බැඳීමක් නැති මුදුවක් 💔
34 වන කොටස
“පොඩි පුතේ…
“ඇයි අම්මේ මේ කලබලෙන් වගේ කතා කරන්නේ…”
“මම උදේ ඉදන් පුතාට…කතා කරා..”
“ෆුඩ් සිටියේ වැඩ කරනකොට කෝල් ආන්සර් කරන්න අමාරුයි අම්මේ.ෆෝන් සයිලන්ස් කරලා තිබ්බේ…දැන් තමයි බෝඩිමට ආවේ..”
“පොඩි පුතේ…අන්න සුදු ගෙදරින් ගියා…මම ඒක කියන්න මේ උදේ ඉඳන් ගත්තේ ..මම යන්න එපා කියලා කිව්වා.මා එක්කත් හොඳටම රණ්ඩු වෙලා ගියේ..උ/ඹේ පුතා මට යන්න කිව්වේ කියලා ඒ/කී ගෙයි පොඩි දරුවාගෙයි ඇඳුම් සේරම අරගෙන ගියා….”
අම්මා එහෙම කිව්වම මට වෙනදා වගේ ලොකු දුකක් දැනුනේ නැත්තේ උ/ඹ අපේ ගෙදරින් යන එක මට ගොඩක් සාමාන්‍ය දෙයක් වෙලා තිබුන නිසා…ඒ වුණත් මගේ හිත කලබල උනේ උ/ඹ චූටි පුතා අරගෙන ගියා කියලා දැනගත්තට පස්සේ…
“එ/කීට යන්න කියලා අම්මට තිබුණා චූටි පුතාව එහේ තියාගන්න..”
“පුතා නම් කියයි..ඒ/කි ය*ෂණියක් වගේ මෙතන හැපි හැපි දඟලනකොට..මගේ වයසත් එක්ක මට සුදු එක්ක හැරෙන්නවත් පුලුවන්ද?..දැන් අපි මොකද කරන්නෙ පුතේ…පොඩි එ/කා පව්…”
“ඒක තමයි අම්මේ මමත් කල්පනා කළේ…මට දුක දරුවා ගැන විතරයි..නෙහාරාට නං හැමදාම ඕන වුණේ මම ලගට ආපු දවසේ ඉඳලා මාව දාලා යන්න.අම්මා ලෑස්ති වෙලා ඉන්න අපි නිවාඩු දවසේ ගිහින් චූටි පුතාට ගෙදර එක්ක එමු ..”
“එහෙම කරලා බලමු පුතේ..ඒත් ඔය නෙහාරයි මහා අම්මණ්ඩියි එක්ක මේවා කතා කරලා විසදගන්න පුළුවන් වේවි කියලා මම නම් හිතන්නෙ නෑ …දරුවා අපිට ගන්න ලේසි වෙන එකක් නම් නෑ පුතේ..මම එහෙනම් තියන්නම් පුතේ පස්සේ කෝල් එකක් ගන්නම්.මේවා ගැන වැඩිපුර කල්පනා කරලා ලෙඩ වෙන්න එපා පුතේ.”
අම්මා ඇමතුම විසන්ධි කෙරේ එහෙම කියලා ..
අම්මගේ ඒ වචන මගේ හදවත අවුළුවන්න ගත්තා..මගේ මුළු හදවත පුරාම ගිනි දැල් පැතිරිලා යනවා වගේ.
උ/ඹ මම ලගට ආපු දවසේ ඉඳලා කලේ මාව ප්‍රතික්ෂේප කරපු එක..
උ/ඹට ඕන වුණේ හැමදාම මාව දාලා යන්න විතරයි..
