කතාව කියවන වස්තුල like එකක් දා ගෙන යන්නෝ ❤️❤️
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
තිස් තුන් වන චන්ඩිකම 🙅🙅
සතියක්ම ගත වෙලා ගියේ හිතේ දාහක් ප්‍රශ්න ඇති වෙද්දි.ධනුක අයියත් ඇසල අයියත් මට මොණවම හරි හංගන්න වුණේ.කොච්චර ඇහුවත් එයාල නෙවෙයි වචනයක්වත් කිව්වෙ.ඒත් එයාල එකම එක දෙයක් විතරක් කිව්ව.කවද හරි ඒ දේ මටම දැන ගන්න පුලුවන් වෙයි කියලමයි එයාල නිතරම කිව්වෙ.තවත් අහල වැඩක් නැති නිසාම මාත් ආයෙ ඒ ගැන හාර අවුස්සන්නෙ නෑ කියල හිතා ගත්තෙ.ඒ දවස් ටිකේම රනුක අයියත් හරි හරියටම මාව මග හරින්න ගත්තෙ.වෙනද මාව දකින දකින් සැරේ මං එක්කම බලෙන්ම කතාවට ආපු රනුක අයිය දැන් මාව දකිනකොටත් නොදැක්ක ගානට ඉන්න පුරුදු වෙලා.
ධනුක අයියල මට හංගන දේ රනුක අයියත් දන්නව.මට එයාගෙන් හරි ඒ දේ දැන ගන්න උවමනා උනත් රනුක අයිය මාව මග හරින එක වෙලාවකට මට සහනයක්.ඒ නිසාම මාත් පාඩුවෙ වැඩ ටික කර ගෙන ගියේ.වැඩ කර කර උන්නු අතරෙ සෙනුරි කලබලෙන් වගේ අපේ පැත්තට දුවන් ආවෙ.ධනුක අයියත්,ඇසල අයියත් මාත් පුදුමෙන් ඒ දිහා බලද්දි.
” අනේ මැඩම් “
අඩාගෙනම දුවන් ආපු සෙනුරි මාව තුරුළු කරන් හයියෙන් ඉකි ගහල අඩන්න වුණේ.කිසිම දෙයක් අහන්න විදිහක් නෑ.කෙල්ල හොදටම අඩනව.අඩන එක ටිකක් නතර කරනකං ඉදල මං සෙනුරිව පුටුවෙන් වාඩි කලේ.අඩල වැඩිකමටම ඒ ඇස් දෙකත් එක්කම හොදටම ඉදිමිලා.
” අනේ මැඩම් මගෙ අ අ ම් මා”
” ඇයි සෙනුරි අම්මට මොකද? “
” අනේ මැඩම් අම්ම නැති වෙලා ” 😭
එහෙම කියල ආයෙමත් සෙනුරි මගෙ බඩට මූණ තද කරන් අඩන්න වුණේ.අම්ම කෙනෙක් කියන්නෙ අපි කාගෙත් පළවෙනි ආදරේ.පළවෙනි ගුරුවරය.ඒ ආදරය අහිමි උනාම දැනෙන දුක දරා ගන්න කාටවත්ම බෑ.මට මගේම අම්ම ලග නැති උනාට අපිව අම්මෙක් වගේ දුකක් වේදනාවක්,තනිකමක් නොදැනෙන්න හදා ගත්තු දේවිකා අම්මගෙ හිතේ ආදරේ උතුරනව.ඒ නිසාම අම්ම කෙනෙක් තමන්ගෙ දරුවො දාල ගියාම දැනෙන වේදනාව කොච්චරද,කියල මට දැනෙනව.ඉතින් මං සෙනුරිට කොහොම කියන්නද,අඩන්න එපා කියල.අම්මගෙ උණුහුමෙන් ඈත් වෙලා දරුවෙක්ට එක තත්පරයක්වත් ඉන්න බෑ.ඉතින් සෙනුරිගෙ වේදනාව සාධාරණයි.තමන්ට ජීවිතේ දීපු ආදරේ දීපු ඒ රැකවලා මේ ලෝකෙන් ගියහම දැනෙන වේදනාව කොහොම නම් දරා ගන්නද? මගෙ ඇස්වලටත් කදුළු උනන්න වුණේ පපුව හත්කඩකට පැළිල යනව වගේ වේදණාවක් දැනෙද්දි.
සෙනුරිගෙ ගම පොළොන්නරුව.එයා රස්සාවක් හොයා ෆෙන මෙච්චර දුරකට ඇවිත් හිටියෙ පිළිකාවක් හැදිල වේදනා විදින අම්මත් ස්නායු රෝගයකින් එක්තැන් වෙලා උන්නු දුප්පත් තාත්තත්,ඉගෙන ගන්න අනන්ත දුක් විදින මල්ලිත් නංගිත් වෙනුවෙන්.දුක් විදල හම්බ කරන හැම සතේම යැව්වෙ එයාල වෙනුවෙන්.ඉතින් මේ කෙල්ල කොහිම නම දරා ගන්නද?
” සෙනුරි දැන් කොහොමද?ගමට යන්නෙ “
සෙනුරිගෙ ඔළුව අත ගාන ගමන් කල්පනාවක උන්නු මං ගැස්සිලා ගියේ අභිරූ සර්ගෙ හඩින්.කතා කර ගන්නවත් බැරි තරමට කෙල්ල අඩල.සර්ට ඒක තේරිලාමද,කොහෙද? ආයෙමත් කතා කරන්න වුණේ.
