කාවින්දි ලියනගේ

4 d ·
🌬 නිසල සද මඩල 🌬

☁️ 16 වන කොටස☁️

” චාටාස් ……….”

නිසල් අතින් එල්ල වු කමුල් පහරින් ඔහුගේ අතරැදි රිවෝල්වරය විසි වි ගියද .ඔහුගේ අත්ල පහරෙහි සැරක් නොදැනුනාක් මෙන් ඔහු උමතුවෙන් සිනා සෙන්නටය වුයේ ..

කෝපයෙන් රත් පැහැ ගැන්වුණු නිසල් ගේ දෙනෙත් ක්ශනිකයෙන් කුඩා වී මලානික වද්දීය.නැවතත් ඔහුට පහරක් ගැසිමට සිය හස්තය එසවුවද නිසල්ගේ අත ඔහුටත් නොදැනිම පහත වැටුනේ ..රුධිරයෙන් තෙමිගිය ඔහුගේ දැත් දුටු විටය…

ඔහුගේ ගෙල සිරකර දැමිමට තරම් කෝපයක් නිසල්ගේ ගත වේලා ගත්තද ඔහු ආයාසයෙන් සිය කෝපය මැඩ ගෙන ඔහුගේ තුවාල වු දෙඅත්ලට බෙහෙත් දමන්න වුයේ සිත් පිත් නොමැති ලෙස ඔහුට රිදවමින් ය..එයින් හෝ ඔහු මදක් මට්ටු වේයි යැයි සිතුවද…තමා දෙස සිනමුසු මුහුනින් බලා හිදින ඔහු දැක නිසල්ගේ දෙනෙත් මදක් ගැස්සිනි.

” අඩෝ යුරාග් ඇයි බන් මේ…ඇයි මේ උබ උබෙන් මෙහෙම පලිගන්නේ ….”

ඔහු දඩබ්බර හිතුවක්කාරයෙකු බව සැබැට..එහෙත් එ හිතුක්කාරයා ඇතුලත හිදින අහිංසක ආදරණිය පිරිමි චරිතය පිලිබද හොදින්ම දාන්නා නිසල්ට ඔහුගේ මේ හැගිම් තෙරුම් ගැනිමට අපහසු නැත.තමා පෙර දින ඔහුට බැන වැදිම පිලිබද විසල් පශ්චාත්තාපයක් දැනෙන්නේ එම නිසාවෙනි …

” අර අහිංසකි අරහේ උබව ඉල්ලා මැරෙන්න හදනවා..උබ හදන්නේ එ කෙල්ලට තමන්ගෙ කියලා ඉන්න එක එක කෙනාවත් නැති කරන්නද යකෝ..එහෙනම් ඊට ඉස්සෙලා අර කෙල්ලව උබේ ඔය අතදෙක්නම……”

” ම..මන් කොහොමද බන් එ කෙල්ලගේ මුණ බලන්නේ..ඇයි බන් උබත් මාව පොඩ්ඩක් තේරුම් ගන්නේ නැත්තේ.මන් හින්දා නේද බන් මේ හැම ප්‍රශ්නයක්ම…අර කෙල්ල අම්මා කෝ කියලා අහද්දි මන් මොනාද කියන්නේ නිසලා….”

” අඩෝ මචං ……..”

නිසල්ට සැබැවින්ම ඔහු පිලිබද දැනුනේ විසල් පශ්චාත්තාපයෙකි.

” මේ මචං උබ මන් කියන එක පොඩ්ඩක් අහපන්. ඉස්සෙල්ලාම මට සමාවෙයන් උබට ඊයේ රෑ කැගැහුවට මට ඒ වෙලාවේ පට්ටේට තරහ ගිහින් ඉදියේ. කෙල්ලට එච්චර සිරියස් සිටුවෙශන් එකක ඉද්දි උබ එහෙම කෙයාර්ලස් වෙද්දි කොහොමද බන් ඉවසන්නේ මට එකි මගේම නංගී වගේ…..”

” හරි බන් මන් එක අමතක කරා.මොකක්ද බන් දැන් මන් කරන්නේ..දැන් අද කෙල්ල අක්කා ගැන ඇහුවාම කොහොමද බන් එකිට කියන්නේ ……”

” මේ අහපන් දැන් උන දේවල් වෙලා ඉවරයි.අපිට එ දේවල් වෙනස් කරන්න බැ..අපි ඉස්සෙලා කෙල්ල සනිප කරගමු.. ආ

තව දෙයක් අපිට දැන් ඉස්සරහටත් වඩා කෙල්ලගේ සිකුරිටි ගැන හිතන්න වෙනවා..

මොකද මන් හිතන්නේ නෑ ආන්ටිගේ ඇක්සිඩන්ට් එක නෝමල් ඇක්සිඩන්ට් එකක් කියලා ……”

” හුම්…….”

” මේ අහපන් දැන් උබ වොශ් එක දන්න වරෙන් .ඉස්සෙල්ලා අර කෙල්ලව බලලා ඉමු .එකි සිහිය ආව වෙලාවේ ඉදන් හොයනේ උබව.”

