පත්තරකාරී

1 වන දිගහැරුම

🌹 ” අම්මා තාත්තා ගියාද ….

මාවත් දාලා ….

අනේ දැන් ඉතින් තනියම ගාටන්න වෙන්නේ කකුල් සිදෙනකන් …..”

🏵️”වේලාසන නැගිටින්න තිබ්බනේ ….

තාත්තා උදෙන්ම යන බව දන්නවනේ….”

🌹” හා ඉතින් උදේ පාන්දර ඔයාගේ ලෙක්චර්ස් නම් එපා ඔන්න කිව්වා …

මන් යන්නම් අම්මා ….”

අම්මාට සමුදී මන් ආවේ පාර දිගේ හෙමීට ඇවිදගෙන ..ඉස්සරහට ඇවිදගෙන යද්දී එකවරම මගේ නෙතට ගැටුණේ පාරේ කවුද කෙනෙක් බිම දාලා තිබුණු හිස් බියර් ටින් එකක්. පුංච් කාලේ ඉදලම මට තිබ්බ පුරුද්දක් තමා මේ වගේ ඒවායින් ෆුට් බෝල් ගහන එක.

පරණ පුරුද්ද පෑදිලා ආවා වගෙ මන් කකුලෙන් ටින් එකට ගහගෙන ගොස් එක්වරම ගෝල් කියා ශබ්ද නගා ගැහුවේ මා සිටින්නේ පාරේ බවද අමතක වෙමින්‍ ය . ඒත් එක්කම දඩාස් ගා ශබ්දයක් යද්දී මා හිස ඔසවා බලද්දී පාරේ අයිනක නවතා තිබු වාහනයක ඉස්සරහ ග්ලාස් එක ඩැමේජ් වෙලා.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ කියලා මන් බයෙන් බයෙන් ඒ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය අසලට ගියේ මොනවා වුණත් සමාව ගන්න හිතාගෙන..ඒත් ඒක ඇතුළේ කවුරුත් නැති නිසා මන් අත් දෙක එකතු කරලා දෙවියන්ට වැදලා ස්තුති කරලා අනෙක් පස හැරී යන්න හදද්දීම කොහේද ඉදන් ආව මනුස්සයෙක් ගේ දැඩ් අතකින් මගේ අතේ මස් ගොබ තද කර අල්ලා ගත්තේ මට තරු පත්තු වෙද්දී.

🎭 ” ඒයි කවුද මේ මගේ සුදු අම්මියාට මෙහෙම කරේ…ආ..

කරලා ඉවර වෙලා තව පැනලා යන්නත් හදනව….”

🌹” යකෝ මූ මේ වාහනේටද සුදු අම්මියා කිව්වේ…

නැත්නම් මන් දැක්කේ නැති වුණා ට කවුරුත් හිටියවත්ද ඇතුළේ…”?

එහෙම හිතාගෙන මන් හැරිලා බැලුවේ වාහනේ ඇතුළ…කවුරුත් නෑ….ඒත් එක්කම මන් බැලුවේ මගේ අත අල්ලන් ඉන්න ඒ මනුස්සයා දිහා

.මෙන්න මේ මනුස්සයා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවා…බොඩ් බිල්ඩර් කෙනෙක්ගේ වගේ ඇගක් තිබ්බේ…ටිකක් විතර නාකි පාටක් තිබ්බේ කොන්ඩේයි , මූණ පුරා තිබ්බ රැවුලයි බාගෙට සුදු වෙලා..

එකපාරටම මේ මනුස්සයා මගේ අත අතෑරලා වාහනේට නැගලා ලාවට වගේ හිනාවක් දාලා ගියා. මගේ හිතට දැවෙන ප්‍රශ්න කෝටියයි .

මේ මනුස්සයා කවුද…..අච්චර බොඩි ගාඩ්ලා ….ඒ මදිවට බැන බැන ඉදලා එකපාරටම ගිය හැටි …

මා ඔහු ගේ වාහන යන තෙක් බලා සිට ඉදිරියට යද්දී පාර පුරා මිනිස්සු ඒ මේ අත දුවද්දී සමහරක් මිනිසුන් ගිලන්රථ වලට තුවාල කරුවන් ඇතුල් කරනවා….මන් ඉක්මනින් ඔවුන් අසලට ගොස් එතන සිටි එක් පිරිමි කෙනෙක් ගෙන් විමසුවෙමි.

🌹” අන්කල් මොකද මේ….මොනවා ද වුණේ..”?

🎈” ජේඩි ගේ කට්ටිය පාරට බැහැලා…

මිනිස්සු කීප දෙනෙක්ම කපලා දාලා ගියේ දැන් …

අනේ මන්දා මුන්ට විරුද්ධව කවුරුත් දෙවියන් වහන්සේවත් එවන්නේ නැති හැටි…”

🌹” ජේඩි …ඒ කවුද ඒ…..

