නොකියූ ආදරේ 🖤~🌸 _

දෙවැනි දිගහැරුම ©©°°

“එහෙනම් ලමයී පැය බාගයක් ඉන්ටවල් අරන් එන්න .. “

පැය ගානක ඉදන් ක්ලාස් එකේ හැම ලමයෙක්ම අහන්න පෙරුම් පුරන ඒ දේව වැකිය .. 😉😉

ඉන්ටවල් කියපු ගමන් සේරෝම එලියට දිව්වේ ගාල කඩා ගත්ත හරක් වගේ ..

” නැගිටලා යමන් යෝදියේ ඉක්මනට .. “

මම අර මගේ දුබුරු ඇස් අයිතිකාරය දිහා බලන් හිටියේ එයා එලියට යන්න නැගිටිනකන් ..

කොහෙද ඉතින් මේ ටකරමී එක්ක මොන ලව්ද 😏 ..

නිකීටත් හිතෙන් බැන බැනම මම නැගිටලා එලියට ගියේ අර නපුරා දිහාත් බලලා … එයානම් දගෙන මොනාදෝ ලියනවා ..
සමහරවිට පහුගිය නෝට් වෙන්න ඇති .. අලුතෙන්නේ ඇවිත් තියෙන්නේ රිවිෂන් එකට .. නැත්තම් ඉතින් මම ඔයිට කලින් දැකලා තියෙන්න එපැයී … හුම්ම් …

“ඒ මචී .. චමී එක පැත්තට ගිහින් රයිස් එකක් දාගෙන එමුද බඩට … “

නිකී කෑම ගැන මතක් කරද්දීන් මටත් ඉන්න බැරුව ගියේ බඩේ පනුවෝ බොක්සිං ප්ලේ කරනවා වගේ ෆීලින්ග් එකක් ආව නිසා ..

” මොකද බල්ලෝ මගේ මස් කට්ට ගත්තේ .. උබ ඉස්සෙල්ලත් කට්ටක් කෑවා .. 😡 “

” මස් කට්ටට මොකටද යකෝ ඔච්වර බෙරිහන් දෙන්නේ .. අපි හැමෝම මැරෙන මිනිස්සුනේ .. ඒ නිසා ඔය ඉන්න ටිකේ ලෝබකම් කරන්න එපා .. අපායේ යයි මිතුර .. 🤭 “

“මෙන්න වැන්දා මැනිකේ බන කියන්න නම් පටන් ගන්න එපා ආ ඉදා මේ මස් කට්ටත් කාපන් .. “

එහෙම කියලා නිකී හොරෙන් බත් යටට කරගෙන හංගන් ඉදපු මස් කට්ටත් මට දුන්නේ කාපන් කියල .. සැක් මුන්‍ට හොද දෙයක් කියලා දෙන්න ගියාට අහන් ඉන්නෑනී ..

බඩ පැලෙන්න කාලා ස්ප්‍රයිට් එකකටත් වැඩේ දීලා මගදී කකා යන්න ටොෆී ටිකකුත් අරගත්තා ..

යන ගමන් දෙන්නත් එක්ක සිංදුවකුත් කිය කියා ගියේ එක විනාඩියකටවත් කට පියන් ඉන්න පුරුද්දක් අපි ලග නැති නිසා ..

ක්ලාස් එකට ඔන්න මෙන්න තියෙද්දී මම දැක්කේ අර දුඹුරු ඇස් තියෙන බෝයී ක්ලාස් එක ඉස්සරහ එයාගේ යාලුවත් එක්ක කයියක් දාගෙන ඉන්නවා ..

” ඒහ් අන්න අරූ ඉන්නවා .. “

මම අර නපුරු දිහා බලන් ඉද්දින් නිකී කිව්වේ මගේ අතටත් ඇනලා .

” කවුද බන් ……… “

” අර අරූ බන් . ඇයි අර උබ පඩිපෙලෙන් හැප්පුනේ කොල්ලෙක්ගේ ඇගක .. “

” අහ් .. හ්ම් … “

නිකී කියන්නෙත් දුබුරු ඇස් ගැන තමා .. ඒ නිසාමයී මම කෙටි උත්තරයක් දීලා සද්ද නැතුව ඉදියේ .. මොකද මේකිට මගේ හිතේ තියෙන දේ දැනුනොත් ඉදලා හමාරයී .. ඇයි ඉතින් මේ අවුරුදු දහ අට ඇතුලත මම හැම තත්පරක්ම ගත කලේ ලව් වලින් තොරවනේ ..

එහෙම එකේ ඉතින් මේ මාස දෙක තුනට විතරක් මොකටද මගේ ඒ වාර්තාව කඩලා බිදලා දාන්නේ මේ කෙහෙල්මල් කොල්ලෙක් නිසා 😂..

” මොකෝ යකෝ වෙලා තියෙන්නේ ..”

