්න පුළුවන්.මුළු කතාව එකම ශෝකාන්තයක් ..එහෙම තමයි හැමෝගෙම ජීවිත ලියවිලා තියෙන්නේ එක එක විදිහට.
මේ ඔහු ගේ සත්‍ය ජීවිත කතාව..
මෙතනින් එහාට මට කතාව ලියන්න බෑ…මොකද මේ මම අවසන් කරලා තියෙන්නේ
ඔහුගේ ජීවිත කතාවේ වර්තමාන කාලයෙන් නිසා..
ඔහු ඔයාලත් එක්ක මේ කතාව පුරාවටම රැඳී සිටියා..ඔයාලගේ අදහස් උදහස් කියෙව්වා…
කතාව කියවන ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා කතාව ගැන දැනෙන හැඟීම අකුරු කරලා යන්න කියලා.