නොකියූ ආදරේ 🖤~🌸 _
පලමු දිගහැරුම ©©°°
🎵🎵 දැනෙනා තුරු මා ඉන්නද නුබ ගාවින් ..
මියෙනා දිනයේ කදුලක රස
විදිමින් .. 🎵🎵
ක්ලාස් එක ඔන්න මෙන්න තියලා මිස් කරගෙන එන්න දුන්නු පාස් පේපර් එක කර කර හිටපු මාව ගැස්සිලා ගියේ ෆෝන් එකේ සද්දෙන් ..
ස්ක්‍රීන් එක බලද්දින් වැටිලා තිබ්බේ නිකී❤️ කියල …
මේ බහුබූතී මොන මංගල්යකයට කෝල් ගන්නවද මන්දා ..
කෙල්ල කෝල් එක ආන්සවර් කලේ නිකීටත් (එයාගේ හොදම යාලුවට )ත් බැන බැන …
අනුදිකේශවීතිලකරත්න වටකුරු මුහුණ … දිගටි ඇස් …. කර්ලි කොන්ඩේ .. තලෙලු සම ඇයට ගෙන දුන්නේ අපූරු රුවකී . තම පවුලේ එකම දියණිය වූ ඇය මවගේ සහ පියාගේ තනි ආදරයට උරුමකම් කියන්නියකි ..
අනුදි කේශවී යනු තැන්පත් .. අහිංසක චරිතයක් නොවන අතර ඇය සෑම විටම දගකාර .. සෙන්සිටිව් චරිතයක් විය …
යාලුවන් බොහෝදෙනෙකු සිටියත් කුඩා කාලයේ පටන් මේ දක්වා ඇගේ හොදම යෙහෙලිය වනුයේ මොහොතකට පෙර ඇමතූ #නිකිතා_සමරකෝන් (නිකී )වන අතර ඇයද අනුදිට ඉතා ලැදි මිතුරියකි …. ඇත්තෙන්ම කිව්වොත් ඔවුන් දෙදෙනා තනිකඩ පිස්සු කෝලම් දෙකකි ..
මොවුන් එකම පාසලේ .. එකම පංතියේ ඉගෙනුම ලබන අතර දෙදෙනාම මෙවර පැවැත්වෙන උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය .
🌸🌸
“සුඩූ අපි දෙන්නා අදවත් ක්ලාස් එකට කලින් යමු ඈ … “
නිකී ටකරමට බොරලු දානවා වගේ හයියෙන් බෙරිහන් දුන්නේ මගේ කනත් එක්ක බීරී වෙලා යද්දීන් ..
” හිමින් කතා කරහං ගෑනියේ .. මට හොදට ඇහෙනවා .. “
මම බැන්නේ ටිකක් තදින් ..
” හරි සුද්දෝ … මේ අහන්නකෝ මගේ සෝස කැටේ .. අද අපි දෙන්නා කලින් යමු හාද ක්ලාස් එකට .. “
” අනේ මගෙන් මොකුත් නාහා හිටහම් .. හැමදාම මට ඔහොම කියල තෝ තමා පරක්කු වෙලානේ එන්නෙ .. “
” හරි ඉතිම් … ඒත් අද කලින් එනවලු මන් හොදේ 😍”
” ඔව් ඉතින් ඕකනේ උබේ දවසේ වැකිය .. කවදද කියපන් උබ කලින් ආවේ .. “
” මම හැමදාම කලින් එන්න තමා එන්න ඉන්නේ .. ඒත් ඉතින් ලෑස්ති වෙලා ඉවර වෙද්දින් පරක්කු වෙනවනේ … “
” හා ඒකට කමක් නෑ .. තෝ වෙනදා වෙලාවටම වරෙම්කෝ . බායී ඈ මම ඕෆ්ලයින් යනෝ ක්ලාස් එකේ පේපර් එක කරන්න ඕනේ බබා .. “
” හුටා .. මිස් පේපර් එකක් දුන්නා නේද ගිය සතියේ .. සැක් මට අමතක උනානේ .. දැන් ඉතින් කරන්න වෙලාවකුත් නෑ .. “
මට තනියම හිනා ඉතින් මේකිගේ මේ බේගල් වලට .. ඇයි ඉතින් ක්ලාස් එකක දෙන එක ගෙදර වැඩක්වත් කරන්නේ නෑනේ බුල කෙලිනවා ඇරෙන්න ..
