බැඳීමක් නැති මුදුවක් 💔

33 වන කොටස +බෝනස් කොටස

“සුදු කොහෙන්ද මේ මෙච්චර ඇඳුම් ?..”

“වෙන කොහෙන්ද?.සල්ලි දීලා අරගත්තේ”

මෙදාපාර අලුත් අවුරුද්ද උ/ඹට හරිම සරුයි වගේ කියලා මට හිතුණේ නිවාඩු දවසේ ගෙදර ආවාම කාමරේ පිරෙන්න තිබුණු ඇඳුම් බෑග් කන්දරාව දැකලා…

“ශොපින් ගියාද?..කවදාද ?.”

උ/ඹ එක්වරම ගැස්සිලා ගියේ මම එහෙම ඇහුවාම…

“පෙරේදා..ඇයි මම ගිය සතියේ අයියට කිව්වේ වැඩ ඇරිලා එන ගමන් ඇඳුම් ටිකක් අරගෙන එන්නම් කියලා..”

“කා එක්ක ගිහිල්ලාද ඇඳුම් ගත්තේ ?..”

“ඇයි අයියේ ඔයාට මාව සැකද?..මම නිශාදි එක්ක ගිහින් ඇඳුම් අරගෙන ආවේ..”

“සැකේකට නෙමෙයි නිකන් ඇහුවේ සුදු …”

“නිකන් මොකටද ඔහොම හාරහාර අහන්නේ ?..”

“ඇයි එහෙම අහන්න මට අයිතියක් නැද්ද ?බොරුවට රණ්ඩු කෙක්ක වගේ එල්ලෙන්නේ නැතුව ඉදප//න් සුදු ..”

“මටනම් හරි සතුටුයි..කාලෙකින් සල්ලි බලන්නේ නැතුව හිතේ හැටියට ඇඳුම් ටිකක් ගත්තේ…”

උ/ඹ එහෙම කියද්දී නම් මගේ හිතේ

උ/ඹ ගැන ඇති උනේ ලොකු දුකක්..

උ/ඹ මගෙන් මේ විදිහට දුරස් වෙන්න හේතුව මගේ දුප්පත්කම..මගේ අතේ මිටේ සල්ලි තිබ්බනම් අපි අතර මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ..දුප්පත්කම නැති කරගන්න එතෙර රැකියාවකට ගියත් ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් වුණේ නෑ….

“කෝ බලන්න ගත්ත ඇඳුම්..”

උ/ඹ මට කදමලු විවර කරමින් ගත්තු ඇඳුම් ටික පෙන්නුවා…උ/ඹ/ට පුතාට ,උ/ඹේ ගෙදර උදවියට ඇඳුම් ඒ අතර තිබුනත් උ/ඹ මම වෙනුවෙන් නූල් පටක දෙයක් දෙයක්වත් අරගෙන තිබුණේ නැහැ …

මේ තරමට උ/ඹට මාව නොවටිනවද කියලා මම කල්පනා කරන්න ගත්තේ දුකින්..

මාසේ වියදමට සල්ලි වෙන් කරලා ඉතිරිය උ/ඹේ අතේ තිබ්බට පස්සේ අලුතින් ඇඳුමක් ගන්නවත් මගේ අතේ සතයක් වත් ඉතුරු වුණේ නෑ…හැමදාම ඇදලා හෝදලා දිය වෙච්ච ඇඳුම් හොඳටම පරණ වෙලා…මට මම ගැනම ඇති උනේ ලොකු ආත්මානුකම්පාවක්..

කමක් නැහැ උ/ඹත් මගේ දරුවත් ලස්සනට ඉන්නව නම් මට ඒ ඇති..මම එහෙම හිතාගෙන මගේ හිත හදාගත්තේ…

“අයියේ…මම අවුරුද්දට ගෙදර යන්න හැදුවේ.පරණ අවුරුදු දවසේ ගිහිල්ලා අවුරුදු දවසට පහුවෙනිදා ගෙදර එන්න කියලා මම හිතුවේ..ඔයාටත් පුළුවන් වේවිද අවුරුද්දට නිවාඩු ගන්න…”

උ/ඹේ මහ ගෙදර යන්න මම කැමැති නෑ තමයි..ඒත් අවුරුද්දට උ/ඹේ ගෙදර යන එක මගේ යුතුකම නිසා මම ඒකට එකඟ වුණා..

