කතෘ අවසරයෙන් තොරව උපුටා ගැනීම සපුරා තහනම්.

1_කොටස

” ධීර්…අහපන්කෝ මචං…ඕක දැන් අමතක කරපන්කෝ…උඹ දැන් ඔහෝම මූඩ් ගහලා ගිහින් අර අහින්සකයෝ ටිකගෙ පිටින්නේ ඕවා යන්නේ…” ඒ හශේන්..එහෙත් ධීර්, කිසිම සද්දයක් නැතිව ඔහුගේ කේන්තිය පාලය කරගන්න හදනවා.

“අඩෝ අහපන්කෝ බන්..” තව මොකුත් කියන්න කලින් ධීර්ගේ එල්ල වුණු බැල්මට හශේන්ගෙ කටට ආපු වචන ටික එහෙම්ම ගිලුනා.

“හරි හරි බං ඉතින් ඕකට ඔච්චර රව්න්න ඕන්නෑනේ…පව් අහිංසක මං..” කොහෙද මේ හශේන්ගේ කටේ බ්‍රේක්..එහෙම එක්ක නෑනේ..

” තෝ කට වහන්නවද නැත්තම් මං වහන්නද..? ” දරා ගත් නොහැකි තැන පුපරමින් තිබුනු ධීර් ගේ කෙන්තිය එලියට ආවා ඉතින්..

” හරි බං…” ඉතරු ටික කියන්න කලින් සීට් බෙල්ට් එකත් නැතුව හිටපු හශේන්ව ඇදිලා ගියේ ඉස්සරහට…

” මොන &%#$% යකෝ…” ධීර් එකපාරටම වාහනේ බ්‍රේක් කරපු නිසා හශේන්ට ඒ පාර යක්ශාවේස වුණා.

” කට වහගනින් බල්ලෝ…” කියමින් ධීර් වාහනේන් බැස්සේ හශේන් ගල් ගැහිලා බලන් ඉද්දි.

හශේන්ගෙ කෑගැහිල්ලට උත්තර දෙන්න ගිහින් ඉස්සරහින් පාර පැනපු කෙනාව හරි හැටි නොදැක්ක නිසා තමා මේ ධීර් එක පාර ⁣වාහ⁣නේ බ්‍රේක් කලේ. යන්තමින් හරි හැපෙන්න නොදී බේරුණු නිසා හිතට සහනයක් ආවත් ධීර් වාහනෙන් බැස ගියේ ඒ කෙනාට බැනගෙනමයි…ඒ තරම් කේන්ති කාරයනේ.

” උඩ බලාගෙනද යන්නේ මනුස්සයෝ..”

ධීර් ඒ කෑගැහුවේ පාර මැද ගල් වෙලා වගේ බලන් ඉන්න ගෑණු ළම⁣යට..

උත්තරයක් නැති තැන ධීර් ආයේ කෑ ගැහුවා.

⁣” තමුසේ බීරෙක්ද, දවසම කෑවා මගේ..අයින් වෙනවා දැන් ගල් ගිලලා වගේ බලන් ඉන්නැතුව..” ගොඩක් මිනිස්සු නැති වුනත් පාරේ ගියපු කිහිප දෙනෙක් මේ දිහා බලන් යනවා දැකපු කෙල්ලට ඉතින් යකා ආවේස වුණා. මොන ලැජ්ජාවක්ද..

” කවුද මිනිහෝ උඩ බලන් යන්නේ, තමුසෙනේ උඩබලන් උදේ පාන්දර මීනි මරන්න හද⁣න්නේ..බප්පද ලයිසන් දුන්නේ…?” අහින්සකයි වගේ පෙනුන කෙල්⁣ලගේ කටේ සද්දෙට ධීර්වත් ටිකක් ගැස්සිලා ගියා.

