බැඳීමක් නැති මුදුවක් 💔
35 වන කොටස
“පුංචි පුතා එනවද තාත්ති එක්ක ගෙදර යන්න..”
මම එහෙම ඇහුවම පුංචි පුතාගේ ඇඩිල්ල එක පාරටම නැවතුනා…
“හා තාත්තා…”
චූටිපුතා එහෙම කියද්දි නම් මට පුදුම හිතුනා..අම්මා එපා කියලා පුංචි පුඊතා මාත් එකක යන්න කැමති වුනාම..
උ/ඹත් උ/ඹේ අම්මයි තාත්තයි ත් දෑස් ලොකු කරගෙන බය වෙලා වගේ බලාගෙන හිටියා ..
“පුතා අම්මව දාලා යන්න ද හදන්නේ…පුතාට අම්මා නැතිව ඉන්න පුළුවන්ද ?..”
උ/ඹ එහෙම කිව්වේ උ/ඹේ ඇස්වල කඳුළු කඳුළු පුරෝගෙන පුංචි පුතාව තව තවත් උ/ඹේ පපුවට හිර කරලා තුරුල් කරගන්න ගමන්…
“අම්මි මට තාත්ති ඕනේ..බබාට සෙල්ලම් කරන්න තාත්ති උනේ..බබාට එහේ ආච්චයි සීයායි උනේ…බබාත මෙහේ පාලුයි අම්මී.. “
පුංචි පුතා එහෙම කියද්දි අම්මගේ දෑස් කඳුළින් පිරෙන හැටි මම දැක්කා…
පුංචි පුතා මාත් එක්ක ගෙදර යන්න කැමති එකේ මම කොහොමහරි පුංචි පුතාව එක්කගෙන ගෙදර යනවා කියලා මම හිතා ගත්තා…
“පුතා අම්මිව දාලද යන්න හදන්නේ? පුතාට අම්මි නැතුව ඉන්න පුලුවන්ද?.”
උ/ඹ එහෙම ඇහුවේ පුංචි පුතාව ආයෙමත්
උ/ඹේ දෝතට ගන්න ගමන්…
පුංචි පුතා මොහොතක් උ/ඹේ මුහුණ දිහා බලාගෙන කල්පනා කරා..
ඇත්තමයි ඒ වෙලාවේ මගේ හෘද ස්පන්දනය පවා වේගවත් වුණේ චූටි පුතා මොනවගේ දෙයක් කියාවිද කියලා හිතාගන්න බැරුව..
උ/ඹේ අම්මා,තාත්තා අපේ අම්මා මේ සේරම දෑස් අයාගෙන චූටි පුතා දිහා බලා ගෙන උන්නේ චූටි පුතා මොනවගේ තීරණයක් ගනීවිද කියලා හිතාගන්න බැරිව…
පුතා කිසිවක් නොකියා නිහඬව උ/ඹේ ගෙල වටා දෑත් යොමුකරලා උ/ඹව තුරුල් කරගෙන උන්නා.
“චූටි පුතා තාත්ති එක්ක එහෙ යන්න එනවා නේද?..කෝ අපි යමු පුතේ…”
ඒ නිහඬ බවට බය හිතුනු මම නිහඬතාවය බින්දා..
මම එහෙම කියපු ගමන් චූටි පුතා ඉකි ගහමින් අඩන්න ගත්තේ මගෙ දිහා බලලා..
“මම තාත්තාට ගොඩක් ආදරෙයි..”
“එහෙනම් අපි යමු පුතා ..”
මම එහෙම කිව්වේ චූටි පුතාව ගෙදර ගෙනියන්න සූදානමින් සතුටු සිතින්…
චූටි පුතා එකපාරටම අඬන්න ගත්තේ එතන උන්නු සේරම කට්ටිය මොහොතකට වික්ෂිප්ත කරලා…
“ඇයි පුතේ මේ අඬන්නේ…?”
මම එහෙම ඇහුවේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ඉන්න පුංචි පුතා දිහා දුකින් බලාගෙන..
“තාත්ති මට අම්මි දානා එන්න බෑ..මට අම්මිව ඕනේ..”