“හරි..සුදු …අපි යමු…”

“ඔයා අවුරුද්දට ඇඳුම් ගත්තද?..”

මගේ අතට ලැබෙන හැම සතයක්ම උඹටයි අම්මටයි දුන්නම මගේ අතේ ඉතිරි වෙන්නේ මඟ වියදමට සල්ලි විතරයි කියලා උ/ඹ හොඳටම දන්නවා..එහෙම දැන දැන
උ/ඹ ,එහෙම ඇහුවේ හරියට කිසිම දෙයක් නොදන්නවා වගේ…

“අවුරුද්දට ඇඳුම් ගන්න මගේ අතේ සල්ලි ඉතුරු වෙන්න එපැයි සුදු…සේරම සල්ලි ඔයාටනේ මම දුන්නේ…”

“ඒ සල්ලි වලින් මොනවද ගන්න පුළුවන්…පුතාගේ කෑම වලට ඇඳුම් වලට වියදම් වුණාම සේරම ඉවරයි…”

උ/ඹ එහෙම කිව්වේ මම දුක් මහන්සියෙන් හොයලා උ/ඹේ අතට දුන්න සල්ලි අඩු තක්සේරුවට දාලා..

“මම කියන්නද අයියේ.මමයි පුතයි විතරක් අවුරුද්දට ගමේ ගිහින් එන්නම්…”

“ඇයි ඒ?..”

මම මොහොතක් කල්පනා කරේ උ/ඹ එහෙම කිව්වේ ඇයි කියලා හිතාගන්න බැරිව…

“අනේ මේ..ඔයා නම් ඔය කබල් ඇඳුම් ඇඳගෙන අපි එක්ක එහෙ එන්න ලෑස්ති වෙන්න එපා…අවුරුද්දට නෑදෑයෝ එහෙමත් ගෙදරට ඒවී..වස ලැජ්ජාවක් වෙන්නේ…”

උ/ඹ එහෙම කිව්වේ හිතක් පපුවක් නැති ගානට..මම කාමරේ ඉඳලා මිදුල පැත්තට එලියට ගියේ මේ ලෝකේ ඉන්න කිසිම ස්වාමි පුරුෂයකුට උ/ඹ වගේ වදක භාර්යාවක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්…

මිදුලේ බංකුව උඩ වාඩි වෙලාත් මම කල්පනා කරේ උ/ඹේ දුෂ්ටකම් ගැන…උ/ඹ හොඳාකාරවම දන්නවා උ/ඹට සල්ලි දුන්නට පස්සේ මාසේ වියදමට කීයක් හරි අතේ තියා ගත්තට පස්සේ මගේ අතේ වෙන සත පහක් වත් ඉතිරි වෙන්නේ නෑ කියලා …

හැමෝටම ඇඳුම් ගත්ත උ//ඹට මට එක ඇඳුමක් හරි අරන් දෙන්න තිබ්බා..එහෙම නොකර මාව මේ විදිහට දාලා යන්න උ/ඹ හදන එක සාධාරණ නෑ ….

මම මිදුලේ බංකුවට වෙලා සෑහෙන්න වෙලාවක් කල්පනා කරා..

💔💔💔💔💔💔💔💔💔

සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වුණා..මුළු රටම අවුරුදු සමරද්දී
මම කාත් කවුරුත් නැති අසරණයෙක් වගේ අවුරුදු දවසේ උන්නෙත් බෝඩිං කාමරේට වෙලා..

අවුරුද්දට බෝඩිං කාමරේ ඉතුරු වුණේ මම විතරයි…අම්මා අවුරුදු දවසේ ගෙදර එන්න කියලා කොයි තරම් නම් මට කතා කළත්
මට ගෙදර යන්න හිත දුන් නැත්තේ ගෙදර ගියාම උ/ඹවත් චූටි පුතා වත් මතක් වෙලා මට ඉන්න අමාරු බව දැන දැන..

