බෝනස් #දිගහැරුම💕💕
😍 නවමු වූ තේමාවක් රැගත් යුගයේ ප්‍රේමාන්විතම ආදර අන්දරය…😍
චන්ඩි #රැජින🌹🌹
විසි 7 වන චන්ඩිකම 🙅🙅
වොශ් රූම් එකට යන්න උවමනාවක් නොවුණත් ඇතුළට ගිහින් මූණත් ටිකක් සෝදන් කණ්නාඩියෙන් බලල කොණ්ඩෙත් පිළිවෙලක් කරන් එළියට එනවත් එක්කම අත් දෙකත් බැඳ ගෙන බිත්තියට හේත්තු වෙලා එක කකුලක් ටිකක් උස්සල බිත්තියට තද කරගෙන මූණත් ටිකක් ඇල කර ගෙන අභිරූ සර් මගෙ මූණ දිහාම බලන් ඉන්නව.
සර් කොරිඩෝ එකේ ඇවිද ගෙන ගියපු විදියට මං හිතුවෙ ආයෙ එන එකක් නැති වෙයි කියලයි.ඒත් එක්කම අනිත් පැත්ත බැලුවෙ.රශී පේන්න හිටියෙ නෑ.සමහරවිට කේන්තියට ආයෙමත්වෝඩ් එකට යන්න ඇති.සර් තාමත් මගෙ මූණ දිහාම බලන් ඉන්නව.හිනාවක් නැති ඒ නපුරු බැල්ම දරා ගන්න බැරිකමටම මං බිම බලා ගත්තෙ.ඒත් එක්කම මගෙ අත් බාහුවෙන් අල්ල ගත්ත අභිරූ සර් මාව ඇදල ගත්තෙ එයා ලගටම.පපුව අසීමාන්තික විදිහට ගැහෙන්න ගද්දි බිම බලන් ඉන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
තත්පර ගානක්ම මගෙ මූණ දිහාම බලන් උන්නු අභිරූ සර් ආයෙමත් මගෙ ඉණ වටේත්,කකුල් දෙක යටිනුත් අත දාල මාව දෝතට අරන් වෝඩ් එක දිහාවට ඇවිදන් ගියේ.අපි යනකොට රශී කේන්තියෙන්ම වේගෙන් වේගෙන් අඩි තියල බෙඩ් එක වටේ ඇවිදිනව.දත් කුරු හපා ගෙන මොණ මොණවදෝ තනියෙන් මුමුණනව.අභිරූ සර් එනව දැකලද,කොහෙදෝ ඒකි ඇද විට්ටමට ගාව ඉදන් සර්ගෙ දිහාවට පස්ස හරවල හිට ගත්තෙ තනියෙන්ම කියවන ගමන්.
වේගෙන්ම ඇද ගාවට ආපු අභිරූ සර් මාව ඇද උඩින් තියල ආපස්ස හැරිල යන්න වුණේ රශී ගැන ගානක්වත් නැතුවම.ඈතින් කොරිඩෝ එක දිගේ ඇවිදන් ආපු අම්ම එක්ක මොණ මොණවදෝ කතා කරපු අභිරූ සර් ආපස්සවත් නොබල යන්න ගියේ අම්මත් බෙඩ් එක ගාවට ඇවිදන් එන අතරෙම.
” හරි පුතේ යමු “
එහෙම කියන ගමන් අම්ම මාව අතින් අල්ල ගෙන ඇදෙන් බස්සන්න වුණේ.
” රශී පුතේ මොකද? කරන්නෙ යමු “
අම්ම කතා කරනකම්ම රශී ඇද විට්ටමට පිටුපාල තනියම මුමුණනව.
” මී හරක,හැකරැල්ල,ගස් ගෙම්බ ආව මෙතන මගෙ කට තලන්න.වල් ඌර 😡 ඌ දන්නෙ නෑ මේ රශීගෙ හැටි” 😏
ඒ පාර රශී සද්දෙන්ම බැන බැන අනිත් පැත්ත හැරුණෙ.
” මොකද? දරුවො වෙලා තියෙන්නෙ කාටද?ඔය බනින්නෙ “
” නෑ අම්මෙ අර රිලා මොටා…..”
රශී තවත් කියන්න ඉස්සරලම මං කතා කලේ.
” අම්ම අපි යමු නේද?”
අපි එළියට එනකොට විනෝද් අයිය කාර් එකේ දොරත් ඇරල නගින්න උදව් වුණේ.
” අම්මෙ,අපේ අම්ම කෝල් කරල කියනව නිශා නංගිව අරන් එන්නලු.එයා බලා ගන්නම්ලු.අම්මටත් ලේසිනෙ.”
හේරත් මැඩම් එහෙම කියල තිබුණු නිසාම රශීත් මාත් සති දෙකකට විතර එහෙ නතර වුණේ.
❤️❤️❤️❤️❤️
” මං නම් කියන්නෙ අදත් ඉදලම යන්න කියල දරුවො”
බත් එක අතට දෙන ගමන් හේරත් මැඩම් එහෙම කිව්වෙ.
