බැඳීමක් නැති මුදුවක් 💔

36 වන කොටස

“මට විරුද්ධව ඒ මොකක්ද මිස්?..”

“ඔයාගෙ වයිෆ් ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා ඔයා ගෘහස්ථ හිංසනයේ නිරත වෙනවා කියලා ..ඊට අමතරව පැමිණිලි ගොඩක් තියෙනවා…”

“ඔය සේරම බොරු මිස්..ඔය ගෑ//නිට ඕනේ මගෙන් පළිගන්න…”

“බොරු ඇත්ත මොකක්ද කියලා ටෙලිෆෝන් එකෙන් කතා කර ගන්න බෑ.ජූනි විසි වැනිදා අපේ ඔෆිස් එකට එන්න..අපි මේ ගැන කතා කරලා විසඳගන්න බලමු..”

“මිස් මේ සේරටම මුල අපේ නැන්දම්මා..ඔය නැන්දම්මයි දුවයි එක්ක කතා කරලා මුකුත් විසඳ ගන්න බෑ…”

“හරි හරි ඔයා එන්න දිලංක ..අපිත් ඉන්නවා නේ..හැබැයි ඔයා ඉන්ක්වයිරි එකට ආවේ නැත්නම් අපිට දැඩි තීරණයක් ගන්න වෙනවා..”

“දැඩි තීරණයක් ඒ මොකක්ද මිස්…”

“එහෙම වුනොත් දිලංකගේ පුතාව පරිවාසයට දාන්න අපි කටයුතු කරනවා..”

“හරි හරි මිස් මම එන්න බෑ කිව්වේ නෑනේ ..”

ළමා හා කාන්තා සංරක්ෂණ කාර්යාංශයේ නිලධාරීනිය ඇමතුම විසන්ධි කරත් මම තවමත් උන්නේ සිද්ධ වෙන්න යන්නේ මොනවද කියලා කල්පනා කරන ගමන්…

වෙන්වීලා ගියත් තවමත් උඹ මට වදහිංසා කරන්නේ එක්ව උන්නු කාලේ වගේම.

නෙහාරා උ/ඹ මට විරුද්ධව පැමිණිලි කරලා තියෙන්නේ මම උ/ඹට ශාරීරික වද හිංසා දුන්නා කියලා..

ඒත් ඒක මොනතරම් බොරුවක්ද?.විවාහ වෙලා ගතවුණු අවුරුදු හයටම මම උ/ඹ/ට අතඋස්සලා තියෙන්නේ දෙපාරයි..ඒ දෙපාරත් මම උ/ඹ/ට අත ඉස්සුවේ එහෙම නොකර බැරි කමට..

මම හින්දා එහෙම ඉවසුවත් වෙන පිරිමියෙක්ට උ/ඹ හම්බුනානම් උ/ඹ ගුටි කන්නේ කසාද බැඳපු මුල්ම දවස් වලම යි…

පුංචි පුතාත් මගෙන් උදුර ගෙන මගේ හිතට මේ තරම් ලොකු දුකක් දීලාත් තවත් උ/ඹ/ට මට වද හිංසා දෙන එක එපා වෙලා නැද්ද?..

කවදද මේ දේවල් කෙළවරක් වෙන්නේ?..

වැරදි නොකරම උ/ඹ හදන්නේ මාව වැරදිකාරයෙක් කියලා හංවඩු ගහන්න..

මගේ චරිතය ඝා//තනය කරලා දාන්න..

උ/ඹ/යි උ/ඹේ අම්මටයි මට පන්න පන්නා මෙහෙම පහර දෙන්නේ මොකක් හරි සංසාරගත ද්වේශයක් පියවගන්න කියලමයි මට හිතෙන්නේ..

මම සාලයේ වේවැල් පුටුව උඩ වාඩිවුණේ මේ දේවල් කල්පනා කරලාම මගේ හිස කකියන්න ගත්ත නිසා.

