කතාව කියවන හැමෝම Like එකක් දාන් යන්න වස්තුලා ❤️❤️❤️

😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින🌹🌹

තිස් වන චන්ඩිකම 🙅🙅

කම්මුලත් අතින් අල්ලන් මොහොතක් මං දිහාම බලන් උන්නු රනුක ආයෙමත් මගෙ අත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තෙ මට ගැලවෙන්නවත් බැරි තරමට තදට කොච්චර දැගලුවත් රනුකගෙ ශක්තිමත් අත්වලින් ගැලවෙන්න තරම් මට ශක්තියක් නෑ.ඒත් එක්කම ඉස්සරහින් ඇවිත් නතර කළේ කාර් එකක්.ඒ ඇරුණු දෙරෙන් එළියට ආපු කෙනා දැකල මාව වෙව්ලන්න ගත්තෙ.

දත් කුරු හපා ගෙනම අපේ ඉස්සරහට ඇවිදන් ආවෙ අභිරූ සර්.සර්ව දැකලද,මන්ද රනුක අයියගෙ අත් දෙක ලිහිල් වුණේ.ඒ සැනින්ම මං රනුක අයියගෙ අත් ගසා දාල පාර දිගේම වේගෙන් ඇවිද ගෙන යන්න වුණේ සර් රනුක ළගට ගියපු අතරෙම.මං තවත් එතන හිටියොත් සර් ඒකටත් කියයි මං රනුකව අල්ල ගන්න හදනව කියල.සර් කොහොමවත් මාව දකින්නත් අකමැතියිනෙ.තවත් එතන ඉදල ඒ නපුරගෙ වචන අහ ගෙන බොරුවට හිත රිද්ද ගෙන අඩන්න ඕනකමක් මට කොහෙත්ම තිබුණෙ නෑ.

දැනුත් රනුක අයියට කිය කිය මට බනිනව ඇති.මට මොකද? ඉතින් වෙච්ච දේ මම දන්නවනෙ.කව්රු මොණව කිව්වත් හිතුවත් මට වැඩක් නෑ.මං එහෙම හිතන ගමන්ම වේගෙන් බස් හෝල්ට් එක දිහාවට ඇවිදන් ගියේ.ඒත් වැඩි දුරක් යන්න වුණේ නෑ.වේගෙන් ආපු අභිරූ සර්ගෙ කාර් එක මග හරස් කරල නතර උනේ මං ගැස්සිලා අඩියක් දෙකක් පිටි පස්සට විසි වෙද්දි.

දොරත් ඇරන් වේගෙන් මගෙ ළගට ඇවිදන් ආපු අභිරූ සර් මගෙ මූණ දිහාවත් නොබලම මගෙ අතකින් ඇද ගෙන ගිහින් කාර් එකේ දොර ඇරල ඩ්‍රයිවින් ශීට් එකට මෙහා පැත්තෙ ශීට් එකට තල්ලු කරල දැම්මෙ කුණු මාළු කෑල්ලක් වගේ.දඩාස් ගාල දොර වහල දාපු සර් අනිත් පැත්තෙන් ඇවිත් කාර් එකට නැඟල දොර වහ ගත්තෙ.

” ඔය ශීට් බෙල්ට් එක දා ගන්නව “

ඉස්සරහ බලා ගෙනම සුක්කානමට අත් දෙක තියා ගෙනම සර් එහෙම කියනව.වෙච්ච දේවල් තේරුම් ගන්න බැරුව මං කටත් ඇර ගෙන සර් දිහාම බලන් හිටියෙ.

” කණ ඇහෙන්නෙ නැද්ද? බෙල්ට් එක දා ගන්නව”

ආයෙමත් ඉස්සරහ බලා ගෙනම අභිරූ සර් කෑ ගහන්න වුණේ කන් අගුළු වැටෙණ තරමට.මං ඉක්මනට ශීට් බෙල්ට් එක දා ගත්තෙ සර් කාර් එක ස්ටාට් කරල වේගෙන් පාරට දාල යන අතරෙ.කොහෙද? යන්නෙ කියලවත් අහන්නෙ කොහොමද? ඒ නපුරු මූණ දිහා බලන්න බය හිතෙද්දි.මං සද්ද නැතුවම වීදුරුවෙන් එළිය බලන් උන්නෙ.සර්ටත් මං ගැන ගානක් නෑ.ඉස්සරහ බලා ගෙන කාර් එක ඩ්‍රයිව් කරනව.අපි අතර කිසිම කතා බහක් නැතුවම විනාඩි ගානක්ම ගෙවිල ගියේ.මාත් නිහඩවම වීදුරුවෙන් එළිය බලන් උන්නෙ.

ටික වෙලාවකින් ෆෝන් එක රින්ග් වෙන්න ගත්තෙ.මේ වෙලාවෙම කව්ද?මන්ද,කව්රු උනත් මොකද? ආන්සර් කරන්නෙ නෑ.එහෙම හිතන ගමන් ආයෙමත් වීදුරුවෙන් එළිය බලා ගත්තෙ.ෆෝන් එක රින්ග් වෙලාම නතර වුණේ.ඒත් ආයෙමත් රින්ග් වෙන්න වුණේ සද්ද නැතුවම මං වීදුරුවෙන් එළිය බලන් උන්නු අතරෙ.

