බැඳීමක් නැති මුදුවක් 💔
31 වන කොටස
ෆුඩ්සිටියේ වැඩ කරන අතරෙත් මට මතක් උනේ මගේ දරු පැටියාව..උ/ඹ නැතුව මගෙ දරු පැටියා දවල් දවසේ මොන දුකක් විඳිනවා ද කියලා කල්පනා කරද්දි හිතේ නිදහසෙන් රස්සාව කරගන්න අමාරුයි..සල්ලි එක්ක ගනුදෙනු කරන නිසා වෙන වෙන කල්පනා වල ඉඳගෙන වැඩ කරගෙන යන්නත් අමාරුයි…
ෆුඩ් සිටියේ මේ වෙලාවේ වැඩිපුර සෙනග ගැවසෙන්නේ නැති නිසාත් දරු පැටියා මතක් වෙද්දි මගේ පපුවත් එක්ක පත්තු වෙලා යන නිසා මම කවුන්ටර් එක ලඟ ඉඳගෙනම අම්මගේ මොබයිල් එකට ඇමතුමක් ගත්තා..
වෙනදට එක පාරක් කතා කරපු ගමන් මොබයිල් එකට පිළිතුරු දෙන අම්මා අද කිහිප වතාවක් ඇමතුම් දුන්නත් පිළිතුරු දුන්නේ නැහැ.තවත් වතාවක් මම ඇමතුමක් ගත්තේ ගෙදර වැඩයි පුතාගේ වැඩයි එක්ක අම්මා ඉන්නවා ඇත්තේ හුස්මක් කටක් ගන්න බැරුව ඇති කියලා හිතලා..
එහා පසින් මට ඇහුනේ චූටි පුතාගේ ලස්සන හුරතල් කටහඬ..
“අලෝ…”
“චූටි පුතා කොහොමද ?..”
“මේ තාත්ති නේත..?..”
“ඔව් පුතාගේ තාත්තී..”
“පුතා කෑවද?..”
“අම්මෝ ඔව්…ආච්චා ඔකූ බයි එක්ක බෙදාගෙන ඇවිත් මත කැව්වා…අයියෝ එපා වුනා..මේ මගේ බංඩිය ෆුල්…”
චූටි පුතා එහෙම කියනවා ඇත්තේ බඩ පෙන්න පෙන්නා හුරතලේට වෙන්නැති..මට ඒ විදිහත් මැවිලා පෙනුනා…
මම නිකරුනේ බය උනාට අම්මා නැති වුණා කියලා චූටි පුතාට ලොකු වෙනසක් නෑ වගේ ඔය හොදින් ඉන්නේ එහෙම හිතිලා මගේ හිතට සැනසීමක් දැනුනා..
“කෝ ආච්චි..?”
“බබාව නාවන්න වතුර රත් කර්නවා..”
“එතකොට ෆෝන් එක ආන්සර් කරේ කවුද?..”
“ආච්චි අම්මා තමයි වැඩ කීලා ෆෝන් එක ඔබලා බබා අතට තුන්නේ…ආච්චි අම්මා දැන් තනියම කීවනවා අයියෝ වැඩ වැඩ ඊලයක් නෑ කියලා ..”
පුංචි පුතාගේ හුරතල් වචන වලට මගේ මුවට හිනාවක් ආවේ මට උන් හිටි තැන් පවා අමතක වෙලා..
“අම්මා වැඩට ගියාද?..”
මම එහෙම ඇහුවා විතරයි එකපාරටම පුංචි පුතා නිහඬ උනා..එකපාරටම පුතාගේ සද්දයක් නැත්තේ ඇයි කියලා මම කල්පනා කරා…
“බබා ඇයි කතා කරන්නේ නැත්තේ ?..”
“බබාට ගොඩාලියක් දුක හිතුණා තාත්තී…”
පුංචි පුතා එහෙම කියද්දී නම් මගේ පපුව වාවන්නෙ නැතුව ගියා..පුංචි පුතාට අම්මා නැතුව ගොඩක් පාලුයි වගේ කියලා මට හිතුනේ..
