33 වන දිගහැරුම 🌻

” ලොකු දරුවෝ දැන් ඔය දෙන්නා දෙමහල්ලෝ තනියම හිටියා ඇති නේද..දරුවෙක් ගැන හිතුවොත් මොකද..මන් මේ කියන්නේ ඔයාටත් වයස යනවනේ…දෝණිට නම් තවම එ හැටි වයසක් නෑ තමයි එත් මන් කැමති මැරෙන්න කලින් ඔයාලාගේ දරුවෙක් බලන්න..” දහවල් කැම මේසයේදි ඉරුගල්බණඩාර මහතා පවසන්න වුයේ බලාපොරොත්තු සහගත සිනාමුසු මුහුණෙනි….

” කැහැ…කැහැ…..” ඔහුගේ එම වදන් අසල අහස්‍යායාට මුව තුල වු බත් පිඩ සිර විය.

” දෝණී පරිස්සමෙන් කන්න පුතේ හිරකරගන්නේ නැතුව ..” තමා අසලින් හිදගෙන උන් ඇගේ හිස පිරිමදිමින් ඉරුගල්බණඩාර මහතා පවසන්න වුයේ අනෙක් අතින් ඇයට වතුර විදුරවක් පොවන අතරවාරයේ ය…

“අනේ මේ මහත්තයා ඔයා මේ උඩැක්කිගේ රගපෑම් වලට රැවටුනාට මන් නම් ඕවාට රැවටෙන්නෙ නෑ..මොකො දරුවෙක් ගැන කියද්දි හිර වෙන්නේ..දරුවෙක් වදන්න බැයිද.මට හිතුනා සෝමදාස එහෙම කිසිම අකමැත්තක් නැතුව මගේ කොල්ලාගේ කර ගහන්න කැමති වෙද්දි මොකක් හරි හුට පටයක් ඇති කියලා…….”

” තලතා…..තමුන් ගැනියේක් නේද .එහෙම වෙලත් මේ දරුවගෙන් මෙච්චර කට්ටියක් ඉස්සරහා ඔහොම් දෙයක් අහන්න තමුන්ට ලැජ්ජාව කියලා එකක් නැද්ද ආ…..” ඉරුගල්බණඩාර මහතා ඇයට කෑගසන්නට විය..

” අනේ මහත්තයා මන් කට වහන් ඉදි කියලා හිතන්න එපා..දැන් කසාද බැදලා කොච්චර කල්ද .දරුවෙක් නැත්තේ මේකිට දරුවෝ වදන්න බැරි නිසා මිසක් වෙන වරදකින් නෙවෙයි නේ…..” ඔහුගේ වදන් මායිම් නොකර ඈ අහිංසාට දොස් තබන්න වුයේ අහිංසාගේ දෙනෙතින් කදුලු බිදු එක දෙක රූටා වැටෙද්දිය ….

” අම්මා ඔය හොදටෝම ඇති ..මන් සද්ද නැතුව හිටියේ ඔයා දැන් නවත්තයි දැන් නවත්තයි කියලා හිතන් මිසක් මගේ ගෑනිට බනිද්දි කට වහන් ඉන්න ජාතියේ පිරිමියෙක් නෙවෙයි මන්…..”

” ලොකු පුතා ……”

” ප්ලීස් අප්පච්චී මට කතා කරන්න දෙන්න .ඔයා මට එන්න කියලා කොච්චර බල කලත් මන් ගෙදර එන්න අකමැති මේ ප්‍රශ්නේ නිසා..හැමදාම මේ ළමයාට අම්මා කියන කතා මට උනත් ඉවසන්න පුලුවන් සිමාවක් තියෙනවා.මේ ළමයත් ඉවසනවා කියලා තව කොච්චර ඉවසන්ද.මේ දරුවටත් තියෙන්නේ හිතක්නේ අප්පච්චී …අනික මේ පොඩි වයසට මේ ළමයාට මේ දේවල් බර වැඩි කියලවත් හිතන්නේ නෑ නේ.තාම යන්තම අවුරුදු විස්සක් උනා විතරයි මේ වයසට දරුවෙක් හදන්නේ කොහොමද කියලවත් ඔයාට පොඩ්ඩක් හිතන්න බැයිද..ඔයා මට බොරු වයසක් කියලා මට ඒ දරුවව කසාද බැන්දුවට .තමා මේ පොඩි ලමයෙක් අම්මා…..

අනිත් වැදගත්ම දේ….

මන් මෙච්චර කල් හිතන් හිටියේ ඔයාලට මේ ගැන නොකියා ඉන්න එ..එත් ඔයාලා මෙච්චර පහත් කතා මේ දරුවට කියද්දි මන් මේ දේවල් හංගන් ඉන්න එකෙන් මන් මේ දරුවටත් කරන්නේ අසාධාරණයක් …..”