කවුද මේ ඉතින්..?වෙන කවුද අපේ කතා නියිකාව කිඳුරංගනා. අහිංසකත් නැති නපුරුත් නැති සමාජය කියන්නේ කොහොම දෙයක්ද කියලා තේරුම් අරන් ජීවත් වෙන කෙල්ලට මේ වගේ දේවල් වලදි කටනම් වහන් ඉන්න බෑ. මොකද ඇත්තටම මෙතන වැරැද්ද කලේ ධීර්නේ. වැරැද්දක් නැතුව වචන අහන තරම් එපාකරපු දෙයක් අපේ කෙල්ලට නෑ.

” මොකද්ද තමුසේ කිවුවේ..තමුසෙට මන් මොකෙක් වගේද පේන්නේ..” ඔන්න ඉතින් ධීර්ගේ යකා උපරීමෙටම නැග්ගා.

” පේන්නෙද, පේනනේ නම් අ⁣ඹේවෙල හරකෙක් වගේ…හරකා…ඇඟපත ලොකුවට තිබ්බට මොලේ අබ ඇටයක් තරම් නැද්ද කොහෙද..වැරැද්ද කරලා තව කියවන්නත් එනවා…”

හශේන් වහනේ ඉඳන් මේ ඔක්කෝම බලන් හිටියට එලියට බහින්න ගියේ නෑ. මොකද ධීර්ට යකා ආවේස වුනාම වැඩියෙන්ම අලාභානි වෙන්නෙ තමුන්ට නිසා ඇඟ බේරන් පැත්තකට වෙලා ඉන්න එක කෝකටත් හොඳයිනේ.

” තමුසෙට මං..” කියාගෙන ඉස්සරහට යන්න ගියපු ධීර් නතර වුණේ කෙල්ල කරපු වැඩෙන්..අතේ තිබ්බ කුඩේ කෙල්ල විසිකලේ වින්ඩ්ස්ක්‍රීන් එක දිහාට. ඇතුලේ ඉන්න හශේන් දඩ බඩ ගාලා එලියට පැන ගත්තෙ හරියට බෝම්බයක් පාත් වෙනවා වගේ.

” තමුසේ….”කියලා කෑ ගහලා වහනේ ගාවට ගිපු කොල්ලට කෙල්ලව මරන්න තරම් තරහක් ආවේ කුඩ මිට වැදිලා ස්ක්‍රීන් එක ලොකුවට නැතත් පොඩියට ක්‍රැක් වෙලා තිබ්බා දැක්කම.

කොල්ලා අලුතෙන්ම ගත්ත BMW වර්ගයේ වාහනේ. මේක දිහා බලන් හිටපු හශේන්ගේ බාගෙට ඇරුන කට හොඳටම ඇරුනේ කෙල්ල ආයෙත් ඇවිත් දෙකට නැමිලා ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න කොල්ලට වාහනේ උඩටම වැටෙන්න ගහපු පයින් පාරට.

කොට ස්ක(ර්)ට් එකත් ඇදන් හිටියට කෙල්ල ලේසිනෑ. හිතුනොත් කරලම තමා නවතිනනේ. මොකා වුනත් කමක් නෑ කියන තැන තමා කෙල්ලනම් ඉන්නේ.

” හරකා..ටයි කෝට් දාලා වාහනේ ගියාට තමුසෙගේ ගතිගුණ නම් අන්තිමයි.. උඩබලන් වාහනේ එලවලා මාව මරන්න හදලා අන්තිමට මැරුණදවත් බලන්නැතුව එනවා මෙතන මට කෑ ගහන්න..

තමුසේ මගෙන් තමා පාඩමක් ඉගෙන ගන්නේ..මේකවත් මතක තියාගෙන මිනිස්සුන්ට හරියට සලකනවා. වැරැද්දක් කලානම් සමාව ගන්න ඉගෙන ගන්නවා.. බූරුවා…කෑවා මගේ දවසම උදේ පාන්දර…ශික්..හොඳටම පරක්කුයි..” වැටිලා ඉන්න කොල්ලට කෑ ගහපු කෙල්ල හශේන් දිහාවට හැරිලා..