මම හිස පියාගෙන පුටු ඇන්ඳ උඩ ඔලුව තියාගෙන උන්නේ ඒ තරමට හිසරදේ දරාගන්න බැරි නිසා..

“මොකෝ පුතේ මේ..?”

මම එකපාරටම ගැස්සිලා ගියේ මගේ ලඟින්ම මට අම්මගේ කට හඬ ඇහිලා..

“නෑ පොඩි ඔලුවෙ කැක්කුමක්..”

“මොකද්ද එක පාරටම වුණේ පුතේ?.”

අම්මා එහෙම ඇහුවේ මගේ හිස අතගාන ගමන්..

“දන්නෙ නෑ අම්මේ .”

“මොනවද පුතේ එක පාරටම වුණේ?…පුතා එකපාරටම වෙනස් උනේ අර කෝල් එක ආවට පස්සේ..කවුද ඒ කතා කළේ?..”

“පොල්හේන්ගොඩ කාන්තා හා ළමා සංරක්ෂණ කාර්යාලයෙන්…”

“ඒ මොකටද එහෙන් කතා කළේ?..”

“අර ගෑ/නි මට විරුද්ධව පැමිණිලි කරලා..”

මම එහෙම කිව්වේ දැන් උ/ඹ ගැන සිහිපත් කිරීම පවා හිතට ලොකු වේදනාවක් තරහවක් ගෙන දුන් නිසා…

“නෙහාරා ඒ මොකටද?…”

“ඒ මහා අම්මණ්ඩියි දුවයි එහෙට ගිහින් මට විරුද්ධ පැමිණිලි කරලා මම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යෙදෙනවා කියලා ..මම සලකන්නේ නැහැලූ ඒ//කිට වෙන්න තියෙන යුතුකම් මගෙන් වෙන්නේ නෑලූ…”

අම්මා මගේ දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටියේ මම කියන දේවල් විශ්වාස කරන්නත් බැරුව වගේ…

“බලන් යද්දි මහා පුදුම ගෑ/නියෙක් නේ..

ඒ//කිට හම්බ වෙන්න තිබ්බේ බීලා හොඳට තඩිබාන මි//නිහෙක්ව..උ//ඹ අහිංසක වැඩියි ..අනේ ඇත්තමයි මේ කියන බොරු වලට උ//න්ට යන්න අපායක් අමුතුවෙන් හදන්න ඕනේ . “

අම්මා එහෙම කිව්වේ කවදාවත් නැති තරම් ආවේගයකින් ..

“ඔයිතරම් පස්සෙන් පන්න පන්න පලිගන්න උ/ඹ උ/න්ට කරපු වැරැද්ද මොකක්ද . උ//බලගේ කරදඬු උස් මහත් කරන්න තාත්තෙක් නැතුව මම මොන තරම් දුක් වින්දාද ?එහෙම අමාරුවෙන් හදපු මගේ කො//ල්ලව මේ/කි නැත්තටම නැති කලා..”

“ඔය අම්මේ මම පොලිසියට ගිහින් ඒ/කිට විරුද්ධව ඇන්ට්‍රියක් දැම්මා නේ..ඒ තරහවට වෙන්න ඇති..”

මම එහෙම කිව්වේ ඒ හැරෙන්න මම වෙන කිසිම වැරැද්දක් උ/ඹට කරලා නැති නිසා..

“මම පුතාට කිව්වානේ ඕක කරන්න එපා කියලා…එහෙනම් ඒ පලියට තමයි එහෙම කරලා තියෙන්නේ …අපරාදේනේ පුතේ ගොඩින් විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක් නේ…”

අම්මා එහෙම කිව්වේ පසුතැවීම කින් වගේ…

“අම්මා එහෙම කිව්වට ඔය ගෑ/නි එක්ක සමාදාන වෙන්න පුලුවන්ද?ඔය ගෑ/නි ගෙදරින් කීපාරක් නම් යන්න ඇද්ද?.ඒ ගිය හැම පාරකම මම ඒ/කිව එක්කගෙන ගෙදර ආවේ නැද්ද?.තවත් නම් මට ඕ//කුන්ගෙ පස්සෙන් යන්න බෑ..ඒ/කිට මාව එපානම් මටත් ඒ//කීව එපා …”

“ඒත් පුතේ මේ පැමිණිල්ල..”