හැබැයි ඉතින් මරු මීටරේ …
” හා හා උබ ගෙදර වැඩ කරන්න එපා .. මොකද ඕකත් උබේ දවසේ වැකියක්නේ .. කවද්ද ඉතින් ගෙදර වැඩක් කරන් ආවෙ ක්ලාස් එකෙන් කරනවා මිසක් .. “
“හරි ඉතින් .. මම මේ කිව්වේ .. “
” හා හා මොකුත් කියන්න ඕනී නෑ .. මම තිබ්බා ෆෝන් එක .. කලින් ක්ලාස් ඇවිත් පේපර් එක කරන්න බලපන් .. අද මිස් බලනවා කිව්වා කරලද කියලා … “
” හරී බබී .. මම එන්නම්කෝ කලින් .. “
” හ්ම් . බුදුසරණයී .. “
” බුදුසරණයී මචී .. “
කෝල් එක කට් කරලා මම ආයෙත් පේපර් එක කරන්න ගත්තේ දැන් අර ගොං වහන්සේ ක්ලාස් එකට ඇවිත් මගේ පේපර් එක ෆොටෝ කොපි ගහන නිසා …
” කොහෙද ඉන්නේ නිකී … “
ක්ලාස් එක පටන් ගන්න විනාඩි පහලවකට කලින් ගිහින් බලද්දින් නිකී තාමත් ඇවිත් නෑ .. තව විනාඩි පහක් බලලා මම කෝල් එකක් ගත්තේ මේකිට මිස් එන්න කලින් පේපර් එක ලියාගන්න බැරි උනොත් ගුටි කන්න වෙයි කියල හිතලා ..
” මේ එන ගමන් මැනිකේ .. අනේ මම එනකන් ක්ලාස් එකට යන්න එපා හොදේ .. “
“යකෝ මිස් ගියා පංතියට … “
බොරුවට මිස් ආවා කියලා මම එලියට ගියේ නිකී එක්ක එන්න හිතාන ..
” කමක් නෑ ඔහෙ ගියපුදෙන් .. මම එනකල් හිටහන් මැනික ඈ .. “
“මට බෑ දැන් ක්ලාස් එකෙන් නැගිටින්න .. මිස් නැත්තම් එන්න තිබ්බා .. “
මම හිනා වෙවී කිව්වේ නිකී ඊලඟට මොනා කියයිද කියල හිත හිත ..
” උබට මට වඩා මිස්ව ලොකු වුනා නෙහ් .. “
“ඔව් ඉතින් මිස් උබට වඩා කොහොමත් ලොකුයිනේ .. 🤣🤣…….”
” ඒකට කමක් නෑ ..
මම එනකල් හිටියේ නැත්තම් ආයේ කතා නෑ හොදේ .. “
” අනේ මන්දා මටත් හම්බුනානේ මේ වගේ පාප මිත්‍රයෙක් .. “
” ගැලපෙන අය හමුවෙනවා .. ඒක ලොවේ සොබාව .. 😅😅 . “
නිකි කෙල්ලට කිව්වේ හිනා වෙවී
” ##$$% පල යන්ඩ .. තව විනාඩි පහකින් මෙතනට ආවේ නැත්තම් මම යනවා පංතියට .. මිස් උගන්නනවත් ඇති අරෙහේ … “
“විනාඩි පහවල් මොකටද සං .. මම උබේ එහාපැත්තෙ ඉන්නේ .. “
” එහෙනම් තියපිය ෆෝන් එක .. මගෙ සල්ලි ටික අපරාදේ … “
නිකිත් ආවට පස්සෙ කෙල්ලො දෙන්නා පන්තියට ගියේ මෙලෝ සිහියක් නැතුව කියව කියව .
“දෙයියනේ ඒ කියන්නේ මිස් ඇත්තටම ගිහින් ක්ලාස් එකට .. “
අනුදි ඉස්සෙල්ලා මිස් ආවා කියලා නිකීට කිව්වේ බොරු උනත් පඩිපෙල නගිද්දීන් මිස් උගන්නවා ඇහෙනකොට කෙල්ලව රත් වෙලා ගියා .
