නිසල සද මඩල 🌬
☁️18 වන කොටස ☁️
ඈත දියඹේ හිරු සෙමෙන් සැගව යන්න වුයේ දසතවම අන්ධකාරයේ ගිල්වමින් ය…යට කර ඇද සිටි කමිසය කලිසම පිටතට දම කමිසයේ අත් වැලමිට තෙක් අපිළිවෙලට නවමින් ඔහු සිය අසුනෙන් නැගි සිටින්න වුයේ අත් ඔරලෝසුව දෙසට නෙතු පා කරමින් ය…
” ඔව් මන් දැන් එනගමන් ඉන්නේ..උබ දෝණීව ගේට් එක ගාවට අරන් වරෙන් ..මට දැන් එන්න ටයිම් නෑ බන්.මන් හෙට අනිවා එන්නම්..දැන් මාර මහන්සි බන්..” දුරකථනය ක්‍රියාවිරහිත කර අනෙක් අසුන මතට විසි කට මෝටරථයෙ වේගය තවත් වැඩි කරන්න වුයේ .වාහන තදබදය ඇති වීමට පෙර නගර සීම පසු කිරිමේ අදහසින් ය…
” හරි හරි මන් අම්මාට කියන්නම්..කෑම දෙකක් ඇති ගිහින් දෙන්නා එක්කම කන්න..දැන් උයන්න වෙලාවක් නෑනේ..කෙල්ලටත් මහන්සි ඇතිනේ දවසම කාල්ස් ගිහින් ….”
” උබට මන් මේ දේවල් වලට කොහෙම සලකන්නද කියලා මට හිතා ගන්න බෑ.උබයි උබලාගේ අම්මයි නොහිටින්න මන් මේ දේවල් කොහොම කරගනීද කියලා මට හිතා ගන්න බෑ බන්..”
” අනේ මේ යුරාග් තෝ මගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගන්නේ නැතුව පලයන්..උබ මට කරලා තියන උදව් වල හැටියට මේවා මොනාද..හරි පරිස්සමෙන් පලයන්..ගිහින් මට රින්කට් එකක් දියන්…
දෝණී පරිස්සමෙන් හොදද මේ බුරු පැටියා සද්දේ දැම්මොත් මට කියන්නකෝ හොදේ…”
” යකෝ එ ලව් එක බලහල්ලාකෝ.අපි දැන් කැලේ…”
“දැක්කද නංගී මුගේ ඉරිසියාව..අපේ මේ පවිත්‍ර නිර්මල සහෝදර ප්‍රේමය ගැනත් මුට තියෙන්නේ කැත හිතක්..ඔයා ඔවා හිතන්න එපා..”
” අනේ මේ මන් යනවා තොපි දෙන්නාගේ විකාර වැඩ හින්ද රෑ වෙනඑක විතරයි වෙන්නේ..මන් උබට රෑ වෙලා කොල් එකක් දෙන්නම්..”
” හරි හරි බන් පරිස්සමෙන් පලයන් දෙන්නා එක්ක…”
ටික දුරක් නිහඬව වාහනේ ඩ්‍රයිව් කරපු එයා..නිහඬ බව බිදිමින්….
” ඇත්තටම සොරි දෝණී .අද මට හුගාක් ඉම්පෝර්ටන්ට් මීටින් එකක් තිබ්බේ ..
කැන්සල් කරන්න පුලුවන් එකක් උනානම් මන් කැන්සල් කරලා එනවා..එත් එක ෆොරීන් කම්පැණි එකක් එයලා කැමති උනේ නෑ වැඩේ පොස්පෝම්ඩ් කරන්න..එකයි මන් නිසල්ට කියල උගේ අම්මාව ඔයා එක්ක් එව්වේ..නිමාල අම්මා එක්ක කොහොමත් ඔයා දැන් එකතුයි නේ..ඔයා මා එක්ක තරහා නෑනේද..
ඉතිං දෝණී කොහොමද අද ගිය සෙමිනා එක..ඔයා එලෙවල් කරන ස්ට්‍රීම් එක ගැන අදහසක් ගත්තද.”
