නිසල සද මඩල 🌬

☁️ 13 වන කොටස ☁️

” අයිම් වෙරි සොරි මිස් සේනානායක .අපි අපිට පුලුවන් උපරිම දේ කරා..බට්…..”

” අනේ..ඇයි ඩොක්ටර් මොකක්ද ප්‍රශ්නේ මගේ දෝණී හොදින් නේද…..”

” එක තමා අම්මා මන් මේ කියන්න හැදුවේ ..හර්ෂ ඔයා කියනවද..නැත්නම් මන්ම කියන්නම්ද… ඔකේ..හර්ෂ….”

” මේකයි මිස් සේනානායක ඔයාගේ ඩෝර්ටර්ට අපි ට්‍රීට්මන්ට් කරත් .. එත් එයා ලයිෆ් එකත් එක්ක ෆයිට් කරන්නේ නැ. මන් ඔයාලට කලින් කිව්වා අයෙමත් එ ලමයට ලොකු ප්‍රේශර් එකක් ආවොත් මෙහෙම වෙයි කියලා .අනික එයා ඩීප්‍රෙශන් පේශන් කෙනෙක් . ඔයලා මෙච්චර කෙයාර්ලස් උනේ කොහොමද කියන්න මන් දන්නේ නෑ ..එයාගේ බ්‍රේන් එකට බ්ලඩ් පොම්ප් කරන වෑල් එකක් පිපිරිලා…අපිට එයාට ට්‍රීට්මන්ට් කරා…බඩ් එයා ලයිෆ් එක අතැරලා..
ඒයා දැන් ඉන්නේ..කෝමා එකේ . එයාට කවදා සිහිය එයිද කියලා අපිට කියන්න බෑ..එක තව පැයකින් දවසකින් සතියක් මාසයක් අවුරුද්දක් සමහරවිට ඊටත් වඩා කලයක් යන්න පුලුවන් වගේම සිහිය එන්නේ නැතුවම යන්න පුලුවන් ………”

” දෝණී …………..” මුලු රෝහල් දෙවනත් වන තරම් මහ හයියෙන් කෑගසමින් ඈ බිම ඇද වැටුනේ..සිය මුලු ලොව අහිමි වුවාක් සේ දැනෙද්දි ය.

” අයිම් රියලි සොරි සේනානායක …”

” ආ..ආන්ටි කෝ..ඔයා ඔහොම කඩන් වැටිලා කොහොමද අපි නංගී බේරගන්නේ..අපි හැමදේටම කලින් නංගීගේ සිහිය ගන්න ඕනි.”

” අනේ පුතේ..එ මගේ පණ…මන් අහන්න පුලුවන් හැම ජරා කතාවක්ම අහන් එකිව උස්මහත් කරේ..අනේ ඇයි මගේ කෙල්ලටම මෙහෙම උනේ…..අපි මොකක්ද දැන් කරන්නේ .මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ …..” හර්ෂගේ ලය වාරු වී රේනුකා හඩන්න වුයේ ..දාරක ස්නේහයෙනි..

” කරන්න ඕනි දේ මන් දන්නවා..ආන්ටි මාව විශ්වාස කරලා දැන් ගෙදර යන්න.මොකද දැන් ආන්ටි මෙතන හිටියා කියලා තේරුම්ක නෑ..ආන්ටි ගිහින් නංගීට ඉක්මන්ට සනිපවෙන්න කියලා බෝධි පුජාවක් තියන්නකෝ…..” යම් සැලසුමක් හිතේ ඇදෙද්දී..හර්ෂ ඈ පිටත්කර හැරියේ..ඇය මෙම ස්ථානයේ රැදි සිටිම එයට බාධාවක් වන නිසාවෙනි …

” අනේ පුතේ මගේ දෝණීව බේරගන්න පුලුවන් වෙයිනේද…..”

” ආන්ටි මාව විශ්වාස කරන්න.නංගී අනිවාර්යයෙන්ම සනීප වෙනවා..මන් එක පොරොන්දු වෙන්නම්……..”

සැනසිම සොයා මේ ගමන ආවද..පැමිණ මොහොතේ පටන් ලය පුරා උඩු දුව වේදනාව මිශ්‍රිත හැගිම් තේරුම් ගත නොහැකි නොසසුන් මනසින් ඔහු එ මේ අත ඇවිද යන්න වුයේ දැතින් හිස කෙස් ඇද ගනිමිනි ..

ඇගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබා ගත්තද..කෙදිනවක් නොමැති ලෙස එය ක්‍රියා විරහිතය….

” ඇයි මැණික මට දැනෙන්නේ උබ හොදින් නෙවෙයි කියලා..උබ මගේ ඇස් මානේ තියන් තව මට මගෙන්ම උබව රැක ගන්න බැරි නිසයි මන් මේ ගමන ආවේ….උබ හොදින්ද මැණික ……..”

කෙල පිඩක් ගිලිහිමට නොහැකි තරමට උගුර කට වියලි ගොසින් ය…ශිතකරණය වෙත පා තබා එහි වු වතුර බෝතලය ගෙන මුවට හලා ගත්තද….

කැහැ…..කැහැ………

වතුර පිට උගුරෙ ගොස් කැස්සක් ඇති වුයේ..වතුර නාසයෙන් පිට දමද්දිය…..

