කතාව කියවන හැමෝම Like එකක් දා ගෙන යන්න ❤️❤️
_
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි රැජින🌹🌹
තිස් එක් වන චන්ඩිකම 🙅🙅
” හෑ යකෝ 😯 උඹටත් අරූගෙන් අර්ශෂ් බෝ වෙලාද? බලපන්කො යකෝ මේකිගෙ ගෑස් 😏 මේ ඒක නෙවෙයි උඹ ඉස්සරල ඔව් නෑ බෑ තරගයක් තිබ්බද? අර මං කෝල් කල වෙලාවෙ.”
තවත් දාහක් ජාති අහ අහ ඒකි පස්සෙන් ආවත් මං නෑහුණු ගානට ඇවිදන් ගියේ.
” ගල් ඉබ්බි වගේ ඉන්නෙ නැතුව කතා කරපංකො බං රෙද්ද.අරූ එන ගමන් උඹේ කටට පිට්ටුවක්වත් එබුවද? “
මං නිහඩවම ඇවිත් ගෙට ගොඩ වුණේ.රශී නම් තාම කියවනව.ඉවරයක් නෑ.ඒකිට උත්තර දෙන්නත් මට කිසිම දෙයක් හිතා ගන්න බැරුව හිටියෙ.අභිරූ සර් නම් හිතා ගන්න බැරි කෙනෙක්.වෙලාවකට නපුරුයි.තවත් වෙලාවකට හිතා ගන්න බෑ.මගෙ මූණ දකින්න අකමැතියි කිව්ව කෙනාම ඇයි මාව කාර් එකේ දා ගෙන ආවෙ.අනික රනුක අයිය දිහා බැලුවොත් මරණවලු.මං කව්රු දිහා බැලුවත් එයාට මොකක්ද? තියෙන අමාරුව.අනේ මන්ද වෙලාවකට පිස්සු වගේ.එහෙම හිතන ගමන්මං සාරියත් මාරු කරල දාල වොශ් රූම් එකට යන්න හැරුණෙ.
” උඹ කල්පනා කරල ඉවර නම් දැන්වත් කියනවද?”
” මොනවද? බන් වද නොදී හිටපංකො “
” ඇයි යකෝ උඹට ඩෝං යන්ඩ දෙයක් ඇහුවෙ නෑනෙ.මං ඇහුවෙ උඹ අර අර්ශෂ්කාරයත් එක්ක ආවෙ ඇයි කියල.”
” මං දන්නෙ නෑ.සර් දා ගෙන ආව.”
එහෙම කියල බාත් රූම් එකට රිංග ගත්තෙ රශී තව දාහක් ජාති කියවන අතරෙම.නිදා ගන්න ගියත් හරියට නින්දක් නෑ.ඒ නපුරු මූණම මැවි මැවී පේන්න උනේ.මාව දකින්නවත් අකමැති අභිරූ සර් මොකද? මාව කාර් එකේ දා ගෙන ආවෙ.අනික රනුක අයිය එක්ක කතා කරනකොට එයාට පුදුම විදියය කේන්ති යන්නෙ.ඒකත් රනුක අයිය එක්ක විතරයි.නූල් බෝලයක් වගේ හැමදේම පටලැවිල.එක එක ප්‍රශ්න ඔළුවට එන්න ගද්දි අභිරූ සර්ගෙ මූණම මැවි මැවී පේන්න ගත්තෙ.මුළු රෑ පුරාම නින්දක් නැතිව එහාට මෙහාට පෙරලි පෙරලි උන්න විතරයි.
රශී නම් හොදටම නිදි .පව් හිතේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒකිටත් හවස බැන්න.තරහද,දන්නෙ නෑ.යාන්තමට ඇහැ පිය වෙනකොට පාන්දර දෙක තුන වගේ වෙන්න ඇති.
” ආ…මැඩම් නැගිට්ටද?”
මං ඇග මැලි කඩන ගමන් ලෙහිල තිබුණු කොණ්ඩෙත් උඩට කරන් බැඳ ගෙන කාමරෙන් එළියට ආවෙ.
” ඇයි රශී අද උදේම මෙච්චර එළි වෙලා “
දොරකඩ ඉදන් වටපිට බලන ගමන් මං රශීගෙන් එහෙම ඇහුවෙ.
” මොණ උදේද, බන් දැන් 12.00ටත් කිට්ටුයි.”
මිදුලෙ අඹ ගහ යට අතු ගගා උන්නු කොළ රොඩු ටික එකතු කරන ගමන් රශී එහෙම කියනව.
” මොකක්,දැන් කොහොමද මං වැඩට යන්නෙ”
” දැන් මොණ වැඩද? බන්.මං උඹට උදේ කතා කරා.කොහෙද? උඹ හොදට නිදි.මාත් ඉතින් වැඩට ගියේ නෑ.උඹට ඊයෙ රෑ නින්ද ගියෙ නැද්ද? මට දැණුන ඇදේ පෙරලි පෙරලි උන්න.”
