කාවින්දි ලියනගේ
·
🌬 නිසල සද මඩල 🌬

☁️ 17 වන කොටස ☁️

” අ..අ…අම්.අම්මා ……”

සාලේ කොනක අම්මාගේ ලස්සනම ලස්සන ෆොටෝ එකකට සුදු පාට මල් මාලයක් දලා තියනවා මන් දැක්කේ…..මට හුස්ම ගන්නත් අමතක වෙද්දී..මාව පරිස්සමට සෝෆාවෙන් වාඩි කරවපු එයා මගේ ඉස්සරහින් බිම ඉදගත්තේ මගේ දෑත් එයාගේ දැතට මැදි කරගන්න ගමන්..

හීන ලොකේක ජිවත් වෙනවා වගේ දැනුනත් එයාගේ අතේ එ සීතල මගේ අත්වලට කාන්දු වෙද්දි.මෙච්චර වෙලා මන් හිරකරන් හිටිය ඉකිය මගේ මුවින් ගිලි හුනේ මන් දකින්නේ හීනයක් නෙවෙයි කියලා දැනෙද්දි… මන් ගිරියටින් කෑගගහ ඇඩුවේ මේ දේ මන් කොහොම දරාගන්නද කියලා හිතන ගමන්..මට මේ ලොකේ අම්මා තාත්තා දෙන්නටම ඉන්න එයාත් මාව දලා ගියා කියලා හිතද්දි මට තෙරෙන්නේ නෑ මන් මොකක් කරන්නද කියලා .ඇයි දෙවියයෙනේ මන් මෙච්චර කාලකණ්ණි උනේ..මන් ලංවෙන හැම කෙන්කම ඇයි මාව ඉක්මනින් දලා යන්නේ.එක එක දේවල් මගේ ඔලුවේ හොල්මන් කරද්දී.මගේ කදුලු තවත් අලුත් උනා මිසක් නැවතුනේ නම් නැ…

එයා ඉදගෙන හිටපු තැනින් නැගිටලා මාව එයාගේ තුරුලට අරන් මගේ හිස අතගැවේ වචනයක් වත් කියන්නේ නැතුව ..

පැයක් දෙකක් නෙවෙයි ඊටත් වඩා මන් අඩන්නැති ..අඩල අඩලා අන්තිමට මට අඩාගන්න පණ නැතුව එයාගේම ඇගට කඩන් වැටුනේ..මට තවත් ඇගේ හයියක් නැති හින්දා .

” දෝණී මේ අහන්න දරුවෝ ඔයාට අඩන්න එපා කියලා මට කියන්න බෑ..මොකද මේ මැරිලා ඉන්නේ ඔයාගේ අම්මා..එත් ඔයා අඩන තරමක් අද අඩලා ඔයාගේ ඔය දුක නැති කරගන්න..මොකද ඔයා ආයි අසනීප උනොත් දන්නවනේ මොකද වෙන්නේ කියලා .ඔයාට මේ ලොකේ ඉන්න එකම කෙනා මන් වගේම මට මේ ලොකේ ඉන්න කෙනත් ඔයා දෝණී අනේ මට ඔයාවත් නැතිකරගන්න බෑ දරුවෝ ..මන් මැරෙයි . එ නිසා කොච්චර දුක උනත් මන් වෙනුවෙන් එ හැමදේම ඉවසගෙන හිනා වෙලා ඉන්න කියලා..”

ඔව් එයා කියන්නේ ඇත්ත කොච්චර අමාරුවෙන් උනත් මට එයා වෙනුවෙන් මේ හැමදේම දරාගන්න වෙනවා..එයා එයාගේ ජිවිතේම කැප කරේ අම්මායි මායි වෙනුවෙන් .අපි වෙනුවෙන් එච්චර දෙවල් කරපු එයා වෙනුවෙන් මට මෙහෙම දෙයක්වත් කරන්න බැරි නම් මගෙන් ඇති වැඩේ මොකක්ද …..

” අ..අම් අම්මාට මොකක් වෙලාද මෙහෙම උනේ.ඇ..ඇයි මට මේ..මේ දේවල් මතක නැත්තේ…” මට මේ හැමදේම පටලැවිලා එ නිසා මට එ හැමදේම විසගන්න ඕනි නිසයි මන් එයාගේන් එහෙම ඇහුවේ..

” ඔයා එදා මන් ෆාර්න්ස් ගිය දවසේ ෆෙන්ට් උනා මතකද…”

මන් ඔලුව හෙල්ලුවේ .මට ඒ දේ ලාවට මතකේ තිබ්බ නිසා..