මම උ/ඹ ළඟ ඉන්න හේතු හොයද්දී ,
උ/ඹ කළේ මාව දාලා යන්න හේතු හොයපු එක…
මම උ/ඹේ අතින් අල්ලගෙන උ/ඹ මගේ ළඟ නවත්තගන්න කොයිතරම් උත්සහ කලත්,
මට උඹේ/ හිතින් අල්ලගෙන උ/ඹව නවත්තන්න කවදාවත් බැරි වුණා…
මේ සේරටම වැරැද්ද මගේ..මම උ/ඹට කොයි තරම් ආදරේ කළත් මට තේරුම් ගන්න තිබ්බා බලහත්කාරයෙන් කිසිම කෙනෙක් ලග තියාගන්න බැහැ කියලා…
කසාද බැඳපු දවසේ ඉඳලා උ/ඹ මට වදක භාර්යාවක් වුණත්,මාව තලා පෙලා රිදෙව්වත් මම හැමදාම කළේ උ/ඹේ දාහක් වැරදි සේරම අමතක කරලා උ/ඹේ එකම එක හොඳක් හොයාගෙන උ/ඹට ආදරේ කරලා උ/ඹව ලඟින් තියාගන්න උත්සහ කරපු එක …
ඒත් උ/ඹ කරේ උ/ඹට තියෙන ආදරේ නිසාම මේ හැම දෙයක්ම ඉවසගෙන හිටපු මගේ නැති වැරදි හොය හොයා මට නිර්දය ලෙස චෝදනා කරන එක මාව දාලා ගිය එක.
මට පලවෙනි වතාවට තේරුම් යන්න ගත්තා කෙනෙක්ව බලෙන් තියාගන්න බැහැ කියලා..
දාලා යන්න හදන කෙනා නැති වැරදි හොය හොයා දාලා යන්න උත්සහා කරනවා.
මම උ/ඹට කොයි තරම් ආදරේ කරත් උ/ඹ මට එක දවසක්වත් ආදරේ කරලා නෑ කියලා මගේ හිත මට එහෙම කිව්වා..
අන්තිමට මේ හැම දෙයක් නිසාම අසරණ වෙන්නේ මගෙ පුංචි පුතා කියලා හිතෙද්දි මට මගේ පපුව වාවගන්න බැරි වුණා..
කොහොමහරි පුංචි පුතාව මගේ ලගට ගන්න ඕනේ කියලා මම හිතා ගත්තේ උ/ඹයි උ/ඹේ අම්මා ළඟයි හිටියොත් මගේ පුංචි පුතා උ/ඹේ තාලෙටම හැදෙයි කියලා හිතට බයක් දැනුනේ .පුංචි ළමයි කොහොමත් හැදෙන්නේ ඒ දරුවා හැදෙන වටපිටාව පරිසරයට අනුකූලව නිසා.
මම ඇඳේ එහාට මෙහාට හැරි හැරී කල්පනා කළේ පුංචි පුතා ගැන…මම කවදාවත් උ/ඹට
පුංචි පුතාව මගෙන් උදුරාගන්න දෙන්නේ නැහැ.මම එහෙම හිතාගත්තා…
මම අම්මත් එක්ක උ/ඹේ ගෙදරට යද්දි පුංචි පුතා මිදුලට වෙලා තනියම සෙල්ලම් කරමින් හිටියා…
බෝලයක් අතේ තියාගෙන ඒ බෝලේ ත් එක් එක්ක තනියම සෙල්ලම් කර කර හිටපු චූටි පුතා එකපාරටම තිගැස්සිලා ගියේ අපිව දැකලා…..
“ආච්චා….”
පුංචි පුතා දුවගෙන ඇවිත් එහෙම කියමින් අම්මාගේ අතට පැන්නේ හිනා කටක් පුරෝගෙන..
ඒ පුංචි මූණ,හුරතල් හිනාව,කතාබහ මෙතුවක් වෙලා වෙලා අපේ හිත්වල තිබුන
දුක නිවලා දැම්මා ..
පුංචි පුතා ආච්චිගෙ කරේ එල්ලිලා සිප ගත්තේ ඒ හිතේ තියෙන ආදරය කියාපාමින්..
පුංචි පුතා පොඩි කාලේ ඉඳන්ම ම හැදුණේ අම්මා එක්ක නිසා පුතා කොහොමත් වැඩිපුර ආදරේ කලේ අම්මට…මම ආච්චිගෙ යි පුතාගේ යි හුරතල් දිහා මොහොතක් බලාගෙන උන්නේ සතුටින්..