” තමුසෙත් මෙතන ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ බලන් ඉන්නැතුව යාළුවට කියලා දෙනවා මිනිස්සුන්ට කතා කරන විදිහ…මීහරක්…”

හිතලා කලේ නැතත් කෙල්ල කියපු දේ පිලිගත්තා වගේ හශේන් ඔළුව වැනුවා. තවත් පාරක් රවපු කෙල්ල යන්න ආපු ගමන ගියා.

ටික වෙලාවකින් පියවි සිහියට ආපු හශේන් දුවගෙන ගියේ ධීර් ගාවට. වෙලාවට වැඩිය වාහන යන පාරක් නොවුනේ කියලා හශේන්ට හිතුනා. නැත්තම් මේ නාඩගන් බලන් මිනිස්සු ඉඳීයැ. ඒත් පිටිපස්සෙන් ආපු වහනයක් හයියෙන් හෝන් හගන් ඉස්සර කරන් ගියා.

“අඩෝ අවුලක් නෑ නේද බං…” ඔක්කොම වෙනකන් ඉදලා හශේන් අහපු ගොං ප්‍රශ්නෙක මහත.

” තෝ මගෙන්ද අහනනේ ප්‍රශ්නයක් නැද්ද කියලා…” කියමින් ධීර් තරහෙන් වාහනේට නැග්ගා. දාලා යයි කියලා හශේනුත් දුවන් ගිහින් වාහනේට නැගගත්තා. එහෙම මිනිහනේ ඉතින්.

තියනේ තරහට ධීර් වාහනේ අරන් ගියේ තවත් වෙගෙන්. හශේන් හිටියෙ දැන් මැරෙයි ගානට.

” ධීර්…බං, අල්ලා දාපන් ඕක..උඹත් වැරදියිනේ..”

” මොකද්ද තෝ කියන්නේ…කවුද යකෝ වැරදි..මේ ධීර්ට කවද්ද යකෝ වැරදුනේ…” හශේන්ගේ කට නිසා හැමදාම වෙන්නේ ධීර්ගේ තරහා තවත් වැඩි වෙන එක. හොඳම යාළුවා වුනාට ධීර්ගේ යකා ආවේස වුනාම යාළුවාවත් මාළුවා වගේ පේන්නේ.

“හරි හරි බං, හැම දාම වගේ මං තමා අදත් වැරදි…තෝ ඉතින් සක්‍ර දෙයියෝනේ..තියෙන ඔක්කෝම ගොං කං ටික කරලා වරද්දන්, මන් වැරදි නැක් ගානවා මෙතන..” බැරිම තැන හශේන් එහෙම කිව්වා. හශේන්ටත් ඉතින් යකා.. ධීර්ගේ තරහෙ තරම කියන්නේ අහක ඉඳලා හශේන් ගුටි කාපු අවස්ථාද නැතුව නෙවෙයි.

” තෝ..තෝ..තෝ තමා වැරදි…මඟුලක් කියවලා මෙතන මගේ යකා අවුස්සලා…” ධීර් හැරි හැරී හශේන්ට බනිනවා ඉතින්. යාළුවා ඉස්සරහා වුණත් වුණේ වස ලැජ්ජාවනේ. හශේන්ට කොච්චර හිනා යන්න ආවත් කට වහන් හිර කරන් හිටියේ ධීර්ගේ යකාගේ හැටි දන්න නිසා.

” මං ඕකිව ඉතුරු කරන්නෑ…ඕකි දන්නෑ මේ ධීරක දෙව්සන් වංශනායක ගේ හැටි…අහුවෙයිනේ කවදා හරි…”

” හරි හරි බං…”

” තෝ කට වගෙන පලයන්…” තවත් කතා තරලා පලක් නැති තැන අන්තිමට හශේන් කටවහගත්තා. මොකද ධීර්ගේ ආවේෂ වුන යකා අහපවු යන්න දවසක් විතර යන නිසා.