හිසට අතින් කිහිප වරක් තට්ටු කර වතුර බෝතලය විසිකර ඔහු ඇමතුමක් ලබාගන්න වුයේ.සිය පුද්ගලික ආර්ක්ශකයාට වුවත් ..තමා හිදින කාමරයේ දොරට නොනවත්වා පහර දෙන හඩ සවන්වැකුණු නිසාවෙන් ඔහු දොර විවර කරන්නේ වුයේ ..එලියේ සිටි පුද්ගලයාගේ බෙල්ල ගලවා දැමිමට තරම් තරහින් වුවත් .මැලවුනු දැසකින් හා කලබල ස්වරූපයෙන් තමා ඉදියේ සිටින ආරක්ෂයා දැක ඔහුගේ නෙත් මදක් ගැස්සිනි..

” ර .රයන් මොකද මනුස්සයෝ මේ..”

“සර් කතා කර කර ඉන්න වෙලාවක් නැ..ඉක්මන්ට අපි යන්න ඕනි…..” රයන් දෙවරක්ම නොසිතා යුරාග්ගේ දැතකින් ඇදගෙන් තරප්පුපෙල වේගයෙන් බසින්න වුයේ ..දුරකථනය ඇමතුමකන් තවත් පුද්ගලයෙක් හා සම්බන්ද වන අතරවාරයේය ..

” කොහෙද මනුස්සයෝ මේ මාව ඇදන් යන්නේ…..”

මෝටරථයේ දොර විවර කර යුරාග්ව ඇතුලට තල්ලු කර දමා ඔහු අනෙක් පසින් රථයට නැගි වේගයෙන් මෝටරථය දාවනය කරන්න වුයේ ….යුරාග් පවසන කිසිවකට පිලිතුරු ලබා නොදෙමිනි……

” රයන් උබ මොකක්ද යකෝ මේ නටන නාඩගම..උබ මගේ මාරයා අවුස්ස ගන්නේ නැතුව කියපන් කොහෙද උබ මේ ගාල කඩා ගත්ත හරකා වගේ මාවත් අරන් යන්නේ…..”

” ආරෝහි මිස්ට අමාරුයි ……””

” මොකක්….ඇ..ඇ..ඇයි මගේ දෝණීට මොකක්ද වෙලා තියෙන්නේ ….” මෙතරම් වේලාවක් සිංහ ගර්ජනා කර ඔහුගේ හඩ කනට නොඇසෙන තරම් බාල වුයේ. එය ඔහුගේ හද පැර වු බැවිනි ..

” එ ගැන නම් මන් හරි විස්තරයක් දන්නේ නෑ සර්..නිසල් සර් කිව්වා සර්ව පුලුවන් ලුවන් තරම් ඉක්මන්ට ලංකාවට එවන්න..බේබිගේ සිටුවෙශන් එකක් රිස්ක් කියලා …..”

” රයන් ඉක්මන් කරහන් යකෝ.අරහේ මගේ කෙල්ල පණ අදිනවා…” කෝපයෙන් සිය ආර්ක්ශය බැනවදිමින් සිය ගත රැදි බේලසරය පසුපස අසුනට විසිකර කමිසයේ බොත්තම් කිහිපයක් බුරුල් කරන්න වුයේ …එසී දමා තිබු මෝටරථය තුලදි ඔහුගේ ගත දහදියෙන් තෙත් වෙද්දිය…

ඔහු වෙන්කරාවත් ගුවන් යානයේ හදිසි කාර්මික දෝශයක් නිසාවෙන් අවලංගු වද්දි..ඔහුගේ ගමන පැය කිහිපයකට ප්‍රාමාද කරන්න වුයේ ..ඔහුගේ නොසසුන්තාවය වඩාත් ‍ත්‍රිව වෙද්දිය….

ඔහුට මේ ගෙවෙන පැය කිහිපය දැනෙන්න වුයේ ..වසරක් ගෙවි යනතරම් දිගුවය…සිය බලතල භාවිතා කර හැකි ඉක්මනින් සිය පෞද්ගලික ගුවන් යානය ගෙන්වා ගත් ඔහ ඔහු ලංකාව බලා පියාසර කරන්න වුයේ .බොහෝ ප්‍රමාද විය….ඔහු සිතින් ඇයගේ දිවිය රැක දෙන ලෙස දෙවියන් යදිමින් ය…….

” රණා උබට හොදටම ශුවර්ද මේ එ ගෑනි කියලා ….”

” ඔව් ඔව් බන් මන් දැන් දවස් ගානක් ෆලෝ කරා..අර කොල්ලාගෙ අක්කා ඔය..අපේ පොඩි බොස් පස්සෙන් ගියේ ඔය ගෑනිගෙ දුවගේ පස්සේ ..අද ගෙදර අර කොල්ලා නෑ..ඌ වැඩ වගයකට රටින් පිට ඉන්නේ. එනිසා අද තමයි අපිට වැඩේ ගැස්සෙන්නෙ නැතුව කරගන්න පුලුවන් හොදම දවස…….”

උදෑසනම ආරෝහි වෙනුවෙන් බෝධිපුජාවක් පවත්වා රේණු නැවත නිවස බලා පැමිණෙන වුයේ ..ඇය බැලිමට රෝහලට යැමේ අරමුනෙනි….

මාර්ගය දෙපස බලා ඇය මාර්ගය හරහා මාරු වෙද්දි…පසෙක නවතා තිබු මෝටරථය වේගයෙන් පැමිණි ඇගෙව් සිරුරේ ගැටෙන්න වුයේ …….ඇයගේ එහි වැදි අඩි ගානක් දුර විසි වි මහ මාර්ගය මත ඇද වැටෙද්දීය ……..

දෛවය ඔවුන්ගේ ජිවත සමග අපුර්ව සෙල්ලමක නිරත වුයේ .දෙදෙනා තැන් දෙකක ජිවතය සමග සටනක නිරත වෙද්දිය…..

මතුසම්බන්ධයි