31 වන දිගහැරුම 🌻

හොරා කිහිපයක් ගෙවී යන්න වුයේ . ඔහුත් ඇයත් දෙතැනකට වී දොම්නසින් සුසුම් හෙලද්දිය.

සෙමෙන් සෙමෙන් පා ඔසවා දිය දෝතකින් මුහුණ මදක් තෙමාගෙන ඈ හිස ඔසවා තමා ඉදිරියේ වු කණ්ණාඩියෙන් සිය මුව දෙස මදක් බලා සිටින්න වුයේ සිය සිත සමග දොඩමලු වෙමිනි..

” ඔයා හිතනවද අයියේ එ වගේ දෙයක් නිසා මන් ඔයාව පිලිකුල් කරයි හරි වෛරකරයි හරි කියලා…ඔයාගේ මුණ දිහා බලන් ඔයාට විරුද්ධව වචනයක්වත් කියන්න බැරි මට .කොහොමද ඔයාට වෛර කරන්න හිතන්හදා ගන්නේ ඔයා #මගේහැමදේමනේ.

මේ ලොකේ මට දාල යන්න බැරි දෙයක් තියනවනම් එ ඔයා…මොකද මන් එතරම් ඔයාට ඇබ්බැහි වෙලා..ඔයා මට ආදරේයි කියන වචනේ කියලා ඇත්තේ ඇගිලි ගානටත් අඩුවෙන් එත් ඔයා ගන්න හුස්මක පවා ඉන්නේ මන් කියලා දන්නවා..

මේක මන් මට දෙන පොරොන්දුවක් .මොනම ප්‍රශ්නේ ආවත් මන් ඔයාගේ අතනම් අතාරින්නේ නෑ ..ඔයා නැතුව මන් එක තත්ත්පරයක්වත් මේ ලොකේ ඉන්නේ නෑ අයියේ .මොකද මන් ඔයාට එ තරම් ආදරේයි .”

ඔහු රැදි සිටින කුටිය වෙත ඈ සෙමෙන් සෙමෙන් පා තබන්න වුයේ දුක්බර යහනෙහි දිගා වි හිටියේ ඔහුගේ රුව අපේක්ෂාවෙන් උවත් ..ඇගේ නෙත ගැටුනේ …

“ම…ම..මහත්තයා ………….”

හිස් වු බියර් කෑන් දහයකටත් වඩා වැඩි ප්‍රාමාණයකට මැදිව බිම හිදගෙන තවත් බියර් කෑනයක් හිස් කරන ඔහුගේ රුවයි…

” අනේ ඇයි මහත්තයා මේ …….”

ඔහුගේ අතෙහි වු බියර් කෑනය ඉවතට විසි කර ඈ ඔහු තුරුල් කරගන්න වුයේ ..හඩමිනි…

” ම..ම..මන් මන් මහා කාලකණ්ණියෙක් පොඩි ..මගේ කෙල්ල මන් නිසා කතා අහගනි.එ..එ…එකි.එකිට වඳ ගෑනි කියයි..වැඩිය ඕනි නෑ අපේ අම්මාත් මගේ කෙල්ලට වඳ ගෑනි කියනවා…එකි නෙවෙයි මන් මේ යකෝ වඳ කාලකණ්ණියා…මගේ මැණික පව් බන්. එකි මන් වගේ එකෙක් බැදන් දුක් විදි එක එකාගේ කතා අහගනි.ඇයි බන් මට මෙහෙම උනේ……….
එකි පොඩි එව්වුන්ට මාර ආදරේයි බන්..මා එක්ක හොස්පිටල් ගියාහම දවසම මේකි ඉන්නේ පොඩි එව්වො ගොඩේ…එහෙම කෙල්ලට මන් කොහොමද යකෝ කට ඇරලා කියන්නේ මට එකිට දරුවෙක් දෙන්න බෑ කියලා …….”

සිමාව ඉක්මවා මත්වතුර සිරුරට ඇතුල් වි තිබු නිසාවෙන් සිහිකල්පනාව ඔහුගෙන් බොහෝ ඈතක විය..තමා ලග හිදින්නේ ඇය බව හෝ හදුනා ගත නොහැකිව ඔහු මෙතරම් දිනක් තනිව විදවමින් උන් සියලු දෑ පවසන්න වුයේ තමා ලග හිදින්නේ මිහිරාන් බව සිතිමිනනි .