පුංචි පුතා එහෙම කියද්දි නම් මට දැනුණේ මගේ පපුව එක් වරටම ඇවිලිලා ගියා වගේ..
පුංචි පුතා තාත්තා ඕනේ කියලා මාත් එක්ක එන්න සූදානම් වෙද්දි හිතට දැනුන සතුට එක් සැණෙකින් අතුරුදහන් වුනා…
“මගේ හොඳ පුතා…”
උ/ඹ පුංචි පුතාගේ හිස සිඹගෙන ගියේ සතුට වැඩිකමට…
අපි දෙන්නා විවාහ වුනේ ජීවිතය ,දුක,සැප බෙදා හදා ගන්න.එකට ජීවිත ගමන ගෙනියන්න.ඒත් අද මගේ දුක උ/ඹට සතුටක් වෙලා.
උ/ඹේ දුක මට සතුටක් වෙලා…
උ/ඹ සිනාවෙමින් සතුටු වෙද්දි මගේ හදවත දුකින් හඬා වැළපුණේ පුංචි පුතාවත් අද ඉඳන් මට නැති වේවි කියලා හිතලා…
මම පුංචි පුතා දිහා බලාගෙන උන්නේ වේදනාවෙන් පිරුණු ඇස් දෙකෙන්…
“අම්මී…බබාට අම්මිත් ඕනේ…තාත්තිත් ඕනේ..දෙන්නම ඕනේ..’.
හිතේ තිබුන දුක තවත් වැඩි උනේ නොසිතූ විදිහට චූටි පුතා එහෙම කිව්වම …
මොනවා කරන්නද මගේ රත්තරන් පුතේ
උ/ඹේ අම්මට මාත් එක්ක සතුටින් සහයෝගයෙන් ජීවත්වෙන්න බැරිකොට….
උ/ඹේ අම්මටයි මටයි තවත් එකට මේ ජීවිතයේ ගමන් කරන්න බෑ..
මෙච්චර කාලයක් අපි එහෙම එකට ජීවත් වුණේ මේ හැමදේම මම සම සිතින් උපේක්ෂාවෙන් පුතේ උ/ඹ හින්දම ඉවසන් හිටපු නිසා…
ඒත් මට සමාවෙය/න් පුතේ තවත් නම් මට ඉවසන්න බෑ..මමත් හැඟීම් දැනීම් තියෙන *ලේ මස් ඇට නහර වලින් හැදුනු කෙනෙක් විදිහට මගේ ඉවසීමේ විඳදරා ගැනීමේ සීමාවක් තියෙනවා..
දැන් ඒ ඉවසීමේ සීමාව හොඳටම ඉක්මවලා ගිහින්…මේ විදිහට දුක් විද විද හැමදාම එකට ජීවත් වෙනවාට වඩා .හැඟීමක් නැති නාම මාත්‍රීක බැඳීමෙන් නිදහස් වෙන එක හොඳයි…
ඒත් අපේ වෙන්වීම නිසා අසරණ වෙන්නේ චූටි පුතා කියලා හිතෙද්දි හිතට දැනෙන දුක මෙතකැයි කියලා කියන්න බෑ …
“බබාට ඉන්න පුළුවන් එක්කෙනෙක් ළඟ..බබා ඉන්නේ අම්මා ළඟද තාත්ති ළඟද?..”
නෙහාරා එහෙම චූටි පුතාගෙන් අහද්දී චූටි පුතාගේ නැවතිලා තිබුණු ඇඬිල්ල ආයෙමත් වැඩි වුණා..
“බබාත අම්මිත් ඕනේ තාත්තිත් ඕනේ…දෙන්නම ඕනේ…බබා පව්…”
චූටි පුතා එහෙම මහ හයියෙන් අඩන්න ගත්තේ උ/ඹටත් පාලනය කරගන්න බැරි තරමට….
අපේ අම්මා අඬන්න ගත්තේ චූටි පුතා එහෙම කියද්දී …
මෙතෙක් වෙලා තද කරගෙන හිටපු මගේ හිත උණු වෙන්න ගත්තේ චූටි පුතාගේ වදන් වලට..