උ/ඹ උ/ඹලගෙ මහ ගෙදර ගිහින් පුතා එක්ක අවුරුදු සමරන හැටි මට මැවි මැවී පෙනුණා..

මිනිස්සු කසාද බඳින්නේ,සහකාරයෙක් හොයාගන්නේ තමන්ගේ ජීවිතයේ දුක සැප බෙදාගෙන ඇස් පියවෙන කල් එකට ජීවත්වෙන්න…ඒත් මේ කසාදය නිසා මට ලැබුනේ දුක් විතරයි..

උ/ඹ තනියම සැප විඳිනවා…මම තනියම දුක් විදිනවා.

මම වේල් තුනටම කන්න මාලුමිරිස් දාපු හාල්මැස්සො හොද්දකුයි බතකුයි හදලා උදෙන්ම ඒක කාලා ඇඳට වැටුණේ හවස වැඩට යනකම් වැටිලා ඉන්න …

ඇඳේ වැතිරිලා නිදි යන්න උත්සාහ කළත් මගේ ඇස් දෙක නිදිසුව හොයාගෙන ගියේ නැත්තේ උ/ඹ මට මේ කරන වෙනස්කම් මගේ හිත හොඳටම තුවාල කරලා තිබුණු නිසා…

දවල් වෙනකන් ඇඳේ එහාට මෙහාට හැරි හැරි හිටපු මම දවල්ට කාලා ලෑස්ති උනේ හවස වැඩට යන්න කියලා..

හවස ෆුඩ්සිටියේ වැඩ කරන අතරතුර පුංචි පුතෙකුයි අම්මෙකුයි තාත්තෙකුයි ෆුඩ් සිටියට ආවේ අවුරුද්දට ගමේ යන්න බඩු ගෙනියන්න …

ඒ පුංචි පුතා අපේ පුංචි පුතාගේ වයසෙම හරි දඟකාර හුරතල් පැටියෙක්.අම්මයි තාත්තයි එක්ක හරි හරියට පුංචි පුතා බඩු තෝරනවා..ඒ පවුල මොනතරම් සතුටින් ජීවත් වෙන පවුලක් ද?..

ඇයි අපේ පවුලට ඒ වගේ සතුටින් ජීවත් වෙන්න බැරි…මම එහෙම කල්පනා කරේ ඒ පවුල දැකලා මට මගේ පවුල මතක් උන නිසා…

💔💔💔💔💔💔💔💔💔

මම මෙවර නිවාඩුවට ගෙදර ආවම පුදුම වුණේ උ/ඹ රස්සාවට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටපු නිසා..ඒත් මම ඒ ගැන අහන්න ගියේ නැත්තේ අද උ/ඹේ නිවාඩු දවස කියලා හිතලා…

පහුවෙනිදත් මම උදේ ඇහැරිලා බලනකොට උ/ඹ ඇඳේ වැතිරිලා උන්නේ චූටි පුතාව තුරුල් කරගෙන…

“සුදූ …වැඩට යන්නේ නැද්ද ?..”

මම එහෙම අහද්දී උ/ඹ මගේ දිහා බැලුවේ ඇඟමැළි කඩන ගමන්…

“ආයෙමත් වැඩට යන්නේ නෑ කියලා කල්පනා කළේ අයියේ…”

උ/ඹ එහෙම අහද්දි මම උ/ඹ දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් උ/ඹව තේරුම් ගන්න බැරැව වගේ…

“මම කීපාරක් එපා කිව්වාද ?.මොකෝ එකපාරටම ජොබ් එක එපාවුණේ…?”

මම එහෙම අහපු ගමන් උ/ඹේ මුහුණ එකපාරටම වෙනස් වුණා…

“ජොබ් එකෙත් වැඩ වැඩියි අයියේ…මම වැඩට ගියාම පුතත් තනියම..තාත්තයි අම්මත් කැමති නෑ මම ජොබ් එකට යනවාට”

උ/ඹ එහෙම කිව්වාම මගේ හිතට දැනුණේ ලොකු සැනසීමක් .කොහොම නමුත් සිද්ධ වෙලා තියෙන්නේ හොඳ දෙයක් නිසා මට සතුටු හිතුනා …

“ජොබ් එකෙන් අස් වෙච්ච එක නම් හොඳයි සුදු …ඇයි අපේ අම්මයි තාත්තයි මොකක්ද කිව්වේ?..”