“ඇයි බබාට ආත්තම්මා ඉන්නේ..?”
මම එහෙම කිව්වේ වෙන කියන්න දෙයක් නැති නිසා..
“ආත්තම්මා හොඳයි.බබාට ආදලෙයි..ඒත් බබාට අම්මි මතක් වෙනා..අම්මි නැතුව පුතාත ගොඩාරියක් පාලුයි..”
පුංචි පුතා එහෙම කියද්දි නම් මට උ/ඹ ගැන ඇති උනේ ඉවසගන්න බැරි තරම් ලොකු තරහවක්..උඹට සල්ලි විතරයි ලොකු …
තියෙන හැටියට කාලා පුළුවන් විදියට ජීවත් වෙමු කිව්වට උ/ඹ/ට එහෙම ජීවත් වෙන්න බැරි වුණා…උ/ඹ මොනරු හොයාගෙන ගියේ මගෙ පුන්චි පුතාව තනි කරලා…
“තාත්ති මෙන්න ආච්චා ආවා..”
“පොඩි පුතේ…මොකෝ මේ අවේලාවෙ හදිස්සියක් වත්ද?..”
“නෑ අම්මේ..පුතා මතක් වෙලා කතා කරේ..පුතා ගොඩක් දුකින් වගේ ඉන්නේ..”
“එහෙම දෙයක් නෑ පුතේ..දරුවා සෙල්ලම් කර කර හිටියේ..”
“මම පුතා එක්ක ටික වෙලාවක් කතා කරා..පුතා ඉන්නේ ගොඩක් පාලුවෙන් වගේ…”
“ඇයි චූටි පුතා එහෙම දෙයක් කිව්වද ?..”
“අම්මා නැතුව ගොඩක් පාළුයි කිව්වා..මට ගොඩක් දුක හිතුණා අම්මේ..”
“සුදු තාම වැඩට ගිහිල්ලා වැඩි දවසක් උනේ නෑනේ…ටික කාලයක් යනකොට බබා සුදු නැතුව ඉන්න පුරුදු වෙයි..මායි තාත්තයි එක්ක දවසම සෙල්ලම් කර කර ඉන්නේ..මට කුස්සියෙ වැඩක් වත් කරගන්න දෙන්නෙ නෑ..”
කැෂියර් එක ළඟට බඩු වගයක් අරන් කස්‍ටමර් කෙනෙක් ආවේ ඒත් එක්කමයි..
“අම්මේ කස්ටමර් කෙනෙක් මම පස්සේ කෝල් එකක් ගන්නම්..”
මම ඇමතුම විසන්ධි කරලා රාජකාරී වැඩ වල නිරත වෙන්න ගත්තා..
නිවාඩු දවසේ මම ගෙදර ගියේ උ/ඹෙයි දරු පැටියාගෙයි මූණ බලන්න පෙරුම් පුරලා…
ගෙදර යද්දි මාව පිළිගන්න දොරකඩ ළඟට දුවගෙන ආවේ මගේ පුංචි පුතු පැටියා…
ගියපාර උන්නට වඩා මෙදා පාර එද්දි පුතා ටිකක් ලොකු වෙලා…හිටියට වඩා පොඩ්ඩක් උස ගිහින්…
මාව දැක්ක හැටියෙම චූටි පුතා අත් දෙක ඉස්සරහට දිගුකරලා මට කිව්වේ වඩාගන්න කියලා…
චූටි මුහණ දැකලා බස් එකේ ආපු මහන්සියත් නැති වෙලා ගියාට පාරේ බස් එකේ ආපු මම ගෙදර උන්නූ චූටි පුතාව වඩාගන්න එක ඒ තරම් හොඳ මදි කියලා මට හිතුනේ මගේ ඇඟේ මොන විසබීජයක් තියෙනවද කියලා කල්පනා වෙලා…
“තාත්ති ආවේ බස් එකේ…තාත්ති ඇඟ හෝදන්නේ නැතුව පුතා වඩා ගත්තොත් පුතාව ලෙඩ වෙලා යාවි….”