” දැන් හොදයි ඇන්ටි “
එහෙම කියන ගමන් හේරත් ඇන්ටිටත්,අන්කල්ටත් වැදල කා එකට ගොඩ වුණේ.විනෝද් ඔෆිස් එකටම ගිහින් දාන්නම් කිව්ව නිසා.
” එහෙනම් කෙල්ලෙ පරිස්සමින් අපි හවසට එන්නම්කො”
එහෙම කියල රශීත්,විනෝදුත්‍යන ගියේ.සති තුනකින් විතර ආවෙ නැති නිසාමද,මන්ද ශොප් එකත් වෙනස් වෙලා වගේ.එහෙම හිතන ගමන් ලිෆ්ට් එක ගාවට යනකොටම රනුක අයිය දුවන් ආවෙ ගුඩ් මෝනින් කියන ගමන්.
” නිශා නංගි හොස්පිට්ල් හිටිය කිව්ව නේද? කොහෙද? මට බලන්නවත් එන්න බැරි වුණානෙ.”
එහෙම අහන ගමන් රනුක අයියත් ලිෆ්ට් එක ඇතුළට ආවෙ.
” ඒකට කමක් නෑ අයිය.දැන් හොදයි මට.ඒක නෙවෙයි අභිරූ සර් ආවද? “
“ආ…ඔය ආවෙ උදේ පාන්දරම ගිනි මකර වගේ පිඹ පිඹ “
අතත් එහෙක් කර කර රනුක අයිය ඒක කියපු විදියට මටත් හිනා. ඒත් එක්කම ලිෆ්ට් එකේ දොර ඇරුණෙ ඇරුණු දොරෙන් මං හිනා වෙවීම එළියට ආවෙ.ඒත් එක්කමයි කාදෝ ඇගක හැප්පුණේ.ඔළුව උස්සල බලනවත් එක්කම අභිරූ සර් කන්න වගේ බලන් ඉන්නව.රනුක අයිය දිහාත් මං දිහාත් රවා ගෙන බලන් ඉදල කේන්තියෙන්ම ආයෙත් ඔෆිස් එක ඇතුළට ගියේ.
❤️❤️❤️❤️❤️
” අම්මෝ නිශා නංගි දැන් සනීපද?කෙල්ලෙ “
” ඔව් ඇසල අයිය”
එහෙම කියන ගමන් ධනුක අයියටත් ගුඩ් මෝනින් කියල වාඩි වුණේ බෑග් එකත් මේසෙ උඩින් තියන ගමන්ම.ඒත් එක්කම වගේ පියන් කෙනෙක් ඇවිත් කතා කළේ සර් කතා කළා කියල.එදා රශීගෙ කතා නිසා සර් තාමත් කේන්තියෙන් ඇත්තෙ.ඒකට බනින්න වෙන්න ඇති ඒ කතා කරන්නෙත්.කල්පන්න කරන ගමන්ම දොර අරිනවත් එක්කම රනුක අයිය එළියට ආවෙ කම්මුලකට අතකුත් තියා ගෙන.මූණෙන් නම් එච්චර හොද ගතියක් පේන්න නෑ.සමහරවිට ස්ර් බනින්න ඇති.
” රනුක අයියෙ මොකද?වුණේ සර් කේන්තියෙන්ද?”
ඒත් එක්කම කම්මුලට තියන් උන්නු අත පැත්තකට අරන් මගෙ දිහාවට කම්මුල දික් කරල පෙන්නුවෙ.ඒ කම්මුල හොදටම රතු වෙලා.ඇගිලි පාරවල් දෙක තුනකුත් හිටල තිබුණ.වෙච්ච දේ අමුතුවෙන් කියන්න ඕනිකමක් නෑ.සර් හොදටම කේන්තියෙන් ඇත්තෙ.දැන් මටත් බනීවි ශුවර් එකටම.
” උදේ පාන්දරම ගිනි මකර පිම්බ මේ පේනවනෙ නංගි ඒවයෙ ප්‍රතිඵල “
එහෙම කියන ගමන් රනුක අයිය ආයෙමත් කම්මුල පෙන්නන්න වුණේ.
” ඔයත් පරිස්සමින්.ටිකක් ඈතට වෙලා ඉන්න.අන්න ඇතුළට වෙලා පිඹ පිඹ ඉන්නව.”
ආයෙමත් රනුක අයිය එහෙම කියනව.ඒත් සර්ට මෙච්චරටම කේන්ති යන්න හේතුව මොකක්ද? මං රනුක අයියගෙන් එහෙම අහන්න හදනවත් එක්කම ඔෆිස් එකේ දොර ඇරුණෙ.ඒත් එක්කම……
නැවත හමුවෙමු.👋👋
ඔන්න බබාල කිව්ව විදිහටම බෝනස් දුන්න.කලින් කොටසට like 100 පන්නල තිබිණ.ගොඩක් සතුටුයි.😍 like coment කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි.දිගටම කතාවත් එක්ක ඉන්න. ඔන්න චුට්ටයි කියන්න ඔට්ටු නෑ තව කොටසක් අද හවසට දෙනෝ