පුතා හරි..දරුවෙක්ට අම්මෙක්ගේ සෙනෙහස වගේම තාත්තාගේ සෙනෙහසත් එක වගේ වටිනවා…ඇත්තටම දරුවෙක් කොහොමද එක්කෙනෙක්ව කැප කරලා තවත් කෙනෙක්ව තෝරගන්නේ…
මේ හැමදේටම වැරදි උ/ඹම තමයි…
උ/ඹ හැමදාම හිතුවේ උ/ඹයි උ/ඹේ අම්මා ගැන විතරයි…
උ/ඹ කවදාවත් අපේ පවුල ගැන හිතුවේ නෑ…අපේ පවුල රැකගන්න උ/ඹට කිසිම උවමනාවක් තිබුනේ නෑ..
මේ හැම දේකටම මුල ඒ නිසයි…
දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නෑ..
එක්ව එකමඟ යන්න අපිට බැහැ…
වෙන්ව දෙමඟක යන්න වෙනවා..
“බබාට දෙන්නම ළඟට යන්න බෑ..අම්මා ඉන්නේ මෙහේ..තාත්තා ඉන්නේ තාත්තලගෙ ගෙදර.බබා කොහෙටද යන්න කැමති..?.”
උ/ඹේ අම්මා චූටි පුතාගෙන් එහෙම ප්‍රශ්න කරන්න ගත්තා.
චූටි පුතාගේ හැඬුම්බර මුහුණ තව තවත් අඳුරු වුණා..
චූටි පුතා මහ හයියෙන් ඉකි ගහමින් අඩන්න ගත්තා..
අනේ ඒ කඳුළු දැකලා මගේ ඇස් වලට කඳුළු උනන්න ගත්තේ අනායාසයෙන්ම..මම මගේ ඇස්වලට උනපු කඳුළු දෑස් පියාගෙනම දෑස් තුළ හිර කරගත්තේ ඒ කඳුළු කිසිවෙකු හෝ දකියි කියලා ..
“දිලංක යනවනම් මෙතනින් පව් නොදී යනවා..තවත් දරුවව අඩවන්න නැතුව මෙහෙන් යනවා.මම මේ දරුවව කීයටවත් තමුසෙට දෙන්නෙ නෑ…මේ දැන්ම මෙහෙන් දොට්ට බහිනවා …”
උ/ඹ එහෙම කෑ ගහන්න ගත්තේ මටත් අපේ අම්මටත් රවාගෙන ගිරිය පුප්පගෙන..
“ඒක තමයි..අපිට තිබ්බේ ආපු ගමන්ම මේ අම්මා වයි පුතාව යි එලවලා දාන්න..ඔය අම්මටයි පුතාටයි ඇත්තටම ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද ?.ගෙදරින් එළෙව්වත් එළියට බහින්නේ නැතුව ඉන්නේ…”
මේ තරම් එලවද්දි බනිද්දි පිරිමියෙක් හැටියට තවත් කොහොම නම් මම ඉවසගෙන ඉන්න ද?..
මම පුතා ලගට කිට්ටු උනේ අන්තිම වතාවට මාත් එක්ක යන්න කතා කරන්න කියලා…
“සුදු පුතේ තාත්තා ගෙදර යන්න හදන්නේ..තාත්තා එක්ක එහෙ යන්න එන්න පුතේ…”
මම එහෙම කියද්දී පුංචි පුතා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන හිටියා..
“බබාත තාත්තා ඕනේ…අම්මත් ඕනී..”
“අම්මයි තාත්තයි ආයෙමත් එක ගෙදරක ඉන්නේ නෑ පුතේ…”
“නෑ නෑ…මට අම්මයි තාත්තයි දෙන්නම මැත්දෙන් දොයි යන්න ඕනේ..”
චූටි පුතා එහෙම කිව්වම මගේ පපුව තවත් රිදෙන්න ගත්තා..චූටි පුතා අම්මගෙයි තාත්තගෙයි එක් වීම ප්‍රාර්ථනා කලාට අම්මයි තාත්තයි ආයෙමත් එක් වෙන්නේ නැහැ…මට සමා වෙයන් පුතේ…
මම එහෙම හිතුවේ චූටි පුතාගේ හුරතල් මූණ දිහා බලාගෙන..
