බැඳීමක් නැති මුදුවක් 💔

38 වන කොටස

“ඔයා අපිට ආදරේ නෑනේ..ඔයා අපිව ගෙදරින් එළෙව්වා නේ..අපි ආයෙ එන්නෙ නෑ..”

පුංචි පුතා එහෙම කියද්දි මට දැනුනේ මගේ මුළු ලෝකයම මගේ ඇස් ඉස්සරහා බිමට ඇදන් වැටුනා වගේ..

මේ කතා කරන්නේ මගේ පුංචි පුතාමද කියලා මම කල්පනා කළේ පුදුමයෙන් ..

“ඔයා අපි ගැන පොඩ්ඩක් වත් බැලුවෙ නෑනේ..මම ඉපදෙන්න ඉන්නකොට ඔයා අම්මව ක්ලීනික් වත් එක්කගෙන ගියේ නෑනේ…”

පුංචි පුතා එහෙම කියද්දි මට දැනුනේ මගේ පපුව පිහි තුඩකට සීරිලා යනවා වගේ හැඟීමක්..

මේ කතා කරන්නේ මගේ පුංචි පුතාමද?..

අපේ ගෙදරින් ගිය අවුරුද්දට පුංචි පුතා මේ තරම් වෙනස් වෙලාද?…

කෝ ඒ තිබ්බ හුරතල් කම…

මම එහෙම කල්පනා කළේ අදහගන්න බැරුව වගේ…

පුංචි ළමයෙක්ගෙ මලක් වගේ හිතකට මේ වගේ විස පුරවපු උ/ඹත් උ/ඹේ ගෙදර උදවියත් ගැන මගේ හිතේ ඇති උනේ ලොකු තරහවක්..

“මේ ෆෝන් එක ගන්න සීයේ…”

පුංචි පුතා උ/ඹේ තාත්තගේ අතට පෝන් එක දුන්නේ මගෙන් සමු නොගෙනම..

උ/ඹේ නපුරුකම් හැමදේකටම වඩා මට දරාගන්න බැරි වුණේ මගේ පුතාගේ මේ වෙනස…

පුංචි පුතේ…

ඉස්සර තාත්තා කිය කියා නිතරම ඇඟේ දැවටිච්ච උ/ඹට දැන් මේ තාත්තව ඒ

තරමටම එපා උනාද?..

මම හීල්ලුවේ එහෙම හිතන ගමන්..

“මේ දිලංක තමුසේ මීට පස්සේ ළමයට කතා කරන්න තියාගන්න එපා..”

උ/ඹේ තාත්තා එහෙම කියද්දි නම් මට මගේ තරහව පාලනය කරගන්න බැරි වුණා..

“ත/මුසේ කවුද මට එහෙම කියන්න..මට මගේ දරුවාට කතා කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ..මට හිතුන වෙලාවේ මම කතා කරා..”

මම එහෙම කිව්වේ තරහෙන්..

“අපි බලමු “

උ/ඹේ තාත්තා එහෙම කිව්වේ අපහාසයට වගේ…

“බලන්න දෙයක් නෑ..මම දරුවාගේ තාත්තා..

ඒ අයිතිය කාටවත් උදුර ගන්න බෑ..”

මම ඇමතුම විසන්ධි කෙරේ එහෙම කියලා…

මෙතෙක් දවසකට ඇස් දෙකට උනපු නැති කඳුළු අද උනන්න ගගත්තේ හිතට දැනෙන දුක දරාගන්න බැරිව..

මගේ ජීවිතයේ මට හැමදාම මුහුණ දෙන්න වුණේ ප්‍රශ්නවලට විතරයි ..මගේ හිතට ලැබුනේ දුක විතරයි..

මමත් මනුස්සයෙක්..හැඟීම් දැනීම් තියෙන

*ලේ මස් ඇට කටු නහරවලින් හැදුනු..

ජීවිත කාලයම එකට ගෙවන්න .

