කාවින්දි ලියනගේ
🌻 32 වන දිගහැරුම 🌻
” දෙන්නෙක්ගේ ආදරේ හැමදාමත් තියෙන්න.එහෙමත් නැත්නම් එ ආදරේ සම්පූර්ණ වෙන්න දරුවෙක් ඉන්නම ඕනිද අයියේ …එහෙම හිතනවනම් එතන ආදරයක් නෙවෙයි උමනාවක් නෙවෙයිද තියලා තියෙන්නේ …පවුලක් වෙන්න හරි තමන්ගේ පරම්පරාව අරන් යන්න හරි තමන්ට හැබෑ කරගන්න බැරි උන හීන ලමයි ලවා ඉෂ්ට කරගන්න කියලා දරුවෙක් හදන එකද ආදරේ කියන්නේ ….”
” දෙන්නෙක් දෙන්නෙක්ට එයාලගේ හදවතින්ම ආදරේයි නම් එ බෑදීම ශක්තිමත් වෙන්න තව අතරමැදියෙක් මොකටද…
දරුවෝ හදන්න ඕනි නෑ කියලා නෙවෙයි මන් කියන්නේ . එත් දරුවෙක් හදන්න බෑ කියලා කසාද බැදපු දෙන්නෙක් වෙන් වෙන එක හරිද අයියේ ..ඇයි එයාලට බැරි එ අඩුපාඩව අමතක කරලා ජිවිතේ ඉස්සරහට යන්න.”
” දො..දෝණී …..”
ඔහුගේ ලයට තුරුල් වී ඈ වදන් කරන සෑම වදනක්ම ස්පර්ශ කරන්න වුයේ ඔහුගේ ලයයි….හුරතල් දැරියක් ලෙස හැසිරුණු ඇගේ එම වදන් ඔහුට එක් කරන්න වුයේ කුහුලක් …
” මන් වැරදි දෙයක්ද කිව්වේ …ඔයා හිතුවේ කොහොමද අයියේ ඔයාට දරුවෙක් හදන්න බැරි නිසා මන් කවදාහරි ඔයාව දාල යයි කියලා ..මේ පොලොවේ පයගහලා ජිවත් වෙන්න මන් ඉගෙන ගත්තේ ඔයාගෙන් එ විතරක් නෙවෙයි ඔයා හින්දා මට ලැබුන දේවල් මෙච්චරයි කියලා කියන්න බෑ….එ මොන දේ නැති උනත් ඔයාට පිස්සවෙන් වගේ ආදරේ කරන මන් කොහොමද ඔයා නැතුව ජිවත් වෙන්නේ……..”
” දෝණී මට සමාවෙන්න මැණික …..” ඇගේ දෑත් එක් කර සිය දෑතට මැදි කරගනිමින් කේශ්වර පවසන්න වුයේ තමා ගැනම පශ්චාත්තාපයෙනි …….
” ඔයා සමාව ඉල්ලන්නේ ඇයි අයියේ ඔයා වරදක් කරේ නැනේ…මේ දේවල් අපි අදම කතා කරලා ඉවර කරමු ..අයි කිසිම දවසක අපි මේ ගැන කතා කරන්නේ නෑ හොද. අපේ කියලා තව දරුවෝ මොකටද ඔයාට මන් මට ඔයා මේ ඉන්නෙ.ඔයා දෙන මේ වද වල හැටියට දරුවෙක් හිටියොත් මගේ කෙස්ගහක්වත් ඉතුරු වෙන එකක් නෑ.” ඔහුගේ හිස සිඹින් ඈ පවසන්න වුයේ සැබැවින්ම ඔහු ඇතැම් වේලාවන්ට කුඩා දරුවෙක් සේ තමා අසලම හිදින නිසාවෙනි .
“මන් ඇත්තටම මේච්චර දවසක් ඔයාට දේවල් නොකියා හිටියේ .ඔයාව රවට්ටන්න නෙවෙයි දෝණී ..මන් බය උනා ඔයාව මාව දලා යයි කියලා..මොකද ඔයා නැතුව ජිවත් වෙන්න බැරි තරමට මන් ඔයාට බැදිලා…
අම්මාගේ වදෙන් බේරෙන්න මන් ඔයාව කසාද බැන්දේ..ටික කාලයක් ඔයත් එක්ක ඉදලා හෙමිට ඔයාව පොඩිට බන්දලා දෙන්න හිතන්…
” මොකක්………..”
ඔහුගේ වදන් අබියස ඈ ඔහු දෙස රවා බලන්න වුයේ ..කේශ්වරගේ මුවෙහි තිබු දොම්නස් සහගත පෙනුම දුරු වී ලා මදහසක් නැගෙද්දිය .
” හරි හරි ඉතිං ඔහොම රවන්න එපා …එකනේ මන් කිව්වේ .මන් හිතන් හිටියා කියලා ..දැන්නම් මාව මරනවා කිව්වත් ඔයාවනම් කාටවත් දෙන්නේ නෑ…..”
” අන්න එහෙම එන්න හිතේ ඇති මාව කාටහරි දිලා නිදහසෙ ඉන්න.. මැරුනත් බූතයෙක් වෙලා හරි හොයන් එනවා මන්……..”