” ඇයි .. “

” නිකන් නිකන් .. මේ යන ගමන් වොෂ් රූමුත් ගිහින් යමු ඈ … “

” යමන් තුන්සිය හැටපස් දවසෙම උබේ වැඩේ ඉතින් ඒකමනේ .. පැය බාගෙන් බාගෙට ටොයිලට් .. ඒ අතින් බලපන්කෝ මන් දිහා .. ගිහින් තියෙනවද කවදාවත් . “

” හරි ඉතින් උබේ ඒ ඉන්ද්‍රීය නෑ කියල මට කරන්න දෙයක් නෑනේ .. ඒක උබේ අවුලක් . “

” හා හා .. මම බලාගන්නම්කෝ මගේ අවුල ගැන උබ පලයන්කෝ දැන් ඇතුලට .. “

එහෙම කියලා මම අර නපුරව පාස් කරන් ගියේ වොෂ් රූම් පැත්තට .. ඇත්තමයී එයාගේ ලගින් යනකොටත් මගේ හිත සැනසෙනවා . එයාට නම් ගානක්වත් නෑ මම ලගින් යනවා කියල .. ඌ දාගෙන කියවනවා අනික් එකාත් එක්ක …

කෝමින් කෝම හරි ඉන්ටවල් පැය බාගේ ඉවර වෙලා ගියේ අපි සෙට් එකත් ක්ලාස් එකේ ඇවිත් ඉදගද්දී ..

ඒත් අර බූරු වහන්සේ ඇවිත් නෑනේ තාමත් .. ඇති කයිය ගහ ගහ ගේට් එක ලගට වෙලා ..

” හරි ලමයී සේරමලම ආවද .. “

මිස් ඒම අහනකොට මට නැගිටලා කියන්න හිතුනා අරයා නෑනේ තාම කියල ..

මොන මගුලක් කරනවද මන්දා එලියට වෙලා ..

මම ඒම හිත හිත එයා එනකන් ඩෝර් එක දිහා බලන් හිටියා ..

අම්මූ ඔය එන්නේ ඉතිම් ලැසි ගමනින් .. ක්ලාස් එක ඇතුලට එන්නෙත් යාලුව එක්ක කයිය ගගහමයී .. ඇත්තමයී මෙයාට කයිය ගහනව ඇරෙන්න වෙන මොකුත් කරන්න ඇත්තෙම නැද්ද මන්දා ..

ලමයී කෝ මම අද කරන් එන්න දුන්නූ පේපර් එක ගන්න ..

ඒම කියල මිස් කෝට්ටකුත් අරන් ස්ටේජ් එකෙන් බැහැලා ආවේ පේපර්ස් චෙක් කරන්න ..

මට එකපාරම බැලුනේ නපුරු දිහා .. එයා ඩිම් වෙලා වගේ ඉන්නේ .. පේපර් එකවත් නෑ අතේ .

කරන්න බැරි වෙලාද දන්නෑ . .

” අනුදී …. කෝ පේපර් එක . “

මම එකපාට්ටම ගැස්සිලා ගියේ මිස්ගේ සද්දෙන් .. අරයගේ සිහියෙන් හිටිය මිසක් මට පේපර් එක එලියට ගන්නවත් බැරි වුනා ..

” අනේ අනේ තාම පේපර් එක අරගෙනවත් නෑ .. පේපර් එක එලියට ගන්ඩ කියලා පැය බාගෙකටත් වැඩියී දැන් .. මොන සිහියෙන්ද ඉන්නෙ ආ .. “

” නෑ ටීචර් මේ .. මම . “

” ඇයි මොනාද . හා කෝ ගන්නවකෝ බලන්න දැන්වත් .. “

මිස්ගෙන් නෝන්ඩිත් වෙලා මම බෑග් එකෙන් පේපර් එක අරන් පෙන්නුවා ..

” හරී .. අනිත් දවසේ ඉදලා මෙහෙ වාඩි වෙන්න බෑ .. ඉස්සරහට යන්න ඕනේ හරිද … “

” හා මිස් .. “

” හ්ම් .. කෝ නිකී පේපර් එක ගන්න බලන්න .. “

නිකියත් ඉන්ටවල් එකට කලින් මගෙන් කොප්ප ගහගත්ත හින්දා නූලෙන් බේරුනා .. නැත්තම් ඉතින් ක්ලාස් එකෙන් දොට්ට තමා …

නිකීගෙන් පස්සේ මිස් ගියේ කොල්ලො සෙට් එක පැත්තට .. මොකද අපි දෙන්නනේ කෙල්ලොන්ගේ පැත්තේ අන්තිම ඩෙස් එකේ හිටියේ ..

කොල්ලොන්ටනම් මිස් ටාං ටාං ගාගෙන දිදී යනවා පේපරේ කරලා නැති නිසා .. හොද වැඩේ ඕකුන්ට ..

මම එහෙම හිතලා ඉස්සරහට හැරුනෙ හිනා වෙවී . ඒත් ඒ හැරුනට වඩා වේගෙන් මම මගෙ නපුරු ඇස් දිහාවට හැරුනේ එයාටත් ගුටි කන්න වෙයිද කියල බයෙන් ..

