කතාව share කරන් යන්න වස්තුලා❤️❤️❤️

😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍

චන්ඩි #රැජින🌹🌹

විසි අට වන චන්ඩිකම 🙅🙅 •

” ඔයත් පරිස්සමින් ටිකක් ඈතට වෙලා ඉන්න.අන්න ඇතුළට වෙලා පිඹ පිඹ ඉන්නව”

ආයෙමත් රනුක අයිය එහෙම කියනව.ඒත් සර්ට මෙච්චරටම කේන්ති යන්න හේතුව මොකක්ද?මං රනුක අයියගෙන් එහෙම අහන්න හදනවත් එක්කම ඔෆිස් එකේ දොර ඇරුණෙ.ඒත් එක්කම මාව ඇතුළට ඇදිල ගියේ හිතා ගන්නවත් කාලයක් නැති වෙනකොට.ඒත් එක්කම ආයෙමත් දොර වැහුණෙ.

අභිරූ සර් කේන්තියෙන්ම ගිහින් දොරේ ලොක් එක දාල ආයෙමත් මගේ දිහාවට ඇවිදන් ආවෙ දත් කුරු හපන ගමන්.එහෙම්ම මගෙ බෙල්ලෙන් අල්ලල බිත්තියට තද කලේ ඒ ඇගිලිවලට මුළු බෙල්ලම හුස්ම ගන්නත් අපහසු වෙද්දි.

” උඹ ආව විතරයි මේකෙ උන් පිස්සු නටනව.උඹට මොණවද? අර රනුක එක්ක කතා කරන්න තියෙන්නෙ කියපං. කියපං ඉතින් “

ටිකෙන් ටික බෙල්ල තද කරන ගමන් සර් කෑ ගහන්න වුණේ.

” ස ස ර්……”

වචනයක් කතා කර ගන්න බැරි වෙනකොට ඒ මූණ දිහාම බලා ගෙන ගොත ගහන්න වුණේ අසීමාන්තික රිද්මයකට පපුව ගැහෙන්න වෙද්දි.

” උඹ ආයෙමත් ඌ එක්ක කතා කරල හරි තිබුණොත් මං උඹව මරනව දැන ගනින්.අනික මං උඹට කිව්ව නේද? මගෙ ඇස් මානෙන් අයින් වෙලා ඉන්න කියල “

කේන්තියෙන් එහෙම කියල බෙල්ලෙන්ම අල්ලල මාව පිටිපස්සට තල්ලු කරල දැම්මෙ ඔළුව වේගෙන් බිත්තියෙ වදිද්දි.බෙල්ලෙන් දැනෙන්න වුණු වේදනාවටත් වඩා ඔළුවෙන් දැනෙන්න වුණු වේදනාවටත් එක්කම ඇස් දෙකෙන් කදුළු පනින්න වුණේ.

” දැන් පලයං “

මට පිටුපාල මේසෙට අත් බර කරන් උන්නු අභිරූ සර් ආයෙමත් සද්දෙන් එහෙම කිව්වෙ මේ පැත්තවත් නොබලම.වේදනාවෙන් පුපුරු ගහන්න වුණු බෙල්ලත් අතින් පිරිමදින ගමන් දොර අරින්න හැදුවෙ.ඒත් දොර උඩිනුත් ලොක් කරල.ඒ ලොක් එක ඇර ගන්න මං උසක් නැති වෙද්දි ඇගිලි තුඩුවලින් ඉස්සිලා දොර අරින්න අසාර්ථක උත්සාහයක් ගත්තේ.

” තමුන් තවම ගියෙ නැද්ද? ඔහ් ශිට්,මේ ගෑණුන්ගෙ තියෙන්නෙම කපටි මායං.උඹල දන්නෙ පිරිමි අල්ල ගන්න විතරයි ඔය මායං ටික දාල”

එහෙම කියන ගමන් සර් ආයෙමත් මේ දිහාවට් ඇවිදන් ආවෙ මං එහෙම්ම කර කියා ගන්න දෙයක් නැති තැන දොරට පිට් තද කර ගනිද්දි.ආයෙමත් මගෙ වම් අතේ බාහුවෙන් තදට අල්ල ගත්තු අභිරූ සර් මගෙ මූණට එබුණෙ.කේන්තියට ඒ මූණෙ මස් පිඩු වෙව්ලනව.

” කපටි ගෑණි.තමුන් අහින්සක මූණ පෙන්න ගෙන හිටියට පිරිමි අල්ල ගන්නමයි බලන්නෙ.තමුන්ගෙ අර යාළුව කච කච ගගා කියවන්න විතරයි දන්නෙ.ගෑණු ඔක්කොම එකයි.තමුන් ආයෙත් මගෙ ඉස්සරහට ආවොත් බලා ගමු.”

එහෙම කියන ගමන් දොරත් ඇරල මාව එළියට තල්ලු කරල දැම්මෙ කිසිම හිතක් පපුවක් නැති ගානට.අඩන්න තරම්ම වේදනාවක් දැනුණත් අමාරුවෙන් කදුළු හිර කර ගෙන උන්නෙ.ඒ නපුරු හිත ඉස්සරහ මගෙ කදුළුවලට වටිනාකම් නොලැබෙන නිසාත් අඩල හැමෝටම විහිළුවක් වෙන්න බැරි නිසාත්.කිසිම දෙයක් නොවුණු ගානට ආයෙමත් ගිහින් වැඩ කරන්න ගත්තෙ ඒකටත් බැනුම් අහ ගන්න වෙන නිසාමයි.

