May be a close-up of 3 people, outdoors and text
This photo is from a post.
View Postකිඳුරංගනා
කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.
2_කොටස
” අනේ අම්මා, තාත්තට කියන්නකෝ…” කෙල්ල මේ ඇවටිලි කර කර යන්නේ අම්මගේ පස්සෙන්. කෙල්ලගේ තාත්තා අකැමතියි කෙල්ල ජොබ් එකක් කරනවට.
“මට තාම පුළුවන් උඹලට කන්න අඳින්න දෙන්න..” කෙල්ල ජොබ් එකක් ගැන කතාකරන හැම වෙලේම තාත්තා කිව්වේ ඔහොම තමා. තාත්තට දුකයි ගෙදර හුරතලේට හැදුනු කෙල්ලව නොදන්න තැනක රස්සාවකට යවන්න. කෙල්ල ටිකක් දුක් වින්දා තමා. ඒත් ඒ අම්මා තාත්තා ළඟ.
“අනේ මන්දන්නෑ ළමයෝ..දන්නවනේ තාත්තගේ හැටි …තාත්තලා දුවලම ඕවා බේරුමක් කරගන්න ..” අම්මා කිව්වේ එහෙමයි.
“අනේ සුදු තාත්තේ…මට මේ පාරවත් යන්න දෙන්කෝ…මං දැන් ලොකුයිනේ…අනේ…මට බෑ හැමදාම මෙහෙම ඉන්න..අනික ජොබ් එකත් හොදයි. හොඳ සැලරි එකකුත් දෙනවා කිව්වා. තැනත් හොඳයි..අනේ තාත්තේ……මටත් පුළුවන්නේ එතකොට තාත්තාට උදවු කරන්න..”
කෙල්ල ඉතින් කෑම මේසෙදි තමා මේ තාත්තට ඇවටිලි කරන්න පටන් ගත්තේ. කෙල්ලගේ තාත්තා සනත් කැමති නෑ මේ වැඩේට..ඒත් කෙල්ලගේ කරච්චලේ ඉවසන්න බැරුව අන්තිමට කතා කලා.
” උඹලගෙන් කන්න අඳින්න හම්බ කරගන්න අම්මටයි මටයි ඕනි නෑ පුතේ. ඔච්චරටම ඕනිනම් යන්න. බැඳලා තියාගන්න ඔයා දැන් පොඩි ළමෙක් නෙවෙයිනේ…හැබැයි සමාජෙ ගැන දැනගෙන පරිස්සමෙන් ජීවත් වෙන්න. තාත්තට ඉස්සර තරම් හයියහත්තිය නෑ දැන් මගේ පුතාගේ පස්සෙන් යන්න…” තාත්තගේ කතාවට කෙල්ලගේ ඇස් වලට කඳුළු ඉනුවා. සනත් කියන්නේ ගොඩක් ඇඟ පත වෙහෙසලා වැඩ කරපු කෙනෙක්. කෙල්ල දන්න විදිහට ඉස්සර සනත් ලොකු සල්ලි කාරයෙක්. බිස්නස් කඩන් වැටුනට පස්සේ ගොඩක් අමාරුවෙන් තමා මේ තරම්දුරට ජීවිතේ හදාගෙන තියෙන්නේ. ඒ නිසා කෙල්ල කවදාවත් අම්මා තාත්තාගේ හිත රිදෙන තැනට වැඩ කරන්නෑ.