“නෑ අයියේ තාත්තා කිව්වා එයාලගේ ණය එයාලා ගෙවන්නම් .ඔයා හම්බ කරන සල්ලිවලින් සතයක් වත් එයාලට එපා කියලා .මට ගෙදර නවතින්න කියලා..ඉතින් බොරුවට මම දුක් විඳින එක තේරුමක් නෑනේ.මම අයියාට කියන්න කියලා හිටියේ .හිතුවේ අම්මා කියන්න ඇති කියලා ..”

උ/ඹ එහෙම කිව්වේ නිදාගෙන උන්නු චූටිපුතා ළඟින් නැගිටින ගමන් ලිහිල් වෙලා තිබුණු උ/ඹේ කොණ්ඩය ගුලියක් වෙන්න ගැට ගහන ගමන්…

💔💔💔💔💔💔💔💔

“තාත්තේ…කෝ බබාට ගමරාල දිය්ය ලෝකේ ගිය කතාව කියල තෙන්නකෝ..”

“දැන් තාත්තා දෙපාරක් කියලා දුන්නේ පුතේ…තාත්තිගේ උගුර රිදෙනවා..තාත්ති වැඩට යන්න ලැස්තිවෙන ගමන් ඉන්නේ..වැඩ ඇරිලා නිවාඩු ආවම තාත්ති මගේ පුතාට කියලා දෙන්නම්..”

මම එහෙම කියපු ගමන් චූටි පුතාගේ මූණ නොරොක් වුණා..

“බබා තාත්ති එක්ක තලහයි…අම්මි කියනවා හරි තාත්ති නෝතී…කිතිම කමකට නෑ කීලා…”

චූටි පුතා එහෙම කියාපු ගමන් නම් මම එක පාරටම තිගැස්සිලා ගියේ උ/ඹ චූටි පුතාගේ ඔළුවට එක එක විසබීජ පුරවන්න පටන් අරගෙන කියලා මට වැටහිලා…

“අම්මා පුතාට කවද්ද එහෙම කිව්වේ?.”

මම එහෙම ඇහුවේ වැඩි ගණනකට නොගෙන වගේ පෙන්නලා..

“එදා ආලුද්දට ආච්චාගේ ගමේ ගියාම අම්මගේ ආච්චයි දෙන්නම තාත්තට හොඳටම බැන්නා….මේ තාත්ති බබා කිව්ව කීලා කාටවත් කියන්න එපා හොඳේ…නැත්තං අම්මි බබාට කෝටුපාර දේයි.”

චූටි පුතා ඇස් දෙක ලොකු කරගෙන මේ එහෙම කිව්වේ හුරතලේට…චූටි පුතාගේ වෙන හුරතල් වැඩ වලට හිනාවෙලා සතුටු උනාට මේ වදන් පෙළට නම් මගේ හිතේ ඇතිවුණේ ලොකු තරහවක්….

අහිංසක කිරි දරුවෙක්ගේ ඔලුවට තාත්තා ගැන මේ වගේ විස පෙව්ව උ/ඹ යි නැන්දම්මා ගැනයි මගේ හිතේ ඇති වුණේ ලොකු තරහවක්…මගේ ගත සැලෙන්න ගත්තේ තරහා වැඩිකමට …

ඒ වුණත් මම නිහඬව හිටියේ වැඩට යන්න ලෑස්ති වෙන ගමන් උ//ඹත් එක්ක රණ්ඩු අල්ලන්න තියෙන අකමැත්ත නිසාම …

අල්මාරිය පුරාවට මම මගේ කලිසම හොයන්න ගත්තේ මේ දේවල් කල්පනා කරන ගමන්…

අල්මාරිය පුරාවට හෙව්වත් මට මගේ කලිසම හොයාගන්න ලැබුණේ නෑ….