ඉතින්, කවුද මේ ධීර්..එහෙම නැත්තන් ධීරක දෙව්සන් වංශනායක. හැමෝම ධීරකව දන්නේ, අමතන්නේ ධීර් කියලා. මේ ටිකට දැක්කනේ මනුස්සයගේ තරහා.

ඔව්…ධීර් කියන්නේ පුදුම තරම් නපුරු කේන්ති කාරයෙක්. හැ⁣බැයි එහෙම වුනේ කාලයත් එක්ක. ජීවිතේ වුන එකම එක සංසිද්ධියක්, ධීර්ගේ මුළු ජීවිතේම වෙනස් කලා.

හොඳට හිටපු කොල්ලා, ටිකෙන් ටික පුදුම තරම් නපුරු යකෙක් වුනා. අවුරුදු 26 ක් වුන කොල්ලා කොච්චර නපුරු වුනත් කෙල්ලො වසඟ කරගන්න පුළුවන් තරම් කඩවසම් රුවකට හිමිකම් කියනවා. මහේන් වංශනායක කියන්නේ කොල්ලාගේ තාත්තා.

වංශනායක Group of Company එක පටන් ගත්තේ කොල්ලගේ තාත්තා එයාගේ හොඳම යාළුවාත් එක්ක. පසු කාලීනව යම් යම් හේතු මත් ඔහු තනිව ව්‍යාපාරය ගොඩනගා ගන්නවා.

ඒත් දැන් ඔහුගේ අසනීපත් සමඟ එක් තැන් වීම නිසා සියලුම ව්‍යාපාර කටයුතු බලන්නේ ධීර්. ඒ Chairman විදිහට. පවුලේ එකම දරුවා වුණ ධීර්ට සියළුම දේට උදවු කරලා පස්සෙන් ඉන්න ධීර්ගේ හොඳම යාළුවෝ තමා හශේන් සහ සහිරු කියන්නේ.

ධීර්ගේ අම්මා නන්දනී වංශනායක ආදරණිය අම්මෙක් සහ බිරිඳක් විදිහට නිවසට වී සිටිනවා. කතාව ගලාගෙන යද්දි තවත් දේවල් දැන ගන්න පුළුවන්..

කිඳුරංගනා විජේමාන්න. නපුරුයි, හරිම ශක්තිමත් වගේ ඉන්න හදන කෙල්ල ඒ තරම්ම නපුරු නෑ.. ඒත් අවශ්‍ය තැනදි නපුරු වෙලා හරි, නිවරදදි දේ වෙනුවෙන් කතා කරන්න තරම් හයියක් කෙල්ලට තියෙනවා.

කේල්ලනම් මහා ලොකු සල්ලිකාර පවුලක නොවුනට තමන්ගේ දෙපයින් හිටගන්න හදන ශක්තිමත් කෙල්ලෙක්. Fashion design කියන්නේ කෙල්ල ගොඩක් ආස කරන දෙයක්.

කෙල්ලගේ අම්මා ලස්සනට ඇඳුම් මහනවා. ටවුන් එකේ සාමාන්‍ය රෙදි සාප්පුවක් තියෙන නිසා පවුලම ලොකු අඩු පාඩුවක් නැතුව ජීවත් වෙනවා.

කෙල්ලගේ තාත්තා එකපාරම අසනීප වෙලා හදවත් සැත්කමක් කරන්න වුන නිසා තමා කෙල්ලට කෙලිලොල් බවෙන් මිදිලා පවුල වෙනුවෙන් වඩාත් මහන්සි වෙන්න වුනේ. අම්මයි තාත්තයි මල්ලියි ඉන්න අවුරුදු 21 ක කෙල්ලෙක් වුනාට ජීවිත් හොඳින් තේරුම් ගත්ත කොල්ලෙක්ට දෙපාරක් හැරිලා බලන්න පුළුවන් ලස්සන පොඩි කෙල්ලෙක්.