” මම දන්නවා තාත්තේ..මට ආසයි තව ඉස්සරහට ඉගෙන ගන්න..මග නවත්තපු දේවල් ආයෙත් පටන් ගන්න පුළුවන් මට මේ රස්සාවට ගියොත්. මල්ලිටත් වියදම් වැඩියි..අම්මලට ඔක්කකොම කරන්න බෑනෙ…” සනත් හිත යටින් ගොඩක් සතුටු වෙනවා කෙල්ලගේ මේ ධෛර්යය ගැන. වයසටත් වඩා කෙල්ල පැහිලා කියලා සනත්ට හිතුනේ. කෙල්ලගේ මල්ලි මලිත මේ අවුරුද්දේ ගණිත අංශයෙන් උසස් පෙල ලියනවා. අම්මට තාත්තට වගේම කේල්ලටත් ඕනි මල්ලි හොඳට ඉගෙන ගෙන හොඳ තැනක ඉන්නවා බලන්න. තමන් ගැන විතරක් නෙවෙයි, පවුලම වෙනුවෙන් තමා කෙල්ල රස්සාවට යන්න තීරනය කලේ.
“මේ අක්කේ..තමුසේ පද්ද පද්ද ගියාට කමක් නෑ..පරිස්සම් වෙනවා හොඳේ…පේනවානේ ගමේ ඇඹලයොන්ගෙන් තමුසෙව බේරගන්න මං කන කට්ට..” මලිත කෙල්ල දෙස බලා තරවටු බැල්මෙන් කිව්වේ කෙල්ලගේ රැවිලි මැද්දේ.
” අනේ මේ..තමුසේ දන්නෑ මගේ හැටි..”
” අපෝ ඔව්..ගම්මිරිස් කරල..”
” මොනවද ළමයිමේ කතා කරන විදිහ..” කෙල්ලගේ අම්මා කම්මුලේ අතගහගෙන කියනවා. හැමදාමවගේ කෙල්ලගෙයි කොල්ලගෙයි රණ්ඩු මැද මේ පුංචි නිවසේ සතුට තව තවත් වැඩිවෙනවා.
අම්මාගේ ඇවටිලි කිරිල්ලට කෙල්ල පළවෙනි දවසේ වැඩට යන්න කහපාට පසුබිමේ සුදු පාට මල් වැටුන සාරිය ඇඳ ගත්තා. කෙල්ල ගොඩක් ලස්සනට අඳින්න ආසයි. ගොඩක් වෙලාවට කෙල්ලගේ ඇඳුම් ඩිසයින් කරගත්තේ කෙල්ලමයි. අම්මා ලස්සනට මහලා දෙනවා. ඉනගාවට කඩන් හැලෙන කොණ්ඩෙත් පොනි ටේල් එක්ක දාන් හෑන්ඩ් බෑග් එකත් එල්ලන් පහලට එද්දි අම්මයි තාත්තයි ආසාවෙන් බලන් හිටියේ.මේකප් නම් ඔනිම නෑ කෙල්ලට. ඒත් කෙල්ල ආසම කරන මැට් වර්ගයේ රෝස පාට ලිප්ස්ටික් එකෙන් ටිකක් ගාගෙන යනවා කොහේ ගියත්.
” ඇස්වහක් නැහැ මගේ කෙල්ල මලක් වගේ…” අම්මගෙයි තාත්තාගෙයි අශිර්වාදය මැද කෙල්ල ඔෆිස් යන්න පිටත් වුණා.
සහිරු මතක් කරලම කියපු නිසා කෙල්ල 8.45 වෙද්දිම ඔෆිස් එකට ආවා. ඔෆිස් එක තියෙන්නේ තට්ටු පහක් බිල්ඩින් එකේ උඩම තට්ටුවේ. අනිත් තට්ටු වල තියෙන්නේ SunShine Textile and shopping mole. වංශනායක Group එකටම අයිති තවත් බිස්නස් එකක්. ඔෆිස් එකට යන්න තියෙන්නේ වෙනම ලිෆ්ට් එකක නිසා කෙල්ල ඒ පැත්තෙන් ගියා.
” Good Morning මිස්..” කෙල්ල කිව්වේ ශශීට.
” ආ..කෙල්ල අදනම් වෙලාවටම ඇවිත්.. ” කෙල්ල ඉතින් දත් තිස්දෙකම විරිතතලා හිනා වුනා.
