34 වන දිගහැරුම 🌻

” අප්පච්චී මට එන්න කිව්වේ ….”

” කෝ පුතේ දෝණී …….”

“එයාට අඩ අඩ ඉද්දිම නින්ද ගිහින් අප්පච්චී

මන් ඇහැරෙව්වේ නැ..ඉන්න විදිහ දැක්කම ලෝබ හිතෙනවා……”

” ඔව් පුතේ මටත් එ කෙල්ල දැක්කාම පුදුම ලෝබ කමක් දැනෙන්නේ..හුරතල් ගතිය තාම එහෙම්මයි නේද…”

” ඔව් අප්පච්චී මේ ප්‍රශ්නේ ගැන දෝණී දැනගත්ත දවසේ එයා හැසිරුනු විදිහ මට හිතා ගන්නත් බෑ.මොකද මේ ප්‍රශ්නේ මන් එයාගෙන් හුගාක් කල් හංගන් හිටියේ මට එයාව නැති වෙයි කියලා බයේ. එත් එයා මටත් වඩා හොදට මේ ප්‍රශ්නේ තේරුම් අරන්

මටත් එ දේවල් හරි ලස්සනට තේරුම් කරලා දුන්නා.මට හිතා ගන්න බැරි උනා මේ මන් අස්සේ හුරතල් වෙවි ඉන්න පොඩි කෙල්ලමද කියලා අප්පච්චී …..”

” ගෑනු හිත් අපි හිතනවට වඩා හුගාක් ශක්තිමත් පුතේ ..එයලා දන්නවා

බැදුනු හිත් එක්ක වගේම නොබැදුණු හිත් එක්කත් හරි ලස්සනට ගනුදෙනු කරන්න පුතේ……”

” අප්පච්චී මට කතා කරන්න ඕනි කිව්වේ.”

” මේකයි ලොකු ඔයා කිව්ව දේ පිලිගන්න මගේ හිත තාමත් කැමති නැ..මොකද තාත්තා කෙනෙක්ට කවදාවත් තමන්ගේ දරුවා ගැන එහෙම අහන්න අමාරුයි පුතේ..

මන් ඔයාට එන්න කිව්වේ එ ගැන දැන ගන්න අපිට කිසිම ක්‍රමයක් නැද්ද පුතේ ඔයාව සනීප කරගන්න..මේ තියන හැමදේම විකුණලා හරි මන් ඔයාට බෙහෙත් කරන්නම් ඔයා දන්න දෙයක් තියනවනම් මට කියන්න”

” අප්පච්චී මේ අහන්න මන් කවුද..ම්.

මන් වීඕජි කෙනෙක් ඉතිං මේකට කරන්න පුලුවන් දෙයක් තිබ්බනම් මන් දන්නේ නැද්ද ..මන් නොකර ඉදීද…අනිත් එක

මේ වගේ දෙයක් උන පලවෙනි කෙනා වගේම අවසාන කෙනාත් මන් නෙවෙයි …

මට තියන සතුට මේ ප්‍රශ්නේ තියන වෙන කපල් මේ නිසා ඩිවෝස් වෙද්දි මගේ මැණික ඉස්සරටත් වඩා ආදරෙන් මා එක්ක ඉන්න එක..ඊට වඩා සතුටක් කොහෙන්ද අප්පච්චී .'”

සැබැවින්ම ඔහුගේ එම ගැටලුව පිලිබද දැනගත් දා පටන් අහිංසා ඔහු අසල වෙනදාටත් වඩා ලෙන්ගතුව හුරතල් වෙමින් කාලය ගත කරන්න වුයේ .දරුවෙක් නැති අඩුව ඔහුට කිසි දිනක නොදැනෙන්නට ඉඩ සලසමි නි……

” මොනවා කියලා කරන්නද ලොකු අපිට අපේ දෛවය වෙනස් කරන්න බෑනේ…ලංකාධීරත් දැන් ඔය විදවන්න්නේ එයා කරපු පව්කරා වැඩ නිසානේ..මන් දුකෙන් හිටියේ පොඩි ගැන ඌත් අන්තිමේදි හරි දෝණීගේ යලුවට කැමති උන එක ලොකු දෙයක් …..”

” ආ..අප්පච්චී මන් මේ කියන්න හිටියේ .මන් අප්පච්චී මට ලියාල තිබුන සේර්ම දේපල පොඩිගේ නමට ලිව්වා ..අප්පච්චීගේ අකමැත්තක් නෑනේද…….”

” මන් අකැමැති වෙන්නේ ඇයි ලොකු …අපි මැරෙණකොට මේ දේවල් අරන් යන්නේ නෑ ..ඔය මේ දේවල් වලට කැමති දෙයක් කරන්න……”

දින් සති මාස ගෙවෙමින් තවත් වසර දෙකක් ගෙවි යන්න වුයේ ..අහිංසා ඇගේ ලලිතා කලාවේදී උපාධිය සම්පුර්ණ කර නර්තන ගුරුවරියක් ලෙස නිවස ආසන්නයෙ පාසලකට පත් වීම ලබා ගන්න වුයේ ..ඈ සැමදා දුටු සිහින සැබෑ කරගනිමින් ය.

උදෑසන ඔහු සමග නිවසින් පිටවන ඈ පාසල නිමා විමේන් අනතුරු එ අසල පිහිටි ලමා සුරුකුම් මධ්‍යස්ථානයේ දරුවන් සමග කාලය ගත කර ඔහුත් සමගම සවස් යාමයේ නිවසට පැමිණේ…….

නිවසට පැමිණි මොහොතේ පටන් රාත්‍රී නින්දට යනතුරු පමණක් නොව පසුදා පහන් වනතුරු දෙදෙනා දෙනාටම හුරතල් වෙමින් ආදරය බෙදා ගනිමින් ගත කරන්න වුයේ දරුවෙක් නොමැති වීම අඩුවක් නොකරගනිමින් ය……..

මතුසම්බන්ධයි