මම එහෙම කිව්වා විතරයි චූටි පුතා මහ හයියෙන් අඬන්න ගත්තේ චූටි මුහුණ බෙරි කරගෙන..
“තාත්ති කිව්වේ ඇත්ත..තාත්තා ආවේ බස් එකේ ඉඳන්නේ..තාත්ති ඇඟ හෝදන් එනකන් පුතා ආච්චි එක්ක ඉන්න…”
“මට බැහැ…තාත්ති ඕනේ…මම තාත්ති එනකන් බලාගෙන ඉන්නේ ගොඩාලියක් දවස් තිස්සේ…”
පුංචි පුතා ඇස් වල කඳුළු පුරෝගෙන එහෙම කියද්දී නම් මගේ ඉවසුම් නැතිව ගියා..
මම පුංචි පුතාව මගේ පපුවට තුරුල් කරගත්තේ හැම විසබීජයක්ම එක මොහොතකට අමතක කරන ගමන්…
“මම තාත්තිය ගොඩාරියක් ආදලෙයි…”
පුංචි පුතාගේ ඒ වචන මගේ හිතට දැනුනේ මහ මෙරක් වගේ..වචනයෙන් කියා ගන්න බැරි තරමට මට පුංචි පුතා ගැන ඇති උනේ ලොකු ආදරයක්….
දවසින් දවස පුංචි පුතා ගැන තියෙන ආදරය දළු දාලා මහා ලොකු වෘක්ෂයක් බවට පත් වෙලා වගේ කියලා මට දැනුණේ පුංචි පුතා දැන් මට මගේ පණ වගේ වෙලා නිසා……
“ඔන්න ඉතින් කියන දේ අහන් නැත්තං තාත්තයි පුතයි ඕන දෙයක් කරගන්න…අම්මා හිටියනම් තාත්තයි පුතයි දෙන්නම හොදට බැනුම් අහනවා…ඉන්න මම පුතාට තේ ටිකක් වක්කරන් එන්නම්..
ගෙදර ආපු වෙලාවෙ ඉඳලා මම උ/ඹව හෙව්වත් පුංචි පුතාගේ හුරතලේ නිසා මට මෙච්චර වෙලා අම්මගෙන් උ/ඹව අහන්නත් බැරි වුණා …
“අම්මේ සුදු කෝ අදත් වැඩද?..”
“හ්ම්..වැඩ…වැඩ…කොයි තිස්සෙත් වැඩ..පුතේ වතුර එක පැහිලා ඇති..මම තේ ටික වක් කරන් එන්නම්.”.
අම්මා එහෙම කියමින් කුස්සියට ගියේ කලබලෙන් වගේ…
මම චූටි පුතා එක්ක අපේ කාමරේට ගියේ
උ/ඹ ගැන කල්පනා කරන ගමන්…
උ/ඹ හොදාකාරවම දන්නවා අද මගේ නිවාඩු දවස කියලා..වැඩ ඇරිලා ගෙදර ආපු වෙලාවේ පටන් මම උ/ඹ/ව හොයනව කියලා උ/ඹ දන්නවා …සතියට වතාවක් මම ගෙදර එන්නේ උ/ඹ/වයි මගෙ දරු පැටියාවයි බලලා යන්න…එහෙව් එකේ මගේ නිවාඩු දවසම උ/ඹටත් නිවාඩු දාගන්න තිබුනා.උ//ඹ දවසින් දවස මගෙන් ඈතට යන්න හදනවා කියලා හිතද්දී මගේ හිතට දැනුනේ ලොකු දුකක්…
මම ටවල් එක අරගෙන ළිඳ ළඟට යන්න සූදානම් වෙද්දී පුංචි පුතා මගේ අතේ එල්ලුනේ මාත් එක්ක ළිඳ ළඟට යන්න..