අන්තිමට මම ලිඳ ලඟට ගියේ ලිඳ ලඟ උන්නු උ/ඹෙන් මගේ කලිසම කොහෙද කියලා අහන්න…

“සුදු…..සුදු ….”

“ඇයි අනේ මොකද බෙරිහන් දෙන්නේ?…”

“කෝ මගේ කලිසම…”

“මොන එකද?..”

“නිල් පාට කලිසම..”

‘මම දන්නෙ නෑ…”

“දන්නේ නෑ එහෙම වෙන්නේ කොහොමද?.මම අර එදා හෝදන්න කියලා දුන්නේ “

“ආ ඒක මම හේදුවෙ නෑ..”.

උ/ඹ එහෙම කිව්වේ ලිඳ ලග ඉදලා ගේ පැත්තට ඇවිදින ගමන් මම කියන දේවල් ගැන තඹ දොයිතුව ට ටවත් මායිම් නොකර….

“සුදු ත/මුසේ දන්නවා මට අඳින්න තියෙන්නෙ ඒ කලිසම විතරයි කියලා…අනිත් කලිසම ඉරිලා …ඒක මහලා දෙන්න කියලා දවස් ගානක් තිස්සේ කියනවා ඒකවත් මහලා දුන්නේ නෑ ..දැන් ඉතින් එහෙනම් කලු කලිසමේ වාටිය පොඩ්ඩක් මහලා දෙන්න…”

උ/ඹ මට ගස්සන්න පුප්පන්න ගත්තේ මම එහෙම කියපු ගමන්..

“අනේ මට නං ඕව කරන්න බෑ.ත/මුසේ හිතන්නේ මම ත/මුසෙගෙ වැඩකාරි කියලද..අර මහ ලොකු අම්මා ඉන්නේ අම්මට කියලා මස්ස ගන්නවා..”

උ/ඹ කාමරේ ඇතුලට ගියේ මාව පොඩ්ඩක්වත් ගණන් ගන්නැතිව…

මම මගේ හැම වැඩක්ම කරගන්නේ තනියම..ඉඳලා හිටලා මේ වගේ උදව්වක් ඉල්ලුවම උ/ඹ මේ විදිහට හැසිරෙද්දී මට ඇතිවෙන්නේ දරාගන්න බැරි තරම් ලොකු තරහවක්…

මම කාමරේ තිබුණු කලු කලිසම අරගෙන කුස්සිය පැත්තට ගියේ අම්මට දීලා එක මස ගන්න හිතාගෙන …

“අම්මේ..”

මම යනකොට අම්මා උන්නේ කුස්සියට වෙලා මට බත් ඔතන ගමන්..

“අම්මේ..පුළුවන් තරම් ඉක්මනට මේ කලිසම මහලා දෙන්න…”

“පේන්නැද්ද පුතා මම මේ පුතාට බත් බඳිනවා…අර ළමයට ගිහින් දෙන්නකෝ ඕක මහල දෙන්න කියලා…”

මම වදනක්වත් නොදොඩා කලිසම අරගෙන කාමරයට ගියේ උ/ඹ ලඟට…උ/ඹ මම යද්දි කාමරේට වෙලා ඔහේ ඇඳ උඩ වාඩි වෙලා උන්නා..

“අම්මා කෑම එක බඳිනවා…ත/මුසේ මට පුළුවන් තරම් ඉක්මනට මේක මහලා දෙනවා…මට ඇඳන් යන්න වෙන කලිසමක් නෑ…”

මම එහෙම කිව්වේ මගේ කලිසම උ/ඹේ අතේ තියන ගමන්…උ/ඹ මගේ කලිසම විසිකරලා දැම්මේ හරියට ලොකු පිළිකුලකින් වගේ….

“ඔය හි//ඟන කලිසම පැත්තකට විසිකරලා දානවා..මහලොකුවට රස්සා කරනවා…ඇඳන් යන්න කලිසමක් නෑ…හැමදාම ජීවත් වෙන්නේ හිඟන්නෙක් වගේ…අපිටත් එක්ක ලැජ්ජයි..”

