නිසල සද මඩල 🌬

☁️ 14 වන කොටස ☁️

මළ අයෙක් සේ මට වාරු නැති මගේ ගත ඔහු පුලුන් රොදක් සේ ඔහුගේ දෑතට ගෙන රෝහල් කාමරයේන් පිටතට මා ඔසවාගෙන ආවේ වෛද්‍යවරුන්ගේ දහසකුත් අවවාද බැනවැදිම් මධ්‍යයේ..මේ තරම් ජිවත අවදානමක පසුවන මා හදිස්සියේම ඔහු මෙලස ගෙම යන්නේ කොහෙදැයි කියා ඇසිමට අවැසි වුවත් ..ඔහුගේ එකදු බැල්මක් හෝ මාවෙත පා නොවෙන්නේ..මාගේ ගිලන් හද තව තවත් පාරවමිනි …..

” අඩෝ මචං යුරාග් උබ මේ කරන්න හදන්නේ එච්චර හොද දෙයක් නෙවෙයි කොල්ලෝ..මේ දේවල් දැකලා කෙල්ල තවත් අසනිප වෙයි .ඇයි බන් උබත් මෙකි වගේ හිතුවක්කාර වෙන්නේ..අපි කෙල්ල සනිප උනහම හැමදේම තේරුම් කරලා දෙමු..දෙයක් තේරුම් ගන්න බැරි වෙන තරම් ලදරු මානසිකවත් එකිට නැනේ..ප්ලීස් මචං අඩුම කෙල්ලගේ ලයිෆ් එක ගැන්වත් හිතලා ඔය තීරණේ වෙනස් කරහන්……”

මාව ඔසවාගෙන රෝහලෙන් ඉවතට පා තබන ඔහුගේ පසු පසින් පැමිණෙන නිසල් අයියා මෙන්න මා හට ප්‍රතිකාර කල හර්ෂ අයියා ඔහුට බැගපත් වෙමින් මා රැගෙන නොයන ලෙස ආයාචනා කලද ඔහු එ කිසිවකට සවන් යොමු නොකර මා ප්‍රවේශමට රියදුරු අසුනට යාබද අසුනෙන් හිදවා..මාගේ මුව ආවරණය පලදවන්න වුයේ .එහි උපකාර නොමැතිව බොහෝ වේලාවක් මට තවමත් තනිවම හුස්ම ගැනිම අපහසු නිසාවෙන් ය..

ඔහු දෙදෙනා වැලදගෙන මොහොතක් ගත කල ඔහු ..ඔහුගේ දැස් පිසදමින් මෝටරථය ගොඩ වී එය සෙමෙන් ඉදිරියට දාවනය කරන්න වුයේ මගෙන් ඔහුගේ දෑස් සගවා ගනිමින් ය..

අපහසුවෙන් වුවත් සෙමෙන් සෙමෙන් ඔහු දෙසට හිස හරවා ගත් මාගේ නෙත ගැටුනේ .ඔහුගේ කොපුල් තේමාලමින් ඇදෙන සිහින් කදුලු බිදු කිහිපයකි…කිසි දිනක ඔහුගේ කදුලු දැක නොමැති මට එය අදහාගත නොහැකි විය..ඇයි මෙලස මොහු හඩා වැටෙන්නේ…

සියල්ලට අධිකයෙන් කිසි දිනක ධවල පැහැ ඇගලුම් බාවිත නොකර මොහු .අද සම්පුර්ණ ධවල පැහැ ඇගලුමින් සැරසිය එයත් එ මේ අත විසිරි ඇති නැමුම් පාරවල් සමගින්.

වෙනදා හොරාවල් පමන වෙහෙසි සකසන හිසකෙස් අද අවුල් ජාලයකකි.කුමක් නමුත් ඉතා අයහපත් දෙයක් සිදු වී ඇති හැඩය.

පෙර දින සිහිය ආ මොහොතේ සිට මනසෙහි පැවතුන නොසන්සුන්තාවය තවත් ත්‍රිව වුයේ ඔහුගේ මේ කදුලු බිදු අබියසය….

ලය කෙදිනකවත් නොවු තරම් රිදුම් දෙන්නේ

වුයේ .උගුරද කිසිවක් පවසා ගත නොහැකි ලෙස සිර වී ඇති බවක් දැනෙද්දීය .හදවත පවසන්නේම කුමක් නමුත් ඉතා ශෝකනිය

දෙයක් සිදු වී ඇති බවයි..අහෝ කෙස මට ඈ අමතක වුයේ ..

අම්මා…

මට සිහිය පැමිණ මේ වනවිට හොරා දහයක් ඉක්මවා යන්නට ඇත .නමුත් සිහි එලැඹුණු මොහොතේ සිට මේ මොහොත තෙක් ඇගේ ජ්‍යායාවක් හෝ මා නොදුටු බව මට සහතිකය..

ආයාසයෙන් අත වාරුකරගනිමින් මා නාසය මත තිබු ආවරණය ඉවත් කර.ඔහු අමතන්න වුයේ ඉතාමත් අසීරුවෙන් වචන එකතුකරගනිමින් ය…….