” සර්ගේ කැබින් එක දන්නවනේ කිඳුරංගනා..බට් ඔයාගේ ටේබල් එක තියෙන්නේ කැබින් නම්බර් ත්‍රී වල..එහේ තව කීප දෙනෙක් වැඩ කරනවා..ඔයා බෑග් එක තියලා ගිහින් සර්ව මීට් වෙන්නකෝ එහෙනම්…” ශශී එහෙම කියලා අතේ තිබ්බ ෆයිල් එකත් අරන් ගියේ වෙන කැබින් එකකට. කෙල්ල ඉතින් ශශී කියපු විදිහට කෙල්ල ඉන්න කැබින් එකට ගියා.
” හායි…Good morning” එහා ටේබල් එකේ ඉන්න කෙල්ලගේ වයසෙම වගේ තවත් ගෑණු ළමයෙක් කෙල්ලත් එක්ක සුහදව හිනා වෙලා කතා කලා.
“Good morning ” කෙල්ලත් ලෝබ නැතුව හිනාවුනා. කෙල්ල කොහොමත් දක්ශයි ඕනිම කෙනෙක් එක්ක ඉක්මනින් යාළු වෙන්න.
” කිඳුරංගනා නේද? අපේ හිරූ සර්ගේ අළුත් සෙකට්‍රි..” එ ගර්ල් එහෙම ඇහුවම කිඳුරංගනා ඔළුව වැනුවෙ පුදුමෙන්.
” හී..පුදුම වෙන්න එපා ළමයෝ…මුළු ඔෆිස් එකම දන්නවා අද ඉඳන් ඔයා වැඩ කියලා…කෙල්ලගේ ලස්සන..” පුදුම නැද්ද ඉතින්. ඔක්කොම දන්නවනේ. කෙල්ලට ලැජ්ජත් හිතුනා ලස්සනයි කිව්වාම.
” යන්න යන්න..සර් ඇවිත් ඉන්නේ..”
කෙල්ල ටක් ගාලා බෑග් එක තියලා සහිරුගේ කැබින් එකට ගියා.
” Good morning සර් ” කියාගෙන ඇතුල් වුන කෙල්ලට සහිරුත් හිනාවකින් සංග්‍රහා කලා.
” Good morning…වෙලාවට වැඩ නේහ්..” සහිරු හිනාවෙමින් කිව්වේ කෙල්ලව ටිකක් රතු කරලා.
” හරි…ඉඳගන්නකෝ..” කෙල්ල ඉතින් හරිබරිගැහිලා ඉඳගත්තා වැඩ ටික අහගන්න.
” මෙහෙමයි, ශශී ඔයාට එකස්ප්ලෙයින් කරන්න ඇතිනේ.. අද ඉදන් මාස තුනක් යනකන් ඔයාගේ ට්‍රේනින් පීරියඩ් එක. ඒ ඇතුලත ඔයාට ලීව්ස් දහයකට වඩා ගන්න බැහැ. ඒකත් චෙයාමන් ඇපෲ කලොත් විතරයි. ඔයා බලා පොරොත්තු වුනා වගේ ෆුල් සැලරි එක 60000 ක්. බට් ට්‍රෙනින් නිසා ඔයාට හාෆ් සැලරි එකක් තමා මේ මාස තුනට හම්බ වෙන්නේ..ඔයාට එක්පීරියනස් එකක් නැතත් මම ඔයාව සිලෙක්ට් කලේ ඔයා ටැලන්ටඩ් කියලා මට දනුන නිසා. මොකද ඔයා ෆැෂන් ගැන ඉන්ටරෙස්ට් වගේම දැනුමත් හොඳනිසා…මමයි මිස් ශශීයි තමා ඔයාට වැඩ කියලා දෙන්නේ..ප්‍රශ්න තියෙයිනම් අහන්න..”
සහිරු එක හුස්මට කියවන් යද්දි කෙල්ලත් ඇස් දෙක ලොකු කරන් ඔක්කොමටික අහන් ඉඳලා ඔළුව වැනුවා.