“අම්මයි තාත්තයි ආයෙමත් එක ගෙදරක ඉන්නේ නැහැ..පුතා එන්න තාත්ත ගෙදර යන්න…ආච්චි ඉන්නෙතේ එහෙනේ…”
මම එහෙම කියද්දී චූටි පුතා මගෙත් අම්මගෙත් මුහුණුවල් දිහා මාරුවෙන් මාරුවට බැලුවා..
“අපි එහෙ යමු මගේ රත්තරනේ…ආච්චිට පුතා නැතුව ඉන්න බෑ..පාළුයි මගේ පුතේ…”
“ආච්චි..බබාට ආච්චිවත් ඕනී තාත්තවත් ඕනී…ඒත් බබාට අම්මා නැතුව දොයිය යන්නේ නෑ.”
පුංචි පුතා එහෙම කියද්දී උ/ඹෙත් උ/ඹේ අම්මගෙත් මූනට ආවේ ජයග්‍රාහී හිනාවක්..
“දැන් ඇති නේද අහගත්තා…තවත් මේ පොඩි දරුවාගේ හිත පාරවන්නේ නැතුව ආපු දිහාවකට යනවා…”
උ/ඹේ අම්මා මහ හයියෙන් එහෙම කෑ ගහන්න ගත්තා..මම ගෙදර යන්න කියලා තීරණය කළේ කොයිතරම් කතා කරත් ,චූටි පුතා උ/ඹව දාලා යන්නේ නෑ කියලා අවබෝධ වෙලා.
“තාත්තා ගිහින් එන්නම් පුතේ.පරිස්සමෙන් ඉන්න..”
මම එහෙම කිව්වේ පුංචි පුතා දාලා යන්න වාරු නැති දෙපා ඉදිරියට තබමින්..
පුංචි පුතා වෙනදා පුරුද්දට මගේ අම්මටයි මගෙයි දෙපතුල් වැඳ නමස්කාර කරා..මට මතක් උනේ මම පුංචි පුතාට වැඩිහිටියන්ට වඳින්න උගන්නපු හැටි..අද ඒ විදියට පුංචි පුතා ලස්සනට වැද නමස්කාර කරනවා..
“තෙරුවන් සරණයි මගේ ර..ත්..ත ර න් පුතේ..”‘:
මම එහෙම කිව්වේ මගේ වියළී ගිය උගුට අපහසුවෙන් වදන් අරගෙන…
මම චූටි පුතා ව දාලා අම්මත් එක්ක ගෙදර ආවේ හිතකින් නම් නෙමෙයි ..වෙන කරන්න දෙයක් නැති නිසා…මම ගෙදර ආවේ තිබුණු හැම දෙයක්ම නැතිවෙලා ගිය පරාජිතයෙක් වගේ…..
💔💔💔💔💔💔💔💔💔💔💔
සේවා මුරය අවසන් වෙලා නිවාඩු දවසට ගෙදර ආවාම හිතට දැනෙන්නේ දරාගන්න බැරි තරම් ලොකු දුකක්.මුළු ගේ හැම පුරාම තියෙන්නේ චූටි පුතාගේ මතක..
කාමරයේ ඇඳට වෙලා මම වැතිරුණේ ඇඟේ තෙහෙට්ටුවට වඩා හිතේ තෙහෙට්ටුව මාව දරුණු විදියට හෙම්බත් කරපු නිසා …
ඒ වුණත් ඇඳේ වැතිරුණු ගමන් සිහිපත් වෙන්නේ චූටි පුතා මගේ ඇඟ උඩ වැතිරිලා නිදා ගත්ත හැටි..මම නිවාඩු දවසේ ගෙදර ඉන්නකොට චූටි පුතා නිදාගන්න කැමති මගේ ඇඟ උඩ..මගේ ඇඟ උඩ වැතිරිලා කෝලම් කරපු හැටි සිහිපත් වෙනකොට හිතට දැනෙන්නේ ඉවසගන්න බැරි තරම් ලොකු දුකක්…
“දයි…දයි….දයි දයිය බබා…
බයි..බයි..බයි බයිය බබා…”
චූටි පුතා එහෙම කියමින් මගේ ඇඟ උඩ වැතිරිලා මාව නිදි කරන හැටි මතක් වෙලා මගේ ඇස් වල කඳුළු පිරුණා..
