මුරුගසන් වැහි vs පත්තිරු ❤️‍🔥

-27 කොටස-

‘දේශපාලනය යනු ක්‍රීඩාවක් නොව බරපතල ව්‍යාපාරයකි.’

-වින්ස්ටන් චර්චිල්

“අඩෝ… මේක Range Rover Sports එකක්නේ…”

යශෝද් කීවේ විසල්ගේ නවත ම ජීප් රිය පරීක්ෂා කරමිනි.

“ඇයි තමුසේ හිතුවේ අප්කමින් යන්ග් බිස්නස්මන් කෙනෙක් පරණ ලොරියක යනවා කියලද..?”

විසල් කීවේ විසුළු සිනහවක් පාමිනි.

“ආඩම්බර වෙන්න තිබ්බා උඹ මේක උඹේ සල්ලිවලට ගත්තා නම්… අලුත්ම මොඩ්ල් එක නේද..? යකෝ මේකට ක්ලෑන් එකෙන් බර ගාණක් යන්නැතිනේ…”

යශෝද්ගේ සරදම් ස්වරයට විසල් ද පෙරළා සරදම් සිනහවක් පෑවේ ය.

“අවුරුදු හතක් තිස්සේ රටවල් දෙකක සිටි එකක් සිටි එකක් ගානේ කරක් ගහලා එක එකාගෙන්, එක එක යුනියන්වලින් ඒ සල්ලි ස්පොන්සර් කරගත්තෙත් අපිම තමා බ-ලෝ… උඹ හිතුවද ක්ලෑන් එකට හතරමහා නිධානෙ පහළ උනා කියලා..? අනික මේකේ කොස්ට් එකෙන් භාගයක් මං මගේ අතින් දැම්මා… පස්සේ ක්ලෑන් එකට ඉතුරු ටික ගෙවලා මංම මේක ගන්නවා කොහොමත්… අපේ බිස්නස් ගැන ගෙවල්වල උන්වත් දන්නැති නිසයි කලින් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් අරගෙන නිකං හිටියේ…”

“උඹට තිබ්බා අයියේ මටත් Vitz එකකට එහා එකක් ඔෆර් කරන්න… අඩුම බ්‍රෑන්ඩ් නිව් එකක්වත් දුන්නා නම් දුක නෑ… නදීජයියා නම් හොනට් එක හරි අරන් දුන්නා…”

විසල් සිනහවක් පා තමන් තරම්ම උසැති තරුණයාගේ කර වටා අතක් යැව්වේ ය.

“මං උඹට කවදාවත් මුකුත්ම අරන් දෙන්නෑ යශා… හැබැයි උඹට උඹේ සල්ලිවලින් Sports Range Rover නෙවි ඊට වඩා එකක් හරි ගන්න පුළුවන් වෙන තැනකට මං උඹව ගේන්නම්. ඒකට උඹේ සප් එකත් මට ඕනේ…”

විසල් කීවේ තම ඥාති සොහොයුරා වෙත දයාර්ද්‍ර බැල්මක් හෙළමිනි. යශෝද් කෙටි සිනහවක් පා බිම බලාගත්තේ ය.

“මං වාහනවලට ආසයි තමා අයියේ… ඒත් ලොකු හීන මට නෑ… මේ වෙලේ මට ඕනේ තව මාස දහයෙන් නොමැරි ජීවත් වෙන්න විතරයි… මට සිරාවටම ආසයි සසඳි එක්ක එකතුවෙලා දරුවෙක් දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න…”

විසල් එයට පෑවේ අනුකම්පා සහගත සිනහවකි.

“නිදි වරන ඇස්වලට හීන කැප නෑ බං…”

විසල් දෑත් සාක්කුවෙහි රුවා ගනිමින් කීවේ ය.

“අපි අපේ හීන උකස් කරපු උන් අයියේ…”

යශෝද් හිස සැලුවේ ය.

“කොහොමද උඹේ ප්‍රෝග්‍රස් එක..?”

විසල් විමසුවේ කතාව වෙනතකට හරවමිනි. ඔවුන් දෙදෙනා සිටියේ කාර්යාලීය රථ ගාලෙහි ය.

“උඹේ කැබින් එකට යමන් අයියේ… මෙතන සේෆ් නෑ…”

හිස සැලූ විසල් පෙරමුණ ගත්තේ ය. විසල්ගේ කාර්යාලීය කුටියට පිවිස එය අගුලු ලාගන්නා තෙක් ඔවුන’තර එතරම් වැදගත් කතාබහක් සිදුනොවී ය.

“උඹව කවී අක්කා ලව්වා මිෂන් එකට කැමති කරවගන්න ප්ලෑන් කරලා ඒක ක්‍රියාත්මක කරලා තියෙන්නේ රනූ අයියා… ඒකට ඉන්රිටර්න් කවී අක්කා උදව්වක් ඉල්ලලා තියනවා… එයාගේ ප්‍රයිවට් වැඩකට…”

යශෝද් තම පරීක්ෂණයෙහි ප්‍රතිඵල විසල් හමුවේ තැබුවේ ය.

“කවීගේ සීන් එක මං දන්නවා. රනුවා ඒ කොටස මා එක්ක කිව්වා… ඒකට වෙන්න ඕනේ ටිකත් මං රනුවා එක්ක සෙට්ල් කළා… අරක නම් මං හිතුවෙම මේ පාරත් එරානයාගේ වැඩක් කියලමයි…”

විසල් කීවේ කල්පනාකාරීව ය.

“එරාන් අයියා මුලින් ඒකට කැමතිවෙලත් නෑ කවී අක්කට ආයේ සෆර් කරන්න වෙයි කියලා… රනූ අයියාම තමයි ගේමට බැහැලා තියෙන්නේ… සමීරයියා එහෙමත් රනූ අයියාගේ මතේට ඉඳලා තියෙන්නේ…”

යශෝද් කීවේ ය.

“ඒක කළේ රනුවා නම් මට ඒක සීන් එක අල්ලලා දාලා මගේ වැඩ ටික කරගෙන යන්න තමා වෙන්නේ දැන්…”

විසල් කීවේ සුසුමක් හෙලමිනි.

“ඒ කිව්වේ..?”

“ඒ කිව්වේ මේ ලෝකේ මගේ අම්මයි, තාත්තයි ඇර මට ඕනෙම වරදකට සමාව දෙන්න පුළුවන් උන් ඉන්නේ තුන්දෙනයි… එකෙක් පොඩි කාලේ ඉඳන් මාත් එක්ක හැමදේම බෙදාගෙන හිටපු රනුවා… අනික් කෙනා මං වෙනුවෙන් ජීවිතේම කැප කරපු කවී… අන්තිමයා මං මගේ ළමයෙක් ගාණට හදපු උඹ…”

විසල් කීවේ රැවුල පිරිමදිමිනි. යශෝද් එයට කෙටි සිනහවක් පෑවේ ය.

“ශේෂානි අතුකෝරළ කියන්නේ සිම්පල් ගෑනියෙක් නෙවි චූටි අයියේ… උඹට පරිස්සමින් ඒකි එක්ක ගේම ගහන්න වෙනවා…”

යශෝද් බරපතල ස්වරූපයකින් කීවේ ය.

“මං තාම හිතන ගමන් ඒකිට ඇප්‍රෝච් කරන විදිය යශා… වැලාගේ සිස්ටම් එක මට සෙට් වෙන්නෑ… ක්ලබ් එකකට ගිහින් ඒකි එක්ක ගසලා, ඩාන්ස් කරලා, නයිට් එකක් ඇද්දා කියලා මට මගේ වැඩේ කරගන්න බෑ… ඒකට බිස්නස් වලින්ම ලයින් එකක් අල්ලන්න ඕනේ…”

විසල්, යශෝද් හා එකඟවූයේ ය.