ආච්චිගෙ අතින් බැහැපු පුංචි පුතා ඊළඟට පැන්නේ මගේ අතට..පුංචි පුතාගේ සුවඳින් මගෙ තුන් හිතම නිවුණා..
“තාත්තේ ..තාත්තයි ආච්චියි ඇයිත් මෙහෙ නවතින්නකෝ..මෙහෙ සෝයි…ඒත් බබාට පාලුයි…”
අනේ හය හතරක් නොතේරෙන මගේ පුංචි කිරි සප්පයා එහෙම කියද්දි මගේ පපුව ආයෙමත් වාවන්නේ නැතුව ගියා..
“තාත්තේ..බබා ඊයේ රෑත් හීනෙන් තාත්තවයි ආච්චාවයි දැක්කා…”
චූටි පුතාගේ වචන මගේ මුලු හදවතම ස්පර්ශ කරන්නට උනා…
“පුතා…මෙහාට එනවා….”
මම එක පාරටම ගැස්සිලා ගියේ උ/ඹේ ඒ කෑගැහිල්ල ඇහිලා…
කොස්සත් අතේ තියාගෙන උන්නු උ/ඹ ඇස්ගෙඩි දෙකත් ලොකු කරගෙන එහෙම කෑගහන්න ගත්තේ මාර දූතිකාවක් වගේ…..
මගේ පපුවේ උණුසුමට තුරුල් වෙලා හිටපු චූටි පුතා මගේ අතින් බැහැලා ගැස්සිලා ගිය හැටි දැකලා මට පුංචි පුතා ගැන ඇති උනේ
වදන් වලින් කියාගන්න බැරි තරම් ලොකු දුකක්….
“ආ ඔය ඇවිත් තියෙන්නේ….අම්මයි අම්මගේ කීකරු පුත්‍රයායි… ඇත්තටම
උ/ඹලා මෙහෙ එන්නේ රෙ//ද්දක් ඇඳගෙනද?මෙදා පාරනම් මම මගේ දුවව කිසිම දෙයක් නැති මේ නිකමාට ගෙදර එක්කගෙන යන්න දෙන්නේ නැහැ…”
උ/ඹේ අම්මත් එතනට ඇවිත් එහෙම කෑ ගහන්න ගත්තේ මහ හයියෙන්..
ඇත්තටම අම්මගෙ යි දුවගෙයි කටවල් එකකට එකක් පරදින්නෙ නෑ..
“මෙදා පාර මම ආවේ තමුන්ගේ මහා ලොකු දුවව ගෙනියන්න නෙමෙයි…කීපාරක් මේ/කි මාව දාලා ආවද?මම ඒ හැම පාරකම මේ/කිව එක්කගෙන යන්න නොකළේ වැන්දේ නැති ටික විතරයි..දාලා යන්න හදන එකියක් බලෙන් තියාගෙන කිසිම වැඩක් නෑ..ආයෙමත් මම ඒ මෝ/ඩකම නම් කරන්නේ නෑ..”
උ/ඹේ මුහුණ වෙනස් වුණේ මම එහෙම කියලා වැඩි වෙලාවක් යන්න කලින් ..
“අප්පටසිරි..මූ/ටත් ගිය කලක්…එහෙනම් මොකටද ත/මුසෙලා අපේ ගේ අස්සේ රිංගන්න ආවේ…”
උ/ඹේ අම්ම එහෙම ඇහුවේ මගේ දිහා කට කොනකින් හිනාවේගන අපහාසයට වගේ බලන ගමන්..උ/ඹත් අම්මා එක්ක සම්මාදම් වෙලා මට හිනා උනේ අපහාසයට…
උ/ඹේ ඒ හැසිරීම් වලට මගේ හිතේ උ/ඹ ගැන තිබුන තරහව තව තවත් වැඩි වෙලා ගියා.මම උ/ඹ දිහා බැලුවේ තරහෙන් රවාගෙන ..
“මම අවේ මගේ දරුවා ගෙනියන්න …”
උ/ඹේ මුහුණ අඳුරු උනේ මම එහෙම කියද්දි.උ/ඹ මොහොතක් නිහඬව හිටියේ පුදුමය වැඩිකමට කියලා මට හිතුනා….