“පුතා ඉන්න තාත්ති නාගෙන එන්නම්…”
මම එහෙම කිව්ව විතරයි චූටි මූණ අඳුරු වුණා..
“බෑ බබාත තාත්ති නානවා බලන්න ඕනී..”
“අම්මලා තාත්තලා නාද්දි බබාලා එහෙම බලන් ඉන්නේ නෑනේ..”
“මත බැහැ…මට තාත්තී නාලා එනනං තාත්තා නගට වෙලා ඉන්න ඕනී…”
“පුතාව තෙමෙයි..වාඩිවෙලා ඉන්න තැනක්වත් නෑනේ..”
“කමක් නෑ බබා ලිඳ ලඟ තියෙන පඩිය උඩ වාඩිවෙලා ඉන්නම්..අනේ මගේ හොඳ තාත්තීයා නේ හා කීන්නකෝ…”
පුංචි පුතා එහෙම හුරතලේට අහද්දී මම කොහොම නම් ඊට එකඟ නොවී ඉන්නද?..
මම හිස වනලා හා කිව්වා විතරයි පුංචි පුතා සතුටින් උඩ පනින්න ගත්තා.
“යේ….යේ…තාත්තී හොඳයි….”
පුංචි පුතා මාත් එක්ක ළිඳ ළඟට ආවේ අතේ තියෙන සෙල්ලම් බස් එක අරගෙන..
මම ලිදෙන් වතුර ඇදගෙන දිය නානකම් පුංචි පුතා ලිඳ ලඟ තිබ්බ කන්ඩිය උඩ ඉඳගෙන සෙල්ලම් බස් එක යවමින් සෙල්ලම් කරන්න ගත්තා..
මම දිය නෑවේ පුංචි පුතාගේ සෙල්ලම,හුරතල් හිනාව,ඒ දඟකාර ඉරියව් දිහා බලන ගමන්…
හිත අස්සක ඉඳන් උ//ඹ සැරෙන් සැරේ මගේ ලඟට ඇවිත් මට දුක හිතුනත් ඒ සැනින්ම
හිතට දැනෙන හැම දුකක්ම පාවෙලා යන්නේ පුංචි පුතාගේ හුරතලය දැකලා…
මම දිය නාලා රෙදි හෝදලා ඇඳුම් මාරු කරනකනුත් පුංචි පුතා හිටියේ බස් එක එක්ක සෙල්ලම් කරමින්..
“කෝ එන්න පෙට්ටෝල් ගහන්න..”
පුතා එහෙම කියමින් බස් එකේ පසු පසක තිබුණු පුංචි කවුළුවක් ඇරලා කෝට්ටයක් තියමින් පෙට්‍රල් ගහන හැටි අනුකරණය කරනවා…
“පෙට්ටෝල් කීකද?..”
“රුපිල් පන්තීයක..හා ඉන්න”.
“තීය..පන්තීය..ආ පෙට්ටෝල් ගැහුවා දැන් නන්න…”
පුංචි පුතාගේ සෙල්ලම මම හරියටම දැක්කේ ඒ මොහොතේ …පුංචි පුතා ෂෙඩ් එකක් දාලා වගේ.මගේ මුවගට හිනාවක් ආවේ එහෙම හිතිලා…
“මොකක්ද පුතා කරපු සෙල්ලම..ෂෙඩ් එකක් දැම්මාද?..”
මම පුංචි පුතා වඩා ගත්තේ එහෙම අහන ගමන්…
“ඔව්..තාත්තී බස් වලට පෙට්ටෝල් ගැහුවා..”
පුංචි පුතා එහෙම කිව්වේ පුංචි මුහුණ පැත්තකට ඇල කරලා අපූරුවට ..
“පුතේ පෙට්‍රල් ගහන්නේ කාර් වලට,බයික් වලට එහෙම..බස් වලට ගහන්නේ ඩීසල්….තේරුණාද ?..”