” හිරුවට කෝල් එකක් දාලා කියපන් ඉන්ටවිව් එක රන් කරන්න කියලා…මට මූඩ් එකක් නෑ..” ධීර් කීවේ ඔහුට හිමි දෙමහල් නිවස වෙත යාමට වාහනය හරවමින්.

ධීර් ඉන්නේ ගොඩක් තරහින්. කිඳුරංගනාව හම්බෙන්න කලින් ඉඳලාම. මොකක් වුනත් ලොකු ප්‍රශ්නයක්. නැත්තම් කොල්ලට මෙච්චර තරහා යන්නෑ.

” අනේ මන්දා උඹත්…” ධීර් කිව්වේ ඒකද, හශේන් කරන්න ඕනිනේ. ධීර්ට බැන බැනම හිරූ, එහෙම නැත්නම් සහිරුට කෝල් කරනවා.

” ශෙනා.. කොහෙද යකෝ තොපි දෙන්නා ඉන්නේ..මගුලක් කරනවද? ඉන්ටවිව් එක පටන් ගන්න වෙලාවත් පහු වෙලා..” ආන්ස්වර් කරපු ගමන් ඉතින් සහිරුගේ වාදනෙත් අහන්න වුනා.

” මේ බං, පොඩි අවුලක් වුනා..උඹ පොඩ්ඩක් ශශී එක්ක ඕක බලපන්කෝ. උඹටනේ සෙකට්‍රි කෙනෙන් ගන්නේ..”

“අනේ මේ යකෝ. උඹ මැරිලා ඉපදිලාද? ධීර්ගේ කැමැත්ත නැතුව අරගත්ත උන් මේකේ හිටියද? නෑනේ..මගුලක් නොකර ඕකට එන්න කියපන්..මට තව වැඩ තියෙනවා මෙතන..” කොච්චර කිව්වත් ධීර් තේරුම් ගන්නෙත් නෑ. සහිරුත් නෑ. අහින්සක හශේන් තමා තැලෙන්නේ ඉතින්.

” මේ බං ධීර් තමා කිව්වේ බං..කරහන්කෝ රෙද්ද..තොපි දෙන්නම මාව කන්න හදන්නේ..” හශේනටත් යකා තද වෙන්න ඔන්න මෙන්න.

” ඒ පාර අරූ කවද ඉඳලද හරක් මස් කන්න ගත්තේ..” සහිරු ඒ අස්සෙත් ශේන්ව අවුස්සනවා. කටේ හැටි දන්නවානේ.

” අනේ මේ, තොට මං කිව්වා කියලා හිතාගනින් අපතයා..”

” හරි එහෙනම්..හැබැයි අරූට කියපන් ආයේ ඤං ඤුං ගාන්න එපා කියලා…මම දමලා ගහලා යනවා හොඳේ…”

” හරි හරි ⁣යකෝ…”

කොහොමින් කොහොම හරි අන්තිමට සහිරුට තනියම වැඩේ කරන්න වුණා.

” Excuse me…” කිඳුරංගනා මේ ආවෙ වංශනායක Group of Company බිල්ඩින් එකට. ඒ අද පැවැත්වෙන Private Secretary interview එකට. කෙල්ල දන්නෑ ඉතින් අද මේ ආවේ අර පාර මැද පයින් ගහලා ආපු මී හරකගේ company එකට කියලා.