“අම්මා ඒ ගැන පොඩ්ඩක් වත් බය වෙන්න එපා..මම පොලිසියට ගිහින් දාපු ඇන්ට්‍රියට එගෙන්ස් එකට තමා නෙහාරා එහෙම කලේ…අපි බය වෙන්න ඕන නෑ..මුලින්ම ඇන්ටි එක දැම්මෙ අපි නේ…ඇන්ට්‍රි එක ගැන පොලිසියෙන් කතා කරපු නිසා තමයි ඒ/කී ඔය වැඩේ කලේ..”

“අනේ මන්ද පුතේ මේවා කොහොන් කොහොම කෙළවර වෙයිද කියලා..මේ දේවල් නිසා දුක් විඳින්නේ අර අසරණ දරුවා . සමාදාන උනානම් මේ කිසි කරදරයක් නෑ..”

මට අම්මත් එක්ක තරහ ගියේ අම්මා නෙහාරා එක්ක සමාදාන වෙන්න කියලා නොකියා කියපු නිසා …

“මමනම් කීයටවත් ඒ/කී එක්ක සමාදාන වෙන්නේ නෑ..ඒ වුණත් මම කොහොමහරි මගේ දරුවා ව මගේ ලගට ගන්නවා..අපි බලමුකෝ පොලිසියෙන් එන්ට්‍රි එක ගැන කතා කරන්න අනිද්දට පොලිසියට එන්න කිව්වා නේ…එතකොට මොකක්ද වෙන්නේ කියලා …”

“මොකක්ද පොඩි පුතා උ/ඹලා මේ පොඩි එ//වුන් වගේ ඇනකොටා ගන්නේ..අම්මා කිව්වා වගේ ඔය දේවල් ගොඩින් විසඳ විසදගන්න බලමු…ඒ දරුවා දඩබ්බරයි තමයි ..මොනව වුනත් ඒ උ/බේ ගැ/නි නේ..ඔන්න ඕවා අමතක කරල දාල ඒ දරුවා වයි ඔය පොඩි එ/කාවයි ගෙදර එක්ක එමු..

මෙතෙක් වෙලා අම්මගෙයි මගෙ යි කතාවට ඇහුම්කන් දීලා හිටපු තාත්තා එතැනට ඇවිත් එහෙම කිව්වම මගේ තරහා ආයෙමත් ඇවිස්සුනා…

“අනේ මේ තාත්තේ ..තාත්තා තාත්තගේ පාඩුවේ ඉන්න..ඒ/කී මගේ ගෑ/නී..කරන්න ඕනේ මොනවද කියලා තීරණය කරන්නේ මම..”

“උ/ඹේ හිතුවක්කාර කම නිසා තමයි මේ හැම දෙයක්ම..අර දරුවා මතක් වෙද්දි අපේ බඩ පපුව දාලා යනව වගේ.ඒකයි මම මේ දේවල් සමාදානයක් කරමු කිව්වේ..”

“අම්මයි තාත්තයි තමයි ඔය ගෑ/නිව හිතුවක්කාර කළේ…මොනවා හරි වැරැද්දක් උනත් ගත්තේ ඒ/කිගේ පැත්ත.ඒ/කිව හුරතල් කරලා හුරතල් කරලා විනාශ කරා..”

“මේ සේරම උ/ඹේ වැරදි..කෑම්ප් එකේ වෙච්ච දේවල්,උ/ඹ නිසා හැදුන අර ලෙඩේ නිසයි ඒ දරුවා මෙච්චර උ/ඹ එක්ක තරහා.එක අතකින් ඒ දරුවා සාධාරණයි නේ..”