“මට පොඩි අදහසක් තියේ…”

යශෝද් ඉරියව් වෙනස් කරමින් කීවේ ය.

“මොකක්ද..?”

“අපේ අලුත් යාඩ් එකේ කන්ස්ට්‍රක්ෂන් වැඩ අතුකෝරළ කන්ස්ට්‍රක්ෂන්ස් එකෙන් කරවගන්න බැරිද..? හැබැයි මේකෙදි උඹ රනූ අයියයි, දුලාජ් අයියයි එක්ක කතාවෙලා මේ ප්‍රොජෙක්ට් එක කන්ඩක්ට් කරන වැඩේ මාව PA පෝස්ට් එකට අපොයින්ට් කළාට පස්සේ මං ලව්වම කරවන්න දාන්න ඕනේ. තමුසේ මගේ ඉමීඩියට් බොස් නිසා එතකොට සුපවයිසින් යන්නේ තමුසේ යටතෙනේ අයියේ… එහෙම උනොත් කෙලින්ම ගෑනි එක්ක ඩීල් කරන්න වෙන්නේ උඹටමයි…”

යශෝද්ගේ අදහස හමුවේ විසල්ගේ මුවෙහි ඇඳුනේ කපටි සිනහවකි.

“මිනිස්සු බෙන්තර ගඟෙන් මෙහාට ඇස් නෑරපු පූස් පැටියෙක්වත් ගෙන්නෙපා කියන එක අන්තිම සාධාරණයි හු-තෝ… තෝ නම් කොහෙන් ඉගෙනගෙන ඔහොම ගේම් ගහනවද මන්දා…”

යශෝද් සරදම් සිනහවක් පෑවේ ය.

“උඹට වගේ නැග්ගම හොරෙන් හරි ගිහින් ගහලා එන්න මගේ ගෑනි ළඟපාතක නෑනේ චූටි අයියේ… ඒ නිසා ඒ වෙලාවට මං කරන්නෙත් කල්පනා කරන එක… අනික මේවා උඹෙන්ම ඉගෙනගත්තුවා තමා…”

විසල් සිනහවක් පාමින් දෑත් හිස පිටුපසින් බැඳගත්තේ ය.

“තෝ නම් මහ අනාදියෙක් යශා… අර කෙල්ල තෝ වගේ හු-න්නෙක්ට අහිංසක වැඩී…”

“මට බෑ උඹලට වගේ ගේම් ගහන ගෑනු ටැකල් කිරිල්ල කරන්න… ඒ නිසා මගේ සිස්ටම් එකට ගැලපෙන එකීව තමා මං ඉඳලා ඉඳලා තෝරගත්තේ… ඒකි පට්ට අහිංසකයි තමා…”

යශෝද් සිනහවක් පෑවේ ය.

“කවීත් පට්ට අහිංසක වෙලා හිටියා කාලයක්… දැන් නම් මටත් වඩා ඒකි කපටියි…”

විසල්ගේ ස්වරයෙහි වූයේ කවිනිගේ මතකයෙන් උපන් ස්නේහවන්ත ස්වරයකි.

“මගේ එකී ඔය ගාණටම මං මේන්ටේන් කරගෙන ආවා. ඉස්සරහටත් එහෙමම ඉඳීවි… අවුරුද්දක් ඇතුළත මේ ගේම ක්ලෝස් අයියේ. අවුරුදු හතක් ඉවසපු උඹට අවුරුද්දක් ඉවසන්න බැරි නෑනේ…”

අවසන් කොටස විසල්ගේ හිත හදන්නට මෙන් යශෝද් කීවේ ය. විසල් හිස සැලුවේ ය.

“සර්කල් එකේ උන්ට දිගටම ක්ලාස් කරපන් යශා… අපි බැට්ල් ෆීල්ඩ් එකට යනකොට ආමි එකම ෆුල් ඉක්විප්ඩ් (සන්නද්ධ) වෙලා ඉන්න ඕනේ…”

යශෝද් හිස සැලුවේ ය.

“හෙට බෝර්ඩ් මීටින්… ඒකෙන් පස්සේ උඹේ පෝස්ට් එක වෙනස් වෙයි… මෙතන ඉස්සරහම තියන කැබින් එකට උඹ එන්න ඕනේ… ඒ කියන්නේ අනිද්දා ඉඳන් උඹ මෙතන… එදාම පටන් ගන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් එක… හෙට මීටින් එකේදි මං ඒකට ප්‍රපෝසල් එක දාන්නම් අරුන් දෙන්නා එක්ක කතාවෙලා… රනුවාගේ PA පෝස්ට් එක තාම වේකන්ට්. උඹ දන්න සර්කල් එකේ එකෙක් නැද්ද ඒකට හරියන..? දෙන්නගෙම ප්‍රයිවට් සෙකට්‍රිලා වැඩ ඇදගෙන යන්න ඉන්න නිසා අපිට ඩීල් කරන්න ලේසි අපේ උන්ව අත ළඟින් තියාගන්න වෙනවා බං. ඒ උනාට සබ්ජෙක්ට් එක නොදන්න උන් දාගෙන අල කරගන්නත් බෑ…”

යශෝද් මොහොතක් කල්පනා කළේ ය.

“රනූ අයියා එක්ක මිෂන් එකේදි ක්ලෝස්ම වැඩ කරන සර්කල් එකේ එකා ගිරා. ඒත් උගේ ඩිග්‍රී එක තියෙන්නේ හිස්ට්‍රිවලින්නේ. ඌට මෙතන PA පෝස්ට් එකකට හරියන කොලිෆිකේෂන් නෑ… දුන්නා තමා හරියන එකා. ඌ කොහොමත් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියන එකානේ… ඌට මෙතන ඕකේ…”

“එහෙනම් ඒ කොල්ලට කියහන් CV එකක් එවන්න කියලා… අපි වටේ සෙට් එක සෙට්ල් කරගෙන ඉවරයි දැනට… වෙනසක් වෙන එකක් නෑ…”

විසල් කීවේ ය.

“ඕනේ නම් දුලාජ් අයියාගේ PA ටත් අපේ එකෙක්වම දාමු…”

යශෝද් කීවේ සරදම් ස්වරයෙනි.

“පයිත්තියන්ද තොට..? එහෙම ඕනේ නෑ… හැබැයි බිස්නස් ෆීල්ඩ් එකේ ජොබ්වලට සෙට් කරන්න ඕනේ කොල්ලෝ ටිකක් සර්කල් එකේ ස්ටෑන්ඩ් බයි තියාගන්න… අපේ නැතත් අතුකෝරළ ග්රූප් එකේ වෙකන්සීස් එයි ඉස්සරහට…”

“දැන් නම් මට ශුවර් උඹ මගේ අයියා කියලා… මෙච්චර දවස් මං කල්පනා කළේ උඹ උඹව US වල දාලා ඇවිත්වත්ද කියලා…”

“හැමඑකාටම පීක්ස් ඇන්ඩ් ෆ්ලොප්ස් තියේ කොල්ලෝ. මටත් එමමයි… ෆ්‍රන්ට් එකට උඹ ඉන්න එක මට හයියක්… ඉඳලා ඉඳලා අපි තරඟ කරන ඉලෙක්ෂන් එකට ඡන්දයක් දෙන්න තරම් කල් අපි ජීවත්වෙයි කියලා අපි හිතමු…”

“නැත්නම් එකට මැරෙමු… නිකම්මු වගේ නැතිව වැඩක් කළා කියලා හිත හදාගෙන මැරෙමු…”

විසල් නළලත රැළි කළේ ය.