උ/ඹ එහෙම මහ හයියෙන් පරල වෙලා කෑ ගහන්න ගත්තේ දුම්මල වරම අතට ගත්ත කපුවා වගේ..

මම උ/ඹ විසිකරපු මගේ කලිසම අතට ගත්තේ මට මම ගැනම උපන්න ආත්ම අනුකම්පාවක් එක්ක…

කසාද බැඳපු දා ඉඳලා මම මේ විදින්නේ මොන වගේ දුකක් ද?.කසාද බඳින හැම මනුස්සයාම මේ වගේ දුක් විඳිනවද?..
බැඳීමක් තිබුනට උ/ඹේ හිතේ මම ගැන පොඩි සෙනෙහසක් වත් තියෙනවද?….

සංසාරගත වෛරයක් සංසිදුවන්න වගේ මගේ ජීවිතයට ඇවිත් මගෙන් පළිගන්න,මට දුකම දෙන උ/ඹ ගැන මගේ හිතේ ඇතිවුණේ වචනයෙන් කියා නිම කරන්න බැරි තරම් ලොකු තරහවක්….

උ/ඹ හැමදාමත් කළේ මගේ හිත රිදවපු එක..මට දුකම දෙන එක…

කිසිම සැනසීමක් නැති මේ බැඳීම ගැන මගේ හිතේ ඇතිවුනේ ලොකු තරහවක්…මම උ/ඹ ලගට පැනලා අත පුරෝලා කම්මුල් පාරක් දුන්නේ මගේ ඉවසීම නිවටකමක් කියලා හිතෙන උ/ඹට පාඩමක් උගන්නන්න එක්ක…

“අයියෝ…ත//මුසෙට නම් හොදක් වෙන්න එපා.ගෑ//ණුන්ට අත උස්සන ත/මුසෙලා වගේ උ/න් නම් පිරිමි නෙමෙයි…”

උ/ඹ මහ හයියෙන් අඬාගෙන එහෙම කෑ ගහනකොට සාලෙට වෙලා සීයාත් එක්ක ටීවී බල බලා හිටපු පුංචි පුතා බය වෙලා කාමරේට දුවගෙන ආවේ ….පුංචි පුතා කාමරයට දුවගෙන එනවා වත් මම හරියට දැක්කේ නෑ…මම ඒ තරමට හිටියේ ඉවසගන්න බැරි තරම් ලොකු තරහකින්..

“මෙච්චර කාලයක් මම උ/ඹේ හැම නාඩගමක්ම ඉවසගෙන හිටියා හොදටම ඇති…උ/ඹ මීට පස්සේ කරන්න ඕනේ මට ඕන දේවල්….”

මම එහෙම කිව්වේ උ//ඹට තරහෙන් පුප්පන ගමන්…මෙතෙක් දවස් මගේ තිබුණු ඉවසීම නැත්තටම නැති වෙලා ගියා…

“මම කාටවත් ඕන දේවල් කරයි කියලා හිතන්න නං එපා…මම කරන්නේ මට ඕන දේවල්….මාව කාටවත් බය කරගන්න බෑ..”

“උ/ඹ උ/ඹට ඕනේ දේවල් කරගනින් උ/ඹේ මහ ගෙදරට ගිහිල්ලා..මෙහේ ඉන්නවනම් උ/ඹ ඉන්න ඕනේ මට ඕනේ විදිහට.තේරුණාද?..”

“මම තව එක මොහොතක් මේ ගෙදර ඉන්නේ නෑ…මම ගෙදර යන එක යනවා..මෙදා පාර නම් ආයෙමත් එන්නේම නෑ…”

උ/ඹ එහෙම කෑ ගහන්න ගත්තේ ඇස් දෙකේ කඳුළු කඳුලු පුරෝගෙන…උ/ඹේ කඳුළු දැකලා බය වෙච්ච පාරට පුංචි පුතා අඬාගෙන උ/ඹේ ගවුම් සායේ එල්ලුනේ …