තාත්තා තවත් උ/ඹේ වැරදි නිවැරදි කරන්න සූදානම් වෙනවා..

“අනේ මේ තාත්තේ…තාත්තලා තවත් ඒ/කිව සුද්ද කරන්න ලෑස්ති වෙන්න එපා..ඒ/කි මම ලඟට ආපු දා ඉඳන් මට කරේ නපුරුකම්..මගේ රස්සාව නැති වුණාට පස්සේ තමයි ඔය අම්මටයි දුවටයි මාව එපා වුණේ .. මගේ ඉවසීම නිසයි ඔය ගෑ/නි එක්ක මෙච්චර කල් පවුල් කෑවේ. දැන් ඔය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ.”

මම සාලයෙන් පිටවෙලා කාමරයට ගියේ මොහොතක් තනිවෙලා ඉන්න හිතට ඕනේ වුණ නිසා..

💔💔💔💔💔💔💔💔💔💔

මම පොලිසියට යද්දි උ/ඹත් උ/ඹේ අම්මාත් චූටි පුතත් පොලිසියට ඇවිත් හිටියා.

“තා.ත්..තී..”

චූටි පුතා මාව දැකපු හැටියේ හරි හුරතලයට එහෙම කියද්දී මෙතෙක් වෙලා මගේ හිතේ තිබුණු හැම තරහක් ම දිය වෙලා ගියා වගේ
මට දැනුනා..

උ/ඹේ අම්මා චූටි පුතාව උකුල මත හිඳුවාගෙන තද කරගෙන හිටියේ චූටි පුතා මම ළඟට දුවගෙන ඒවි කියලා බය වෙලා වගේ…

පැමිණිල්ල විභාග කරන්න හිටියේ පොලිස් කාන්තාවන් දෙන්නෙක්.පොලිස් කාන්තාවන් දෙදෙනා මගේ දිහා යි උ/ඹේ දිහා යි බැලුවේ මාරුවෙන් මාරුවට…

“ඔව් කියමු බලන්න පැමිණිල්ල..

පැමිණිලිකාරයා ඒ ගැන කියන්න..”

එක් පොලිස් කාන්තාවක් එහෙම කිව්වේ මගේ දිහා බලාගෙන..

“මේකයි මෙයාට මගේ ළඟට ආපු දා ඉඳලා

ඕන වුනේ මාව දාලා ගෙදර යන්න..මාත් එක්ක බොරුවට රණ්ඩු වෙලා ගෙදර දුවන එක තමයි මෙයාගේ විනෝදාංශය…මම ඒ හැම පාරක් ම මෙයාව ගෙදර එක්කගෙන ආවේ නොවඳිනා වැඳුම් වැඳලා..ඒත් දැන් නම් මට ඒකත් එපා වෙලා..”

“ඒ කියන්නේ එයා ඔයාව දාලා ද්වේශසහගත ලෙස පිටවෙලා ගියා..ඔය දෙන්නා අතර ඒ වගේ මතභේද ඇති වෙන්න හේතුව මොකක් කියලද ඔයා කියන්නේ..”

“මිස් මේ සේරටම මුල මෙයාගේ අම්මා…මෙයාගේ අම්මා අපේ පවුල් ජීවිතයට මැදිහත් වෙලා අපේ පවුල් ජීවිතය විනාශ කළ..මෙයා සේරම කරන්නේ අම්මට ඕන දේවල්…”

මට එහෙම කියලා අවසන් වෙන්න බැරි උනේ උ/ඹ අනවසරයෙන්ම ඒකට මැද්දෙන් කඩාගෙන පැනපු නිසා…

“මිස් මේ මි//නිහගේ බොරු..කරන තරම් හැම වැරැද්දක් ම කරලා එනවා ඒ සේරම අපේ අපි පිටින් දාන්න..මිස්ලා දන්නේ නෑ මේ මෙයාගේ හැටි ..මේ මනුස්සයා කිසිම වගකීමක් නැති මනුස්සයෙක්..අපිට සලකන්නෙ නැහැ..මගේ ක/රුමෙට මම මේ වගේ මනුස්සයෙක් කසාද බැන්දේ…”

උ//ඹ මම ගැන නැති වැරදි කියා පාද්දි මට පුදුමත් හිතුණා..