අහිංසා ඔහුගේ දැගිලි වල අල්වාගෙන හිස දෙපසට සොලවන්න වුයේ කිසිවක් නොපවසන ලෙස ඉගිකරමින් වුවත් .කේශ්වර ඇගේ හිස මත දෑතක් තබමින් …..

” ඔව් අම්මා ඔයා කිව්වා හරි වදයි තමයි හැබැයි එ මන් මිසක් මේ දරුවා නෙවෙයි ….”

” පු…පුතා ………” තලතාට දෙපා වාරුනොමැතිව අසුනෙන් ඉන්ද වුයේ . එය සිහිනෙන්වත් සීතමට නොහැකි දෙයක් වු නිසාවෙනි ..

” ලොකු දරුවෝ ……” ඉරුගල්බණඩාර මහතාට දැනුනේ තම හිස කවුරුන් හෝ පොලු පහරක් ගෑසුවාක් වැනි හැගීමකි……

” අනේ මගේ රත්තරනේ එක විහිලුවක් නේද පුතේ..අනේ මේ අම්මා බය නොකර කියහන්.උබ මේ කෙල්ල බේරගන්න ඕනිවට මට බොරුවක් නේද මේ කියන්නේ…” කේශ්වර සිය ලයට වාරුකරගනිමින් මහ හඩමින් තලතා විමසන්න වුයේ සැබෑ මව් සෙනෙහසිනි …..

” මාත් කැමති අම්මා එක බොරුවක් හරි විහිලුවක් හරි වෙනවනම්..පිළිගන්න අකමැති උනත් එක තමයි ඇත්ත .දෝණී මගෙන් පොරොන්දුවක් ගත්තා කවදාවත් මේ ගැන ඔයාලත් එක්ක කියන්න එපා එක ඔයාලට දරාගන්න බැරි වෙයි…ප්‍රශ්නයක් උනොත් එයාගේ අඩුපාඩුවක් කියන්න කියලා”

” කොහොමද පුතේ යසට හිට ඔයාට මෙහෙම දෙයක් උනේ…අපිට මොනවත්ම කරන්න බැයිද..”

” බෑ අප්පච්චී මේක කිසිම ප්‍රතිකර්මයක් නෑ.අඩුම සිංහල වෙදකමෙන්වත් සනීප කරන්න බෑ..මොක්කද මේ මට කරපු ඔපරේශන් එකක සයිඩ් ඉෆෙක්ට් එකක්…..”

” ඔ..ඔපරේශන් එකක් ඔයාට කවදද ඔපරේශන් එකක් කරෙ…..”

” මේකායි අප්පච්චී …….”

කේශ්වර මිට වසර කිහිපයකට පෙර සිදුවු අනතුරත් එහා බැදුණු සිදුවීම් සියල්ලත් නොසගවා පවසන්නට විය……..

” මහත්තයා ඇයි ඔයා එ දේවල් අම්මාලා එක්ක කිව්වේ .දැන් බලන්න එයාලා කොච්චර විදවනවද කියලා ..එක මගේ අඩුපාඩුවක් කියලා කිව්වනම් එයාල ඔච්චර දුක් වෙන් නැනේ…ඕනි නම් එයාලගේ තරහ නිවෙනකන් මට බනීවී…..”

මලානික වතින් සිය ලය මත හිස හොවාගෙන හිදින ඔහුගේ හිස පිරිමදිමින් ඈ පවසන්න වුයේ ශ්චාත්තාපයෙනි …….

” දෝණී මන් නිසා ඔයා ඇයි අපේ අම්මාගේන් උනත් බැනුම් අහන්නේ අද නැතත් කවදා හරි මේ දේවල් කියන්න වෙනවා නේ කවදා වෙනකන් හන්ගන් ඉන්නද….”

” එ උනාට ඔයා එහෙම ඔයාගේ අම්මා අප්පච්චී ඉස්සරහා අසරණ වෙනවා දකින්න මන් කැමති නෑ…”

” අනේ මැණික ……” කේශ්වර ඇය පිලිබද දැනුනේ කියාගත නොහැකි හැගුම් සමුදායකි. ඇය මෙතරම් තමා ගැන සිතනවද..

” එහෙම හිතන්න එපා දෝණී එ පිට කෙනෙක් නෙවෙයි අපේ අම්මා තාත්තා නේ.එයලා ඇත්ත දැන ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ ..මේක මේ ගෙදරින් පිටට යන්නේ නෑ කියලා මන් පොරොන්දු වෙන්නම් හොදද..” ඈ ලය මතින් මෑත් වී යහනෙහි දිගා වි ඈ සිය ලය මතින් තබා ගනිමින් ඔහු පවසන්න වුයේ ඇගේ හිස් මුදුන මත දෙතොල් අතුරමිනි ……

මතුසම්බන්ධයි