” අඩෙහ් නිකී .. අන්න මිස් ඇවිත් උගන්නනවා .. “
” ඉතින් .. මිස් ඇවිත් ඉන්නේ උගන්නන්නනේ … “
නිකීගේ ඒ කතාවට කෙල්ල මොකුත් නොකියා සද්ද නැතුව යන්න ගියේ නිකීට ඒවා කියනවට වඩා හොදයී කට අර බිත්තියේ උලාගන්න එක කියලා හිතන ගමන් .
ඒහ් අනූ ….
ම්ම්ම්ම් ..
මීක් මීක් ..
අනූගෙන් සද්දයක් නැති තැන නිකී එහෙම කියලා කෙල්ලට කුචි කවන්න ගත්තේ අනූ නොකීගෙන් බේරෙන්න එහාපැත්තට පනිද්දී .
අහ් …
ඒත් කෙල්ල එහාට්ට වෙද්දින් පිටිපස්සෙන් ආව පිරිමි ලමයගේ හැප්පුනේ නිකීත් ටිකක් ඩිම් වෙලා යද්දින් .
උඩ බලන් කොහෙ යනවද මන්දා …
ඒ හැප්පුන කොල්ලා මට බනිද්දින් මටත් යකා නැංගා .. ඉතින් මම එයාගෙ පැත්තට මූනත් නපුරු කරන් හැරුනේ හොද දෙකක් කියන්නම් කියලා .. ඇයි ඉතින් මම උගේ ඇගේ හිතලා හැපොඑන්න්න ගියේ නෑනී … ඒත් එයා දිහා බලපුවම ඒ ඇස් දෙක දැකලා මට සේරම අමතක වෙලා ගියේ මාව ඒ ඇස් වලට වශී වෙලා යද්දි ..
” දෙයියනේ … “
මට කියවුනේ ඉබේමයී …..
” එක්ස්කියුස් මී … “
තරහෙන් කොල්ලා එතනින් යන්න ගියේ කෙල්ල තවමත් ඒ ඇස් වල එල්ලියා ඉන්නකොට .
මොන @@%## බන් කරන්නේ ..
මම එයාගේ ඇස් වල අතරමං වෙලා ඉන්නකොට මාව ඇදිලා ගියේ නිකී ලගට ..
හ්ම් ඔව් නිකී මාව එයා ලගට ඇදලා අරන් ..
මට උනේ මොකක්ද කියල හිතා ගන්න බැරුව හිටියේ .. නිකන් මම ඒ බෝයිගේ ඇස් වලට වශී වුනා වගේ මට දැනුනේ
දෙයියනේ ඒ ලා දුඹුරු පාට ඇස් දෙකේ ලස්සන .. මාව කීං ගාලා ගියා එයාව දැක්කාම ..
ඒ තත්පරේම මම බැලුවේ ඒ දුබුරු ඇස් කොහෙද ගියේ කියල …
බලද්දින් එයා මන් දිහාත් රවලා බලලා උඩට යනවා ..
මොකද #අනූ උනේ උබට ..
නිකී අනූගෙන් ඇහුවේ පුදුමෙන් . ඇයි ඉතින් කෙල්ල ඒ සබ්ජෙක්ට් එකේ නෑනේ වැඩිය .. වැඩිය කිව්වේ ඉතින් කොහොමත් නෑ .. මොකද කෙල්ලගෙන් කොල්ලෝ කොච්චර යාලුවෙන්න ඇහුවත් ඒ හැම ඇරයුමක්ම කෙල්ල ප්‍රතික්ෂේප කරනවා …
අනුදි නම් හිතෙන්නේ අම්මා තාත්තගේ සෙනෙහස .. රැකවරණය මදි නොකියන්න ලැබෙන නිසා අමුතුවෙන් බාහිර පෙමක් ඇයට අවැසි නොවන ලෙසයී ….
