නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
විසි නව වන චන්ඩිකම 🙅🙅
” අහ්, නිශා නංගි කොහොමද ? ඉතින් දැක්ක කල්.ඔයා ඉතින් අපි එක්ක කතා කරන්නෙත් නෑනෙ.”
කොහෙද?මන්ද ඉදන් ඇවිත් රනුක අයිය බලෙන්ම කතා කරන්න වුණේ.කියන හැම දේකටම හිනා වෙවී ඉන්නව මිසක් මාත් වැඩිය කතා කරන්න ගියේ නෑ.
” නිශා නංගි ඔයා මාත් එක්ක තරහෙන්ද? ඉන්නෙ “
” අනේ එහෙම…..”
ඒත් එක්කම ශොප් එක ඇතුළට එන කෙනාව දැකල කෙල්ල ගැස්සිලා ගියේ.
” රනුක “
” ස ස ර් ම ම….”
” තමුන් මොණවද? මෙතන කරන්නෙ “
” සර් මං මේ…..”
” යනව ගිහින් වැඩක් බලා ගන්නව.”
තවත් මොකුත් නොකියම රනුක අයිය එතනින් යන්න ගියේ අභිරූ සර්ට හොදටම කේන්ති ගිහින් කියල ඒ ඉරියව්වෙන්ම පෙණුනු නිසා වෙන්න ඇති.ඒත් එක්කම සර් මගේ පැත්තට හැරුණෙ රවා ගෙනම.සර් ටික ටික මං ගාවට ඇවිදන් ආවෙ.බිම බලාගෙන උන්නු නිසාම සර්ගෙ කකුල් දෙක හොදට පේනව.සර් එකපාරටම ළගට ඇවිත් නතර වුණේ.හැමෝම බලන් ඉන්නෙ අපි දිහාද, කොහෙද ශොප් එකේ වැඩ කරන ළමයි විතරක් නෙවෙයි කස්ටමස්ල ටික දෙනෙකුත් ඉන්නව.
ඇස් දෙක තද කරල පියා ගත්තෙ.සර් මෙතන කෑ ගහන්න වුණොත් වෙන ලැජ්ජාව දරා ගන්න බැරි වෙයි.ඒත් එක්කම සර් මගෙ අතකින් තද කරල අල්ල ගත්තු නිසාම ඔළුව උස් කරල බැලුවෙ.තාම ඒ මූණෙ කේන්තිය ඉතිරෙනව.රවා ගෙනම මං දිහා බලන් උන්නු අභිරූ සර් එහෙම්ම මගෙ අතින් ඇද ගෙන ගිහින් ළගම තිබුණු ලිෆ්ට් එකට ගොඩ වුණේ.හැමෝම පුදුම වෙලා බලන් ඉන්න අතරෙම.
ඊටත් වඩා මං පුදුම වෙලාද? කොහෙද පොඩ්ඩ ඇත්නම් කේන්ති අරන් කෑ ගහන සර් අද කිසිම කතාවක් නැතුව මාව එතනින් ඇදන් ආවෙ.ඊටත් මාව දකින එක පිළිකුල් කරපු සර්ට අද මොණව වෙලාද? තාමත් මගෙ අත තද කරන්ම ඉස්සර බලන් උන්නු අභිරූ සර් දිහා ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නෙ මං කිසිම දෙයක් හිතා ගන්න බැරුව.
ලිෆ්ට් එකේ ඇරුණු දොරෙන් මගෙ අතින් ඇද්ද්න් එළියට ඇවිදන් ආපු අභිරූ සර් මගෙ ටේබල් එක ගාවට ඇවිදන් යන්න වුණේ.අපිව දැකලද කොහෙදෝ ධනුක අයියත්,ඇසල අයියත් පුටුවලින් නැගිටල කටවල් ඇරන් බලා ඉන්නව.මගෙ ටේබල් එකට අඩි දෙක තුනක් මෙහාට වෙන්න නතර වුණු අභිරූ සර් මගෙ අතේ තිබුණු ෆයිල් ටික උදුරල ගත්තෙ මගෙ මූණ දිහාවත් නොබලම.
” ධනුක මේ බිල් ටික චෙක් කරනව ගිහින් “
එහෙම කියන ගමන් ෆයිල් එක ධනුක අයියගෙ ටේබල් එක උඩට විසි කරල දැම්මෙ කොළ ටික විසිරිලා යද්දිම.මාව අල්ලන් උන්නු අතින්ම මගෙ ටේබල් එක ගාවට තල්ලු කරල දැම්මෙ මාව විසි වෙලා ගිහින් ටේබල් එකේ වදිද්දිම.ආයෙමත් මං දිහා රවල බලපු අභිරූ සර් ඔෆිස් එක ඇතුළට ගිහින් සද්දෙටම දොර වහල දැම්මෙ.
” ඒ මොකක්ද? බං වුණේ “
ධනුක අයිය කටත් ඇර ගෙන ඔෆිස් එකේ දොර දිහාත් මං දිහාත් මාරුවෙන් මාරුවට බලන්න වුණේ.මං කිසිම දෙයක් නෑහුණු ගානට වාඩි වෙලා වැඩ ටික කරන්න වුණේ.