“ඒ මොකක්ද තාත්ති බීසල්…”
පුංචි පුතා එහෙම ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන කුතුහලයෙන් වගේ…
“බීසල් නෙමෙයි පුතේ ඩීසල්..ඩීසල් කියන්නේත් පෙට්‍රල් වගේම තෙල් ජාතියක්…ඒවයින් තමයි බස් එක වැඩ කරන්නේ…”
මම එහෙම කිව්වම පුංචි පුතා මොහොතක් කල්පනා කරේ ඒ පුංචි ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ ලොකු කරගෙන…
“එතකොට තාත්තී…ඩීසල් නෑ නම් බස් එක වැඩ කරන් නෑ ..”
“ඔව් පුතේ…හරියට බබා කෑවෙ නැත්නම් බබාට සෙල්ලම් කරන්න පණ නෑ වගේ.”
“තාත්ති..මේ එන්න රහසක් කීන්න…”
“ඒ මොකක්ද පුතා..?…”
“හැබැයි කාටවත් කියන්න අපා බබා මේම කිව්වා කියලා ..පොලිමිස් වෙන්න…”
පුංචි පුතා මගේ අත මත ඒ අත තිබ්බේ එහෙම කියන ගමන්…
“ඕකේ. ප්‍රොමිස් ..”
පුතාගේ මේ රහස මොකක්ද කියලා මම කල්පනා කරන ගමන් එහෙම කිව්වේ..
“තාත්ති..බබා ලොකු වෙලා පෙට්ටෝල් ෂෙඩ් එකේ වැඩකරනවා.බබා ආසයි තාත්ති…”
පුංචි පුතාගේ ඒ වදන් වලට මගේ මුවට සිනහවක් ආවේ හිතේ තිබුණු හැම දුකක්ම කරදරයක්ම මොහොතකට අමතක වෙලා..
පුංචි ලමයින්ගේ ලෝක ඇත්තටම කොයි තරම් ලස්සනද?..හිතේ කිසිම කහටක් නෑ…පුංචි හිත් පිරිල තියෙන්නෙ ලස්සන දේවල් වලින් විතරයි…
එදා අපි නෙහාරගේ ගෙදර ඉඳන් ටැක්සි එකෙන් එද්දි ටැක්සි එක පෙට්රල් ෂෙඩ් එක ළඟ නවත්වලා පෙට්‍රෝල් ගහපු හැටි මට මතක් උනා..එදා පුංචි පුතා ඒක දිහා බලන් ඉන්න ඇති..පුංචි පුතාට පෙට්‍රෝල් ගහපු මාමා වීරයෙක් වගේ පේන්න ඇති ..
මම පුංචි පුතා එක්ක අපේ කාමරේට ආවේ එහෙම හිතන ගමන්…
උ/ඹ වැඩ ඇරිලා ගෙදර ආවේ හොඳටම රෑ වෙලා..පුංචි පුතා නිදාගත්තටත් පස්සේ..
නිදාගන්න ඇඳට ගිය පුංචි පුතා උ/ඹව මතක් කරපු හැටි මතක් වුණාම මගේ හිතට ඇති වුණේ ලොකු දුකක්…
තෙහෙට්ටු වෙච්ච උ/ඹේ විඩාබර මුහුණ දැක්කම හිතට ඇති ඇතිවෙච්ච අනුකම්පාව නිසාම උ/ඹ එක්ක තරහෙන් හිටියත් මම උ/ඹට දොස් කියන්න ගියේ නෑ..
“පුතා දැන්ද නිදාගත්තේ අයියේ?..”
උ/ඹ එහෙම ඇහුවේ ළිඳ ළඟට යන්න සූදානම් වෙන ගමන්..
“නෑ..දැන් ගොඩක් වෙලා…”
මම ඊට වඩා උත්තර නොදෙන්න ගියේ නැත්තේ මම උඹ එක්ක අමනාපයෙන් හිටපු නිසා…
උ/ඹ නාගෙන ඇවිදින් කෑම කෑවට පස්සෙත් අපි දෙන්නා අතර කිසිම වචනයක් හුවමාරු වුණේ නැති තරම්…
කෑම කාල ඇඳට ඇවිත් මම උ/ඹ/ට පිටුපාලා නිදාගත්තේ උඹත් එක්ක වදනක්වත් නොදොඩාම..