එහෙත් අද හමු වූ මේ පිරිමි රැව ඇයව වෙනම ලොවකට රැගෙන ගියා …
” මුකුත් නෑ බන් .. යමන් පංතියට .. පරක්කු වෙලා හොදටම .. “
මම කතාව හිමීට මගෑරල නිකීවත් ඇදන් පංතියට ගියේ ඒ ඇස් මගේ හිතේ සැරින් සැරේට හොල්මන් කරද්දී ..
ඒ නිකී ඩෝර් එක ඇරපන්කෝ ..
මට බෑ උබ ඇරපන් .. මම තමා හැමදාම අරින්නේ ..
අනේ පල යන්ඩ .. ගිය සතියෙත් මම ඇරියේ .. තෝ මට කියපන්කෝ කවද්ද මේක ඇරලා තියෙන්නේ කියලා .. ආ…
මේ යුද්දේ අපි දෙන්නා අතරේ හැමදාම වෙන දෙයක් .. පරක්කු වෙලා ක්ලස් ඇවිත් ක්ලාස් එකේ ඩෝර් එක අරින්න තියෙන ලැජ්ජාවට හැමදම රන්ඩු වෙන්නේ මෙහෙමයී ..
ඇයි ඉතින් දොර අරින සද්දෙට හෝල් එකේ ඉන්න සේරම ලමයි ටික බලනවනේ ..
ඒ වෙලාවේ දැනෙන ෆීලින්ග් එකනම් .. අම්මෝ .. වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා ඒ වගේ සිටුවේශන් එකකට මුහුන දෙන්න 😅
නිකියට කියල කෝමහරි ඩෝර් එක ඇරගෙන ක්ලාස් එකට ගිහිල්ලත් ඉදගත්තේ පස්සෙම බංකුවේ .. ඉස්සරහ ඩෙස් සේරම ෆුල් .. දැන් ඉතින් බයිල ගගහ තමා ඉන්න වෙන්නේ …. කොහෙද ඉතින් මේ හුචක්කුව එක්ක මොන ඉස්සරහද ..
මිස් උගන්නනවා හෝ හෝ ගාලා .. මාත් ඉතින් ඔහේ අහන් ඉන්නවා .. හිතට කිසි ෆිට් එකක් නෑ .. ඒ ඇයි කියන්න තේරෙන්නෙත් නෑ ..
ස්ස් .. ස්ස් …
සකුවෝ . අන්න උබට උබේ ප්‍රේම කුමාරයා කතා කරනවා ..
මම බැලුවේ මේකී මේ කියන මන්වත් දන්නෙ නැති මගෙ ප්‍රේම කුමාරයා කවුද කියලා බලාගන්න ..
සැක් බැලුවේ අපරාදේ කියල හිතුනේ අර වසවර්තියෝ ටිකව දැක්කාමයී ..
දැක්කද මැනික ..
නිකී ඇහුවේ මට ඇහැකුත් ගහලා .
තෝව මම ක්ලාස් ඉවර උනාම අල්ලගන්නම් ..
එහෙම කියල විනාඩි දහයක් විතර යන්න ඇති ..
අනූ .. මිතුනයා වතුර ඉල්ලනවා .. මට අද හදිස්සියට ගේන්න අමතක උනා .. උබේ එක දියම්කෝ ….
උබත් එක්ක බෑ බන් නිකී .. හැබැයි ඌ මේක ඉවර කරලා තිබ්බොත් මම උබව ඉවර කරනවා ඈ ..
නිකීටත් අනතුරු අගවලා මම මගෙ බොට්ල් එක මිතුන්ට දෙන්න හැරෙද්දින් දැක්කේ ඌ අපිටත් වඩා හුගක් පිටිපස්සෙ ඩෙස් එකක ඉදන් මට සිරික්කිය දානවා ..
දත් ටික වහගන් බය හිතෙනවා දැක්කාම ..
මම ඒම කියනකොට මිතුනයා දාගෙන රවනව මට .. 😅😅
කොල්ලෙක්ව අවුස්සනවා කියන්නේ හරකෙක්ව කුලප්පු කරගන්නවා වගේ තමා .. හෙන ආතල්
බෝතලේ ඕන්නම් මෙතනට ඇවිත් අරන් පලයන් ..