“හ්ම්ම්ම්…”

යශෝද් අසුනෙන් නැගීසිටියේ තම අංශය වෙත යාමට ය.

“ලන්ච් එකෙන් පස්සේ මීටින් එකක් තියේ…”

ඔහු, විසල්ට සිහිපත් කළේ ය.

“නෝටඩ්… තුනහමාර වෙද්දි පාකින් ස්ලොට් එකට වරෙන්. මං රනුවටත් රිමයින්ඩ් එකක් දෙන්නම්…”

හිස සැලූ යශෝද්, සිය කාර්යාල කුටියෙන් ඉවත්ව යන ආකාරය දෙස විසල් බලාසිටියේ කල්පනාවක ගිලෙමිනි.
.
.
.
.
විසල්ගේ ජීප් රථයෙන් පැමිණි විසල්, රනුක සහ යශෝද් වාහන අංගනයෙන් රිය නවතා ඉන් බැසගත්හ. තරුණයන්ගේ අවධානයට පාත්‍ර වූයේ සෙනෙත්ට හිමි රථ වාහන ද්විත්වය යි.

“Audi R8 එකක්… මෙයින් ලංකාවටම තියෙන්නේ එකයි…”

යශෝද් කීවේ සෙනෙත්ගේ මෝටර්රථය දෙසට බැල්මක් හෙලමිනි.

“ඌ ඉතිං නුගවෙල කෙනෙක්නේ…”

රනුක ද ඒ දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙලමින් කීවේ ය.

“උන්ගේ පැත්තෙන් කවුරු කවුරුද ඉන්නේ..?”

විසල් විමසුවේ මින්පෙර ඇසිය යුතුව තිබූ එහෙත් අසන්නට අමතක වූ පැනයකි.

“හිමංසකාරයා ඉඳී. ඌනේ කෝඩිනේට් කළේ… උන් දෙන්නා ඇර තව එක යාලුවෙක් ඉන්නවා කිව්වා… ඕන ඔට්ටුවක් ඌත් අපේ ස්කූල් එකෙක්ම තමා…”

යශෝද්ගේ පිළිතුරට විසල් හිස සැලුවේ ය.

“සේරම හයදෙනයිද..?”

රනුක විමසුවේ කමිසයේ අත් නවමිනි.

“හ්ම්ම්ම්… ඔව්…”

යශෝද් පෙරමුණ ගනිමින් කීවේ ය.

“උඹට මුන්ව ශුවර්ද යශා..?”

යළිත් රනුක ය.

“සෙනෙත් නුගවෙල කියන්නේ මේ වගේ දේවල්වලදී විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්… හැබැයි අපිට අපේ පැත්තෙන් ඇත්තම කියන්න වෙනවා. මොකද වෙපන්ස් වගේ දෙයක් ආවට ගියාට උන් අපිට දෙන්නෑ… එතන ඉන්න තුන්දෙනා ගෙන් එහාට ඒ දේවල් යන්නෑ කියලා මට ශුවර්… කොහොමත් මෙහෙම ගේම් ගහන්න වෙන්නේ විශ්වාසය ඇපේට තියලා තමයි…”

යශෝද්, සිය ගැඹුරු හඬ මන්ද්‍ර කොට කීවේ ආපසු නොහැරී ම ය. රනුක, විසල් දෙස බැලුවේ ඔහුගේ අදහස් දැනගැනීමට ය. නමුත් විසල්ගේ මුහුණෙහි වූයේ ඔහු මේ කරුණු සියල්ල පෙර සිට දැනසිටි බවකි.

“උඹ මුන් ගැන හෙව්වා නේද යශා..?”

රනුක යළිත් වරක් විමසුවේ යශෝද් හෝ විසල් සමඟ මෙහි පැමිණෙන්නට පෙර කතා කිරීමට අවස්ථාවක් නොලැබුණු බැවිනි.

“මට මගේ කසින් අයියෙක් කිව්වා කොච්චර පීනන්න දැනගෙන හිටියත් වතුරේ ගැඹුරයි, දියවැල් ගැනයි නොදැන මුහුදට බහින්නෙපා කියලා…”

විසල් වරෙක කියූවක් යශෝද් සිහිපත් කරමින් කීවේ ය. අනතුරුව තිදෙනා ම, හිමංස දැනුම්දුන් මං සලකුණු ඔස්සේ සෙනෙත්ට අයත් පෙන්ට්හවුස් එක වෙත පැමිණියහ. ඔවුන් එහි පැමිණෙන විටත් සෙනෙත් සමඟින් හිමංස සහ ආයුක එහි රැඳීසිටියහ.

විසල්, රනුක සහ යශෝද් කාර්යාලයේ සිට පැමිණි හෙයින් ඔවුන් ඇඳසිටියේ කාර්යාලීය ඇඟලුම් වුවත් කමිස අත් නැවීමෙන් සහ කමිසවල බොත්තම් පන්නා සිටීමෙන් ඔවුන් තුළින් පිළිඹිබු වූයේ රාජකාරීමට ස්වභාවය ඉක්මවූ සාමාන්‍ය බවකි. සෙනෙත්, හිමංස සහ ආයුක විසින් ඔවුන් තිදෙනාව පිළිගනු ලැබුවේ ද රාජකාරීමය නොවූ සැහැල්ලු තරුණයන්ට ම ආවේණික වූ මිත්‍රශීලී ස්වභාවයකිනි.

“Hey bro, after a long time… (හේයි මචං, සෑහෙන කාලෙකින්…)”

“Yeah… I think after eight years… (ඔව්… මං හිතන්නේ අවුරුදු අටකට විතර පස්සේ…)”

හිමංස සහ යශෝද් සුරත් පටලා උරහිස් එකිනෙක ඝට්ටනය කරගනිමින් තරුණයන්ට අනන්‍යය වූ සැහැල්ලු සහ සමීප ඉරියව්වලින් සුබ පතාගත්හ.

“මේ මගේ කසින්, විසල් ගමගේ. මේ එයාගේ හොඳම යාලුවා රනුක පතිරණ… මේ දෙන්නම දැන් බිස්නස් ෆීල්ඩ් එකේ ඉන්නේ. Co-owners of Atlantic Cargo Logistic Company… (ඇට්ලන්ටික් කාර්ගෝ ලොජිස්ටික් කම්පැනි එකේ සමහිමිකරුවන්…)”

යශෝද් සිනහවක් සමඟින් ආරාධිත තරුණයන් තිදෙනා හට තම පාර්ශ්වය හඳුන්වාදුන්නේ ය.

“මචං මේ යශෝද්. අපිට ජූනියර් බැච් එකේ… නම කිව්වට වඩා ඉස්කෝලේ උන් මූව දන්නේ Silent killer කිව්වම…”

යශෝද්ව, තම මිතුරන්ට හඳුන්වාදෙමින් හිමංස කීවේ ය.

“මම හිමංස… මූ ආයුක… මෙයාව නම් දන්නවා ඇති උඹලා. සෙනෙත් නුගවෙල… චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් පෘථුල නුගවෙලගේ නෙෆිව්…”

හිමංස, තම පාර්ශ්වය පිළිබඳ හැඳින්වීම කළේ ය.

“මං උගේ නෙෆිව් නෙවෙයි. ඌ මගේ අංකල්…”

සෙනෙත් මුල්වරට සිය හඬ අවදි කරමින් කීවේ ය. විසල්, සෙනෙත් වෙතටත් සෙනෙත්, විසල් වෙතටත් තියුණු බැලුම් හුවමාරු කරගැනීමට ඒ වදන් ප්‍රමාණවත් විය. සෙනෙත්ගේ ආකල්ප කෙරෙහි විසල්ට ඇතිවූයේ පැහැදීමකි. අතිනත් ගෙන හඳුන්වාගැනීමට වඩා සුහද ශාරීරික සමීපත්වයන් මඟින් තරුණයන් සයදෙනා එකිනෙකා හා කුළුපග වූහ.