“සලකන්නෙ නෑ කිව්වේ?..”

“හම්බකරන පඩිය වත් හරියට ගෙනත් දෙන්නෙ නෑ..සල්ලි වලින් මෙයා මොනවද කරන්නේ කියලා මම දන්නෙ නැහැ..මෙයා ත

කොහොමත් කිසිම වගකීමක් තියෙන තියෙන කෙනෙක් නෙමෙයි..මේ දරුවා ඉපදෙන්න ඉන්නකොට මහලොකුවට රට ගියා මම එපා කියද්දි මාවත් දාලා..ක්ලිනික් එකේ ඉඳන් හැම දෙයක්ම මම කරගත්තේ තනියම…මේ මිනිහා මගේ ළඟ වත් හිටියේ නෑ..දැන් නම් එනවා මෙතන ළමයා ට අයිතිවාසිකම් කියන්න..”

උ/ඹ මට එහෙම දොස් කියන්න ගත්තෙ මහා හයියෙන් ..එතන උන්නුපොලිස් කාන්තාවන් පවා මගේ දිහා බලාගෙන හිටියේ පුදුම වෙලා වගේ..

“ඇයි ඔයා කට වහගෙන ඉන්නේ…ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ …”

එක පොලිස් කාන්තාවක් මගෙන් එහෙම ප්‍රශ්න කලා..

“දෙන්නෙක් එක පාර කතා කරලා තේරුමක් නෑනේ ..එයා මුලින් කියපු දෙන් මම පස්සේ කියන්නම්..”

“ඔය බොරු මිස් කියන්න දෙයක් නැති කමට කියන කතා..”

උඹේ අම්මා එහෙම කිව්වේ එතන මැද්දට පැනලා….

“මේ කො/ල්/ලා අහිංසකයි ඔයාගේ දුවගෙන් නේ බේරෙන්න බැරි..”

ඒ පොලිස් කාන්තාවෝ එහෙම කිව්වම උඹෙත් උඹේ අම්මගෙත් මුහුණු වෙනස්වුණේ බලාගෙන ඉන්නකොට..

“ඕ/කා කපටියා..ඔය කපටිකමට කට වහගෙන ඉන්නේ..ඕ/කා පි/ස්සා මගේ කෙ//ල්ලෙක්ගේ ජීවිතේ විනාස කරා.පි//ස්සෙක් කියලා දැන දැන මේ/කාගේ මහ එ/වුන් මේ/කා මගේ දුවගේ කරේ ගැහුවා…”

නැන්දම්මා පොලිසියේ එහෙම කෑ ගැහුවේ මහ හයියෙන් .

“කරුණාකරලා මෙතන ඔයාල හෙවල් වල හැසිරෙන විදියට හැසිරෙන්න එපා….”

එතන හිටපු එක පොලිස් කාන්තාවක් මේසෙට තට්ටු කරමින් උ/ඹටයි උ/ඹේ අම්මටයි දොස් කියන්න ගත්තා..

“අපිට වෙන වෙනම කටඋත්තර ගන්න ඕනේ…ඔයා එන්න “

ඒ පොලිස් කාන්තාවන් දෙන්නා උ/ඹත් රැගෙන මදක් ඈතක තිබුණු මේසයක් ළඟට ගියා…

මොහොතක් ඒ පොලිස් කාන්තාවන් තුන්දෙනා උ/ඹෙන් ප්‍රශ්න කළා..උ/ඹ අම්මා ලගට ආවේ ජයග්‍රාහි උනේ හිනාවක් මුව දරාගෙන..

“දැන් දිලංක ..”