” මොකද්ද ප්‍රශ්නේ..” සහිරු ඇහුවම කෙල්ල ඩිම් වුනා.
” අහ්, නෑ සර්..ප්‍රශ්න නෑ..” කෙල්ල ටිකක් බයෙන් වුනත් හිනා වෙලා කිව්වා. මොනවා වුනත් කෙල්ලට මේ ටිකට තේරුනා සහිරු කතාබහ කරන්න පුළුවන් හොඳ මනුස්සයෙක් කියලා.
“ඔහොම මැන්ටල් ගහලානම් හරියන්නෑ..මම මෙහෙම කතා කලාට බොස් එක්ක සෙල්ලම් බෑ..සිහියෙන් ඉන්න…නැත්තම් අහපවු ගෙදර තමා..දැන් වැඩ පටන් ගමු..”
සහිරු ඉතින් සහිරුගෙ විදිහට වෙන්න ඕනි වැඩ ටික ඔක්කොම ටිකෙන් ටික කියලා දුන්නා. සෙකට්‍රි කෙනෙක් කියන්නේ වැඩ ගොඩක් තියෙන කෙනෙක්ට. කෙල්ලත් ඔක්කෝම මොලේට දාගත්තා.
සහිරුගේ ටේබල් එකේ තියෙන ලෑන්ඩ් ෆෝන් එක් රින්ග් වෙන්න ගත්තේ ඔය අතර.
” ආහ්..සොරි බන්..මට ඒක අමතක වුනා..හරි මන් දැන් එවන්නම්..” ලයින් එක කට් කරපු කොල්ලා කෙල්ලට දික් කලේ තඩි සයිස් ෆයිල් එකක්.
“මේක සර් ඉල්ලුවා..ඉක්මනට ගිහින් දෙන්න..” කෙල්ලත් කඩාගෙන බිදගෙන නැගිටලා දිව්වා. එලියට ආවට පස්සෙ තමා මතක් වුනේ දුවන් ආවට යන්නේ කොහෙද කියලා දන්නෑනේ කියලා.
අතුගගා හිටපු ලේබර් කෙනෙක්ගෙන් තමා කැබින් නම්බර් එක අහන් කෙල්ල කැබින් එක ඉස්සරහට ආවේ.
කෙල්ලගේ පපුවත් දැන් නිකන් ඩක් ඩක් ගානවා වගේ. ඇයි ඉතිම් පරක්කුත් වුනානේ.
” හම්මෝ..කිඳුවෝ..හොඳ සිහියෙන් හිටු..සර් කිවුවා වගේ මේකා එසේ මෙසේ එකෙක් වෙන්න බෑ..” තමාටම කියාගත්ත කෙල්ල කැබින් එකට ඇතුල් වෙන්න හැදුවේ. ඔවු ඉතිම්, එසේ මෙසේ නම් නෑ තමා. කෙල්ල දන්නෑනේ ඉතින් 🤭
” එක්සකියුස්මී සර්..” කියාගෙන කැබින් එක ඇතුලට ගියපු කෙල්ල දැක්කේ..මූණත් ලැප් එකට ඔබාගෙන තඩි පුටුවේ වාඩිවෙලා ඉන්න තරුණයෙක්ව.
” යකෝ..බොස් කිව්වම මං හිතුවේ තඩි බඩක් තියෙන වයසක පොරක් කියලා..මූද මේ මහ ලොකු බොස්..” කෙල්ල හිතුවා විතරයි. කිව්වේ නෑ.
” සර් මේ ෆයිල් එක..” කියලා කෙල්ල මේසෙ උඩින් තිබ්බා. කෙල්ලට තරු විසික් වුනේ ඔළුව උස්සපු කෙනාව දැකලා.