” ඔයා එදා ෆෙන්ට් වෙලා තිබ්බේ.ඔයාගේ බ්‍රේන් එකට බලට් පම්ප් කරන වැල් එකක් ඩැමෙජ් වෙලා..කොහොම හරි ඔයාට ඔපරේශන් එකක් කරත් ඔයාට සිහිය ඇවිත් තිබ්බේ නෑ…කොහොම හරි එ වෙලාවේ තමා මට කොල් එකක් ආවේ ඔයා අසනිපයි කියලා ..මන් එ වෙලාවේම ෆල්යිට් එකක් බුක් කරලා එන්න හැදුවත් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මට එන්න බැරි උනා..ඊටපස්සේ මන් අපේ ෆල්යිට් එකක් ගෙන්නන් එනකොටත් ………” එයා මාව තවත් තුරුල් කරන් විනාඩි ගානක් සද්ද නැතුව ඉදලා…

“අක්කි අපිව දාල ගිහින් …..එයා ශුට් එකකින් නැති වෙලා තියෙන්නේ ..එක කොහොමද උනේ කියන්න මන් දන්නේ නැ.” එ වචන ටික කිව්වේ බිදුණු හඩකින් …

අපේ සෝ සුසුම් ඉකිබිදුම් මැද පැය ගානක් නිහඬව ගෙවිලා ගියේ .මගේ එයාගේ තුරුලේම දෑස් පියවෙද්දි ..

නිහඬව දින සති ගෙවුනේ..ඉස්සර හිටිය දගාකාර කටකාර මාව නිහඬ තැන්පත් චරිතයක් කරමින් …

නිමලා අම්මා කවපු බත් කටවල් දෙක තුන බඩට දාන් නිමලා අම්මටත් වැන්දේ පහුගිය මාස කිහිපය පුරාවට මාව අම්මා කෙනෙක් වගේ බලාගත්ත එයාව දැන් මට මගේ අම්මා වගේමයි.. අම්මාගේ ෆොටෝ එක ලගට ගිහින් අම්මාගේ අශිර්වාදේ අරන් නිසල් අයියටත් වැදලා මන් හැමතැනම කැරකෙන ගමන් එයාව හෙව්වේ..අද දවසට මට එයාගේ ආශිර්වාද නැතුවම බැරි හින්දා…

අම්මා නැති උන දුක නැති කරන් විභාගෙට පාඩම් කරන්න මගේ හිත හැදුවේ එයා..

නිසල් අයියාට පෙරෙත්ත කරල කරලා එයාවයයි එයාගේ අම්මාවයි අපේ ගෙදර එක්ක ආවේ මගේ තනියට වගේම ආර්ක්ශාවට..

” දෝණී දැන් පරක්කුයි කිය කිය කැගහලා දැන් ඔය කාවද දාගෙන හොයන්නේ..”

අද ඔලෙවල් එක්සැම් පටන් ගන්න දවස.පලවෙනි දවස හින්දා ටිකක් වේලාසනින් යන්න ඔනි උනත්..මාමා පෙන්න හිටියේ නැති හින්දායි මන් එයාව හෙව්වේ.එත් එක මේ ගල් ඉබ්බට කිව්වොත් මාව චාටර් කරන හින්දා.මන් මුකුත් නෑ කියන්න ඔලුව වනලා ගෙයින් එලියට බහින්න ආවේ.දැනුනු දුක හිත අස්සෙම හංගන්..

එත්………

ගෙයින් එලියට බහින්න හදද්දි මන් දැක්කේ…

සුදු පාට මලක් දාපු වතුර වීදුරුව අතේ තියන් දොර ඉස්සරහා ඉන්න එයාව.

එක තත්ත්පර ගානක් ඇතුලත මගේ ඇස් කදුලු වලින් බොද වෙලා ගියේ ..එයාගේ මේ සමහර හැසිරීම මාව ගොලු කරන නිසා…

අම්මා තාත්තා වගේ මන් ගැන හැමදේම හොයලා බලලා මෙහෙම කරද්දි.මන් එයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා මට හිතා ගනන් බෑ…

” බොන්න දෝණී ..බය වෙන්න එපා මට හොදටම විශ්වාසයි මගේ දෝණී හොදට විභාහගේ පාස් වෙනවා කියලා…බුදු සරණින් එලියට බහින්න දරුවෝ …….”

එයාගේ අතේ තිබ්බ එ වතුර වීදුරුවෙන් උගුරක් මට පොවලා මගේ හිස් මුදුන සිප ගන්න ගමන් එයා කිව්වේ ..මන් එ දෙපා පාමුල ඇද වැටෙද්දි…..

මතුසම්බන්ධයි .