උ/ඹ පොලිස් කාන්තාව අසලින් නැගිටලා එතනට එනකොටම මම පොලිස් කාන්තාවන් ලඟට ගියේ ඒ කැඳවීමට

“දැන් අපිට තේරෙනවා මෙතන වෙලා තියෙන දේ..අපිට ඔයාගේ වයිෆ් සේරම කිව්වා…ඔයාගේ මේ වගේ නරක පුරුදු නිසායි ඔයාගේ පවුල විනාස වෙලාගියේ ..”

එක පොලිස් කාන්තාවක් එහෙම කිව්වම මම ඇගේ දිහා බැලුවේ ඇය මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා කල්පනා කරන ගමන්..

“මිස් කිව්වේ මොකක්ද මට තේරෙන්නෑ..”

“තේරෙන්නැති වෙන්න ඔයා බබෙක්ද?..මේ ප්‍රශ්න හැම දේකටම මුල ඔයා පිරිමි අය එක්ක වැරදි සම්බන්ධකම් පවත්වන කෙනෙක් නිසා..කොයි වයිෆ් ද කැමති තමන්ගේ හස්බන්ඩ් ඒ වගේ වැරදි කරනවට…”

මට එතකොටයි පැහැදිලි වුණේ උ/ඹ ඒ ගමන පත්තු කරපු ගින්න මොකක්ද කියලා..

මිස් ඒ දේවල් සේරම බොරු…ඒ සේරම එයාගේ හිතේ මනස්ගාත..එයාට මම පිරිමියෙක් එක්ක කතා කරත් සැකයි..

ගෑ//නියෙක් එක්ක කතා කරත් සැකයි.

කාට හරි මාව පාවාදෙන්න බලාගෙන ඉන්නේ..”

මම එහෙම කිව්වම එතන උන්නු පොලිස් කාන්තාවක් මගේ දිහා බැලුවේ අපහාසාත්මක බැල්මක් හෙළමින්…

“ඔය වගේ වැරදි කරන කවුරුත් කියන්නේ එහෙම තමයි…”

“මිස් මිස් ලත් ගෑ/නු අය හින්දා එයාලගේ පැත්ත ගන්නවා..මේ සමාජයේ ගෑ/නු අසරණයි කිව්වට ඇත්තටම වැඩිපුර අසරණ පිරිමි..මෙයා මම පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මට පස්සේ ඒක ආරංචි

වෙලා පොල්හේන්ගොඩ කාන්තා හා ළමා සංරක්ෂණ කාර්යාංශයට පැමිණිලි කරලා

මම මෙයාට ගහනවා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ යෙදෙනවාකියලා..ඇත්තටම මම මේ වගේ ඉවස ගෙන හිටියට වෙන කිසිම පිරිමියෙක් මේ වගේ ඉවසන එකක් නෑ.මට එයා මොන චෝදනා කරත් කමක් නෑ මගේ හර්ද ශාක්ෂිය දන්නවා මම වැරදි නෑ කියලා..මට කාගෙවත් ඉස්සරහා බාල්දු වෙන්න ඕනේ නෑ මම වැරදි නෑ කියලා

ගන්න තියෙන කටඋත්තරයක් අරගෙන එයාව යවන්න මිස්..”

පොලිස් කාන්තාවන් තුන්දෙනා මොහොතක් කල්පනා කරන්න ගත්තෙ මම එහෙම කිව්වම…

එතන උන්නු පොලිස් කාන්තාවක් උ/ඹව එතැනට කැදෙව්වා..

“ඔයා අපිට කිව්වට මෙයා ඔයාව දාලා ගියා කියලා වෙලා තියෙන්නේ ඒක නෙමෙයිනේ ..ඔයානේ මෙයාට යන්න කියලා තියෙන්නේ..”