” හවස ලෑස්ති වෙලා ඉන්න මං එක්ක යමු”
” මාත් එනව “
කිව්ව නෙවෙයි කිය වුණා.අභිරූ සර්ගෙ ඇස් මගෙ දිහාවට එල්ල වෙනව දැකපු නිසාම මං බිම බලා ගත්තෙ සර්ට කේන්ති ගිහින් බනීදෝ කියල බනින බයටම.
” හ්ම්ම්,හවස හතර වෙනකොට දෙන්නත් එක්ක ලෑස්ති වෙලා ඉන්න.මං එන්නම්”
ඒත් කිසිම දෙයක් නෑ.සර් නිවුණු හඩින්ම එහෙම කියල ඔෆිස් එකට ගිහින් දොර වහ ගත්තෙ.යාන්තමට සතුටක් හිත අස්සෙන් මෝදු වෙන්න ගත්තෙ අමුතුම හැඟීමක් හිත පුරා නලියන්න ගද්දි.
ඕෆ් වෙන්නත් කලින්ම සෙනුරිත් එක්ක එයාගෙ බෝඩිමට ඇවිත් ඇදුම් ටිකත් අරන් ගෙදරට ගියේ.යන ගමන් රශීටත් කෝල් එකක් අරන් විස්තරේ කිව්වෙ.ඒකි හවස් වෙලා විනෝද් එක්ක එන්නම් කියපු නිසා ගෙදරට ඇවිත් දෙන්නත් එක්ක වොශ් එකක් දා ගෙන බත් ටිකක් කෑවෙ.සෙනුරි කන්න අදි මදි කරද්දිත් මගේ කීමටම කටවල් දෙක තුනක් කෑවෙ.තාමත් කෙල්ලගෙ ඇඩිල්ලෙ නම් අඩුවක් නෑ.අම්ම නැති උනාම දැනෙන වේදනාව කොහොම කියන්නද? අඩන කෙල්ලව සනසන්න මං ළගත් වචන නෑ.ඒ නිසා නිහඩවම ඉන්නව ඇරෙන්න මට කරන්න දෙයකුත් නෑ.
වෙලාව හතරටත් කිට්ටුයි.සර් සෙනුරිගෙ බෝඩිමටවත් ගියාද? දන්නෙ නෑ.එහෙම හිතන ගමන් සර්ගෙ නම්බර් එක ඩයක් කරල ෆෝන් එක කනට කර ගත්තෙ.වේගෙන් වේගෙන් පපුව ගැහෙන්න වුණේ.සර්ව මතක් උනත් ඇති අමුතුම බයක් හිතට දැනුණෙ.ටික වෙලාවක් රින්ග්ස් ගියපු ෆෝන් එක සර් ආන්සර් කලේ.
” හෙ ලෝ “
” මං ළග ඉන්නෙ.විනාඩි පහෙන් ඔතන “
තවත් වචනයක්වත් කියන්න නොදී සර් එහෙම්ම ෆෝන් එක ඕෆ් කරල දැම්මෙ.තියෙන ආඩම්බරකමක් කියල හිතන ගමන් සෙනුරිගෙ රෙදි බෑග් එකත් එක්ක මගෙ රෙදි දෙක තුනකුත් තව අවශ්‍ය කළමණා ටිකකුත් දා ගත්තු බෑග් එකත් අරන් එළියට ආවෙ.කොහොමත් දවස් දෙක තුනක් ඉන්න වෙයි කියල හිතලමයි වැඩිපුර රෙදි දෙක තුනක් දා ගත්තෙ.අභිරූ සර් ගෙදරට හැරෙන පාර ගාවට එයි.කොහොමත් සර් අපේ ගෙදර දන්නෙ නෑනෙ.එහෙම හිතන ගමන් දොරත් ලොක් කරල යතුර බෑග් එකටම ඔබා ගත්තෙ රශි ගාව තව යතුරක් තියන නිසා.මිදුලට බහින්න විතරයි වුණේ.නිල් පාට හයිබ්‍රිඩ් කාර් එකක් ඇවිත් මිදුලෙන් නතර කලේ.
” දෙවියනේ,අභිරූ සර් ඒත් සර් කොහොමද? පාර දැන ගත්තෙ “
එහෙම හිතන ගමන් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරල සෙනුරිවත් නග්ගල බෑග් දෙකත් ශීට් එකෙන් තියන ගමන් මාත් නැග්ගෙ.මට ඇවිත් ඉස්සරහින් වාඩි වෙන්න කියල සර් කිව්වත් සෙනුරිත් පිටි පස්සෙ තනියම නිසා කමක් නෑ කියන ගමන් මං දොර වහල වාඩි වුණේ.සර් කන්ණාඩියෙන් බලල රවල ආයෙමත් ඉස්සරහ බලා ගත්තෙ.මාත් නිහඩවම වීදුරුවෙන් එළිය බලා ගෙනම උන්නෙ.අඩල අඩලම හෙම්බත් උනු කෙල්ල මගෙ උකුලෙ ඔළුව තියන් හොදටම නිදි.ඇස් දෙක බර වෙලා නිදි මත වැක්කෙරෙන්න වුණු නිසාම මාත් එහෙම්ම ශීට් එකට ඔළුව තද කර ගෙන ඇස් දෙක පියා ගත්තෙ.කොච්චර වෙලා නිදා ගත්තද,මතකයක් නෑ.කව්රු හරි අතට තට්ටු කරනව දැනිල ගැස්සිලා අවදි වුණේ……
නැවත හමුවෙමු.