“අයියේ පුතා රෑට කෑවද?..”
නිහඬතාවය බිඳලා උ/ඹ එහෙම කතා කළේ…
“දැන්ද ඒ දරුවාව මතක් උනේ…ත/මු/සෙ/ත් අම්මා කෙනෙක් ද?..මොනවද මෙච්චර රෑ වෙනකන් කරන්නේ?..”
මෙතෙක් වෙලා මගේ හිතේ තිබුණු හැම තරහක්ම මගේ හිතෙන් පිටවුනේ එහෙම..
“වෙන මොනවා කරන්නද?..ගාමන්ට් එකේ මැෂිම පාගපු එක තමයි කරේ.අවුරුදු ළඟ නිසා මේ ටිකේ ඕවර් ටයිම් කරන්න පුළුවන්.
මම ඕවර් ටයිම් කළා..”
උ//ඹ එහෙම කිව්වේ කිසිම ගානකට නැතුව..
උ/ඹ වගේ සල්ලි මත්තෙම නැහෙන ගෑනියෙක් මම මගේ මේ ජීවිතේට දැක්කාමයි.
හයක් හතරක් නොතේරෙන පුංචි කිරි සප්පයා අම්මා ගෙදර එනකන් මග බලාගෙන ඉන්නවා…
ඒ අම්මා දරුවා ගැන කිසිම වගක් නැතුව මහරෑ වෙනකන් ඕටී කරන්නේ මොනර නෝට්ටු වලට මව් සෙනෙහස පවා යටවෙලා…
“අයියේ ළඟදි ඉඳන් ඔයා හරියට නපුරු වෙලා…දැන් ඔයාට මාව රුස්සන්නේම නැහැ…”
“එහෙම දෙයක් නෑ.ත/මුසෙටනේ මාව රුස්සන්න බැරි..බොරුවට වාසියට කතා කළාට..”
“මම නම් එහෙම නෑ..අවුරුදු එනවා නේ අයියේ…අවුරුද්දට අම්මාටයි ගෙදර අයටයි ඇඳුම් ටිකක් අරගෙන දෙන්න ඕනේ…අපි කසාද බැන්දාට පස්සේ ඒ අයට මොකුත් අරන් දෙන්නත් බැරි වුණා…ඒකයි මම ඕටී කළේ.පුතා මතක් නොවෙනවා නෙමෙයි..”
උ/ඹ මගේ ළය මත හිස තියා ගත්තේ මගේ උණුසුමට තුරුල් වෙන ගමන්.
උ/ඹේ ආදරයට මගේ හිතේ තිබුනු තරහව දියවෙලා ගියේ උනු වුණු වෙඩරු පිඩක් වගේ..
“සුදු…කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් තියනවද අපේ දරුවා මෙහේ තනිවෙලා..”
“දරුවා කොහොමද අයියේ තනිවෙන්නේ ඔයාගේ අම්මයි තාත්තයි එක්කනේ ඉන්නේ..”
“දරුවා ආච්චියි සීයයි එක්ක හිටියා වුණත් දරුවා කොයිවෙලාවෙත් මතක් කරන්නේ අම්මාව..පුතා තාම පොඩි දරුවෙක්..වැඩට ගියාට කමක් නැහැ ඉක්මනට ගෙදර එනවානම්..ඔයා අවුරුදු කියලා ඕටී කරන්න ඕනේ නැහැ මම දුන්න සල්ලි වලින් අවුරුද්දට ඇදුම් ගන්න..”
“අර දැන් ටිකකට කලින් දුන්නු පහලොස්දාහෙන්…”
“ඔව්.සුදූ.මට ඒකෙන් පන්දාහක් දීලා ඉතිරි සල්ලි වලින් ඔයා ඇඳුම් ගන්න..”
“පන්දාහක් ඔයාට දෙන්න..ඒ මොකටද?..”