එහෙම කියලා මම බෝතල් ඩෙස් එක උඩින් තිබ්බා .. ඒ පාර මූ ආයේ සූස් සූස් ගානවා .. අම්මපා දෙතහැකී ඩෙස් එක උස්සලා …
මම මිතුන් දිහා බැලුවාම ඌ මගෙ එහාපැත්තෙ කොල්ලව ඇගිල්ලෙන් පෙන්නලා ඌට බෝතලේ දෙන්න කිව්වා …
මමත් බෝතලේ අරන් ඒ කොල්ලට දෙන්න ගියාම දැක්කේ එයාව ..
හ්ම් ඔව් .. මට පඩිපෙලේදී හම්බවෙච්ච ඒ නපුරු හැන්ඩ්සම් .. එයා හිටියේ මගෙ එහාපැත්තෙ …
අතත් දික් කරන් එයා මගේ දිහාම බලන් ඉන්නවා …
දෙයියනේ මගේ පපුව හයියෙන් ගැහෙනවා ..
ඒ ඇස් දෙක මාව පිස්සූ වට්ටනවා ..
ඒ ලිප්ස් … ඒ රැවුල … දෙයියනේ ඇයි මාවම මෙහෙම කන්ෆියුස් කරන්නේ ….
ඕක දීපන් යකෝ කීයේ ඉදන්ද අරූ අත දික්කරන් ඉන්නේ …
නිකීගේ කටහඩිනුයී මම පියවි සිහියට ආවේ ..
අනුවෝ උබ පිස්සු කෙලින්න එපා .. නිකන් හරියට කොල්ලො දැකලා නෑ වගේනෙ උබ මූට වහ වැටිලා ඉන්නේ … take control of your mind අනූ ….
මම හිතින් මටම තහංචි දාගෙන .. හිත රිලැක්ස් කරගෙන වතුර බෝතලේ අරයා අතට දෙන්න හැරුනේ එයා අතත් දික්කරන් මගෙ දිහා රවාගෙන වගේ බලන් ඉද්දී …
කොච්චර පාලනය කරගන්න හැදුවත් මේ පැය දෙක තුනට දැක්ක ඇස් දෙක මාව පිස්සු වට්ටලා ඉවරයී …
ඒ ඇස් දෙක දකිද්දී මට හරි අමුතු ෆීලින්ග් එකක් දැනෙනවා .. නිකන් හරියට හුග කාලෙක ඉදන් අපි අදුරනවා වගේ ..
Ten .. nine .. eight .. seven .. six …. කිය කිය හිතෙන් කවුන්ට් කර කර මම එයා දිහාට හැරුනේ වතුර බෝතලේ දෙන්න .
මගේ හිත උපරීමේ පිස්සු කෙලින මොහොතක හිත පාලනය කරගන්න මම කරන්නේ දහයේ ඉදලා එක වෙනකන් කවුන්ට් කරන එක … එතකොට ටික වෙලාවකින් හිත පිස්සු කෙලින එක අඩු කරනවා …
කෝම හරී හිතට අගුලූ දාගෙන මම ඇස් දෙක මිස් දිහාවට වරවන් බෝතලේ දුබුරු ඇස් දිහාවට දික් කලේ එයා මගේ ඇගිල්ලක්වත් එයාගේ අතේ නොගෑවෙන තරමට හරි පරිස්සමට බෝතලේ අරන් පිටිපස්සට යවද්දී ..
යකෝ මුගේ තියෙන රැස් ..
මම එයාට බැන බැන හිතා ගත්තේ ආයේ එයා දිහා බලන්නෙවත් නෑ කියල හිතන ගමන් ..
ඇයි යකෝ මගෙ අත උගේ අතේ ගෑවුනා කියල උගේ අත කුනු වෙලා වෙටෙයි යෑ . 😏 .. මල කෝලං .
එහෙනම් ලමයී පැය බාගයක් ඉන්ටවල් අරන් එන්න ..
පැය ගානක ඉදන් ක්ලාස් එකේ හැම ලමයෙක්ම අහන්න පෙරුම් පුරන ඒ දේව වැකිය .. 😉😉
ඉන්ටවල් කියපු ගමන් සේරෝම එලියට දිව්වේ ගාල කඩා ගත්ත හරක් වගේ ..
°••|🖤 මම හංසි