“ටෙරස් එකට යමු… එතන ෆ්‍රී…”

හිමංස හිසින් සන් කරමින් කීවේ ය. ටෙරස් එකෙහි සුවපහසු අසුන්වල තරුණයන් සයදෙනා අසුන්ගත්තේ තමන්ට පොදු කරුණක් වූ පාසල පිළිබඳව කතාබස් කරමිනි. අසුන් හයට මැදි වූ කුඩා මේසය මත Blue Label මත්පැන් බෝතලයක් සහ වීදුරු ද, ඔතන ලද ගංජා සිගරට්ටු කිහිපයක් ද විය. ඒ දුටු ආගන්තුක තරුණයන් මුවෙහි ඇඳුනේ මඳ සිනහවකි.

“Same choices… (එකම තෝරාගැනීම්…)”

විසල් මඳහසක් සමඟින් සෙනෙත් දෙස බලමින් විමසුවේ ය. සෙනෙත් එයට එවැනි ම කෙටි මඳහසකින් පිළිතුරු දුන්නේ ය.

“Canadian Keif*… (කැනඩාවෙන් ගෙන්වූ කීෆ්…)”

ඒ පිළිතුරෙන් ආරම්භ වූයේ ඔවුන්ගේ මුඛ්‍ය කරුණට පරිබාහිර වූ කතාවකි. ඔවුන්ගේ කතාවලට මුලින් ම බඳුන් වූයේ පවතින ආර්ථික බිඳවැටීම හමුවේ ව්‍යාපාර කරගෙන යාමේ දුෂ්කරතා සහ තරුණයන්ගේ ප්‍රියතම මාතෘකාවක් වූ රථ වාහන පිළිබඳව ය. ඒ අතරතුර Blue Label බෝතලය වීදුරුවලට හිස් වූ අතර Keif දුමෙන් තුනී වළාවන් ඔවු’නතර පාවී යන්නට විය. ස්වභාවයෙන් ම කතාබහ අඩු වූ සෙනෙත් සහ යශෝද් ද තරමක්දුරට වදන් හා දොඩමලු වන්නට විය.

හෝරාවක ඇවෑමෙන් තරුණයන්, තමන් අතර වූ සුහදතාවය බෙහෙවින් වර්ධනය කරගෙන සිටි අතර දේශපාලනික වශයෙන් මෙන් ම ව්‍යාපාරික වශයෙන් ද මෙම හමුවීම අතිශය වැදගත් බව විසල් හට අවබෝධ වී තිබිණි.

“උඹලා ඇයි පොලිටික්ස් වලට එන්න හිතුවේ..?”

සෙනෙත්, විසල්ගේ දෙනෙත් මත ඔහුගේ දෙනෙත් ඍජුව නවතමින්, විමසූ පැනයෙන් එතෙක් නොවූ බරක් සංවාදයට එක් විය.

“අපිට ඕනේ විදියට පිච් එක හදාගන්න නම් අපිම ඒකට බහින්න ඕනේ සෙනෙත්… එහෙම නැතුව කවුරු හරි ඒක කරලා දෙනකන් බලන් ඉන්න බෑ… ආණ්ඩුවයි, විපක්ෂෙයි මාරුවෙන් මාරුවට මිනිස්සුන්ට බොරු පොරොන්දු දි දී පුළුවන් තරම් ගසා කෑවා. දැනටත් ඒකම කරනවා… අපේ මිනිස්සුත් ගහගෙන, මරාගෙන අවුරුදු පහ, හයකට සැරයක් ඔය පක්ෂ දෙක මාරුවෙන් මාරුවට පාලනයට ගේනවා… ඕකෙන් වෙන එකම දේ උන්ගේ සාක්කු පිරෙන එක විතරයි. දැන් මේ තියන සිටුවේෂන් එක නිසා බිස්නස්වලටත් කෙලවෙලානේ තියෙන්නේ… දැන් ටැක්සස් නිසා ලංකාවම ස්ටක් වෙලා තියෙන්නේ උන් නිසා… අනික් පැත්තෙන් ලෙෆ්ටිස්ට්ලා උනත් කරන මඟුලක් නෑ… උන්ගේ තියරි ප්‍රැක්ටිකල් මදි. හැබැයි සාපේක්ෂව ගත යුත්තක් නැත්තේ නෑ… ඒත් උන් කියන විදියට සමාජයක් හදලා පාලනයක් ගෙනියන්න අමාරුයි බං… ලංකාව බෞද්ධ රටක් කියලා පාරම් බෑවට ඒ දර්ශනයේ තියන සමහර දේවල් මිනිස්සු හරියට ටච් කරලා නෑ… අපි ඒකෙ එක පොයින්ට් එකක් ගත්තා. මධ්‍යම ප්‍රතිපදාව… අන්ත දෙකටම නැතිව අපි ප්‍රැක්ටිකල් පැත්තට බර අපේම පොලිටිකල් ෆ්‍රේම් එකක් හදාගත්තා… අපි ලෙෆ්ටිස්ට්ලත් නෙවි. කැපිටලිස්ට්ලත් නෙවි… දැන් අපිට ඕනේ ඒක ලංකාවේ පොලිටිකල් ඇතුළේ ෆෝම් කරන්න… ඒකට තමයි අපි පොලිටිකල් එන්ට්‍රන්ස් එකක් ගන්න හදන්නේ…”

විසල් දීර්ඝ විස්තරයක් කළේ ය.

“ලෙෆ්ටිස්ට්ලා නෙවෙයි නම් ඇයි උඹලා ලෙෆ්ටිස්ට් ෆ්‍රන්ට් එකක් එක්ක හවුලේ වැඩ කරන්නේ..?”

විසල් එයට පෑවේ අමුතු ම ආකාරයේ සිනහවකි.

“ලංකාවේ ලෙෆ්ටිස්ට් බේස් එක අනික් ප්‍රධාන පක්ෂවල බේස් එකට වඩා ඉමිටේටින් අඩු ග්රූප් එකක්… එහෙම එකක් ඇබ්සෝබ් කරගන්න එක ලේසීයි මේ වෙලාවේ හැටියට… සාපේක්ෂව රැෂනල් කමියුනිටි එකක් එතන ඉන්නවා… ඒ සේරටම වඩා යන්ග් ජෙනරේෂන් එකෙන් බහුතරය ඉන්නේ එතන… මැචුවර්ඩ් ජෙනරේෂන් එකේ ඔලු වෙනස් කරන්න දැන් පරක්කු වැඩී බං… ඒත් යන්ග් ජෙනරේෂන් එක හරිම පියෝ ඇන්ඩ් එම්ටි මයින්ඩඩ් සෙට් එකක්. ඒ වගේ මයින්ඩ්සෙට්ස් වලට මේ වගේ අදහස් කවන එක ලේසී… දවසක ඔය ජොයින්ට් පාර්ටි එක අපේ අතට අරගෙන ලෙෆ්ටිස්ට් කෑල්ල හලලා ඉස්සරහට යනවා… ඒක එෆෙක්ටිව්…”

විසල් නොබියව තම අදහස එළිදැක්වූයේ ය. සෙනෙත්ගේ මුවින් ඊට කෙටි මදහසක් පිට විය.

“මම හිතුවේ විසල්ලට තියෙන්නේ ඔපසිට් පොලිටිකල් ඔපීනියන් එකක් නිසා ඉස්සරහට හැප්පෙන්න වෙන්නේ අපි දෙගොල්ලන්ට කියලා… ලෙෆ්ටිස්ට් කෑල්ල හලනවා කියන්නේ එතන ප්‍රශ්නයක් නෑ..”