ධනුක අයියත්,ඇසල අයියත්,එක්ක වැඩ කරන කොට හැම දුකක්ම වේදනාවක්ම නැති වෙලා යනව.සර් හැරුණු කොට ශොප් එකේ හැමෝම මට සැලකුවෙ හරිම ආදරෙන්.ඒත් රනුක අයිය නම් එන්නෙ වෙනම දෙයකට කියල තේරුණ නිසාම එයාව හැම වෙලේම මග ඇරල ඉන්න උත්සාහ ගත්තෙ. ඒත් ඒ හැම වෙලාවකම එයාම තමයි බලෙන්ම කතා කරන්න එන්නෙ.ඒත් අභිරූ සර් ඒකත් දකින්නෙ වැරදියට.එයා හිතන්නෙ මං ශොප් එකේ කොල්ලො අල්ල ගන්න හදනව කියලයි.එයා මං ගැන එච්චරටම පහත් විදිහට හිතන එකමයි හිතට දුක.

ඒ කොහොම වෙතත් මාත් ඒ නපුරු මූණ ඉස්සරහට නොයා ඉන්න තීරණය කලේ මාත් ඒ නපුරට අකමැති නිසාමයි.මොණ දේ උනත් මං මේ ජොබ් එක කරන්නෙ ආසාවෙන්.විජේසිංහ සර්ගෙ විශ්වාසය රැක ගන්න ඕන නිසාමයි හැම දෙයක්ම පිළිවෙලට කරන්න උත්සාහ ගන්නෙ.

වැඩ ඉවර වෙලා ශොප් එකෙන් එළියට යනවත් එක්කම රශීත් විනෝදුත් ඇවිත් උන්නෙ.එහෙම්ම විනෝද්ලගෙ ගෙදරට ගිහින් ආයෙමත් ගෙදර යන්න රශීත් මාත් තීරණය කලේ දැන් අසනීපයක් නැති නිසාමයි.

” මං නම් කියන්නෙ දුව තව දවස් ටිකක් ඉදලම යන්න කියලයි.අපේ නෙතූත් නිවාඩුව ඉවර වෙලා කැම්පස් ගියපු නිසා දුවල දෙන්නත් ගියාම මට තමයි පාලුව.”

හේරත් මැඩම්ගෙ අකමැත්තෙන්ම ආයෙමත් ගෙදර ආවෙ.අස් කරන්න තරම් කුණු ගොඩක් නොතිබුණාට දූවිලි බැදිල තිබුණ නිසාම දෙන්නත් එක්ක ඇදුම් මාරු කරල මුළුගේම අස් කරල් වට පිටාවත් පිරිසුදු කරලම වොශ් එකක් දාන් ආවෙ රෑට උයන්න ඕන නිසා.

කැරට් කිරට හදල බෝංචි හදල මාළු මිරිසට හදල කෑමත් කාල කුස්සියත් අස් කරල ඉක්මනට නිදා ගත්තෙ පහුවදා ඔෆිස් යන්න ඕනෙ නිසාමයි.

❤️❤️❤️❤️❤️❤️❤️

සතියක්ම ගෙවිල ගියේ කිසිම විශේශත්වයක් නැතිවම.ඒ සතියම මං අභිරූ සර්ව දැක්කෙම නෑ.ඒ නපුරු මුූණ ඉස්සරහට මට යන්න තහනම් වෙලා තිබීමත් ඒකට එක හේතුවක්.එහෙම නැතත් මමත් ආස වුණේ නෑ ඒ නපුර ඉස්සරහට යන්න.ඒ නිසා සැහැල්ලුවෙන්ම වැඩ ටික කර ගෙන ගියේ හිතේත් සතුටෙන්ම.

” අහ්,නිශාදි මැඩම් අද මොකද? මෙහෙ “

” බිල් වගයක් හද ගන්න තියෙනව සෙනුරි.මට චුට්ටක් උදව් කරනවද? “

ශොප් එකේ බේබි අයිටම් තියන කොටසට යන්න වුණේ හදිස්සියෙ ගෙනාපු බඩු වගයක බිල් ටිකක් හදා ගන්න ඕන වුණු නිසායි.සෙනුරිත් හිටිය නිසාම එච්චර අමාරුවක් වුණේ නෑ.

” ආ… නිශා නංගි කොහොමද ? ඉතින් දැක්ක කල්.ඔයා ඉතින් අපි එක්ක කතා කරන්නෙත් නෑනෙ “

කොහෙද?මන්ද ඉදන් ඇවිත් රනුක අයිය බලෙන්ම කතා කරන්න වුණේ.කියන හැම දේකටම හිනා වෙවීම ඉන්නව මිසක් මාත් වැඩිය කතා කරන්න ගියේ නෑ.

” නිශා නංගි ඔයා මාත් එක්ක තරහින්ද? ඉන්නෙ”

” අනේ එහෙම……”

ඒත් එක්කම ශොප් එක ඇතුළට එන කෙන දැකල කෙල්ල ගැස්සිලා ගියේ…..

නැවත හමුවෙමු.