මේ කඳුළු දකින්න කෙනෙක් නැති නිසා නිදහසේ ඇදහැලෙන්න මම ඉඩ දුන්නා..
හැම දුකකට ම වඩා දරු දුක වැඩියි කියන කතාව ඇත්තක් කියලා මට හිතුණේ ඒ දුක දරා ගන්න බැරි තරම් ප්‍රබල නිසා….
පුංචි පුතාගේ හුරතල් කතා තවමත් හිත ඇතුලේ දෝංකාර දෙනවා වගේ…
පුංචි පුතාගේ ඒ දඟකාර හිනාව තවමත් ඇස් වල මැවි මැවී පෙනෙනවා වගේ..
මම ඇඳෙන් නැගිට්ටේ කාමරයේ ඉන්නකම් පුංචි පුතා මතක් වෙලා හිතට දැනෙන දුක දරාගන්න බැරි තරම් වැඩි නිසාම….
සාලේට මම ඇවිදගෙන ගියේ පුංචි පුතාගේ මතක වලින් ඈත් වෙන්න කියලා…
කාමරයෙන් සාලෙට ආවාත් පුංචි පුතාව සිහිපත් වෙන එක වැඩි මිසක් අඩු වුනේ නම් නැහැ….
සාලය පුරා තවම තිබුණේ පුංචි පුතාගේ මතක සටහන්..පුංචි සෙල්ලම් කාර්.සෙල්ලම් ජිප් මේ හැම දෙයක්ම මගේ හිත ඇවිලුවේ මහ පුදුමාකාර විදියට..
පුංචි පුතා සාලේ ඉඳගෙන සෙල්ලම් කාර් වලින් සෙල්ලම් කරපු හැටි මට මැවි මැවී පෙනෙන්න ගත්තා…
“මොකෝ පුතේ මේ…අපිටත් ඕවා දැක්කම හරිම දුකයි…ඔය සෙල්ලම් බඩු දකිද්දී මතක් වෙන්නෙ චූටි බබා ඕවා වලින් වලින් සෙල්ලම් කරපු හැටි…කොහොම තිබ්බ ගෙයක්ද අද මේ පාළුවට ගිහින් තියෙන්නේ…පුතා වැඩට ගියාම මම ඉවස ගෙන ඉන්නෙත් අමාරුවෙන් ..”
අම්මා එහෙම කිව්වේ ගවුම උඩින් ඇඳන් හිටපු චීත්තයෙන්ම ඒ ඇස්වලට උනපු කඳුළු පිහිදාන ගමන්….
චූටි පුතා ගිය දා ඉදලා අපේ ගෙදර හැමෝම ඉන්නෙ හූල්ල හූල්ලා..අපේ හිත් ගිනිතියලා චූටි පුතාව අරගෙන ගිය උඹ ගැන මට ඇති වුණේ දරාගන්න බැරි තරම් ලොකු වෛරයක්…
වෛරයෙන් වෛරය නොසන්සිඳෙනවා කියලා අප මහා බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවා තමා…
අලුත ගෙනා මනමාලි විදිහට උ//ඹ මේ ගෙදරට ආපු පලවෙනි දවසේ ඉඳලා මට අහේතුකව වෛර කරද්දි මම උ/ඹට ආදරය කළේ දවසක උ/ඹේ වෛරය ආදරයක් බවට මට පරිවර්තනය කරගන්න පුලුවන් වෙයි කියලා හිතලා..