සෙනෙත් දුමාරයක් පිට කරමින් පවසද්දී, දෙපාර්ශවයම ඊට මද සිනහවක් පිළිගැන්වූවෝ ය.

“විසල්ගෙයි, මහානාම දිසානායකගේ ග්‍රෑන්ඩ්ඩෝටර්ගෙයි අෆෙයාර් මොකද..? එයා හිටපු මිනිස්ටර් කෙනෙක්ගේ පුතෙක්ව නේද දැන් මැරි කරලා ඉන්නේ..?”

සෙනෙත් විමසුවේ විසල් දෙසට හැරෙමිනි. විසල් සන්සුන් ලෙස දෑස් සිහින් වන සේ සිනහවක් පෑවේ ය.

“ඒකත් වෙල් ප්ලෑන්ඩ් ගේම් එකක්. මැරේජ් එකක්ම නෙවි… She’s divorced now. But it cannot be revealed because of our plans… (එයා දැන් ඩිවෝස් වෙලා ඉන්නේ. ඒත් අපේ සැලසුම් එක්ක ඒ ගැන හෙළි කරන්න බෑ…)”

සෙනෙත් හිස සැලුවේ ය.

“සෙනෙත්ගේ අෆෙයාර් එකට මොකද උනේ..?”

රනුක විමසුවේ ය. සෙනෙත් කල්පනාකාරීව උත්තර දුන්නේ ය. ඔවුන් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇත්තේ සියල්ල හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බව ඔහුට පැහැදිලි විය.

“ඒක මේ දවස්වල බ්‍රේක්-අප් වෙලා තියෙන්නේ…”

“ඒ ජනනාත් මහානාමගේ දුව නේද..?”

යශෝද්ගේ පැනයට සෙනෙත් හිස සැලුවේ ය.

“ජනනාත් මහානාම මැරුවේ පෘථුල නුගවෙලයි, දැන් ඉන්න ප්‍රසිඩන්ට්නුයි කියන එක හැමෝම දන්නවනේ… ඒක දැනගෙනම ජනනාත් මහානාමගේ දුව උඹට කැමති උනාද..?”

රනුකගේ පැනයට පිළිතුරු ලැබුණේ හිමංස වෙතිනි.

“කෙල්ල ඒක දැනගත්ත නිසා තමා මූත් එක්ක බ්‍රේක්-අප් උනේ…”

තරුණයන් අතර සිහින් සිනහවක් පැතිර යන්නට විය.

“But if you want, you can bring the girl back… (ඒත් උඹට ඕන නම් කෙල්ලව ආපහු ගෙන්නගන්න පුලුවන්නේ…)”

විසල් කීවේ සිනහව අතරින් ම ය. සෙනෙත් ද ඊට මඳ සිනහවක් මුව කොණින් නැංවූවේ ය.

“මං උඹලාගේ දැක්ක එක ස්පෙෂල් පොයින්ට් එකක් තියනවා… ඇයි උඹලා ගවන්මන්ට් කැම්පස් වලට ගිහිල්ලත් සාමාන්‍ය කෙල්ලෝ අච්චර ඉද්දි හයි ප්‍රොෆයිල්ස් වලින්ම කෙල්ලෝ සෙට් කරගෙන තියෙන්නේ..? ඒක උඹලගේ පොලිටිකල් ස්ට්‍රැටජීස් වලට සම්බන්ධද..? උඹලා තුන්දෙනාම එහෙමයි… මං මේ මිඩ්ල් ක්ලාස් එක කන්ඩෙම් කරනවා නෙවෙයි. මොකද දැන් උඹලත් බිස්නස් ක්ලාස් එකට එන්ටර් වෙලානේ ඉන්නේ… මට ඒක නෝටිස් උන දෙයක් නිසයි ඇහුවේ…”

ආයුකගේ පැනයට විසල් ගැඹුරු හුස්මක් ගෙන සිය කතාව ආරම්භ කළේ ය.

“මෙහෙමයි මචං… අපිත් එක්ක එකට ඉන්න කොල්ලෝ දෙතුන් දෙනෙක් ඇර බහුතරයක් ආයුක කිව්ව මිඩ්ල් ක්ලාස් එකට තමා අයිති වෙන්නේ… මෙච්චර කාලෙකට විප්ලව කියන දෙයින් ට්‍රයි කළේම ධනය, බලය කියන දේ වැඩියෙන් තියන සෝෂල් හයරාකි එකේ උඩම ඉන්න සෙට් එක වට්ටලා ඒ ප්‍රොපටීස් අල්ලගත්ත එකනේ… අපිට ඕනේ එහෙම නෙවි… අපිට ඕනේ විප්ලවය කියන දේට ඒ ක්ලාස් එකේ ඉඳන්ම ඉන්වෝල්ව් කරගන්න… ඒකට තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් සල්ලි හොයන්න ලේසි බිස්නස් එකක් කරන එක. අනික මැරි කරන එක… ඔය ක්ලාස් එකේ කොල්ලන්ව අල්ලනවට වඩා ලේසි කෙල්ලෝ අල්ලන එක… ඒ නිසා එහෙම ඇප්‍රෝච් කරන්න ලේසිම කෙල්ලෝ ගැන සර්ච් එකේ ඉඳලා සෙට් කරගන්නවා… හැබැයි බොරුවට නෙවි සිරාවට ලව් කරලා මැරි කරලා ළමයි හදලා අර කරන නොර්මල් සිස්ටම් එකමයි ඒ කෙල්ලෝ එක්ක අපි රන් කරන්නේ… අපේ ඇම්බිෂන් එක අවුල් ඇති. ඒත් අපේ පැත්තෙන් බැලුවම අපි සාධාරණයි… මොකද අපි අවුරුදු ගාණක ඉඳන් ඉන්නේ මිෂන් එකක… කොටින්ම අපි කැම්පස් ගියෙත් මිෂන් එකට…”

“අනික ඔය මැරේජ් වලින් පොලිටිකල් ගේම් ගහන එක අපි විතරක් කරපු දෙයක් නෙවි… ලංකාවේ හිස්ට්‍රි එක ගත්තම ගෑනු තරම් පොලිටිකල් සැක්‍රිෆයිස් වලට වෙන කවුරුවත් අහුවෙලා නෑ… History repeat itself කියනවනේ… (ඉතිහාසය නැවත නැවත සිද්ධවෙනවා කියනවනේ…) අඩුගානේ අපි එහෙම කළාට උන්ට අසාධාරණයක් කරලා, උන්ව අපේ වැඩේට යූස් කරලා අපි අයින් කරන්නෑනේ… Actually we really love our partners. But we’re already in a game… (ඇත්තටම අපි අපේ සහකාරියන්ට ආදරෙයි. ඒත් අපි දැනටම ඉන්නේ ගේම් එකක…)”

යශෝද් එක් කළේ ඌනපූර්ණයකි.

“එතකොට ඒ ගේම් එක ප්ලේ කරන්න උඹලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද..?”

සෙනෙත් විමසුවේ ය.

“වෙපන්ස්…”

“මොකටද කියලා දැනගන්න පුළුවන් ද?”

“අපිව උස්සපු, අපේ උන්ව මරපු උන්ගෙන් පළිගන්න…”

විසල් හා සෙනෙත් අතර වූ සංවාදය ඍජු පැනයන් සහ ඍජු පිළිතුරුවලින් අවසන් වූ අතර ආගන්තුක තරුණයන් තිදෙනාගේ අරමුණ පිළිබඳ මනා වැටහීමක් සෙනෙත්ගේ පාර්ශවය වෙත ලැබිණි.