මම උන්නේ ඒ පුංචි ඇස් වල කඳුළු වත් නොපෙනෙන තරමට තරහෙන් මාරා//වේශ වෙලා…

“ඉතින් යනවනම් පල//යන්…තවත් නම් මම උ/ඹව බලෙන් තියාගන්නේ නැහැ..උඹට මා ගාවට ආපු දවසේ ඉඳන් ඕනේ වුණේ මාව දාලා යන්නනේ…ඉතින් පල//යන්..යන එවුන් මම ආයේ එක්කගෙන එන්නේ නැහැ…”

“ඔව්.ඉතින් මම ගියාම ත/මුසෙට කො/ල්ලෝ එක්ක නිදහසේ නාඩගම් නටන්න පුළුවන් නේ…මම යන එක යනවා.මොකටද නිකරුණේ මම මෙහාට වෙලා දුක් විඳින්නේ…”

“මොනාද උ/ඹ කිව්වේ..උ/ඹ ආයේමත් ඔය වගේ කට කැඩිච්ච කතා කිව්වොත් මම ඔය කට අඹරනවා..”

“කරන්න හොඳයි කියන්න තමයි හොඳ නැත්තේ ..

මම සාලෙට ආවේ උ/ඹට ඕනේ දෙයක් කියාගන්න කියලා මගේ කලිසමත් අතට අරගෙන..

“කෝ දෙන්න මම මහලා දෙන්නම්…”

අම්මා මගේ අතේ තිබ්බ කලිසම අතින් ගත්තේ අනුකම්පාවකින් වගේ කියලා මට හිතුනේ ..අම්මා කඩිමුඩියේ මගේ කලිසම මහන්න ගත්තා ..මම කලිසම මහනතුරු අම්මා ළඟට වෙලා හිටියා …

“මොකෝ පොඩි පුතේ මේ කෑගැහිල්ල.කොයි තිස්සෙත් ඇනකොටා ගන්නවා..”

තාත්තා මගේ ළඟට ආවේ එහෙම අහගෙන.

මම තාත්තා ට පිළිතුරු නොදී සිටියේ තවත් මේ දේවල් ගැන කතා කරන එකත් මට පිළිකුලක් වෙලා තිබුණු නිසා…

“කලිසම මහලා දෙන්න කිව්වා කියලා…”

අම්මා එහෙම කිව්වේ මහපු කලිසම මගේ අතේ තියන ගමන්…

“සේරටම හපන් මහ ජෝඩුව ..අනේ ඇත්තටම මේ නා//කී ජෝඩුවට පාඩුවේ ඉන්න බැරි හැටි…”

කාමරේ ඉඳන් උ/ඹ සාලේට ආවේ අම්මගෙයි තාත්‍තාගෙයි ඇඟටත් කඩාගෙන …

“සුදු නෝනා…ඇයි එහෙම කතා කරන්නේ..අපි මොනදෙයක් උනත් ගන්නේ දිලංක ගේ පැත්ත නෙමෙයි ඔය ළමයාගේ පැත්ත..එහෙම වෙලා ඔහොම කතා කරන එක වැරදියි…”

“අනේ මේ .ඔයාලා ඔයාගේ පාඩුවේ ඉන්න හැමදේටම හොට දාන්නේ නැතුව…”

උ/ඹ ඒ ගමන තාත්තා එක්ක එල්ලි එල්ලි රණ්ඩු කරන්න ගත්තා..චූටි පුතා බයවෙලා අම්මාගේ බෙල්ල බඳාගෙන හිටිය විදිහට මට දුක හිතුනත් මම එතනින් නිහඬව පිටවෙලා ගියේ තව වෙලාවක් එතැන හිටියොත් උ/ඹ මා එක්ක එල්ලි එල්ලි රණ්ඩු කරන්න ඒවි කියලා …

“තාත්ති ගිහින් එන්නම් පුතේ…”

මම ගෙදරින් ඉක්මනට පිටවෙලා ගියේ වැඩට යන්න මට දැනටමත් හොඳටම පරක්කු වෙලා නිසා…

හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔

දවස් ගනනකින් කතාව දෙන්න බැරි උනාට සමාව දෙන්න..අද දිග කොටසක් දුන්නේ ඒ නිසා..කතාව කියවන ඔයාලා හැමෝටම ස්තුතියි..