” ඔයා…” කෙල්ල ගොඩක් සද්දෙට නොවුනත් ටිකක් විතර හයියන් කිව්වා. කිව්වා නෙවෙයි කියවුනා. කොල්ලත් අැස් දෙක කටේ දාන් කෙල්ල දිහා බලන් ඉන්නවා.
මේ ඉතින් වෙන කවුරුත් නෙවෙයි..ධීර්…?? නෑ නෑ…ඒ හශේන්..ඒත් එයා මොකද ධීර් ගෙ පුට්වට වෙලා කරන්නේ.යාළුවොන්ට ඉතින් බොස් පට්ටම අදාල නෑනේ.
” ආහ්…මේ කොච්චි කරලද හිරුවගේ අළුත් සෙකට්‍රි…නියමට තියෙයි…” කියමින් ශේන්ගේ අර ගොං තාලේ හිනාව දැම්මා. කෙල්ලට දැන් කර කියාගන්න දෙයක් නෑ..
“උගුඩුවා කියලත් කිව්වා නේද මං මුට..රස්සාව ඉවරයි ඉතින් දැන්..ගෙදර යමුනේ..” කෙල්ල හිතා ගත්තා.
” ආ නංගි…මොකද ආ…කියපුවා මතක් වුනාද ආයේ…” හශේන් ආයෙත් ටිකක් බැරෑරුම් පෙනුමක් හදන් ඇහුවා.
කෙල්ලත් ඉතින් ටිකක් හිතලා බලලා කතා කරන්න තීරණය කලේ මොනවා වුනත් රස්සාව වටිනවානේ.
” සොරි සර්…වැරැද්ද කලේ සර්ගේ යාළුවා නිසා මම සර්ට කෑ ගහපු එක වැරදී…මම කණගාටු වෙනවා ඒක ගැන…I’m really sorry සර්.. මම ඒක හිතලා කිව්වේ නෑ සර්..සර්ගේ යාළුවා වැරැද්ද කරලත් හැසිරුන විදිහ නිසා මට තරහා ගියේ…සර් මේකට මාව ජොබ් එකෙන් අයින් කරලා මගෙන් පලි ගන්න හිතනවනම් කමක් නෑ. ඒත් සර්ත් වැදගත් කෙනෙක් නිසා ටිකක් හිතලා බලන්න සර්..” කෙල්ල ටිකක් බැගෑපත් හඬින් කිව්වා. මොකද ඉතින් කතාව ඇත්තනේ. ධීර්නේ වැරැද්ද කලේ..ඒත් ඉතින් හශේන් කටත් ඇරන් කෙල්ල මේ කියන ඒවා අහන් හිටියේ..
මොකද්ද යකෝ මේකි මේ කියන්නේ වගේ..
” මම අස් නොකලට ධීර් එක කරනවානේ..උඹව අහු වෙනකන් ඉන්නේ..” කොල්ලත් හිතුවට කිව්වේ නෑ. මොනවා වුනත් කොල්ලත් දන්නවා ධීර් වැරදි කියලා. ඒ වගේම කෙල්ලත් හිතුව තරම් නරක නැහැ කියලත්. මොකද කෙල්ල සමාවත් ඉල්ලුවනේ.
ඒත් එක්කම
” තමුසේ….” කියලා පැත්තකින් ඇහුන සද්දෙට කෙල්ලව විතරක් නෙවෙයි හශේන්වත් උඩ ගියා.
ඒ පැත්ත බලපු කෙල්ල දැක්කේ කෙල්ලව මරන් කන්න තරම් තරහෙන් බලන් ඉන්න ධීර්ව.
” අද ඉවරයි..” හශේන්ට කියවුනා.
කෙල්ලත් ඇරියේ නෑ. දාහට රැව්වා..
” ඔව් මන් තමා…ඇයි තමුසේ මොකද ඒ පාර…” කෙල්ල ඉතින් වැඩ වරද්ද ගන්න හදන්නේ..මාළුවා නහින්නේ කට හින්දා කියනවනේ..🤭 එදා පාර මැද පයින් ගහලා ඇවිත් තවත් මේ කියවන්නේ කම්පැනි එකේ බොස්ට කියලා කෙල්ල දන්නෑනේ. කෙල්ල දැන් හිතන් ඉනනේ චෙයාමන් හශේන් කියලා.