“අපිට වෙපන්ස් දෙනවා නම් විපුලව මහපුටුවට ගේන්න අපි අපේ ඡන්ද ටික අරගෙන දෙන්නම්…”

යශෝද් පැවති නිහැඬියාව බිඳිමින් කීවේ ය.

“ඇයි විපුලව ප්‍රසිඩන්ට් කරන්න මෙච්චර ගේමක් ගහන්නේ..? ආණ්ඩුවෙන් ඔයාලගේ පවුලට සෑහෙන ප්‍රිවිලේජස් තියෙද්දී..?”

විසල් එවර ප්‍රශ්න කිරීම ඇරඹුවේ ය.

“මිනිස්සුන්ට ඕනේ දෙයක් කාලෙත් එක්ක එපා වෙනවා… මේ ඡන්දෙන් කොහොමත් උන්ට චාන්සස් නෑ. විපුලව පුටුවේ ඉන්දලා ඌව මැනිපියුලේට් (පාලනය) කරන්ඩ පුළුවන් තත්වෙකට ගේන එක තමා ප්ලෑන් එක… අපේ ෆැමිලි එකට ප්‍රශ්න නැති උනාට අනිත් බිස්නස්මන්ලව කරන්ට් ප්‍රසිඩන්ට් හැම පැත්තකින්ම හිර කරනවා… එක පැත්තකින් අපිටත් ඒක ඉෆෙක්ට් වෙනවා… අනිත් එක ආර්ටිකල් එකක් නිසා ඌ මගේ කෙල්ල පස්සේනුත් පැන්නුවා. ඒ ඇරියර්ස් එකත් තියෙනවා…”

මඳ සිනහවක් මවාගනිමින් සෙනෙත් පැවසුවේ ය.

“එතකොට විපක්ෂ නායකගේ කේස් එක ගැන ඔයාලා දැනුවත් ඇති මං හිතන්නේ..?”

විසල් විමසුවේ සෙනෙත් දෙසට තියුණු බැල්මක් හෙළමිනි. අනුක්‍රමිකව සෙනෙත්ගේ මුව අග නොසණ්ඩාල සිනහවක් මැවිනි. එහා පස හුන් හිමංස, සෙනෙත් වෙත රැවුමක් පා කරමින් වදන් ඇමිණුවේ ය.

“සමහර උන්ගේ අත්වලත් ඕවල ලේ ගෑවිලා තියෙනවා…”

“පියෝ පොලිටික්ස් (පිරිසිදු දේශපාලනය) කියලා එකක් මේ ලෝකේ නෑ. පොලිටික්ස් කියන්නෙම ඩර්ටි ගේම් (අපිරිසිදු) එකක්… අනික මේක ලංකාව මිසක් උටෝපියාවක් (Utopia)** නෙවිනේ…”

යශෝද් උරහිස් හකුලමින් කීවේ ය.

“Agree… (එකඟයි…)”

සෙනෙත් යටැසින් කැල්මක් පා කරමින් යශෝද් හා එකඟ වූවේ ය.

“ප්‍රසිඩන්ට්ට ගේමක් දෙන එක පස්සෙන් ජනනාත් මහානාමගේ සීන් එකත් ගෑවිලා තියේද..?”

රනුක, තවත් පැනයක් සෙනෙත් වෙත එල්ල කළේ ය.

“නෑ මහනාම ගෑවිලා නෑ. මට මැරිච්ච මිනිස්සුන්ගේ වැඩක් නෑ රනුක. කොහෙවත් යන කේස් මම ඇඟේ ගහගන්න කැමති නෑ… ඒකට ගේමක් දෙනව නම් මගේ අංකල්, පෘථුලගෙනුත් මම ඇරියර්ස් කවර් කරන්න ඕනේ…”

“මේකේ අවසානයේ අපි දෙගොල්ලොන්ටම දෙගොල්ලෝ බාධාවක් වෙන්න බෑ…”

හිමංස අවධාරණය කළේ ය.

“අපි කියන්නෙත් ඒකමයි හිමංස… අපේ ටාර්ගට්වලට මේ පාර ප්‍රසිඩන්ෂල් එක නෑ… ලබන පාර පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකට ඩ්‍රැමටික් එන්ට්‍රන්ස් එකක් ගන්නයි, අපේ උන්ගේ මරණවලට පළිය ගන්නයි විතරයි අපිට ඕනේ… අපි පොරොන්දු වෙනවා මුන් දෙන්නා විපක්ෂේ උන් දෙන්නෙක් නිසා ප්‍රසිඩන්ෂල් එක ඉවරවෙනකන් උන්ගේ කේස් එළියට නොඇද ඉන්න… හැබැයි ඒක ඉවර උනු ගමන් අපි අපේ වැඩ පටන් ගන්නවා… ප්‍රසිඩන්ෂල් එකට කලින් අපි අපේ යුනියන් වලින් ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න ගන්නම්… හැබැයි මචං, අපිට තව සතියක් ඇතුළත අපි ඉල්ලන වෙපන්ස් ටික ලැබෙන්න සලස්වන්න ඕනේ…”

විසල් පැහැදිලිව සිය ස්ථාවරය දැනුම් දුන්නේ මිත්‍රශීලී ලෙස ය. සෙනෙත් එයට හිස සැලුවේ ය.

“ඕනේ වෙපන්ස් කොන්ටිටි එකයි මොඩ්ල් එකයි අවශ්‍ය බුලට්ස් ප්‍රමාණෙයි මට ඉන්ෆෝර්ම් කරන්න… සෙල්ෆ් ඩෙෆෙන්ස් වලට වගේ නම් Glock 17 19 වගේ මොඩ්ල්ස් තමා හරියන්නේ… මට වෙපන්ස් සප්ලයි කරන පොරගෙනුත් මම අහලා බලලා රිප්ලයි එකක් දෙන්නම්…”

සෙනෙත් පිළිතුරු දුන්නේ ය.

“සෙනෙත්ලා කොහෙන්ද වෙපන්ස් ගන්නේ..? මං මේ දැනගන්න අහන්නේ. ඒ බිස්නස් එකට බහින්න නම් නෙවි…”

විසල් එම පැනය විමසූ විලාසයට සෙසු තරුණයන්ගේ මුහුණුවල මන්දස්මිතයක් ඇඳීයන්නට විය.

“මට පොරක් ඉන්නවා. වෙපන්ස් වගේ දේවල් සප්ලයි කරගන්න පුළුවන් එකෙක්. ඌ ලව්වා අරන් දෙන්න පුලුවන් මට…”

“ඕනෙම ප්‍රමාණයක්..?”

“Yeah… යුද්දේ කාලේ ටෙරාලගෙන් අල්ලගත්ත බඩු හමුදාවේ ලොක්කෝ පන්නනවා. ඒ සිස්ටම් එකට සෑහෙන්න වෙපන්ස් ප්‍රමාණයක් ගන්න පුලුවන් ගේමක් නැතුව… එහෙම නැත්නම් තව පාත් එකක් තියනවා…”

“ඒ මොකක්ද..?”

“අපිට ඉල්ලීගල් වෙපන්ස් ගන්න පුළුවන් තව එක තැනක් තියනවා. ෆ්ලෝටින් ආමරි (පාවෙන අවි ගබඩාව)… එකෙන්”

සෙනෙත්ගේ දෙතොල් අතර ඇඳුණු සරදම් සිනහව විසල්ගේ දෙතොලතර ද ඇඳිනි.

“උන්ගේ බිස්නස් එකෙන් උන්ටම ෂූට් කරනවා. ඒකත් නරකම නෑ…”

යශෝද් හිස සලමින් කීවේ ය.