අනේ මිස් දැන් එයාට ලංවීගෙන එන්නේ ..

දෙවියනේ එයාට නම් ගුටිකන්න සලස්වන්න එපා . . ප්ලීස් ප්ලීස් ..

ම්ම්ම් .. කෝ ඔය ලමයා .. පෙපර් එක ගන්නවා බලන්න ..

මිස් නපුරු ලගට ගිහින් කතා කරනකොට මම ඒ දිහ බලන් හිටියේ බයෙන් ..

එයා ගාව පේපර් එකවත් නෑනේ .. දැන්නම් මිස් ගහයි වගේ එයාට .. යකෝ ඇත්තටම මේ මී හරකට ඔය පේපර් එක ඉල්ලගෙන කරන්න බැරි උනාද මගෙන් .

මම කිව්වේ මගෙන් නෙවේ කාගෙන් හරී .. 😏😏

” කෝ ලමයෝ .. කියනවා .. පේපර් එක කලාද .. කෝ ගන්න බලන්න . “

” මිස් මම ක්ලාස් එකට ආවේ අද . 🙄 “

එයා ඒම කිව්වාම මම හිතුවේ මිස් ගහයි කියලා .. මොකද මේ බූරුවා ඒක කිව්වෙත් නපුරු විදියට .. පොඩ්ඩක් අහිංසක පාට් එකක් දාන් කියන්න එපැයී .. වල් අලියා

” හ්ම් .. ක්ලාස් ඇරුනාම මගෙන් ඉල්ලගන්න පේපර් එක .. “

එහෙම කියල මිස් ගියේ අනික් උන්ට තල තලා ..

ඇත්තමයි මහම මහ නපුරෙක් මේකානම් 🙄 ..

මම මටම කියාගෙන නිකී එක්ක කයියක් දාන්න කියලා ඒකිගේ පැත්තට හැරුනා .

ඔහොම්මම වෙලාව ගෙවිලා ගියේ ක්ලාස් එක ඉවර කරන්න විනාඩි පහක් දහයක් තියෙද්දී …

” නිකී මට අරූගෙන් මගේ වතුර බෝතලේ ඉල්ලලා දියම් .. ක්ලාස් එක පටන් ගත්තටම මම ඒක තවම ඇහැට දැක්කේ නෑ .. බෝතලේට හීරීමක් හරි වෙලා තිබ්බොත් මම උබව මරනවා .. “

” යකෝ බෝතල් කට්ටක් හින්දා තවුසේ මාව පරලොව යවන්නද හදන්නේ .. බෝතලේද වටින්නේ උබට නැත්තම් මේ මන්ද 😒 … “

” මට වටින්නේ බෝතලේ .. මොකද ඕක නැති උනොත් අම්මා මාව තමා පරලොව යවන්නේ .. මේ අවුරුදු දෙකට මට ඔය අරන් දුන්න කීවෙනි බෝතලෙද යකෝව් .. මේකත් නැතුව ගියොත් අම්මා මාව බාබකිව් දායී … “

” හුම් හරි හරි ඉදාහම් නාහෙන් අඩන්නැතුව .. මම ඉල්ලලා දෙන්නම් අරූගෙන් .. “

” අන්න … ගනිම් උබේ බෝතල් කට්ට .. “

“කෝ … “

නිකීගේ අතේ බෝතලේ තිබුනේ නැති නිසා මම එහෙම ඇහුවේ .. ඒ අහනකොට එයා පෙන්නුවේ මගෙ නපුරා ඉන්න පැත්ත ..

” ඕ ගෝඩ් … “

හී හී .. මෙව්වට තමා කියන්නේ දෙයියෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනවා කියලා ඒයී …

මම හිත ඇතුලෙන් උඩ පැන පැන කරුනම් ගගහ හිනා උනේ නපුරු එක්ක කතා කරන්න අවස්තාවක් එන නිසා ..

මම එයාගේ පැත්ත හැරෙනකොට ඉස්සෙල්ලා වගේම මූනත් නපුරු කරන් ඉන්නවා ..

බෝතලේ ගන්නවත් එක්කම එයාගේ අතත් ඇල්ලුවේ හිතට ආවා චූටි මොට්ට ආසාවකට 🙈🙈

අම්මූ කොල්ලෙක්ගේ අතක් වගේ නෙවේ .. හෙන සොෆ්ට් අප්පා එයාගේ අත … 😍

මම එයා දිහා බලද්දින් එයා ඉස්සෙල්ලටත් වඩා රැව්වා .. ඒකටනම් බය හිතුනා 😏 ..

රැව්වා කියලා මම සැලෙනවද .. නෑනී නෑනී … හී …

එයා එහෙම රවද්දින් මම කලේ ඒ මූන දිහාම හරි ආසාවෙන් බලන් හිටපු එක ..

ඇත්තමයී සැවුලෝ ඔයාව ඉබගෙන ඉබගෙන යන්න හිතෙනෝ .

” අඩෝ මේ ………….. “

°••|🖤 මම හංසි

Advertisment