ඇයි මේ මිනිස්සු මරන්නේ…”

පාර පුරා අසරණ මිනිස්සුන්ගේ විලාපයන්…ලේ වැගිරිම් …මා මොහොතක් එතන රැදී සිට ඉදිරියට යද්දී පුංචි කෙලි පැටික්කියක් අඩනවා….

🌹 ” ඇයි බබා මේ අඩන්නේ…”

ඈ හැඩුම් අතරින් පෙන්නුවේ නිසල වී තිබු ඇගේ අම්මාගේත් , තාත්තාගේත් මල සිරුරු . ශරීරයේ කිහිප පලක්ම කපා දමා තිබුනා.අගේ දෑස්ද කදුලින් බර වුවේ මේ මහ ඛෙදවාචකය දුටු නිසාය.

පාරම අමු සොහොන් බිමක් ලෙස දිස් වුණි. ඇසුණේ මිනිසුන්ගේ විලාපයන් සහ දෙස් දෙවුල් තැබීම්‍ ය.කවුද ජේඩි …මේ තරම් කෘර ලෙස මිනිස් ඝාතන සිදු කරන ඔහු නම් අමු තිරිසනෙක් ම විය යුතුයැයි සිතා ගත් මා ගියේ ඔෆිස් එකටය.

ගිය ගමන්ම දැක්කේ නම ගාව ගහලා තිබ්බ රතු ඉර…ඒත් එක්කම මන් බැලුවේ ඔරලෝසුව දිහා..වෙලාව 10ටත් කිට්ටු වෙලා …

🌹 “අදත් බැනුම් තමා….

හැමදාම මෙහෙමයි අප්පා..

කඩවරේ මාව බේරගන්න ….

අර බොසා මාව කාවී…”

කියලා කට ගන්න ලැබුණේ නෑ නාකි පප්පා මට කැබින් එකට එන්න කියලා…අද නම් මේ බඩ තඩියා ගෙන් හොදවයින් ලුණු ඇඹුල් ඇතුව ටිකක් අහගන්න ඇහැකි.

මන් සර්ගේ කැබින් එකට ගිය ගමන් ඔහු ඔහුගේ සුපුරුදු දේශනා ව පටන් ගත්තා.

🎤” මේ ඔය ළමයාට මේ රස්සාව හරියන්නේ නෑ ….

වෙලාවට එන්නේ නෑ…

ඒ මදිවට තාම එක ආටිකල් එකක් වත් ලිව්වද…

ලියපු හැම එකම අතරමග නවත්වනවා…

මේ වැඩ නිසා ෆීල්ඩ් එකේ අපේ නමයි කැත වෙන්නේ…”

🌹” නෑ ….මේ…සොරි සර්…

හෙට ඉදන් තිතටම වැඩ ටික ගොඩ දාන්නම්කෝ…”

🎤” ඉස්සෙල්ලම ඔය රස්තියාදු වචන නතර කරගන්න ..

මේ ඔෆිස් එකක් …

අනික මන් ඔය ළමයට තව සතියයි කල් දෙන්නේ..

හොද ආටිකල් එකක් ඕන..නැත්නම් අස් වෙලා යන්න…”

මන් හිස වනා එළියට විත් පුරුදු පරිදි ඔෆිස් එකේ අනිත් එවුනුත් කතාවට අල්ලාගෙන ඉදලා කල්පනා කරේ අලුතින් මොකද්ද කරන්න ඕන ආටිකල් එක කියලා….

ඒත් එක්කම මගේ ඔලුවට ආවේ උදේ සිදු වු සිදුවීම් පෙළ. මන් හිතා ගත්තා පතාලේ ගැන ආටිකල් එකක් කරන්න . මන් ඉක්මනට බොස් ගේ කාමරේට ගියේ ඒ ගැන ඔහු දැනුවත් කරන්න..

🌹” සර් මන් හිතුවා පතාලේ මැරයෝ ගැන ආටිකල් එකක් කරන්න. අසරණ මිනිස්සු මැරයෝ නිසා දුක් විදිනවා ගොඩාක් …ළමයින්ට දෙමාපියන් නැති වෙනවා…නෝනාට තමන්ගේ ස්වාමියා නැති වෙනවා…නීතියෙන් ඌන්ට දඩුවම් දෙන්නේ නැත්නම් මන් මගේ පෑන අවියක් කර ගන්නවා සර් මොකද කියන්නේ…”

🎤” වැඩේ හොදයි…

හැබැයි ඔය ළමයගේ ජීවිතේට ප්‍රශ්න ඒවී….”