“අන්ඩර්වර්ල්ඩ් එකෙන් ගන්නවට වඩා සේෆ් මේ සිස්ටම් දෙකෙන් බඩු ගෙන්නන එක… අනික ලොකු කොන්ටිටි එකක් එක්ක ඩීල් කරද්දි මේවා ලේසී… ඔයාලට ඕනේ වෙපන්ස් මොනවද, කොන්ටිටි එක කොච්චරක්ද, බුලට්ස් කොච්චර ඕනෙද කියලා මට කියලා තියන්න… ඕනේ නම් එහෙම ගන්න පුලුවන් වෙපන්ස් ගැන ඩීටේල්ස් මං අහලා කියන්නම්…”

සෙනෙත්ගේ තියුණු බැල්ම අනුව ගැටලුවකින් තොරව තමා අතට ගිනි අවි පත්කිරීමට ඔහු වග බලාගන්නා බව විසල් හට සහතික විය.

“ඒ ටික අපි ඩිස්කස් කරලා ෆයිනලයිස් කරලා කියන්නම්… සෙල්ෆ් ඩිෆෙන්ස් වලට වගේම අපිට අපේ මිෂන් එකටත් වෙපන්ස් ඕනේ… අපේ හැමෝම වෙපනරි ට්‍රේනින් ගත්ත උන් උනාට අපිට ට්‍රේනින් වලට ඇර යූස් කරන්න වෙපන්ස්වල ලොකු හිඟයක් තියේ… කොස්ට් එක ගැන කිසිම ඉශූ එකක් නෑ… මොකද අපි තාම අන්ඩර්ග්‍රවුන්ඩ් ලෙවල් එකේ උනාට ලංකාවේ ඔර්ගනයිස්ඩ් පොලිටිකල් පාර්ටි එකකට වඩා ෆයිනෑන්ෂල් පැත්තෙන් අපි සැචුරේටඩ් ඇන්ඩ් ස්ටේබල්…”

සෙනෙත් හිස සැලුවේ කල්පනාකාරීව ය. මෙම කණ්ඩායම අතිශයින් ම සැලසුම් සහගත පිරිසක් බව ඔහු පසක් කරගනිමින් සිටියේ ය.

“යශෝද් තෲ මාව කන්ටැක්ට් කරන්න විසල්… මං ඒ ටික කරවලා දෙන්නම්…”

ඔහු අවසානයේ දැනුම්දුන්නේ ය.

“වෙපන්ස් ඩීල් කරන එකා ශුවර් කරන්න පුළුවන් ඩයල් එකක් නේද සෙනෙත්..?”

රනුක දෙනෙත් හකුලමින් විමසුවේ ය.

“Hundred present sure… ඒ ගැන ඩවුට් එකක් තියාගන්න එපා… පොර ඉල්ලීගල් බිස්නස් කරන එකෙක්. ඔයිල් රිෆයින් වගේ වැඩ… ඒ නිසා පොරට වෙපන්ස් සප්ලයි කරනවා කියන දේ එච්චර අමාරු වැඩක් නෙවේ…”

සෙනෙත්ගේ හඬේ වූ විශ්වාසනීයත්වය කෙරෙහි විසල්ට ඇති වූයේ පැහැදීමකි.

“අපිට දැනට ගවන්මන්ට් යුනිවර්සිටි යුනියන් බහුතරයක සපෝර්ට් එක තියනවා… ඒ යුනිවර්සිටි වල අපි දැනටම රැගින් වගේ දේවල් නවත්තලා තියෙන්නේ… අපේ කාලෙදි නම් අපිට ඒවා එක්ක ඉස්සරහට යන්න උනා… ඒත් මුන්ගේ කාලේ වෙද්දි රැගින්, ඩ්‍රෙස් කෝර්ඩ් වගේ දේවල් අපි සම්පූර්ණයෙන්ම අපේ NUSU (ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුව) එකට බලය තියන කැම්පස්වලින් අයින් කරලම දැම්මා…”

විසල් තම පාර්ශ්වයේ දායකත්වය පිළිබඳව විග්‍රහ කළේ යශෝද්ව නෙත් අගින් පෙන්වමිනි.

“That’s a good thing… (ඒක නම් හොඳ දෙයක්…) ඒත් තාම ඒ ට්‍රැඩිෂන්ස් ෆලෝ කරන සෙට් එකකුත් ඉන්නවනේ…”

සෙනෙත් කීවේ හිමංස ද හිස සලා එයට එකඟවෙද්දී ය.

“උගත්තු හැමෝම බුද්ධිමත්තු වෙන්නෑනේ සෙනෙත්… අපි අපිට පුළුවන් තරම් උන්ගේ බ්‍රේන් වොෂ් කරනවා…”

රනුක කීවේ ය.

“ප්‍රසිඩන්ෂල් එකට ඔය පැත්තෙන් මොනවද කරන්න ඉන්නේ..?”

ආයුක විමසුවේ විසල්ගේ පාර්ශ්වයෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳව තතු දැනගන්නා රිසියෙනි.

“අපි දැන් තියන සිටුවේෂන් එක පොඩ්ඩක් හාර්ඩ් කරනවා… ආණ්ඩුව එක්ක මිනිස්සු කොහොමත් ඉන්නේ අවුලෙන්නේ… අපි ඒක අපේ වාසියට ගන්නවා… ප්‍රසිඩන්ෂල් එක කිට්ටු වෙද්දී අපි ස්ට්‍රයික්, හර්තාල්, පිකට් වගේ මිනිස්සුන්ට දැනෙන සිස්ටම් එකකට යනවා… ඒක කරන්ට් ප්‍රසිඩන්ට්ට අවාසියි. ඒවාට විපුලගේ පැත්තෙන් උදව් අරන් දෙන එක ඔයාලගේ වැඩක්… ලංකාවේ මිනිස්සුන්ගේ එම්පති (සහකම්පනය) එක යූස් කරන්න ලේසිම ඡන්ද කාලෙකදි… පොඩි ඩ්‍රැමටික් ඉන්සිඩන්ට්ස් දෙක තුනක් ක්‍රියේට් කරලා ඒවා සෝෂල් මීඩියා වලින් අප් කළාම හොඳටම ඇති… එතකොට මිනිස්සු නිකම්ම ආණ්ඩුවට වඩා විපුල ඉල්ලන විපක්ෂෙට ඡන්දේ දෙනවා…”

යශෝද්, සිය සැලසුම් සරලව ඉදිරිපත් කළේ ය.

“විසල්ලාට ගේම තියෙන්නෙත් විපක්ෂේ උන් දෙන්නෙක් එක්ක නේද..?”

සෙනෙත් විමසුවේ විසල් ඇතුළු පිරිසගේ දේශපාලනමය සතුරන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ කවුද යන්න තමන් දන්නා වග නොකියා කියමිනි.

“ඔව්… හිමේෂ් සිරිවර්ධනයි, වතික අතපත්තුයි එක්ක…”

රනුක සත්‍ය හෙළිදරව් කළේ ය.

“හිමේෂ්ගේ තාත්තා, පාලිත සිරිවර්ධන කියන්නේ විපක්ෂේ ඉන්න පරණම පොලිටීශියන් කෙනෙක්… අනික් පැත්තෙන් විපුලගේ තදයෙක්…”

සෙනෙත් නළල රැළි කරමින් කීවේ ය.

“අපේ ප්ලෑන් පටන් ගන්නේ ප්‍රසිඩන්ෂල් එකෙන් පස්සේ… ඒකනේ මෝස්ට් රීසන්ට් ඉලෙක්ෂන් එක…”

විසල් පැහැදිලි කළේ ය.

