ඔහු හා බැදි හතළිස් වසරක් ගෙවි යන්න වුයේ සිහියනක් මෙනි…තවමත් පෙර දිනයන් හි මෙන් දොර උළුහස්සට හේත්තුවී මා බලහිදින්නේ ඔහුගේ රුව අපේක්ෂාවෙනි …

රැකියාවෙන් විශ්‍රාම ගියද..ඔහු පෞද්ගලික වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන්න වුයේ .දවස ගෙවා දැමීමටය..

ආර්ක්ශක නිලධාරීයා විවර කර ගේට්ටුව තුලින් ඔහුගේ මෝටර් රථයට ඇතුලු වෙද්දි මටත් නොදැනිම මගේ දෙපා මෝටරථය අසල ඇදෙන්න වුයේ ඔහු සිනා මුහුණින් රියෙන් බසිද්දිය ………

” දෝණී තාම එ පුරුද්දක් ඇතැරිලා නෑනේද..ම්…” සුපුරුදු පරිදි ඔහුගේ ලැබෙන එ දෙතොල් පහස නලල මත ලැගුම් ගනිද්දී .මා ඔහුට තුරුල් වුයේ දෑස් පියාගනිමින් ය…..

දිවියේ සැදෑසමයේ ඔහුත් මාත් ගත කෙරුවද මා තවමත් ඔහු ඔහුගේ දෝණීය..කොයිතරම් කීවත් ඔහු සිය ආමන්ත්‍රණය වෙනස් නොකල නිසාවෙන් මාද ඔහුට කැමති ලෙස මා ඇමතිමට ඉඩකඩ ලබාදුන්නේ එලෙස ඔහු මා අමතන සැම වාරයක් පසා මා තව තවත් ඔහුටම බැදෙන නිසාවෙන් ය….

” මොකද අද මගේ දෝණී කලේ ගෙදරට වෙලා..අද පන්ති දවස නේද..අද තිබ්බේ නැද්ද..” තිස්පස් වසරක නර්තන ගුරුදිවියට සමුදී වසර කිහිපයක් ගත උනද පාලුව කාන්සිය නිවාගැනිමට නර්තන පන්තියක් නිවසේ පවත්වන වුයේ ඔහුගේ අදහසකටමය…

මා පියන් අහිමි වු දරුවෙක් ඇති දැඩි කිරිමට අවකාශය ලැබුනද.ඔහුත් මාත් එය මැදහත් සිතින් බැහැර කරන්නට වුයේ . දරුවා උස් මහත් වන විට කාලයත් සමග බාහිර සමාජයෙන් ඔහුට හෝ ඇයට අකටයුතුකම් සිදු වීමට ඇති ඉඩකඩ නිහඬවෙනි..

ඒ නිසාවෙන් හැකි සැම විටම ඔහු සේවය කල රෝහලේ හිදින කුඩා දරුවන්ට හා බිලිදුන්ට උපකාර කරන්න වුයේ ..නැවත උපදින අත්භවයක මෙවෙනි වේදනාවක් විදිමට සිදු නොවෙන ලෙස ප්‍රාර්ථනා කරමින් ය…

” නෑ මහත්තයා අද මගේ ඇගට ටිකක් හරි නෑ..මන් දරුවන්ට කිව්වා අද එන්න එපා කියලා ..”

” කොහෙද රිදෙන්නේ ..ආ..මොක්කද දෝණී අමාරුව.ඇයි මට කිව්වෙ නැත්තේ දවල් කෝල් කල වෙලාවේ කිව්වේ නැත්තේ..කෝ එන්න යන්න අපි බෙහෙත් ටිකක් අරන් එන්න යමු …..”

” නෑ නෑ මහත්තයා එහෙම අමාරුවක් නැ…කෝ එන්නකෝ අපි ගෙට යන්.එකනේ මන් ඔයාට මොනවත් කියන්නේ නැත්තේ..පොඩි දෙයක් ඇති බයවෙන්න ..”

” හරි හරි හැබැයි අමාරුවක් තියනවනම් මට කියන්න හොදද……”

” හරි හරි ඔයා වොශ් එකක් දාන් එන්නකො.මන් තේකක් අරන් එන්නම් උඩට.”
.
රාත්‍රීයේ නින්දට පැමිණ හොරා කිහිපයක් ගෙවි ගියද.කිසි දින නොමැති ලෙස අද නින්ද ලගා නොවෙන්න මන්දැයි සිතාගත නොහැක..