දුක සැප බෙදා ගන්න…

ඒත් මගේ ජීවිතයට ලැබුණේ දුක සැප සම සිතින් බෙදාගෙන මගේ ජීවිතයට ශක්තියක් දෙන සහකාරියක් නෙමෙයි…

මගේ ජීවිතය අඳුරෙන් අඳුරටම ගෙනියන්න ආපු කෙනෙක්…

ඒ හැම දේම මම මගේ ලැබීම කියලා ඉවසගෙන උන්නත්,මේ දුක මම දරා ගන්නේ කොහොමද?

මගේ *ලේ ධාතුවෙන් මේ ලෝකෙට බිහිවෙච්ච ,මගේ ඒකපාර්ශ්වික ආදරේ නිසාම මේ ලෝකෙට බිහිවෙච්ච මගේ ආදරණීය පුතාට මාව නොවැදගත් තාත්තෙක් වෙලා …

මගේ පුතා පවා මාව ප්‍රතික්ෂේප කරනවා..

මම කොහොමද මේ තරම් දුකක් දරාගෙන ඉන්නේ..මම එහෙම කල්පනා කළේ අසිහියෙන් වගේ…

💔💔💔💔💔💔💔💔💔

උ/ඹයි චූටි පුතයි මගෙන් ඈත් වෙලාම ගියා..

චූටි පුතාගේ මුහුණ බලන්නවත් මට උ/ඹලගෙන් ඉඩක් ලැබුණේ නැහැ….

කිහිප වතාවක් මම බලෙන්ම පුතාව බලන්න ගියත් පුතා මා එක්ක කතා කරන එක පවා ප්‍රතික්ෂේප කළා..

මගේ තාත්තා දරුණු පිළිකා රෝගයකට ගොදුරු වුණේ අපි හැමෝම කබලෙන් ලිපට දාලා…තාත්තා ගේ ප්‍රතිකාර වෙනුවෙන් වියදම් කරන්න සල්ලි හම්බ කරන එක මගේ එකම අරමුණ වුණා…

තාත්තා වෙනුවෙන් මමත් අයියත් කොයි තරන් ඇපකැප උනත් වියදම් කරත් පලක් වුණේ නැහැ…පිළිකා රෝගය තාත්තා ගේ ජීවිතය බිල්ලට ගත්තා..

මගේ ජීවිතය අරමුණක් නැතුව ඔහේ ඉබාගාතේ සැරිසරන්න පටන් ගත්තේ ඒත් එක්කම…

ආදරයක් නැතිව ජීවත් වෙද්දි ජීවිතයට දැනෙන්නේ ලොකු හිස්කමක් …

මම මගේ අත පැළැදි මුදුව දිහා බලාගෙන හිටියේ දුකෙන්…

බැඳීමක් නැති,නාමමාත්‍රිකව කසාද සහතිකය ට විතරක් සින්නවුණු කසාදයක් මොකටද?.

මට මේ කසාදයෙන් ඉතිරි වුණේ වෙදඟිල්ලේ පැළඳුව මේ රන්මුදුව විතරයි ..

උ/ඹ මට ආදරේ නොදුන්නත් උ/ඹට මම හැමදාම ආදරේ කලේ කොන්දේසි විරහිතව..

ඒ ආදරය නිසා අද මගේ මුළු ජීවිතයම කඳුලක් වෙලා..

මම තනියම කාත් එක්කවත් කතා නොකර ඉන්න පුරුදු වුණේ ඒත් එක්කම..

බැලුව බැලුව අත මට පෙනුනේ අඳුර විතරයි…

🎶🎶🎶🎶🎶

උමතු කලා මා උමතු කලා

ආදරයෙන් මා උමතු කලා

නිගා කලා ඔබ නිගා කලා

ඒ ආදරයට ඔබ නිගා කලා

ඇස ඉතිරි කලේ එක උනු කඳුලක් පමණයි

මගෙ කුසලානය තුල තිබුනේ විෂ මදුවයි

මුව රැඳුනේ හීසරවන් සරඳම් වචනයි

ඔබ විහිළු කලේ මගෙ ජීවිතයත් සමගයි

උමතු කලා…..

ජය ලතාවකට කල ඉඟි බඟි හරි සොඳුරුයි

තව වතාවකට ඒ ඉඟියම හරි කුරිරුයි

නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි

ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි

උමතු කලා…..