” තමුසේ මගේ තැනට ඇවිල්ලා මට පාට් දානවද ඒ පාර…අහුවෙනකන් හිටියෙ මන් තමුසෙව..දන්නෑ මාව හරියට..” කොල්ලත් ඉතින් කියවගෙන අඩියට දෙකට කෙල්ල ලඟට ආවා. කොල්ලා මෙච්චර වෙලා හිටියේ බැල්කනි එකේ කෝල් එකක.
” දන්නෑ තමා..කියනවකෝ ඉතින් දැන ගන්නත එක්ක තමුසේ කවුද කියලා..ඇයි යකෝ මේක මාර වැඩක්න..වැරද්දත් කරලා තවත් මං කවුද ගානවා…” කෙල්ලගේ කටත් ඉතින් මේ වගේ වෙලාවට හොඳට වැඩ කරනවා. හශේන් දැන ගත්තා වැඩ වැරදින්න යන්නේ කියලා. ඒක නිසාම කොල්ලා කට ඇරියා මෙතන ලෝක යුද්දෙ පටන් ගන්න කලින්.
” හෝව් හෝව්…මේ බං #ධීර්…මේ අපේ හිරුවගේ අළුත් සෙකට්‍රි බං..” කොල්ලගේ තරහා දෙපිටින් ගියේ ඒක අහලා.
” දැන්ම අස්කරපන් මේකිව..” ධීර් කැබින් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා.
ඒත් හිතපු තැති විදිහට කෙල්ල කියපු දෙ නිසා කොල්ලාත් පුදුම වුනා.
” තමුසෙ කවුද මාව අස් කරන්න..මාව අස් කරන්න පුළුවන් චෙයාමන් සර්ට විතරයි..” කියලා කෙල්ල හැරුණේ හශේන් දිහාට.
” සර්..මම සර්ගෙන් සමාව ඉල්ලුවනේ සර්…මේ හරකා සර්ගේ යාළුවා වුනාට සරුත් දැක්කනේ කාගෙද වැරැද්ද කියලා..සර්ගේ තීරනේ සර් කියන්න සර්..” මේක අහපු හශේන්ගේ ඉහෙන් කනින් දාඩිය දාන්න ගියේ තත්ත්පර ගානයි. හශේන් එහෙමම ධීර් වෙත හෙලුවෙ හරිම අසරණ බැලමක්. උත්තරයක් නැති නැන කෙල්ල ආයෙත් හශේන්ට කතා කලා.
” සර්..එේ කියන්නේ සර් මාව අස් කරනවද…” කෙල්ලත් හරිම බැගෑපත් විදිහට ඇස් දෙකත් හීන් කරලා ඇහුවේ.
අසරණ වෙලා ඉන්න හශේන් තවත් පුදුම වෙලා ඔළුවට තඩි පොල්ලකින් ගැහුවා වගේ වුනේ ඒ පාර ධීර් කියපු දේට.
” හශේන්..උඹෙයි මගෙයි යාළු කම් වෙනයි..උඹ බොස් නිසා උඹ තීරණේ කරපන්..මම මොකුත් කියන්නෑ…”
හශේන්ට ධීර්ගේ බැල්මෙන් තේරුනා ධීර් මේ නොකියා කියන්නේ කෙල්ලව අස්කරන්න එපා කියලා.
” උඹ ඉවරයි කෙල්ල..මූ මේ හදන්නේ උඹෙන් පන්න පන්න පලි ගන්න..ශික් මටත් මේ පවට කරගහන්න වුනානේ..” කියලා හිතපු හශේන්..
” ඔයා ගිහින් වැඩක් කරගන්න..” කියලා කෙල්ලට කිව්වා.