” අ…අ..අම්..අම්..අම්මා ක්..කෝ……”

මහා හඩක් නංවාගනිමින් ඔහුගේ පාදය තිරිංග තද වුයේ..මෝටර් රථයට මාර්ගය මධ්‍යයේ නවතිද්දීය …….

” අ..අම්මා කෝ…..” ඔහුගේන් පිලිතුරක් නොවු නිසාවෙන් මා නැවතත් ඔහුගේ විමසන්න වුයේ සිහින් ඉකියක් මුවින් ගිලිහෙද්දිය ..

පිටුපසින් නොනවත්වා ඇසෙන වාහන වල හෝන් හඩ නිසාවෙන් ඔහු කඩිනමින් සිය මෝටරථය ක්‍රියාත්මක කර මදක් ඉදිරියට ධාවනය කර මාර්ගයේ පසෙකින් නවත්නට වුයේ ..මා තවමත් මාගේ පැනයට ඔහුගේන් පිලිතුරු අපේක්ෂාවෙන් ඔහුදෙස බලා සිටින අතරවාරයේය .

මද වේලාවක් නිහඬව සුක්කානම මත හිස තබා ගෙන සිටි ඔහු දෑතින් දෑස් හා මුහුණ පිසදා ගෙන බරැති සුසුම්ක් හෙලා .මා දෙසට හැරෙන්නට විය .

මා ඉවත් කර තිබු ශ්වසන ආධාරකය නැවත මාභට පලන්දා ඔහු මගේ දෑත ඔහුගේ දෝතට ගෙන එය ඔහුගේ දෙතොල් මත ඔහු තබා ගන්න වුයේ …මාගේ සිරුර පුරා සිහින් විදුලිදාරාවක් ගමන් කර හැගීමක් ගත වේලාගනිද්දිය . ඔහු දෑසින් ආ කදුලු බිදුවක් මගේ හස්තය ස්පර්ශ කරන්න වුයේ ..මා ගිලි සිටි සිහින ලොවෙන් මා මුදවා ගනිමින්‍ ය..

” මේ කාලකණ්ණියට සමාවෙන්න දෝණී .”

මගේ හිස පිරිමැද එපමණක් පැවසු ඔහු .නැවතත් රථයට ධාවනය කරන්න වුයේ .මා වික්ෂිප්තව ඔහු දෙස බලා හිදිද්දිය .

.
නිවස වෙත යන මාවත වෙත මෝටරථය හැරවුවද.මාර්ගය දෙපස සරසා ඇති සුදු කොඩි වැල් මාගේ මනසට එක්කර වුයේ වියවුල් ජාලයකි…

යාබද නිවස කවුරුන් හෝ මිය ගොස්ද..

කිසිවක් සිතගත නොහැකි තරමට මනස නොසසුන්‍ ය..සැමට අධිකයෙන් මොහුගේ මේ අසාමාන්‍ය නිශ්ශබ්දව මා තුල ඇතිකරන්නේ යම් තිගැස්සමක්..

නිවස වෙත මෝටරථය ඇතුලු කරද්දි..

ඉහලට ගත් හුස්ම පොද මට පහත හෙලන්නට මොහොතකට අමතක විය..

ගෙමිදුල පුරා සුදු පැහැ ඇදුමින් සැරසුනු මිනිසුන්‍ ය.මා සිටි මෝටරථය දෙස ඔවුන් කසුකුසු ගාමින් යමක් පවසන අයුරු මට පෙනේ….

මුසල හැගිමකින් හද වෙලා ගනිද්දි..මා ඔහුගේ දැතින් එසවී නිවස වෙත ලා වෙන්න වුයේ ..මගේ හදවත ගැහෙන හඩ පිටතට ඇසෙන තරම් තිව්‍ර වු බව සහතිකය..

සාලයට පිවිසි මාගේ නෙත ගැටුන දසුන සමහ මට සිත් වුයේ ..මා මිය ගියා නම් මෙයට වඩා යහපත් බවයි. කෙලෙස මා මේ හැගිම් ගලපන්නද…..

ම මෙලොව වැඩියෙන් ප්‍රෙම කරන ඈ අද නිවසේ ආලින්දයේ නිසොල්මන්ව වැතිරි සිටි .

“අ..අ..අම්මා ..” මගේ මුවින් මිමිනුනු වදන් මට ඇසනේත් නැති තරම්‍ ය…

මා මේ දකින්නේ සිහිනයක් දෝ මට විටක හැගේ..එ නමුත් එය සිහිනයක් නොව පිලිගැනිමට අපහසු යථාර්ථයක් බව පසක් වුයේ …සිහියත් අසිහියත් අතර දෝලනය වන මගේ ගත ඔහු ඇය අසලට ලංකල විටයි..

ඔහුගේ දැතට බරව මා මගේ වේව්ලන දැගිලි වලින් ඇගේ ගත පිරිමැද්දේ සිහිනෙන් මෙනි.

ඇගේ හිස බැන්ඩේජ් වලින් ආවරණය කර තිබුනේ මට කුහුලක් ඇති කරමින් වුවාත්.එ ගැන එ තරම් සිතිමට මට කාලයක් නොවිය..

ඇගේ නලල මතින් දෙතොල් තැබු මගේ දෙනෙත් පියවි ගිය බවක් අවසන් වරට මගේ මතකයේ රැදිනි……

මතුසම්බන්ධයි