කාවින්දි ලියනගේ

🌬 නිසල සද මඩල 🌬

☁️15 වන කොටස ☁️

” දැන් හරිනේ උබේ අමාරුව තොට එච්චර දන්න සිංහලෙන් කිව්වා කෙල්ලව අරන් යන්න එපා කියලා..තෝ මොකක්ද කරේ..අච්චර අමාරුවෙන් බේරගත්ත කෙල්ලව ආන්ටිගේ බොඩිය බලන්න අරන් ගියා…බුරුවෝ එ මැරිලා ඉන්නේ එ කෙල්ලට මේ ලොකේ තමන්ගේම කියලා හිටපු එකම කෙනා..එකිගේ අම්මා.උබ හිතනවද සාමාන්‍ය

මනුස්සයෙක්ටවත් තමන්ගේ අම්මා එහෙම ඉන්නවා බලන්න බැරි වෙද්දි එකි කොහොම එක දරා ගනිද කියලා……

ශික් මට උබ එක්ක මාර තරහක් එන්නේ බන්..බලහන් අර කෙල්ල විදින දුක දැන් ඔය එකිට කරපු කිවේනි ඔපරේශන් එකද..උබ මෙහෙම කෙයාර්ලස් උනහම කවුද බන් ඉස්සරහට එ කෙල්ලව බලා ගන්නේ…

ඇයි බන් උබ මෙච්චර කලබල වෙන්නේ…උබේ මුලග්ගින්න හින්දා මේ හැමදේම …..තොට මන් කට කැඩෙනකන් කිව්වා රට යන්න එපා කියලා තෝ අඩුම එකවත් ඇහුවද නෑ……ගියා..

දැන් තොට සනිපද……….”

හදිසි ශල්‍යාකර්මයෙන් අනතුරුව ආරෝහි රදවා සිටින රෝහල් කාමරය ඉදිරියේ අසුන් ගෙන හිදින යුරාග් හට නිසල් බැන වදින්න වුයේ.සිය ආවේගයන් තවදුරටත් පාලනය කරගත නොහැකි තැනයි…….

අසුනෙන් මෑත් වී ඇය රැදි සිටින රෝහල් කාමරයේ දොර මදක් විවර කර ඇය දෙස මද වේලාවක් බලා සිටි ඔහු නිහඬව රෝහලෙන් පිටතට පා තබන්න වුයේ .ඔවුන් පවසන වදන් සවන් නොඇසුනා සේය…

සිතට දැනෙන්නේ අසීමිත වරදකාරි හැගිමකි..සැබැවින්ම තමා ප්‍රාණසමව ආදරේ කල ඇය මෙලෙස ජිවතයත් මරණයත් අතර සටන් කරන්නේත්.මවක් මෙන් කුඩා කල පටන් තමා රැකබලා ගත් ඇයට අකාලයේ දිවියේන් සමුගැනිමට සිදු වුයේ තම වරදින් නොවේද…..

මිට පැය විසිහතරකට පමණ පෙර තම දිවියේ ඇසිමට සිදුවු ශොකජනක පුවත සවන් වැකුනේ..සිය ගත අප්‍රාණික කරමින්‍ ය…

හැකි ඉක්මනින් ලංකාව බලා පැමිනිමට උත්සහ කලද..එ වන විටත් සියල්ල සිදු වී හමාරය…සිය එක කුස උපන් සොහොයුරිය නාන්දුන වෙඩිකරුවෙකුගේ වෙඩි පහරන් රෝහල් ගත කිරිමටත් පෙර මිය ගොස් තිබුනේ…ජිවිතයත් මරණයත් අතර සටන් කල ඈ සිහිය පැමිනි මොහොතේය……

තමන් එ ගමන පිටත්ව නොගියේ නම් ඔවුන් හොදින් නොවේද. අතෙහි වු සිව්වන මත්වතුර බෝතකයද විවර කර එක හුස්මට එය පානය කරන්න වුයේ බඩබොකු දැවි යද්දිය ….

” අඩෝ රයන් කෝ අරු…”

” බොස් ඊයේ ආපු වෙලාවේ ඉදන් දොරත් ලොක් කරන් ඔෆිස් රූම් එකේ .මන් උදේ කතා කරපු වෙලාවේත් කැගැහුවා මිසක් දොරනම් ඇරියේ නෑ සර්……”

” ඕ ශිට් .!

අර කෙල්ල අරහේ පිස්සුවෙන් වගේ මූව හොයනවා .මු මෙහෙ මොන මගුලක් කරනවද……”

” අඩෝ යුරාග් දොර ඇරපන්…..අඩෝ මේ දොර ඇරහන්….” දොරට කිහිප වරක් තට්ටු කල ඔහුගේන් කිසිදු ප්‍රතිචාරයක් නොවිය..

” අඩෝ රයන් මේක හරියන්නේ නෑ..මේ දොර කඩමු..මූ මොන විගඩමක් නටලද දන්නේ නෑ මෙ වෙනකොටත් …”

” නෑ ඉන්නකෝ සර් අපි ලොක් එකට ශුට් කරමු “

” අඩෝ මචං යුරාග් …….”

” සර්………”

දොරෙහි උගුල පන්නා දමා ඇතුලට කඩා වැදුන ඔවුන් දුටුවේ…සිය ගෙල යටින් රීවොලරය තබාගෙන නිසොල්මව හිදින ඔහුයි ………..

මතුසම්බන්ධයි