ඔලේවල් එක්සැම් එක ඉවර උන ගමන්ම එයා කිව්වෙ මන් කැමති සබ් එකක් තෝරන් එලෙවල් කාල්ස් යන්න කියලා .අද එකේ පලවෙනි සෙමිනා එක තිබ්බාත් එයාට එන්න බැරි උනේ හදිස්සිය මීටින් එකක් වැටුන හින්දා..එයා එනවා කියලා මට පොරොන්දු වෙලා හිටිය නිසා එයා උදේ ඉදන් හිටියේ අවුලෙන් හිටියේ මත් එක්ක යන්න එන්න වෙන්නේ නෑ කියලා ..ඊටපස්සේ මන් තමා කිව්වේ මන් නිසල් අයියාගේ අම්මා එක්ක යන්නම් කියලා …සෙමිනා එකට ගිහින් එයා එනකන් මන් නිසල් අයියාලගේ ගෙදර වෙනදා වගේම හිටියා…
” මන් ඔයා වගේම කොමස් කරන්නම්..ටිකක් මහන්සි උනොත් එකපාර ගොඩදාගන්න පුලුවන් .මාමි අකමැති නෑනේද..”
” මට ප්‍රශ්නයක් නෑ දෝණී ඔයාගේ ආස දෙයක් කරන්න..මගේ කැමැත්ත අකමැත්ත ගැන හිතන්න එපා..එතකොට ඔයා එලෙවල් ඔයා ඔය ගිය ස්කූල් එකේම කරමු නේද..නිකන් බොරුවට ස්කුල් මාරු කරන එක් තේරුම්ක් නෑනේ නේද..”
” ඔව් එහෙම කරමු.”
ඊටපස්සේ ගෙදර එනකන් අපි අතරේ කතා බහක් නොවුතරම්..ඉස්සර තරම් නැතත් තාමත් එයා මාත් එක්ක අවශ්‍යම දේකට ඇරෙන්න කතා කරේ හරි අඩුවෙන්..
එක්සැම් ඉවර වෙනකන් නිසල් අයියා එයාලගේ අම්මා එක්ක අපේ ගෙදර හිටියත්.එක්සැම් ඉවර උනාහම් එයාල අයි ගියාම මට දැනුනේ කියා ගන්න බැරි තරම් පාලුවක්…
සමහර රැයවල් තිබ්බා..මන් රෑ එලිවෙනකන් අඩපු…නිමලා අම්මා ඉදි එයා මාව තුරුල් කරන් සැනසෙව්වත්..දැන් මාව නලවන්න තියා මන් හොදින්ද කියලා බලන්නවත් කවුරුත් නෑ කියලා හිතෙද්දි දැනෙන්නේ කියා ගන්න බැරි තරමේ දුකක්…මාමිට උනත් කරදර කරන්න බෑනේ මට හැම වෙලාවෙම
මාව මැරිලවත් යනවනම්…මට\
දැන් මේ දුක දරාගෙන ඉදලා ඇතිවෙලා.
නිදා ගන්න ඇවිත් දැන් පැය ගානක් උනත් නින්ද තාම මාව හොයන් ආවේ නැ…අම්මා හිටිය නම්…..මට නින්ද යනකන් ඔලුවවත් අතගායි කියලා කල්පානා වෙද්දි මට ඉකිගැහුනේ නිකන්මයි…
මට බෑ දෙවියයෙනේ මේ දේවල් තවත් ඉවසන්න…මන් ඇදෙන් බැහැලා මගෙ කබඩ් එකේ මන් හංගලා තිබ්බ ස්ලිපින් ටැබ්ලට් බෝතලේන් බෙහෙත් අහුරක්අතට අරන් ආයෙමත් ඇදෙන් වාඩි උනේ මන් මගෙන්ම සමාව ඉල්ලන ගමන්.
හොද හුස්මක් අරන් වතුර උගුරක් කටට අරන් ඇස් දෙක් පියන් අතේ ගුලි කර ගත්ත බෙහෙත් පෙති ටික කටට දාගත්තේ මගෙ අත වෙව්වලද්දි ……..
මතුසම්බන්ධයි