“දරුවා මෙහේ සතුටින් ඉන්නවා..මම මගේ දරුවව ගෙනියන්න දෙන්නේ නැහැ… දරුවාගේ අම්මා මම..දරුවා ඉන්න ඕනේ අම්මා ළඟ..”
උ/ඹ එහෙම කියමින් පුංචි පුතාව වඩා ගත්තේ කවුරුහරි පුතාව උදුරාගෙන යාවි කියලා බය වෙලා වගේ..
“මම දරුවාගේ තාත්තා…දරුවෙක්ගේ අයිතිය අම්මා කෙනෙක්ට වගේම තාත්තා කෙනෙක්ටත් තියෙනවා.මේ දරුවා මගේ..මගේ දරුවා හැදෙන්න ඕනේ මගේ ළඟ …”
“අනේ හැබෑවට..දරුවා හැදෙන්න ඕනේ
ත//මුසෙගේ ළඟ ලූ..ඒත් ත/මුසෙ ගෙදර එන්නේ සතියට එක දවසයි.එතකොට ත/මුසෙ වැඩට යනකොට මේ දරුවත් අරගෙන ද යන්නේ මේ දරුවා හැදෙන්නේ අර කොහෙවත් තියෙන අගුපිළිවලද?.”
“මේ නෙහාරා…කවුද දරුවා ව වැඩට යන කොට එක්කන් යන්නේ මම වැඩට ගිහින් එනකම් අපේ අම්මා දරුවා ව බලා ගනී…”
“එතකොට මගේ දරුවා හැදෙන්නේ කාත් කවුරුත් නැති අනා//තයෙක් වගේද ?.මම ඉන්නකම් මගේ දරුවාට දුක් විඳින්න දෙන්නේ නැහැ..තේරුණා ද දිලංක ?..”
උ/ඹ පුංචි පුතා ව පපුවට තුරුල් කරගෙන එහෙම කෑගහන්න ගත්තේ මහ හයියෙන්…
“මේ.නෙහාරා මුරණ්ඩු වෙන්න එපා.ඔයා එදා ඉඳලාම කරේ මුරණ්ඩු කම්..අපි හැමදාම ඒ දේවල් බල බලා කට පියාගෙන හිටියා…ඒත් මෙදාපාර එහෙම කරන්නේ නැහැ..ඔයාට ඔයාගේ අම්මා ළඟට වෙලානේ හැමදාම ඉන්න ඕනේ වුණේ ?..අම්මා එක්ක ඔයා හැමදාම ඉන්න .මේ දරුවා මගේ පොඩි පුතාගේ..කරුණාකරලා මේ දරුවා අපිට දෙන්න…’
අම්මා එහෙම කිව්වේ ලොකු හිතේ වේදනාව කින් .ඇත්තටම අම්මා යි චූටි පුතා අතර තිබ්බේ ලොකු බැඳීමක්..චූටි පුතා හැමෝටම වඩා ආදරේ කරේ ආච්චිට.ඒ පොඩි කාලේ ඉඳන්ම ආච්චි පුතාව බලා ගත්ත නිසා..
උ/ඹ රස්සාවට ගිය කාලේත් ආච්චි පුතාව බලා ගත්ත නිසා…
“මෙහෙමත් අම්මා කෙනෙක්..ගෑ//නියෙක්ට කියන්න පුළුවන් කතාවක් ද ඒ කටක් ඇරලා කිව්වේ..අම්මා කෙනෙක් වෙලා තවත් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් උදුර ගන්න හදන පුදුම ගෑ//නියෙක්…අපි මේ දරුවව උ/ඹලට ගෙනියන්න දෙන්නෙ නෑ..”
උ/ඹේ අම්ම ඒ ගමන මගේ ඇඟට කඩාගෙන පැන්නා.උ/ඹයි අම්ම යි එක්ක මේ ප්‍රශ්න කතා කරල විසඳ ගන්න එක ලේසි වෙන්නේ නැහැ කියලා මට හිතුනේ ඒ එක්කම.