” හපොයි දෙවියයෙනේ එ කියන්නේ මට මැරිලවත් නිදහසේ ඉන්න ලැබෙන් නැද්ද.සැක් මන් හිතන් හිටියේ මැරුණට පස්සේ වත් ටිකක් ඇග පත තියන හොට් කෙල්ලෙක් බලලා සෙට් කරගන්න. එ කියන්නේ එකත් හීනයක්ම විතරක් වෙයි නේද…කඩවලේ …………..
” අනේ නිකන් ඉන්න අයියේ . කොහෙන් ඔය වචන එනවද මන්දා ඔයාට .ඔයා එක්ක බෑ අප්ප එක වෙලාවකට .මේ එක නෙවෙයි අපි කොහෙ හරි යන්ද කාලෙකින් ඔයා මාව කොහෙවත් එක්ක ගියේ නෑ…..”
” එත් දෝණී මන් තාම කතා කරලා ඉවර නෑනේ……”
” ඔයා කියන්න යන්නේ ඇක්සිඩන්ට් එක ගැන නම් පොඩි අයියා මට එ හැමදේම කිව්වා….අයෙමත් ඔයාගෙන් එ දේවල් අහලා ඔයාව රිද්දන්න මට ඕනි නෑ අයියේ …..”
” දෝණී ……”
ඔහු ඈ සිය ලයට තව තවත් තුරුල් කරගන්න වුයේ ඇගේ හිස් මුදුන සිප ගන්නා අතරේය…
” ආ..ඔය අපිව මතක් වෙලා තියෙන්නේ .අපි මැරිලාද කියලා බලන්නද දන්නේ නෑ ආවේ “
” මොනාවද අම්මා මේ කියවන්නේ.ඔයා හොදටම දන්නවා මගේ රස්සාව ගැන.එහෙම අතරමග දලා එහෙ මෙහෙ යන්න පුලුවන් රස්සාවක් නෙවෙයි මන් කරන්නේ ..”
” අනේ ලොකු මාව රවට්ටන්න උබට බෑ..අනිවාර්යයෙන්ම මේ හිසකුඩුකුචිය කියන්න නැති යන්න ඕනි නෑ කියලා..ශික් මගේ කොල්ලාගේ ජිවිතේ කාලම දැම්මා මෙකි..”
” අම්මා ඔයා මට ඕනි දෙයක් කියන්න හැබැයි අහිංසාට මොනවත් කියන්න එපා..අදත් මේ ආවේ මෙයාගේන් බේරෙන්නම බැරි පාර..එහෙම ලමයට ඔයා ඔය කතා කරන විදිහ වැරදි..”
” එ පාර උඹ අම්මා එක්කත් එකට එක කියනවද..ආ……ලොකු ……”
” හාමිනේ …….මේ දරුවන්ට ගේ ඇතුලටවත් එන්න දෙන්නේ නැතුව ඇගට ගොඩවෙනවද.”
” එන්න දරුවෝ ගේ ඇතුලට උදේපාන්දර ඇවිත් මහන්සිත් ඇතිනේ…..”
” අප්පච්චී ……” ඔවුන් දෙදෙනා ඉරුගල්බණඩාර මහතාට දණගසා වැද ඔහු අසලින් හිද ගන්න වුයේ ..ඉරුගල්බණඩාර මහතා අහිංසා තමා අසලින් හිදවගනිද්දිය..
” දෝණී කොහොමද පුතේ ඉතිං ඔයාට .අපේ බුරුවා ඔයාට සද්දේ එහෙම දන්නේ නැතුව ඔයාව හොදට බලා ගන්නවද…….”
” කොල්ලා කසාදයක් කරගත්තේ එයාව බලාගන්න කෙනෙක් ඔනි නිස මිසක් එයාට බලා ගන්න කාවවත් ගන්න නෙවෙයි නේ..අනික මෙයා ළමතැනි ඈ අපේ එකාට මෙකිව බලා ගන්න……”
” පුතේ මන් ඔයාගෙන් දෙයක් ඇහුවා..”
” අනේ එහෙම නෑ අප්පච්චී මහත්තයා මාව හෝදට බලාගන්නව.හරිම ආදරේයි මට අප්පච්චී ලග ඉන්නවා වගේමයි…..”
” එකනෙ මන් දන්නවා මගේ කොල්ල ගැන .එහෙනම් පුතේ ඔයාලා ඇගපත පොඩ්ඩක් සොදාගෙන එන්න අපි තේ ටිකක් බොන ගමන් කතා කරමුකෝ.”
” හරි අප්පච්චී …….”
.
” ලොකු මැණිකේ තාම වෙනස් වෙලා නෑනේද අයියේ .එයා හිටිය විදිමහමයි.ඔයා දුක් වෙන්න එපා හොදද..මන් ලොකු මැණිකේ කියන එවාට දුක් වෙන්නෙවත් තරහ ගන්නෙවත් නැ…..”
” දෝණී ……” කේශ්වර ඈ පිලිබද දැනුනු හැගිම් නිම් හිම් නැත..කුඩා දරුවෙක් ලෙස බොලදව ඈ හෑසිරුනත් ඈගේ පරිනත සිතුවිලි තාමටත් වඩා ඉදිරියෙනි…
මතුසම්බන්ධයි