” Yes…” රිසෙප්ෂන් එකේ හිටපු ගෑණු ළමයගෙන් ඉන්ටවිව් එක ගැන විස්තර අහපු කෙල්ලට තරු විසික් වුනා. වේකන්සි බරගානකට ඇප්ලිකේෂන් දාලා තමා මේ ඉන්ටවිව් එකටත් කෙල්ලට කෝල් එක ආවේ. ඒත් ඉතින් අර ජර මර අස්සේ එද්දි ඉන්ටවිව් එක ඉවරයි. මොකද ඉතින් කෙල්ල පැයක් විතර බස් එකේ එන්න ඕනි පැයක් විතර මගට පරක්කු වුනා..දැන් හරිනේ..

” අනේ මිස්, මට මගදි ලොකු කරදරයක් වුනා..ඒකයි ලේට් වුනේ…අනේ මට චාන්ස් එක්ක ගන්න බැරිවෙයිද මිස්…” කෙල්ලගේ කරදරේ නිසාම ශශී, ධීර්ගේ private secretary ට කතා කරලා යන්තම් චාන්ස් එකක් ගත්තා කොහොම හරි.

කොහොම හරි ඉන්ටවිව් රූම් එකට කෙල්ල ආවා.

” සිට් ඩවුන් මිස් කිඳුරංගනා ” මේ ඉතින් සහිරු තමා. කෙල්ලට චාන්ස් එක දෙන්න කලින් ශශී කෙල්ලගේ CV එක බලලා තමා ගත්තේ.

” ඉන්ටවිව් එකට ඔන් ටයිම් එන්නේ නැතුව ජොබ් එකට ඔයා වෙලාවට එයි කියලා විශ්වාස කරන්නේ කොහොමද අපි..” සහිරු අහපු ප්‍රශ්නෙට කෙල්ලට දාඩිය දැම්මා. අකුලන් යනු වගේ තමා හිතුනේ.

” සර්…මේ…මට ඇත්තටම මගදි ලොකු කරදරයක් වුනා..එකයි සර් පරක්කු වුනේ..ආයේ එහෙම වෙන්නෑ…” කොහොම හරි කෙල්ල උත්තර දී ගත්තා.

” හම්..It’s Ok..Lets see…( හොඳයි අපි බලමු) ” විනාඩි 20 ක විතර ඉන්ටවිව් එකකට පස්සේ කෙල්ල එලියට ආවේ ගොඩක් සතුටෙන්.

” You can start work from tomorrow as my secretary..Be sure to work on time ” ( ඔයාට හෙට ඉඳලා මගේ සෙකට්‍රි හැටියට වැඩ කරන්න පුළුවන්. වෙලාවට වැඩ කරන්න මතක තියාගන්න )

සහිරුගෙ ඒ වචන ටික කෙල්ලටනම් මහ මෙරක්. කොහොම හරි කෙල්ලට රස්සාවනම් හම්බුනා. ඒත් ධීර් මෙික දැන ගත්තහම මොකක් වෙයිද?
ඉදිරියට,

සැ:යු – කතාවේ සමහර කොටස් වල අවසානයේ අඩුවක් තියෙනවා එපි දිගවැඩි නිසා. comment box එකෙහි ඊට අදාල එපියෙහි link එක දාලා තියෙනවා. කතා අරණ ⁣post ඒවා. Group එකට join වෙලා ඒ කොටස් කියවන්න පුළුවන්..

❤️❤️❤️

මේක මගේ පලවෙනි කතාව. අඩුපාඩු ඇති. ගොඩක් ලස්සත දාර්ශනික වචන දාලනම් ලියන්න හුරු නෑ. ඒත් ඇත්තටම ඔයාලගේ අදහස් කියන්නකෝ. කතාව ඉස්සරහට ⁣ලියන්නද කියලා.

තව දෙයක්, මේ කතාව තවත් එක නපුරු Boss කෙනෙකුයි දුප්පත් කෙල්ලෙක්ගෙයි ලස්සන ආදර කතාවක්නම් නෙවෙයි. මගේ විදිහ ටිකක් වෙනස්…අදහස් කියමු. කතාව දෙන්නේ දවස් දෙකකට සැරයක්.