කුස්සියෙ ඉඳන් උ/ඹේ තාත්තා සාලෙට එන හැටි ඒත් එක්කම මම දැක්කා..
“මොකද මොකද මේ කෑගැහිල්ල.”
උ/ඹේ තාත්තා සාලෙට ආවෙ එහෙම අහගෙන..
“තාත්තේ..මේ අම්මයි දුවයි එකතු වෙලා මගේ ජීවිතේ විනාස කළා..ඒ ගමන දැන් මේ දෙන්න එකතු වෙලා මගේ දරුවත් මගෙන් උදුර ගන්න හදනවා..
මම එහෙම කිව්වේ උ/ඹ තදකරගෙන වඩාගෙන ඉන්න මගේ පුංචි පුතා දිහා බලාගෙන .
පුංචි පුතා මගේ දිහා බලාගෙන ඉන්නෙ ඇස්වල කඳුළු පුරෝගෙන.ඒ කදුලු දැකපු මට පුංචි පුතා ගැන ඇති උනේ ලොකු අනුකම්පාවක්..
දරුවෙක්ට අම්මගෙ සෙනෙහස විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ…ඒ වගේම දරුවෙක් ට තාත්තගේ සෙනෙහස විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ..
දරුවෙක්ට අම්මා ,තාත්තා දෙන්නගෙම ආදරය,සෙනෙහස රැකවරණය අවශ්‍ය වෙනවා..ඒකයි මම මෙච්චර කාලයක් මේ හැම දෙයක්ම ඉවසගෙන උ/ඹ එක්ක ජීවත් වෙන්න හැදුවේ ..ඒත් උ/ඹ ඒ හැම දෙයක්ම දැක්කේ මගේ නිවට කම කියලා..
තවත් නම් මට උ/ඹ නිසා දුක් විඳින්න බැහැ.උ/ඹට පාච්චල් වෙන්න බැහැ..
මමත් පිරිමියෙක්..දරුවා නිසා වුණත් මීට වඩා මට ඉවසන්න බෑ…
ඒත් අපේ ප්‍රශ්න නිසා අද කාටත් වඩා දුක් විදින්නේ පුංචි පුතා .ඒ ගැන හිතද්දී මගේ පපුව වේදනාව වැඩි කමට රිදුම් කනවා වගේ මට දැනෙනවා..
“මේ සේරම ඔයාගේ වැරදි..හරි හමන් රස්සාවක් නැති මනුස්සයෙක්ට මොන ගෑ/ණිද කැමති වෙන්නේ?අපිට තව අපේ දරුවා දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ..මේ දරුවයි පොඩි එ/කායි අපිට බරක් නෙවෙයි..නිකරුනේ එහේ ඉඳන් දුක් විඳිනවාට වඩා මෙහෙට වෙලා ඉන්න එක හොඳයි…”
උඹේ තාත්තත් එහෙම පනින රිලවුන්ට ඉනිමං බැන්දා..
“ඔය කාටවත් අපේ පවුල් සමාදාන කරන්න කවදාවත් කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ..හැමෝටම උවමනා වුනේ එදා ඉඳලම අපේ පවුල කඩන්න…මෙච්චර කල් මේ පවුල ආරක්ෂා කර ගත්තේ මගේ තනි උත්සාහයෙන් ඉවසීමෙන්..මේ ඉන්නේ ගෑ//නියෙක් නෙමෙයි ය*ෂණියෙක්..
තවත් නම් මට මේ ගෑ/නි එක්ක ජීවත් වෙන්න බැහැ.ඒත් මට මගේ දරුවා ඕනේ.
මේ ගෑ/නි එක්ක හිටියොත් මගේ දරුවත් ඒ විදියටම හැදේවි…”
මම එහෙම උ/ඹට දොස් කියද්දී, උ/ඹ උන්නේ දත්මිටි කාගෙන මගේ දිහා බලාගෙන..
“මම ය*ෂණීයෙක් නම් ත//මුසේ මොකටද මෙච්චර කාලයක් මගේ පස්සේ ආවේ.