ඒත් ඒක එහෙම වුණේ නෑ…
වසර හයක් පුරාවට උ/ඹ මට වෛර කරද්දි මම උ/ඹට ආදරේ කරත් උ/ඹ එක පොඩියක්වත් වෙනස් වුණේ නැහැ…
අන්තිමේදී උ/ඹේ හිතේ තිබුණු වෛ/රය නිසාම අපේ මුළු පවුලම ගිනිබත් වෙලා සීසීකඩ වෙලා ගියා…
මගේ *ලේ ධාතුව බීජ කරන් ඉපදුනු මගෙ පුංචි පුතා පවා මට නැතිවෙලා ගියා…
මගේ ජීවිතයේ කොටසක් වෙච්ච චූටිපුතා මගෙන් උදුරගත්ත උ/ඹට තවත් නම් මම කොහොම ආදරේ කරන්නද?..
උ/ඹ ගැන උපන් වෛර ගින්නෙන් මගේ මුලු හිතම ඇවිලෙනවා වගේ මට දැනුණේ ..
මම සාලයෙන් මිදුලට ඇවිදගෙන ගියේ සාලයේ තියෙන සෙල්ලම් බඩු දකිද්දී ඉවසාගෙන දරාගෙන ඉන්න බැරි නිසා….
මිදුලේ ගල් බැම්ම උඩ වාඩි වුණත් පුංචි පුතාගේ මතක හිතට එබෙන එක නැවතුනේ නෑ…..
මිදුලේ තියෙන සමන් පිච්ච වැල,වතු සුද්ද ගහ පවා මට සිහිපත් කළේ පුංචි පුතාව…
පුංචි පුතා ආච්චි එක්ක බුදුන් පුදන්න මල් කඩපු හැටි තවමත් මට මැවී මැවී පෙනෙනවා..
“මොනාද ආච්චියෙ මේ මල්..”
“මේ සමන් පිච්ච..”
“ආච්චියේ මේ තමන් පිත්ත සූදයි නේද?..”
“තමන් පිත්ත නෙමෙයි පුතේ සමන් පිච්ච…”
“ඉතින් ආච්චියේ බබා ඒම තමා කිව්වේ…තමන් පිච්ච…”
අනේ දෙවියනේ ඒ මතක සිහිපත් වෙද්දි කොහොම නම් මම ඉවසගෙන ඉන්නද?..
කාමරයේ ,සාලේ,මිදුලේ කොහේ හිටියත් පුංචි පුතාව මතක් වෙන එක නතර වෙන්නේ නෑ…ඒ මගේ හිත පුරාවට පුංචි පුතා අරක් ගෙන ඉන්න නිසා කියලා මම හිතුවේ ලොකු හුස්මක් පිටකරලා…
“පුතේ මේ පුතාගේ ෆෝන් එකට කෝල් එකක්…”
අම්මගේ ඇතුලේ ඉඳලා ඉක්මන් ගමනින් ඇවිද ගෙන ආවේ මගේ මොබයිල් එකත් අරගෙන…
මම මොබයිල් එක අතට ගත්තේ කෝල් එක කාගෙන්ද කියලා පරීක්ෂාකර බලන ගමන්…
ඇමතුමක් කාගෙන්ද කියල අදහසක් ආවේ නැත්තේ මොබයිල් එකේ කිසිවෙක් ගෙ නමක් සදහන් නොවුන නිසා…
මම ඒ නාදුනන අංකයට පිළිතුරු දුන්නා …
“හලෝ මේ දිලංක ද?..”
“ඔව්..මම දිලංක …”
“දිලංක මේ කතා කරන්නේ පොල්හේන්ගොඩ කන්තා හා ලමා සංරක්ෂණ කාර්යාලයෙන්…”
“ඔව් මිස්….”
මම එහෙම ඇහුවේ කුතුහලයෙන් වගේ..
“දිලංක ඔයාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා…”
මගේ හදවතේ ගැස්ම වැඩි උනේ ඒ කාන්තා නිලධාරීනිය එහෙම කියනකොට…
අනිවාර්යෙන්ම මේ පැමිණිල්ල දාන්න ඇත්තේ අර මහ අම්මන්ඩි යි දුවයි වෙන්න ඇති…
ඒත් මට විරුද්ධව පැමිණිල්ලක් දාන්න මම කරපු වැරැද්ද මොකක්ද?..
මම එහෙම කල්පනා කරන්න ගත්තේ නිහඬවම…
හමුවෙමු මීලග කොටසෙන්