කෙල්ල ඉතින් තියෙන මෝඩ කමට තවත් ජයග්‍රාහී ලෙස ධීර්ට ආයෙත් රැව්වා.
” හිතන් හිටියේ මාව පන්න ගන්න නේද? වල් ඌරා..තමුසෙගෙ ඔය ගිනිගායට ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා..” කොල්ලා ළඟට ඇවිත් ඇහෙන නෑහෙන ගානට කියලා කෙල්ල එළියට ගියා.
කෙල්ල ගියාට පස්සේ ආයෙත් පුටුව උඩට පත බෑ වුන හශේන්..
“මොන &%$$@ ක්ද යකෝ තෝ එ් කිව්වේ..තෝනේ බොස්..”
ධීර් ජයග්‍රාහී හිනාවක් දාලා ඉස්සරහා පුටුවෙන් ඉඳගෙන සහිරුට කෝල් එකක් ගත්තා.
” මගේ කැබින් එකට වරෙන්කෝ..”
” මොකද්ද බං උඹ මේ නටන්න හදන පිසුසව ඒ පාර..” කුතුහලය වැඩිකමට ශේන් පැනගෙන අහනවා එත් ධීර් මොකුත් කියන්නෑ.
” අනේ උඹේ රෙද්දේ යාළුකම..” ශේන් හෝ ගාලා ධීර්ට දෙස් දෙවොල් තියනවා.
” මොකද බං..ෆයිල් එක් චෙක් කලාද..? ” එහෙම අහන් ආවේ සහිරු.
” වාඩිවෙයන්කෝ…” ඒ ධීර්.
සහිරුට තේරුනා මෙතන මොකාක් හරි දෙයක් තියෙනවා කියලා. ඒකයි හශේනගෙන් ඉඟියෙන් අහුවේ. හශේන්ට ඉතින් මලනේ. සහිරු දන්නෑ ඕවා.
” අනේ රෙද්ද ..අහගනින් මුගෙන්..දැන මෙතන මල ජවුසමක් නටලා ඉන්නේ ඕකා..”
” අඩෝ මේ..#කිඳුරංගනා හොඳ නෑ කියලනම් තෝ ඔයා කියන්න හදන්නේ මාත් අස් වෙනවා ඒකිත් එක්කම. ඇයි යකෝ මං කට කැඩෙනකන් බොට කිව්වා ඊයේ වරෙන් කියලා…” සහිරු ධීර්ගේ ඇඟට කඩන් පැන්නා ඒ පාර.
” &%$& කට වහගනින්කෝ කියනකන්…” ධීර්ටත් ආවේස වෙන්න වැඩිවෙලා යන්නෑනේ.
” ඉතින් කියපන්කෝ මගුල..”
” උඹේ ඔය සෙකට්‍රි කිඳුරංගනා ඊයේ…” කියලා ධීර් කතාව කියන්න පටන් ගත්තා. හැබැයි අන්තිම ටික කියන්න අදි මදි කරද්දි හශේන් මැද්දට පැනලා රස කර කර ඒ ටික කිව්වා. බලන්න ඕනි ධීර්ගේ මූන.
“අම්මෝ…$%&*& ඒකි එහෙමත් කලාද බං…හා හා…” සහිරුයි හශේනුයි දෙන්නම බඩවල් අල්ලන් හිනාවෙනවා. ධීර්ට දැන් ඉතින් එකසිය ගානට මල පැනලා. සක්‍ර දෙයියෝ වගේ ලොකුකමට ඉඳලා කෙල්ලෙක් නිසා පොලවත් පලාගෙන යටටම ගියානේ..
” කට වහගනින් තොපි දෙනනා..බාවනවා නැත්තම්..” ඒ පාර නම් දෙන්නා හිනාව අමාරුවෙන් වුනත් නවත්ත ගත්තා. මොකද ධීර් කියනවා වගේම කරනවා කියලා හොඳටම දන්න නිසා.