මා මොකුත් නොකියම කැබින් එකෙන් එළියට ඇවිත් සුපුරුදු මගේ යාළුවා අරුණි එක්ක පාරේ ඇවිදගෙන යද්දී පොඩ් ළමයි ටිකක් සබන් බෝල පුම්බනවා…

අවුරුදු 25ක් වුණත් අපේ අම්මා කියනවා වගේ මට තියෙන්නේ ළදරු වැඩ…මන් ඉක්මනින් ඔවුන් ළගට දිව ගොස් ඔවුන් එක්ක හරි හරියට සබන් බෝල පුම්බමින් ඒවා ඇගිලිවලින් ඇන පුපුරුවන්න වුණේ කෑ ගහගෙන මහ ශබ්දෙන් ය.

අරුණි නම් ලැජ්ජාව ට මගේ අතින් අදිද්දී මා ඈව ගනන් නොගෙන සිටියෙම් . ඈ මාව ඇදගෙන එතනින් ගියේ

🍊” අනේ යකූ මහ පොඩි එකෙක් වගේ බන් උඹ ..

මහ ලොකූ මාධ්‍යවේදීනීයක් නේ බන්…”

මා සිනාසුණා පමණි .

අවුරුදු 25ක් වුණාට පොඩ් ළමයින්ගේ වැඩ වලට ගොඩාක් ප්‍රිය කරන මන් අබිලාෂා . සාමාන්‍ය පවුලක පියුම් කෙනෙක්ටයි , ලස්සන ගුණයහපත් අම්මා කෙනෙක්ටයි දාව ඉපදුණු විසේකාර රූමත් කෙල්ලෙක්. අම්මගෙන් උරුම වුනු ලස්සන සද වන් මුහුණක් මෙන්ම දිගු කඩා හැලෙන වරලසක් මට තිබුණෙමි. පොඩි කාලේ ඉදන්ම පත්තරකාරී යක් වෙන්න හීන දැකලා කොහොම හරි පත්තර ආයතනය ක වැඩට ගියා….ඒත් මේතාක් කාලයක් එකම එක ආටිකල් එකක් වත් ලියලා නෑ…හැමදාම පරක්කු වෙලා යනවා කට්ටිය විනෝදේට අල්ලගෙන ඉදලා ගෙදර එනවා.

😁😁😁😁😁😁

මන් අරුණි එක්ක පොඩි ළමයින්ගෙන් ඈත් වෙලා එද්දී උදේ මගේ අතින් ඩැමේජ් වුණ සුදු පාට ඩිෆෙන්ඩර් එක පාර අයිනේ නවත්තලා උදේ සිට් කෙනා තවත් අයෙක් සමග මා දෙස බලා සිටියේ ඔහුගේ රැවුල අතින් අතාගාන ගමන්මය. ඔහු අසල සිටි අනෙක් කෙනා නම් ඉස්සරහම බලා සිටියේය.

🌹” අරූ බලපන්කෝ අර නාකියා අපිට බැල්ම දානවද කොහේද ….?

ඒකට බලපන්කෝ ඌට එහා පැත්තේ ඉන්න හැන්ඩියා දිහා ඌ එකපාරක් බලලා අහක බලා ගත්තා….”

මා පවසද්දී අරුණි ත් ඔවුන් දෙස බලා මගේ අතින් ඇදගෙන ඉක්මනින් එතනින් ගියේ මාව පුදුම වෙද්දී ය.

🌹” මෝකෝ බන් කඩියා කාලා වගේ මාත් ඇදගෙන ආවේ…

මහන්සිත් එක්ක…”

මම හතිදමමින් පවසද්දී ඈ

🍊 ” ඒ කවුද දන්නවද යකූ ජේඩි …මේ පැත්තම රන් කරන්නේ ඌන් බන්…”

🌹 ” එතකොට මේ යකාද ජේඩි කියන්නේ….

එතකොට මගේ අතින් අද ඩැමේජ් වුණේ ජේඩි හේ වෙහිකල් එකක්ද….?”

🍊” මොකද්ද උඹ මට කිව්ව උදේ කේස් එකේ උඹ කිව්ව කෙනාද මේ….”

🌹” ඔව් නේ…”

🍊” අපි ඉවරයි ….

අන්න ඒ වෙහිකල් එක මේ පැත්තට එනෝ…”

🌹” පත්තු වුණා …”

🍊” මේ වේලාවේ විහිළු කරන්න එපා මෝඩියේ….තව ටිකකින් පත්තු වෙච්චා නිවේවී …දුවමු….”

😁😁😁😁😁😁😁

කට්ටිය කතාව කියවලා දැනෙනෙ දේ කියන්න ..

අනිත් කතාවට වඩා වෙනස් විදියට ලියන්න කියලා හිතුවේ…

ඉතින් කතාව කියවලා දැනෙනෙ දේ කියන්න .හොර පාරෙන් යන්න එප්පා