“කොහොමත් ප්‍රසිඩන්ෂල් එකෙන් විපුල ආවම ආණ්ඩුවයි, විපක්ෂෙයි අච්චාරුවක් වෙනවා… මොකද ප්‍රසිඩන්ට් එක පාර්ටි එකක, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තව පාර්ටි එකකට… ඊට පස්සේ එන්නේ හන්ටින් ඇන්ඩ් ගැදරින් පීරියඩ් (දඩයම් කිරීමේ සහ එක්රැස්කිරීමේ කාලය) එක. ඒ කියන්නේ පක්ෂ දෙකම පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේදි පාලනය අල්ලගන්න අනික් පක්ෂවලින් එක එකා බිලී බාගන්න හදන කාලේ… කොහොමත් ප්‍රසිඩන්ට් ඇන්ඩ් පාර්ලිමන්ට් කියන දෙක දෙපැත්තක ඉන්න උන් උනාම ඔතන පක්ෂ, විපක්ෂ කියලා තියන මාර්ජින් එක බ්ලර් වෙනවා. දැන් තියන ක්‍රයිසිස් එකත් එක්ක මිනිස්සු තවත් ආණ්ඩුව ගැනයි, මේන් පාර්ටීස් දෙක ගැනයි කලකිරෙනවා. එතකොට මිනිස්සු ඉබේටම ඔප්ෂන්ස් වටේ ගැදර් වෙන්න පටන්ගන්නවා… අන්න ඒ කාලේ තමා අපි පොලිටිකල් එන්ට්‍රන්ස් එක ගන්නේ… ඒත් ඒක නිකම්ම උනොත් කාටවත් අපිව නෝටිස් වෙන්නෑ… ඒකට පොඩි ඩ්‍රාමා එකක් කරන්නම වෙනවා. ඒ කියන්නේ උන් අපිට ඇටෑක් නොකළොත් අපි උන් ලව්වා අපිට ඇටෑක් කරවගන්නවා… ඒ අතරේ අපේ රිවෙන්ජින් ප්ලෑන්ස් යනවා…”

යශෝද්ගේ විග්‍රහය මඟින් සෙනෙත් හට ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳව මනා අවබෝධයක් ලැබිණි. තරුණයන් සයදෙනා ම Keif දුම් රැළි සමඟ ඒකාද්මික වෙමින් මොහොතක නිහැඬියාවක ගිලුනහ.

“That’s a extremely good plan. It covers both of our targets… But isn’t it quite risky..? (ඒක සෑහෙන්න හොඳ සැලැස්මක්. ඒකෙන් අපි දෙගොල්ලන්ගේම ටාර්ගට්ස් කවර් වෙනවා… ඒත් ඒක සෑහෙන්න අවදානම් නැද්ද..?)”

සෙනෙත් විමසුවේ දුම් රැල්ලක් පා කිරීමෙන් අනතුරුව ය.

“We have to take that risk… (අපිට ඒ අවදානම ගන්නම වෙනවා…)”

විසල් අවධාරණය කළේ ය.

“හිමේෂ්නුයි, වතිකයි කියන්නේ bloodthirsty bastards (ලේ පිපාසිත අවජාතකයෝ) දෙන්නෙක්… උන් ප්ලේ කරන්නේ බුලට්ස් වලින්…”

සෙනෙත් යළි කීවේ ය.

“ඒ නිසයි අපිට වෙපන්ස් ඇන්ඩ් බුලට්ස් ඕනේ… අපි මෙතන ප්ලේ කරන්නේ Eye for an eye theory (ඇහැට ඇහැක් තියරිය) එක…”

විසල් ස්ථාවර හඬකින් කීවේ ය.

“ආර්මඩ් ඩිවිෂන් (සන්නද්ධ අංශය) එකක් තියන පොලිටිකල් පාර්ටි එකකට අපේ මිනිස්සු කැමති වෙයිද..?”

ආයුක ප්‍රශ්න කළේ ය.

“නෑ ආයුක… ඒ නිසා අපි අපේ ආමර්ඩ් ඩිවිෂන් එක ගැන හයිඩ් කරලා තියාගන්නවා… අපේ ගේම් සේරම එළියට පෙන්නන්නේ සෙල්ෆ් ඩිෆෙන්ස් විදියට… එතකොට මිනිස්සුන්ගේ අනුකම්පාවත් දිනාගන්න ලේසී…”

විසල් පිළිතුරු දුන්නේ ය.

“විපුල ප්‍රසිඩන්ට් උනාම ඔයාලට ලැබෙන ඔෆර්ස් මොනාද..?”

යශෝද්, සෙනෙත් දෙස ඍජුව බලමින් විමසුවේ ය. ඍජු පැහැදිලි කිරීම් සහ නොවක් පැනයන් සහිත යශෝද් දෙස සෙනෙත් තියුණු බැල්මක් හෙලුවේ ය. තමන්ට බෙහෙවින් සමාන එම පෞරුෂය පිළිබඳ සෙනෙත්ට දැනුණේ ප්‍රියතාවයකි.

“මට ලංකාවේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් ෆීල්ඩ් එකේ මොනොපොලි (ඒකාධිකාරය) එක අතට ගන්න ඕනේ විසල්. එකට අය-වැයේ ඉඳලා හැමදේම මට අවශ්‍ය විදියට හසුරගන්න පුලුවන් ඉත්තා තමා විපුල…”

“විපුල ඔය පුටුවට ගියාම සෙනෙත්ගේ පදේට ඌ නටයි කියලා සෙනෙත් හිතනවද..?”

“මම පිච් එක නොදැන බැට් එක අතට ගන්නේ නෑ විසල්… මම විපුලව හිරවෙන විදිහේ ගේමක් ඇදලා ඉවරයි…”

සෙනෙත්ගේ පැහැදිලි කිරීමට යශෝද් පමණක් නොව විසල් සහ රනුක ද හිස් සැලූහ.

“මේකේ ෆයිනල් ටාර්ගට් එක මොකක්ද..?”

සෙනෙත් යළි විමසුවේ බැරෑරුම් ලෙස ය.

“තව අවුරුදු පහළවකින් එන ප්‍රසිඩන්ෂල් එකේදි අපේ එකෙක් ප්‍රසිඩන්ට් කරන එක…”

විසල් කීවේ මඳහසක් සමඟිනි. සෙනෙත් කල්පනාකාරී බැල්මක් හෙලුවේ ය.

“එහෙනම් ඒ වෙද්දි අපිට එකට වැඩ කරන්න පුළුවන් තරම් පාට්නර්ශිප් එකක් අපි අතරේ ඇතිවෙලා තියෙයි කියලා අපි හිතමු…”

සෙනෙත් කීවේ මඳ සිනහවක් සමඟින් මත්පැන් සහිත තම බඳුන තරමක් ඉහළට ඔසවා සන් කරමිනි. ඔහුට පිළිතුරු බැල්මක් හෙලූ විසල් ද, තම මත්පැන් බඳුන ඔසවා එයට එකඟවෙද්දී හිමංස, ආයුක, රනුක සහ යශෝද් ද, තම තමන් අතැති බඳුන් ඔසවා නව අවබෝධාත්මක සංවිධානයට සව්දිය පිරුවේ මඳ සිනහව සමඟිනි.

✍🏼 සකුනි හතරසිංහ & ශවී පෙරේරා

*Keif- Cannabis හෙවත් කංසා ගසේ මලෙහි රේණු වැනි කොටසින් සකස් කරනු ලබන Tetrahydrocannabinol (THC) පමණක් අන්තර්ගත වන මිලාධික hallucinogenic ද්‍රව්‍යයකි.

**Utopia (උටෝපියා)- සෑම දෙයක්ම පරිපූර්ණ වන පරිකල්පිත ස්ථානයක් හෝ දෙයක්.