“මේකයි මිස් සිද්ධ වුණේ..මම මෙයාට කලින් දවසේ මගේ කලිසම හෝදලා තියන්න කිව්වා …මම වැඩට යන්න ලෑස්ති වෙලා ඒක හොයනකොට ඒක හේදුවෙ නෑ මම ත/මුසෙගේ වැඩ කාරී නෙවෙයි කියලා මා එක්ක රණ්ඩු කරන්න ගත්තා …එතකොට මෙයා කිව්වා මෙයා මෙයාගේ අම්මලා ගෙදර යනවා කියලා..මෙයා ඉතින් කොයිවෙලාවෙත් කියන්නේ ඒක නිසා මම ගණන් ගත්තෙ නෑ..මම ඉතින් කිව්වා ඕක ත/මුසෙට පුරුදු දේනේ යන්න කියලා..”

“මේ දිලංක ගෑ/නු ඉන්නෙ ගෑ/නු කසාද බඳින්නේ රෙදි හෝද ගන්න නෙමෙයි..”

“මම මෙයාට කියලා මගේ වැඩ කර ගන්නේ නෑ..ඔය ඉදල ඉදලා වැඩක් කිව්වේ..මට තරහ ගියේ එයා ඒ වෙලාවේ ඒකට බෑ කියලා කිව්වා නම් මම කොහොම හරි ඒක හෝද ගන්න නිසා..”

“මෙයා හරිම හි//ඟන්නෙක්..මෙයාට කලිසන් දෙකයි තියෙන්නේ..හරියට යට ඇඳුමක්වත් නෑ..”

උ/ඹ පොලිස් කාන්තාවන් ඉදිරියේ එහෙම කියනකොට මට දැනුනේ දරාගන්න බැරි තරම් ලැජ්ජාවක්…

“ඔයාගේ වයිෆ් කියනවා ඔයාගේ දෙමවුපියෝ එක්ක පවුල් කන්න බෑ හැමදේටම මැද්දට කඩාගෙන පනිනවා කියලා..එයා ඔයා ලගට එන්න කැමතියි වෙන ගෙයක් කුලියට අරගෙන එයාව ලඟට ගන්නවානම් ..ඔයාට පුලුවන්ද කූලි ගෙයක් අරගන්න…”

“මේ තියෙන්නේ මිස් මම හම්බකරන සැලරි එක.මට ඒකෙන් නිකරුනේ කුලී ගෙයකට ගෙවන්න බැහැ හදා ගත්ත ගෙදර තියෙද්දී “

මම එහෙම කිවේ මගේ පේ ෂීට් එකක් එතන උන්නූ කාන්තා පොලිස් නිලධාරිනියකට දිගුකරමින්…

පොලිස් නිලධාරිනියන් දෙදෙනා මොහොතක් ඒ පේ ෂීට් එක දිහා බලාගෙන උන්නා…

“අපේ අම්මයි තාත්තයි මට වඩා මෙයාට ආදරෙයි..මෙයාට අපේ ගෙදර ඉන්න බෑ කියන්නේ අපේ ගෙදර අය පෙන්නන්න බැරි නිසානේ…හරි එහෙනම් මගේ ගෙදර අය අම්මා තාත්තා අයියා මේ සේරම අය එක්ක තියෙන සම්බන්ධකම් අතාරින්නම්..හැබැයි මෙයාටත් කියන්න ඕනේ මෙයා මෙයාගේ ගෙදර අය එක්ක සියලු සම්බන්ධ කම් අතාරින්න කියලා..”

මම එහෙම කියපු ගමන් උ/ඹේ මූණ වෙනස් වෙනවා මම දැක්කා..

“ඔයා මොනවද මේ ගැන කියන්නේ?.”

එතන උන්නු පොලිස් කාන්තාවන් දෙදෙනා උ/ඹෙන් එහෙම ප්‍රශ්න කළා.

උ/ඹ පිළිතුරක් නොදී මොහොතක් කල්පනා කරන්නට වුණා..මගේ හදවතේ ගැස්ම පවා වැඩි උනේ උ/ඹ මොන වගේ පිළිතුරක් දේවිද කියලා හිතලා..

හමුවෙමු මීලඟ කොටසින් 💔💔💔💔

පෙර කොටසට