කලාතුරකින් පිරිමි දෑසකින් උනන කදුලින් ඇගේ ලැම තෙත් වන්න වුයේ ඇගේ දැසින් ද කදුලු බිදු වැගිරෙද්දිය …..

ඈ කිසිවක් නොපවසා ඔහු පිරිමදිමින් තව තවත් ඔහු සිය ලයට තුරුල් කරගන්න වුයේ .ඔහු වේදනාව මෙලෙස හෝ පිටකරන්න ඔහුට ඉඩ ලබාදෙමිනි …….

” අහ්……….”

හිසෙන් දැනෙන දාරගත නොහැකි වේදාවෙන් ඔහු දෑස් පියන් විවර කරන්නට වුයේ . දෑතින් නලල පිරිමදිමින් ය…දැස් විවර කල ඔහුගේ නෙත ගැටුනේ තමාගේ හිස උකුල මතින් තබාගෙන හිස මතින් දෑතක් තබාගෙන බිත්තියට පිටදි නින්දට වැටි සිටින ඇයයි .

” දෝණී …..”

ඔහු ඇගේ නලල මතින් හාදුවක් තවරා ඇයව සෙමෙන් සිය දෑතට ගෙන නැගිසිටින්න වුයේ ඇයව යහන මතින් තැබිමේ අදහසින් වුවත් ඔහු ඈ යහන මතින් තබන්නට සැරසෙනවාත් සමග ඈ දැස් විවර කරන්නට විය……

” මහත්තයා …..අනේ මට දන්නේම නැතුව නින්ද ගියානේ .ඔයා ඇහැරිලා ගොඩාක් වෙලාද…” ඔහුගේ කෙහෙරැලි අතරින් දැගිලි යවමින් ඈ විමසන්න වුයේ සිනාවකින් වත සරසා ගනිමිනි …..

” නෑ දෝණී මේ ඇහැරුනා විතරයි.ඔයාට එහෙම ඉදලා බෙල්ලවත් උලුක් උනොත් කියලා මන් මේ ඇදෙන් තියන්න හැදුවේ .”

” ඔයා වොශ් එකක් දාන් එන්නකෝ.මන් තේකක් හදන් ඉන්නම්..ඔයාට ප්‍රශ්නයක් නැත්නම් මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද…..”

” මොනවද දෝණී මේ අහන්නේ ..මා එක්ක කතා කරන්න මගෙන් අහන්න ඔනිද..ම්.පිස්සු කෙල්ල ගිහින් හොද ටී දෙකක් දාන් එනනකෝ අපි බොන ගමන් කයියක් ගහමු හාද .මටත් ඔයාට කියන්න දෙයක් තියනවා ඔයා දැනටමත් එ ගැන දන්නවා එත් ඔයා නොදන්න දේවල් ටිකක් තියනවා…..”

ඇගේ කෙහෙරැලි අවුස්සමින් ඔහු පවසන්නට විය …..

” දෝණී ඔයාට දෙයක් කියන්න තියනවා කිව්වේ…..”

” ඔව් මහත්තයා ……….හැබැයි ඔයා මට ඇත්තම කියන්න ඕනි …..”

” අහන්න දෝණී මන් මොකටද ඔයාට බොරු කියන්නේ ……..”

” හරි අපි දැන් කසාද බැදලනේ ඉන්නේ . හදිස්සියේන් හරි ඔයා දැන ගත්තොත් මට කවදාවත් අපේම දරුවෙක් දරන්න බෑ කියලා ඔයා මොකද කරන්නේ.මාව දලා යනවද..ම්…….”

” දෝ…දෝණී ඔ.ඔයා මේ මොනද අහන්නේ මැණික . ඔයිට වඩා හොදයි මාව මරනවා” ඇයව සිය උකුල මතින් ඉන්දවාගෙන් සිය ලයට තුරුල් කරගනිමින් ඔහු විමසන්නට විය..

” එහෙනම් ඔයා ඇයි මට එ දේවල් කියන්න බය උනේ..ම් ඔයාට මාව එ තරම් අවිශ්වාසයිද මහත්තයයෝ …..”

ඇගේ වදන් අබියස ඔහු ගොළු වුයේ ඇයට කුමක් පවසන්න දැයි සිතා ගත නොහැකිව .

මතුසම්බන්ධයි