” කණ ඇහෙන්නෙ නැද්ද? ඕක ආන්සර් කරනව”

ඉසාරහ බලා ගෙනම අභිරූ සර් ආයෙමත් කෑ ගහන්න වුණේ.ඒ හඩට ගැස්සිලා ගියපු මං ඉක්මනට බෑග් එකට අත දාල ෆෝන් එක ගත්තෙ සර් දිහා ඇස් කොනකින් බලන ගමන්ම.එයා ගානක් නැතුවම ඉස්සරහ බලා ගෙන ඩ්‍රයිව් කරනව.මේ රශීටත් මේ වෙලාවෙම කෝල් ගන්න මතක් වුණානෙ හිතින් බනින ගමන්ම මං ෆෝන් එක කණෙන් තියා ගත්තෙ.

” නෑ ඔව් ඔව් හා “

ඒකි තවත් මොනවදෝ කියවනව.මං එහෙම කියල ෆෝන් එක කට් කරල බෑග් එකට දා ගෙන ආයෙමත් එළිය බලන් හිටියෙ.

” බහිනව ඉතින් “

ආයෙමත් සර්ගෙ හඩට මං ගැස්සිලා ගියේ.කල්පනාවක උන්නු නිසාම කොහෙද?යන්නෙ කියලවත් මට කල්පනාවක් වුණේ නෑ.හැම තැනම ඇස් යවල බැලුවෙ මේ කොහෙද? කියල.දෙවියනේ….අපේ ගෙදරට හැරෙන පාර ගාව හිටියෙ.සර් කොහොමද?අපේ ගෙදර ගැන දන්නෙ.එහෙම හිතන ගමන්ම මං දොරත් ඇරන් කාර් එකෙන් බැහැල ආයෙත් ඒ නපුර දිහා නොබලම ගෙදරට යන පටු වැලි පාර දිගේ ඉස්සරහට ඇවිදන් ගියේ.

” නිශාදි “

මං ඉස්සරහට තිබ්බ අඩිය ආයෙමත් පස්සට ගත්තෙ.අනිත් පැත්ත හැරිල බලනකොට අභිරූ සර් කාර් එකට පිට තියා ගෙනම අත් දෙකත් බැඳන් බලන් ඉන්නව.ඔළුව වනල කතා කළේ ළගට එන්න කියල.මං බිම බලා ගෙඅ ලගට ගියේ.එහෙම්ම මගෙ අත් බාහුවෙන් ඇදල ගත්තු අභිරූ සර් මාව කාර් එකට තද කරල මගෙ කට දෙපැත්තෙන් අල්ලල මිරික ගත්තෙ.ඒ ඇස්වල කේන්තියක් නැති උනත් මවා ගත්තු කේන්තියකින් මොකක්දෝ දෙයක් හංගන්න උත්සාහ කරනව වගේ මට තේරුණේ.

” තමුසෙ ආයෙ අර රනුක දිහා බලල තිබුණොත් මං උබව මරනව”

සද්දෙන්ම එහෙම කියපු අභිරූ සර් මාව තල්ලු කරල දාල ගානක් නැතුවම කාර් එකට නැගල වේගෙන් යන්න ගියේ.පාර දිහාම බලන් උන්නු මං ගැස්සිලා ගියේ රශී දිග පොල්ලකුත් අතේ තියා ගෙන පාර අයිනට දුවන් එනව.

” රශී මොකද? මේ “

” ෂිට් මූ ගියානෙ”

රශී එහෙම කියන ගමන් අතේ තිබුණු පොල්ල් පාර අයිනට විසි කර දැම්මෙ.ඊලගට මේකි මගෙ ළගට ඇවිත් මගෙ අත් දෙකත් මූණත් අල්ල අල්ල බලනව.

” මොකක්ද? බං මේ උඹට වෙලා තියෙන්නෙ “

කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ම්ං එහෙම ඇහුවෙ ඒකිගෙ මූණ දිහාම බලා ගෙන.

” අර අර්ශෂ්කාරයගෙන් උඹට මොකුත් උනේ එහෙම නෑ නේද?ඕකව ශුවර් කරන්න බෑ.ඈ බන් ඌට අද වැරදිලාද? උඹව දා ගෙන ආවෙ “

රශී කටත් එහෙක් කර ගෙන එහෙම කිය් ගෙන ගියේ.

” අනේ මේ පලයං යන්න “

ඒකිටත් ගස්ස ගෙන මං පාර දිගේ ඇවිදන් යන්න ගියේ.

” හෑ 😯 යකෝ උඹටත් අරූගෙන් අර්ශෂ් බෝ වෙලාද? යකෝ බලපංකො මේකිගෙ ගෑස් 😏මේ ඒක නෙවෙයි උඹ ඉස්සරල ඔව් නෑ බෑ ට්තරගයක් තිබ්බද? අර මං කෝල් කර වෙලාවෙ”

තවත් දාහක් ජාති අහ අහ ඒකි පස්සෙන් ආවත් මං නෑහුණු ගානට ඇවිදන් ගියේ…

නැවත හමුවෙමු.👋👋

කතාව පොඩ්ඩක් පරක්කු උනාට සමා වෙන්න යාළුවනේ