🎶🎶🎶🎶🎶🎶

චාමර වීරසිංහගේ මේ ගීතය මම කොයි වෙලාවෙත් අහන්න පුරුදු වුණා…උදේට දවල්ට රෑට…මම ඒ ගීතයට අධි මාත්‍රිකව ඇබ්බැහි වුණේ ඒ ගීතය මට උ/ඹව, අතීතය

සිහිපත් කරල දුන්න නිසාම…

මම ආයෙමත් මානසික රෝගියෙක් විදිහට බෙහෙත් බොන්න පුරුදු උනා…මම මගේ ජීවිතයට දඬුවම් කරලා මගෙන්ම පළිගන්න පුරුදු වුණේ ඒක මට සතුටක් විදියට දැනුනු නිසා..

මම ඒ සිංදුව අහ අහාම අතට අහු උනු බ්ලේඩ් එකකින් මගෙ අත තුවාල කරගත්තේ මගේ අතින් ගලාගෙන යන *ලේ

මගේ වේදනාව මටම සතුටක් ගෙන දුන්න නිසා..

“පොඩි පුතා ..ඕක නවත්තනවා…”

අම්මා එහෙම කෑගහගෙන කාමරේට දුවගෙන ආවේ මම හිනා වෙවි මගේ අත් දිගේ ගලාගෙන යන *ලේ දිහා බලාගෙන ඉන්නකොට….

අම්මා කාමරේට ආපු ගමන් කරේ රේඩියෝ එක ක්‍රියා විරහිත කරන එක…

“පොඩි පුතා ..ඔයාට ඔය සිංදුව අහන්න එපා කියලා ඩොක්ටර් කිව්වා..ඇයි එපා කියන දේම කරන්නේ..මේ බලනවා අත්වල *ලේ ගලාගෙන යනවා..එනවා යන්න මාත් එක්ක අත හෝදන්න…”

අම්මා බාත්රූම් එකට මාව එක්කගෙන ගිහින් හේදුවේ බ ලහත්කාරයෙන් ඇඳගෙන වගේ…

“අනේ මේවා බලන්න මම ජීවත් වෙලා ඉන්නවානේ.අර මහ ම/නුස්සයා වගේ මොකක් හරි ලෙඩක් හැඳිලා මාවත් මැරිලා ගියා නම් හරි…බලප/න් මේ *ලේ ගලන එක නතර වෙන්නෙ නෑ..උ/ඹව එපා කියලා කියපු

උ/ඹේ වටිනාකමක් නැති ගෑනියෙක් වෙනුවෙන් මොකටද උ/ඹ ඔච්චර නහින්නේ.. අපි උ/ඹලව ලොකු මහත් කළේ මේ දේවල් බලාගෙන ඉන්නද?..දැන්වත් ඔය දේවල් අමතක කරලා හිත හදාගන්න උත්සාහ ක රපන්.. “

අම්මා මාව හොස්පිට්ල් එකට එක්කගෙන ගියේ මඟ දිගටම මට දොස් කියමින්..

රෝහලේ තුවාල වලට ප්‍රතිකාර කරලා මාව යොමු කළේ මනෝ වෛද්‍ය ඒකකයට…

“දිලංක.අපි ඔයාට කිව්වා ඒ සින්දුව අහන්න එපා කියලා..ඔයාම දන්නවා ඔයාගේ හිතට ඒ සින්දුව ඔයාගේ අතීතය මතක් කරලා දෙනවා කියලා..ඔයා දැන් දුකටම ඇබ්බැහි වෙලා..ඔයාට ඔය දුකෙන් මිදෙන්න ඕනේ නෑ..ඔයත් ඔය දුකටම ඇලිලා ඉන්නවා…ඔයා ඔය යන පාර වැරදි..”

ඩොක්ටර් වසන්ත අදත් වෙනදා වගේම මට එහෙම අවවාද කළේ කාරුණිකව..

“මගේ ජීවිතයට අරමුණක් නෑ ඩොක්ටර් .