” අනේ මංද බන්.දැන් සර්ගෙන් බැනුම් අහ ගන්ඩ තමයි වෙන්නෙ.”
එහෙම කියන ගමන් මං පේර ගහ යට බංකුවෙන් වාඩි වුණේ.
” සර්,😏 අනේ ඒ උලමට බම්බු ගහ ගන්ඩ කියපං බන්.එක දවසක් නොගිහින් හිටිය කියල ඌට ලක්ශ ගානක පාෆුවෙක් වෙන්නෙ නෑනෙ.ඈ බන් ඒක නෙවෙයි ඊයෙ මොකෝ උනේ.”
රශී ඊයෙ සිද්දියම හාර හාර අහනව.මං වෙච්ච හැම දෙයක්ම කිව්වෙ.ඒකි කටත් ඇරන් අහන් ඉන්නව.
” බලපල්ලකො යකොඉ උගෙ කැරැට්ටුව සැරෙන් සැරේ වෙනස් වෙන්න ඌ ටියුබ් ලයිට්ද? බන් “
” මං දන්නෙ නෑ බන්.මටත් හිතා ගන්න බෑ”
” අනික ඌට මොකද? උඹ රනුක එක්ක කතා කරත්,ලව් කරත් මොකද? උගෙ ඇගෙන් කෑල්ලක් යනවද?”
ඒකට නම් මං රශීට රවල ගෙට යන්න ගියේ ඒකිටත් ගස්ස ගෙන.රනුකව මතක් කරන්නවත් මං කැමැති නෑ.එයා නිසා තමයි හැමදේම.අනික එයා මට ආදරෙයි කියපු එකට මට තිබුණෙ දරා ගන්න බැරි කේන්තියක්.වොශ් එකකුත් දා ගෙන කාමරේට එනකොට ෆෝන් එක රින්ග් වෙනව.ධනුක අයියගෙන් කෝල් එක.මං ආවෙ නැති නිසා ඒ ගැනාහන්න වෙන්න ඇති.මං එහෙම හිතන ගමන් ෆෝන් එක ආන්සර් කරල කණේ තියා ගත්තෙ.
මං ධනුක ධනුක අයිය එක්ක කතා කරල ෆෝන් එකත් ඇද උඩට විසි කරල කුස්සියට ආවෙ.ඊයෙ රෑටත් නොකා නිදා ගත්තු නිසා බඩගිනියි හොදටම.මං යනකොටත් රශී තේ හදල ඉවරයි.ඒකි දීපු තේ කෝප්පෙත් අරන් කුස්සියෙ බංකුවෙන් වාඩි වුණේ ඒකිත් තේ එක අරන් බංකුවෙන් වාඩි වෙන අතරෙම.
” ධනුක අයිය කෝල් කළා.අද පඩි දවසලු.ශොප් එකට ඇවිත් පඩි අරන් යන්න කිව්ව.”
” ෂහ්,මරුනෙ මාත් එහෙනම් එන්නම්.ගෙදරට වෙලා ඉන්න කම්මැලියි බන්”
තේ බීල ඇවිත් දෙන්නත් එක්ක ලෑස්ති වුණේ.මං වෙනද වගේ සාරියක් නම් ඇන්දෙ නෑ.නිල් පාට ඩෙනිම් එකට ලා කහ පාට ටී ශර්ට් එකක් ඇදල කොණ්ඩෙ මුදුනට කරල කටුවක් ගැහුල ඇදුමට ගැලපෙන්න සෙරෙප්පු දෙකත් දැම්ම.මං රශී එක්කම ශොප් එකට ඇවිත් ඇතුළට ගියේ.
” ආ..නිශා.අද නම් කෙල්ල හැඩයි.අන්න සර් ඇතුලෙ ඉන්නව.ගිහින් කතා කරපං “
ධනුක අයිය හිනා වෙලාම එහෙම කියනව.
වැඩට ආවෙ නැති එකට කෑ ගහයිද,දන්නෙ නෑ.පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න උනේ සර්ට තියෙන බයටමද? කොහෙද? ඕනි දෙයක් කියපුදෙන්. ඇහුණෙ නෑ වගේ ඉන්නව.
” රශී උඹ මෙතන හිටපං.මං ගිහින් එන්නම් “
” ඒ මොකද? යමන් යමන් මටත් ඌ එක්ක කතා කරන්න ඕනෙ “
එහෙම කියල ඒකි මටත් කලින්ම දොරත් ඇර ගෙන ඔෆිස් එක් ඇතුළට ගියේ.සර් රශී එක්ක කේන්තියෙන් ඉන්න නිසාත්.ඒකිට කට පියන් ඉන්න අමාරුයි කියල දන්න නිසාමත් බයෙන් බයෙන්ම මාත් රශී පස්සෙන්ම ඔෆිස් එක ඇතුළට ගියේ.
” ආ… මිස්ට අර්ශෂ් How are you “
රශී එහෙම අහනවත් එක්කම…..
නැවත හමුවෙමු