” ඔන්න ඔය මගුල කරපං බං.නැත්තං එයි මෙතන පිඹ ගෙන “
ඇසල අයිය එහෙම කියනවත් එක්කම ධනුක අයිය ෆයිල් එකත් අරන් ලිෆ්ට් එක දිහාවට ඇවිදන් ගියේ.මං හිතින් දෙවියන්ට ස්තූති කරන ගමන් වැඩ කරන්න ගත්තෙ.වෙනද වගේ සර් කෑ ගහල බැනපු නැති එකම හිතට සහනයක්.එහෙම වුණා නම් ඇති වෙන ලැජ්ජාවට මට මොනව වෙයිද? මටම හිතා ගන්න බෑ.මොණව වුණත් මං සද්ද නොකරම වැඩ ටික කරන්න වුණේ ආයෙමත් එඒ නපුරු මූණ ඉස්සරහට යන්න තියෙන අකමැත්තටමයි.
❤️❤️❤️❤️❤️❤️❤️❤️
” නිශා උඹ කොහොමද?දැන් යන්නෙ”
වැඩ ඉවර වෙලා ශොප් එකෙන් එළියට එන ගමන් ඇසල අයිය එහෙම ඇහුවෙ.ස්කූටි එක කැඩිල තිබුණ නිසා ගැරෙජ් එකට දාන්න වුණා.ඒ නිසා අද වැඩට ආවෙ බස් එකේ.
” බස් එකේ තමයි අයිය”
“හ්ම්ම් එහෙමද? එහෙනම් මාත් එක්කම යමු බස් හෝල්ට් එකට.අහ්,මං ෆෝන් එක ටේබල් එක උඩ දාල ඇවිත්නෙ.නිශා ඔයාට පරක්කු නෑ නේද? මං ඉක්මනට ෆෝන් එක අරන් එන්නම් “
එහෙම කියල ඇසල ආයෙමත් ශොප් එක ඇතුළට දිව්වෙ.බස් හෝල්ට් එකට යන්න ටික දුරක් පයින් යන්න ඕනෙ.ඒ නිසා මාත් ශොප් එක ඉස්සරහ නතර වෙලා බලන් උන්නෙ ඇසල අයිය එනකම්.ධනුක අයිය බයික් එකේ යන නිසා එයත් යන්න ගියේ මට හෝන් එකකුත් ගහ ගෙනම.
පාර දිහා බලන් වුන්ණු මං එක පාරටම ගැස්සිලා ගියේ අතට දැණුණු ස්පර්ශයත් එක්ක.ඒත් එක්කම ඔළුව හරවල බැලුවෙ.රනුක අයිය මගෙ අතින් අල්ල ගෙන හිනා වෙලා ම්ගෙ ම්‍යුණ දිහාම බලන් ඉන්නව.ධනුක අයිය ඇසල අයිය වගේ නෙවෙයි රනුක දකින වාරයක් ගානෙ මට දැනෙන්නෙ පිළිකුලක්.මං රනුක අල්ලන් උන්නු අතත් අප්පිරියාවෙන්ම ගසා දාල පාර දිහාවට ඇවිදන් ගියේ වේගෙන්ම.ඒත් වැඩි දුරක් යන්න වුණේ නෑ.ආයෙමත් රනුක අයිය දුවන් ඇවිත් මගෙ අතින් ඇදල ගත්තු පාර් මං නතර වුණේ ඒ පපුවෙ.කේන්තියෙන්ම අත් දෙකෙන් ඒ පපුව අල්ලල පිටි පස්සට තල්ලු කරල දැම්මෙ.
” ඔයාට පිස්සුද?රනුක කෙල්ලන්ගෙ පස්සෙන් ඇවිත් අත් අල්ලන.”
මංත්වත් දේවල් කියල බැන්නෙ දවල් එය නිසාම මට වෙන්න ගියපු ලැජ්ජාවත් මතල් වුණ නිසාම.
” මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන නිශා නංගි “
” මට කතා කරන්න දෙයක් නෑ රනුක අයියෙ.ප්ලීස් මෙතනින් යන්න මට වද නොදී “
” මේ අහන්න නිශා නංගි මං මං ඔයාට ආදරෙයි.ඇත්තමයි මේ ගොඩාක් ආදරෙයි.ඔයාව දැකපු දවසෙමයි මං ඔයාට…..”
රනුක තවත් වචනයක් කියන්න කලින්ම අත දිග ඇරල එයාගෙ කම්මුලට වේගෙන් ගැහුවෙ.කොහෙන් ආව ශක්තියක්ද,මන්ද මට ඒ වචන ඇහෙද්දිම දරා ගන්න බැරි කේන්තියක් ඇති වුණේ.හිතට ආව කේන්තිය කොච්චරද,කියනව නම් මාව වෙව්ලනව.
කම්මුලත් අතින් අල්ලන් මොහොතක් මං දිහාම බලන් වුන්ණු රනුක ආයෙමත් මගෙඅත් දෙකෙන්ම තද කරල අල්ල ගත්තෙ මට මට ගැලවෙන්නවත් බැරි තරමට තදට.
කොච්චර දැගලුවත් රනුකගෙ ශක්තිමත් අත්වලින් ගැලවෙන්න තරම් ශක්තියක් මට නෑ.අපේ ඉස්සරහින් ඇවිත් නතර කළේ කාර් එකක්.ඒ ඇරුණු දොරෙන් එළියට ආපු කෙනා දැකල මාව වෙව්ලන්න ගත්තෙ……..
නැවත හමුවෙමු.👋👋
- දිග කොටසක් එක්ක බෝනස් කොටසක් ආයෙත් පුළුවන් දවසක දෙන්නම් බබාලා. මාත් වැඩ ගොඩක් එක්ක කතාව දාන්නෙ.
- කතාව බෝරින් වගේද මන්ද,එහෙම නෑ නේද?
- Like,coment කරන හැමෝටම ගොඩාක් ස්තූතියි