මම පණ වගේ ආදරේ කරපු මගේ වයිෆ් මාව එපා කියලා දාලා ගියා..මට මගේ පුතා නැතිවෙලා ගිය..මම මොකටද ජීවත්වෙන්නේ ඩොක්ටර් ..මම කවුරු වෙනුවෙන්ද ජීවත් වෙන්නේ ?”

මම එහෙම ඇහුවේ ලොකු ආවේගයකින්…

ඩොක්ටර් මගේ දිහා බලාගෙන උන්නේ වෙනදා වගේම සන්සුන් විලාශයෙන්..ඒ කරුණාබරිත ඇස් දෙක මගේ හිත මොහොතකට නිවනවා වගේ…

“දිලංක මේ බලන්න..ඔයා ඔය හැසිරෙන විදිහ වැරදියි..”

“තවත් කොහොමද ඩොක්ටර් මම ඉවසන්නේ..මම හැමදේම තනියම ඉවසපු කෙනෙක්..ඉවසීම නිසාම මට ලැබුණේ දුක විතරයි..මම ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද ඩොක්ටර් ?..”

“දිලංක,ඔයාට පේනවද මෙතන ඔයාගේ එහා පැත්තෙ ඉන්න අහිංසක අම්මව…අම්මෙක් පුතෙක්ව උස්මහත් කරන්නේ මොන තරම් බලාපොරොත්තු තියාගෙනද?..ඇයි ඔයාට බැරි ඔයාගේ මේ අම්මා වෙනුවෙන් ජීවත් වෙන්න…කවුරු අපිව එපා කියල දාල ගියත් අම්මා අපිව එපා කියලා දාන්න යන්නේ නෑ..

දාලා ගිය අය ගැන හිත හිත දුක් විදිනවට වඩා කවදාවත් ඔයාව දාලා යන්නේ නැති අම්මා ගැන හිතලා අම්මගෙ සතුට ගැන හිතලා ජීවිතය ලස්සනට ගෙනියන්න දරුවෝ..”

ඩොක්ටර් ගේ ඒ වදන් වලට මගේ වැහිලා තිබ්බ ඇස් ඉබේම ඇරුණා….ඇස් වල කඳුළු පුරෝගෙන ඉන්න අම්මගේ දිහා මම බැලුවේ දුකින්..

“මේ බෙහෙත් ටික බොන්න..ආයෙමත් ඔයා ඔය විදියට හැසිරෙන්න ගියොත් ඔයාට ආයෙමත් නතර වෙන්න වෙන්නේ අංගොඩ තමයි ..ඒක මතක තියාගන්න. “

මට සමාවෙන්න මගේ අම්මේ…

මම අම්මා වෙනුවෙන් මගේ ජීවිතය හදාගන්නවා..

මම ඩොක්ටර් ගේ ඉදිරියේ ඉඳන් මටම එහෙම පොරොන්දු වුණා..

💔💔💔💔💔💔💔💔

මගේ පරණ රැකියාව මට නැතිවෙලා ගිය නිසා මම අලුත් රැකියාවක් හොයන්න උත්සාහ කලා..

මට මගේ හිත අමාරුවෙන් හදාගන්න පුළුවන් වුණේ අම්මා ගැන හිතලා…

මාස කිහිපයක් තිස්සේ රැකියාවක් හොයපු මට අන්තිමේදී කොළඹ රැකියාවක් ලැබුණා..

“පුතේ උ/ඹ කොළඹ යන්න ඕනේ නැහැ.එහෙ ගිහින් තනිවුනාට පස්සේ කල්පනා කරලා ලෙඩ වෙයි..මට පුළුවන් විදිහට මැහුමක් කරලා කාලා බීල ඉමු.”

අම්මා එහෙම කිව්වොත් මට තවත් අම්මට වද දෙන්න උවමනා ඕන වුණේ නෑ.අම්මගේ

නහර මතු වෙච්ච අත් දෙක තව තවත් මහන්සි කරවන්න මට වුවමනා වුණේ නෑ…

මම අම්මගේ අකමැත්තෙන් ම කොළඹ රැකියාවට ආවා..අලුත් රැකියාවත් එක්ක කාර්යබහුල වෙද්දි මට මගේ හිතත් එක්ක තනිවෙන්න අවකාශයක් ලැබුණේ නෑ

ආයෙමත් මගේ ජීවිතය රැකියාවෙන් බෝඩිමට ගතවෙලා ගියා..ඒත් මම නොවරදවාම නිවාඩු දවසෙ අම්මා බලන්න ගෙදර ගියා.