” දෝණී මොක්කද මේ එහෙ මෙහෙ පෙරලෙන්නේ නින්ද යන්නේ නැද්ද…” ඔහුටත් අද නින්ද ලගා නොවී නොමැති බව වැටහුණේ ඔහු මා අමතමින් බදවටා තිබු ඔහුගේ දැත් මෑත් කර මා ඔහු දෙස හරවගත් නිසාවෙනි ….

” අනේ මන්දා මහත්තයා අද කවදාවත් නැතුව නින්ද යන්නේ නෑ .හිතටත් හරි නෑ අමුත්තක් දැනෙනවා . අනේ මන්දා……”

” මටත් ඔය දේමයි දෝණී ..කවදාවත් නැතුව හරි වෙහෙසක් දැනෙනවා ..අනේ මන්දා හරියට අපිට හෙර ඉර දකින්න බැරි වෙයි වගේ හැගීමක්…….”

” මහත්තයා මන් දවසකුත් කිව්වා අපි දෙන්නා මැරෙනවනම් මැරෙන්න ඕනි එකට…

මන් දන්නේ නෑ මට මෙහෙම කියන්න හිතෙන්නේ ඇයි කියලා….

ඔයා ඉපදෙන ඊලග ආත්මෙත් මාව හොයන් එනවා කියලා මට පොරොන්දු වෙනවද…”

” මන් පොරොන්දු වෙනවා දෝණී .ඉපදෙන ඉපදෙන හැම ආත්මෙකම මගේ දෝණී හොයාගෙන එනවා කියලා මොකද මන් එතරම් මගේ දෝණීට ආදරේයි …..”

ඔහු මගේ හිස් මුදුනින් දෙතොල් පෙති තවරම්න් පවසන්න වුයේ ඔහුගේ දෙනෙතින් ගිලිහුනු කදුලු බිදුවක් මගේ නලල් තලය සිපගනිද්දි ය ……

” මාත් ආදරේයි මහත්තයාට …..” මගේ දෙතොල් ඔහුගේ ලය මත ලැගුම් ගන්නට වුයේ දෙනෙත් පිවි යද්දිය ……..

ඉරුගල්බණඩාර වලව් භූමිය හරහා සිසිල් මදනලක් හමා යන්න වුයේ නටුවෙන් ගිලි හුනු සුදු අරලිය මලක් ගස පාමුල වු සොහොන් කොත් ද්විත්වය මැද භූමිය සිපගනිද්දි ….

දෛවෝපගත ලෙස බැදුණු හිත් නොබැදුණු හිත් සමගත් කාලයත් සමග බැදීම් ඇති කරගෙන නික්ම යන්න වුයේ …..

බැදුණු නොබැදුණු හිත් අතර අමතක නොවන සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙකු කරමින් ය.

කේශ්වර අභිමන් ඉරුගල්බණඩාර

අහිංසා මන්දහාසිනි ඉරුගල්බණඩාර

එකම දිනක එකම මොහොතක දිවිකතරෙන් සමුගත් ඔවුන් දෙදෙනාගේ සිරුර එකිනෙකට ආසන්නයෙ මිහිදන් වුයේ ඔහුගේ අවසන් කැමැත්ත එය වු බැවිනි ……

සංසාරගත ප්‍රේමයක නිමාව එසේ ලිය වුයේ ..ඔවුන්ගේ තවත් බවයක එක් වීම අනාගතය බාරකරමින් ය…….

නිමි……………

කොටස් තිස්පහක් පුරාවට මා එක හිටිය ඔයාලා හැම කෙනෙක්ටම හුගාක් ආදරේයි …

ලයික් කමෙන්ට් කරන හැම කෙනෙක්ටම හුගාක් ස්තූති..රිප්ලයි කරන්න බැරි වෙනවට නම් මන් සමාව ඉල්ලනවා..තියන වෙලාව මදි මට රිප්ලයි කරන්න. පුලුවන් වෙලාවට මන්‍ රිප්ලයි කරන්න බලන්නම්…

ආදරේයි