” ඉතින් උඹට තිබ්බනේ ඒකිව අස් කරන්න..වැඩේ ඉවරනේ..” සහිරු කියද්දි හෂේන් ටිකකට කලින් වුන සිද්ධියත් විස්තර කලා.
” යකෝ..තොට පිස්සුද..? මොන බම්බුවකටද එහෙම බොරුවක් කිව්වේ…” ඒ සහිරු.
” ඕකිව මං ලේසියෙන් අත අරින්නෑ..ටිකක් නටන්න දීපන්කෝ ඔහොම..කම්පැනි එක මගේ කියලා දැන ගත්තනම් ඕකි කීයටවත් මගේ යටතේ වැඩ කරන්න ඉන්නේ නෑ. ඒකිම අස්වෙලා යනවා..ඒක නිසා ඒකි හිතන් ඉන්නවා වගේ උඹ චෙයාමන් වෙලා හිටපන්කෝ…ඒකිගේ ආසාවනේ..හැබැයි අනිත් උන් කිසි දෙයක් දැන ගන්න බෑ..ඒක උඹලා දෙන්නා බලා ගන්න ඕනි වැඩේ හරියට කරන්න..” ඒක කියද්දිනම් කොල්ලෝ දෙන්නගේ ඉහ මොල රත් වුණා.
” මොන *%$ ද යකෝ..තොට පිස්සුද..ඔන්න ඕකිට ඇත්ත කියලා මේ ප්‍රශ්නේ ඉවරයක් කරපන්..” හශේන් එහෙම කියද්දි සහිරුත් එකඟ වුණා.
“ඔව් බන්..මොනවා වුණත් ඒකි කෙල්ලෙක්..ඔය උඹට සද්දේ දැම්මට ඒකි හෙන අහිංසකයි බං ” සහිරු කියද්දි ධීර්ගේ රතු වුණ ඇස් දෙක යොමු වුණා.
” හරි ඉතින්..තෝ මෙතන කුලප්පු වුන වල් අලියා වගේ මට රවන්නේ..මං ඇත්ත කිවුවේ…”
” අනේ..ඒකිගේ අහිංසක කම. කෙල්ලෙක් වුනාම ගෑණු කම තියන් ඒ විදිහට ඉන්න ඕනි..අම්මණ්ඩියෙක් ඒකිනම්..මගෙන් තමා මට්ටුවෙන්නේ..” කියලා ධීර් නැගිටලා යන්න ගියේ සහිරු යි හශේනුයි මූණට මූණ බලන් ඉද්දී.
” අනේ මන්දා බං..ඒකි පොඩ්ඩක් ඕනවට වඩා කලා තමා…ඒ වුනාට මූ නිසානේ බං..මම හිටියනේ එතන…” හශේන් මුහුණ පුළුටු කරන් කියද්දි සහිරු ඒකට එකතු කලේ වෙන අදහසක්.
” මට පේන්නේ මූ අරකිගෙන් ගන්න බැරිවුණ පලිය මේකිගෙන් ගන්න හදනවද කොහෙද බං..මොනවා වුණත් මම නම් ධීර්ට හෙල්ප් කරන්නෑ බං..අර කෙල්ල අහිංසකයි..”
” හ්ම්…බලම්කෝ මූ මොකාටද එන්න හදන්නේ කියලා.මේ ඔක්කොම අර බඩ්ඩ නිසා තමා..ඕකිගේ නමේ අකුරක් වුණත් ඇති අපේ බූරුවගේ යක්ශාවේස වෙන්න..එදත් ඒකමයි වුණේ….”
ඉතින්..මොනවද මේ ධීර් කරන්න හදන්නේ..කවුද මේ කියන අරකි?
ඉදිරියට …..
අදහස් කියාගෙන යමු යාළුවනේ…ඊළඟ කොටස පුළුවන් ඉක්මනින් දෙන්න බලන්නම්… බුදුසරණයි