මම සේවා මුරය අවසන් වෙලා බෝඩිමට ඇවිත් ඇඳේ වැතිරුනේ මගේ විඩාබර වෙච්ච ඇස් දෙක සුවබර නින්දක් හොයපු නිසා…

මගේ මොබයිල් එක නද දෙන්න ගත්තේ නිදාගන්න ඇස් පිය වෙනකොටම ..මම ඇඳෙන් නැගිටලා ඇමතුමට පිළිතුරු දුන්නේ ඒ ඇමතුම අම්මගෙන් වත්ද කියලා හිතලා…..

මගේ සුවපත් වෙලා තිබ්බ හිතට අමුතුම බරක් දැනුනේ ඒ ඇමතුම උ//ඹෙන් කියලා දැකලා..

තවත් මොකටද මට මට කතා කරන්නේ හිතලා ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්න මම හැදුවත් මම ඒ ඇමතුමකට පිළිතුරු දුන්නේ එක පිට එක උ/ඹ එක දිගටම ඇමතුම් ගත්ත නිසා…

“හෙලෝ”

මම එහෙම කතා කළේ ඕනාවට එපාවට වගේ…

“හෙලෝ අයියේ..”

මගේ හිතේ මෙතුවක් උ/ඹ ගැන තිබුණු තරහව දිය වෙලා ගියේ උ/ඹේ කටහඬ ඇහුණ ගමන්…

“ඔව් කියන්න…”

“අයියේ..මේ රෑ වෙලා කතා කරලා කරදර කළාට සොරි..මම දන්නවා ඔයා මාත් එක්ක කතා කරන්න කැමති නෑ කියලා..මාත් ඔයා එක්ක කතා කරන්න කැමති නෑ…”

“එහෙනම් ඉතින් මොකටද කතා කළේ…තියෙනවා ඔය ෆෝන් එක..”

“නෑ අයියේ මම කතා කළේ පණිවිඩයකට..”

“පණිවිඩයකට ඒ මොකටද?..”

“අයියේ මට ඩිවෝස් එක ඕනේ…මම ඩිවෝස් කේස් එක ෆයිල් කරා…”

“හරි…ඕක කොහොමත් අලුත් කතාවක් නෙවෙයි නේ…”

“ඔව්…අපිට එකට ජීවත් වෙන්න බෑ..”

උ/ඹ එහෙම කිව්වේ ලොකු හුස්මක් පිටකරලා..

“ඒවා කතා කරලා වැඩක් නෑ…ඒ දේවල් වෙලා ඉවරයි…මම අපේ බැදීම රැක ගන්න ගොඩක් මහන්සි වුනා.. ඔයාට මම ළඟට ආපු දා ඉඳන් ඕනේ වුනේ මාව දාලා යන්න.ඔයාගේ අම්මලා කිව්ව නිසා ඔයා මාව බැන්දා.දැන් අම්මලා කියන නිසා මාව ඩිවෝස් කරනවා.”

“ඒ උනාට අයියේ මෙතන මගේ අම්මලා වැරදි නෑ.මට ඔයාව එපා වුණේ ඔයාගේ අර ලෙඩේ දැනගත්තම..ඒත් මම අමාරුවෙන් හිත හදාගෙන ඔයා එක්ක ජීවත් වෙන්න උත්සාහ කරා..ඒත්….එක හේතුවක් නිසා මට ඔයාවයි ඔය ගෙදරයි එපා වුණා….”

උ/ඹ එහෙම කියද්දි මගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වුණේ ඒ මොකක්ද කියලා?.

මගේ ජීවිතය,මගේ පවුල් ජීවිතය විනාශ වෙන්න බලපාපු ඒ හේතුව මොකක්ද කියලා දැනගන්න මගේ හිතේ නොඉවසිල්ලක් ඇති වුණා…

හමුවෙමු මීළඟ කොටසෙන්