ප*යන් මේ ගෙදරින් මේ දැන්ම එළියට බැහැලා..ආයේ මේ ගෙයි හතර මායිමේ පැත්තේ ආවොත් බලාගනින් කරන වැඩේ..”
උ/ඹ මහ හයියෙන් එහෙම මට කෑ ගහන්න ගත්තා. උ/ඹේ කෑගැහිල්ලට බය වෙච්ච පාර
චූටි පුතා මහයියෙන් ලතෝනි දීල අඬන්න ගත්තා ..
“අපි යමු අම්මේ…මේ කෑගැහිල්ලට දරුවත් බය වෙලා..”
මමයි අම්මයි චූටි පුතා ලගට ලං උනේ ගෙදරට පිටත් වෙන්න සූදානම් වෙලා..
“තාත්ති ගිහින් එන්නම් පුතේ…”
මම එහෙම කිව්වේ උ/ඹේ අතේ උන්නූ චූටි පුතාගේ හිස පිරිමදින ගමන්.
චූටි පුතා මගේ අතට පන්න හැදුවේ ඒත් එක්කම…
මගේ අතට පනින්න හදපු පුංචි පුතාව උ/ඹ තදකරල අල්ල ගත්තේ මගේ ළඟට පනින්න බැරි වෙන්න…
“තාත්…තා ඕනී තුදු අම්මා…”
පුංචි පුතා එහෙම කියමින් අඬනකොට මගේ පපුව පිච්චිල ගියා වගේ මට දැනුනා.
ඇස්වලින් කඳුළු ගලාගෙන යන්න හැදුවේ
හිතට දැනුනු දුක වැඩිකමට…
ඒත් මම ඇස්වලට උනපු කඳුළ දෑස් ඇතුලෙම හිර කරගත්තේ පිරිමින්ට අඬන්න තහනම් නිසා…
හිටගෙන උන්නු තැනින් එක අඩියක්වත් මට
ඉස්සරහට තියන්න බැරි උනේ මට පුංචි පුතාව දාලා යන්න හිත හදාගන්න අමාරු වුණ නිසා..
“තවත් මෙතනට වෙලා ඉන්නවා …මේ පොඩි එකාව අඬව අඬවා…”
උ/ඹේ අම්මා මටයි අම්මටයි එහෙම කෑගහන්න ගත්තා …
“පුංචි පුතා එනවද තාත්ති එක්ක ගෙදර යන්න..”
මම එහෙම ඇහුවම පුංචි පුතාගේ ඇඩිල්ල එක පාරටම නැවතුනා…
“හා තාත්තා…”
චූටිපුතා එහෙම කියද්දි නම් මට පුදුම හිතුනා..අම්මා එපා කියලා පුංචි පුතා මාත් එකක යන්න කැමති වුනාම..
උ/ඹත් උ/ඹේ අම්මයි තාත්තයි ත් දෑස් ලොකු කරගෙන බය වෙලා වගේ බලාගෙන හිටියා ..
“පුතා අම්මව දාලා යන්න ද හදන්නේ…පුතාට අම්මා නැතිව ඉන්න පුළුවන්ද ?..”
උ/ඹ එහෙම කිව්වේ උ/ඹේ ඇස්වල කඳුළු කඳුළු පුරෝගෙන පුංචි පුතාව තව තවත් උ/ඹේ පපුවට හිර කරලා තුරුල් කරගන්න ගමන්…
“අම්මි මට තාත්ති ඕනේ..බබාට සෙල්ලම් කරන්න තාත්ති උනේ..බබාට එහේ ආච්චයි සීයායි උනේ…බබාත මෙහේ පාලුයි අම්මී.. “
පුංචි පුතා එහෙම කියද්දි අම්මගේ දෑස් කඳුළින් පිරෙන හැටි මම දැක්කා…
පුංචි පුතා මාත් එක්ක ගෙදර යන්න කැමති එකේ මම කොහොමහරි පුංචි පුතාව එක්කගෙන ගෙදර යනවා කියලා මම හිතා ගත්තා…
හමුවෙමු මීළඟ කොටසින්