” හරි මට පැය භාගයක් දියන්………”

අම්මා මාව බලන්න තාමත් ආපු නැති නිසා

නර්ස් කෙනෙක් උදව්වෙන් වොශ් එකක් දාන් මන් බෙඩ් එකේ ඇල උනත් .නින්දක් නම් අහලවකටත් නෑ. මටත් හොරෙන් මගේ ඇස් සැරින් සැරේට දොර දිහාවට යන්නේ එයාගේ රුපේ බලාපොරොත්තුවෙන් …

වෙනදට මට පොඩි උණක් හෙබිරිසාවක් හැදුනත් රෑ එලිවෙනක් මන් ලග හෙල්ලෙන්නේ නැතුව ඉන්න අම්මා කවදාවත් නැතුව මාව බලන්නවත් ආවේ නැත්තේ ඇයි කියලා මට හිතා ගන්න බෑ..

මට මොකක්ද උනේ කියලා නර්ස් ගෙන් ඇහුවත් එය කිසිම දෙයක් කිව්වේ නැති නිසා .මට ඒ හැමදේයක්ම දැන ගන්න එයා එන්නම ඕනි.මට මේ හැමදේයක්ම හීනයක් වගේ……….

මගේ කල්පනාව බිදුනේ දොර ඇරෙන සද්දෙන් .

” ආ නම්කි බාබා.කොහෙම ඉතිං සැප දුක..” සුපුරුදු මොඩ හීනවත් දාන් තඩිම තඩි ටෙඩිබෙයාර් කෙනෙකුත් උස්සන් නිසල් අයියා මන් ලගට ආවේ . එයා පස්සේ අර ආඩම්බරකාරයත් සද්ද නැතුව ඇතුලට එද්දි .

” මේ අ..අයියේ ඇ..ඇයි අම්මා ආවේ නැත්තේ.” මන් මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ ප්‍රශ්නේ එයාලගෙන් ඇහුවේ ..ඇත්තටම මට මේ වෙලාවේ අම්මා ඔනි නිසා..

” දෝ..දෝණී ඔයා මොකක්ද ඇහුවේ….”

” ඇයි අනේ ඔයාගේ කන ඇහෙන්නෙත් නැද්ද නිසල් අයියේ මන් අපේ අම්මා කෝ කියලා ඇහුවේ …..”

නිසල් අයියා බය වෙලා වගේ මන් දිහා බලන් ඉද්දි..

හෙමින් සැරේ මන් ලගට ආපු එයා මාව ඇදලා අරන් එයාට තුරුල් කරගත්තේ.මගේ ඇස් උඩ යද්දි …..

” වෛද්‍යවරයා අනුමාන කල දේ එසෙනම් නිවැරදි ..ඇයට ඇගේ මතක අහිමි වි ගොසින් ය..ඇයට කෙලෙස පවසන්නද ඇගේ මව මේවන විට මෙලොව හැරගොස් ඇති බව.” යුරාග් ඈ සිය ලයට සිරකරගෙන රහසේ කදුලු සලන්න වුයේ ..සිය ලය දවාලන වේදනාව ඇගෙන් සගාවාගැනීට උත්සහ කරමින් ය….

ටික වෙලාවක් එහෙම්ම එයාට ඉන්න දුන්න මට දැනුනේ මගේ උරහිස් තෙත්වෙන බවක්.එ එයාගේ කදුලු කියලා තේරුම් ගන්න මට අමාරු උනේ නෑ ..එ..එත් ඇයි මෙයා මේ අඩන්නේ…

” ඇ..ඇ..ඇයි මේ…..” මන් ඇහුවත් එයා කිසිම දෙයක් නොකියා කාමරෙන් එලියට දිව්වේ..මන් දොර දිහාත් නිසල් අයියා දිහත් මාරුවෙන් මාරුවට බලද්දී..

” දෝණී මේ අහන්න මැණික .මේ ආන්ටි ඔයාට අසනිප නිසා බාරයක් වෙන්න අනුරාධපුරේ ගියා..එයා දැන් එන ගමන් ඇත්තේ..දැන් කොහොමත් ඔයාගේ ටිකට් කපන හින්ද ආන්ටි එන්න ඕනි නෑනේ.

දැන් හොද ලමයා වගේ යන්න ලෑස්ති වෙන්නකෝ.අපි ගෙදර ගිහින් කතා කරමුකෝ”

නිසල් අයියා මගේ ඔලුවත් අතගාලා මාගේ බඩු ටික හදාගන්න උදව් කරලා.මාව පරිස්සමට කාර් එක ගාවට එකකරන් එනකන් මන් එයාව දැක්කෙම නෑ….

නිසල් අයියා කාර් එක නවත්තලා මගේ පැත්තෙන් දොර ඇරලා මාව ගන්න හැදුවත් . ගේ ඇතුලේ ඉදන් ආපු එයා නිසල් අයියාව පැත්තකට තල්ලු කරලා මාව එයාගේ දෑතට ගත්තේ නිසල් අයියාගේ කට ඇදෙවෙද්දි…

ගෙදර තිබ්බෙ හරි මුසල පෙනුමක් උනත් මන් එක එච්චර හිතන්නේ නැතුව ගෙට ගියත්….සාලේ සුදු මල් මාලයක් දාල තිබ්බ ෆොටෝ එක දැකලා මගේ හුස්මත් හිර උනා..

මතුසම්බන්ධයි .