මෙතෙක් වෙලා උඹේ මුහුණෙ තිබුණු සන්සුන් බව අඩුවෙලා ගියේ මම එහෙම කිව්වාට පස්සේ…
“මගේ බෝඩිං එකේ ෆෑන් එක කැඩිලා ..”
“ත/මුසෙ අම්මාට සල්ලි දීලා නම් ආයේමත් සල්ලි ඉල්ලන්න යන්නේ නැහැනේ..මට තමයි සල්ලි දීලා ආයේමත් ඉල්ලන්නේ ..”
ඇඳේ වැතිරිලා උන්නු උ/ඹ ඇඳ මත වාඩි වුණේ එහෙම දොස් කියාගෙන..උ/ඹ ඇත්තටම කාලගුණය වගේ කොයි මොහොතේ වෙනස් වෙනවද කියලා හිතාගන්න අමාරුයි කියලා මට හිතුණේ…
“කියප/න් මං වෙනදාට කවදද එහෙම කරලා තියෙන්නේ..අවුරුද්දට යට ඇඳුමක්වත් ගන්න සල්ලි තියාගන්නේ නැතුව මම උ/බ/ට ඔය සල්ලි දුන්නේ ..උ/ඹ මට ඔහොම කතා කරලා මදි..”
මම එහෙම කිවුවේ උ/ඹ/ට තරහෙන් පිපිරි පිපිරි..
“ත/මු/සෙ මට මොනවද කරලා තියෙන්නේ..වෙන මිනිස්සු ගෑ/ණුන්ට මොනතරම් දේවල් අරන් දෙනවාද?..අනේ ඇත්තමයි මගේ ගෙදර මිනිස්සුත් ත/මු/සෙ වගේ මනුස්සයෙක්ට මාව කසාද බන්දලා දුන්නනේ..”
උ/ඹ ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන මහා හයියෙන් කෑගහද්දි මගේ ඉවසීමේ රතු කට්ට පැන්නා..මෙච්චර දවස් ඉවසන් හිටියා ඇති.. මෙහෙම හොඳින් කියලා උ/ඹ/ව නම් කවදාවත් හදන්න බෑ..මම තරහෙන් ගැහෙන්න ගත්තේ එහෙම හිතමින්…
මම උ/ඹේ කම්මුලට වේගයෙන් අතුල් පහරක් ගැහුවේ මට මගේ තරහව ඉවසගන්න බැරිව..
උ/ඹ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන මගේ දිහා බලා ගෙන උන්නේ පුදුමයෙන් වගේ…
“ත/මු/සෙ මට එහෙනම් අත ඉස්සුවා නේද?.”
“ඔව් හරිනම් මේ පාර ගහන්න තිබ්බේ අපි කසාද බැඳපු දවසේ…කෝ අරන් වරෙන් උ/ඹේ පේ ෂීට් එක..”
“ඒ මොකටද?..”
“මම ත/මු/සෙ/ගෙ මිනිහා..මට ත/මු/සෙ/ගෙ පේ ශීට් එක බලන්න ඕනේ…අරන් වරෙ/න් ඒක මෙහාට..”
උ/ඹ ඇඳෙන් නැගිටලා කාමරේ තිබ්බ කබඩ් එකක් ඇරලා අත් බෑගය විවර කළේ මගේ දිහා හැරි හැරි බලන ගමන්..
අත්බෑගය ඇතුලේ තිබ්බ කඩදාසියක් අරගෙන උ/ඹ මගේ ලඟට ඇවිදගෙන ආවේ ඉබි ගමනින්..
“කෝ මට ඕක දීප//න්..”
මම උ/ඹේ අතේ තිබ්බ පේ ෂීට් එක උදුරලා ගත්තේ බලෙන්ම වගේ..
මගේ ඇස් දෙක පුදුමයෙන් ලොකු වුණේ උ/ඹේ පේෂිට් එක දැකලා..
හමුවෙමු මීළඟ කොටසින්💔💔💔💔💔💔
පෙර කොටසට